Accounting12.08. (SLFRS 15) – ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලින් පැනනගින අයභාරය

12.08. (SLFRS 15) – ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලින් පැනනගින අයභාරය

 

ශ්‍රී ලංකා මූල්‍ය වාර්ථාකරණ ප්‍රමිත 15 (SLFRS 15) – ගනුදෙනුකරුවන් සමඟ ගිවිසුම් වලින් පැනනගින අයභාරය

SLFRS 15 / LKAS 18 ප්‍රමිතය මඟින් ව්‍යාපාරයක ගනුදෙනු තුළින් පැන නගින අයභාරය හඳුනා ගැනීමත්, ඊට අදාළ ගිණුම්කරණ පිළිවෙත් නිර්දේශ කිරීමත් සිදු කර ඇත.

ගිණුම්කරණ සංකල්පනාත්මක රාමුවට අනුව අයභාරය හඳුනා ගැනීමේ දී සම්පූර්ණ විය යුතු නිර්ණායක දෙකක් පවතී.

    1. අයභාරය තුළින් අනාගත ආර්ථික ප්‍රතිලාභ ව්‍යාපාරයට ගලා ඒමක් සිදු විය යුතුය.
    2. එම අයභාර වල වටිනාකම විශ්වසනීය ලෙස මැනීමට හැකියාව තිබිය යුතුය.

අයභාරයක් හඳුනාගැනීම පියවර 5 කින් සමන්විත වේ.

    1. ගනුදෙනුකරුවන් සමඟ ඇතිවෙන ගිවිසුම හඳුනා ගැනීම.
    2. ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම.
    3. ගනුදෙනුවෙහි මිල තීරණය කිරීම.
    4. ගනුදෙනුවෙහි මිල කාර්ය සාධන බැදීම් අතර බෙදා වෙන් කිරීම.
    5. කාර්ය සාධන බැදීම් තෘප්ත වූ පසු අයභාරය හඳුනා ගැනීම.
  1. ගනුදෙනුකරුවන් සමඟ ඇතිවෙන ගිවිසුම හඳුනා ගැනීම.

ගිවිසුමක් යනු පාර්ශව දෙකක් හෝ ඊට වැඩි පිරිසක් අතර ඇති වන වාචික, ලිඛිත හෝ ව්‍යංග එකඟතාවකි. SLFRS 15 ප්‍රමිතයට අනුව ගිවිසුමක පහත නිර්ණායක ඇතුලත් විය යුතුය.

    • ගිවිසුමට වාණිජමය හරයක් තිබිය යුතුය.
    • ගිවිසුමට එළඹෙන පාර්ශවයන් ගිවිසුම අනුමත කළ යුතුය.
    • ගිවිසුමට සම්බන්ධ පාර්ශවයන්ගේ අයිතීන් වෙන වෙනම හඳුනාගත යුතුය.
    • ගිවිසුමට සම්බන්ධ ගෙවීම් කොන්දේසී හඳුනාගත හැකි විය යුතුය.
    • ගෙවීම් ලබන පාර්ශවයන්ට එම ගෙවීම් ලැබීමට හැකියාවක් තිබිය යුතුය.

2. ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම

ගිවිසුම තුළ ඇති පොරොන්දු කාර්ය සාධන බැඳීම් වේ.

  • කාර්ය සාධන බැඳීම් එකිනෙකට සම්බන්ද නොවේනම් එනම්, වෙන් වෙන්ව හඳුනාගත හැකි නම් වෙන් වෙන්ව හඳුනාගත යුතුය.
  • කාර්ය සාධන බැඳීම් එකිනෙකට සම්බන්ද වේනම් එනම්, වෙන් කර හඳුනාගත නොහැකිනම් එක බැඳීමක් ලෙස සැලකිය යුතුය.

3. ගනුදෙනුවෙහි මිල තීරණය කිරීම

ගනුඳෙනුවක මිල යනු භාණ්ඩය හෝ සේවාව සැපයීම වෙනුවෙන් ගැනුම්කරුගෙන් විකුණුම්කරුට ලැබීමට අපේක්ෂිත ප්‍රතිශ්ඨාවෙහි වටිනාකමයි.

4. ගනුදෙනුවෙහි මිල කාර්ය සාධන බැදීම් අතර බෙදා වෙන් කිරීම

ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් වෙන් වෙන්ව හඳුනාගත නොහැකිනම් එනම්,එක් කාර්ය සාධන බැඳීමක් පමණක් නම් ඇත්තේ මිල කර්ය සාධන බැඳීම් වලට වෙන් කිරීමක් අවශ්‍ය නොවේ.

කාර්ය සාධන බැඳීම් වෙන් වෙන්ව හඳුනාගත හැකිනම් මිල අනුපාතිකව බැඳීම් අතර බෙදා වෙන් කළ යුතුය.

උදා :

    • අරලිය සමාගම රු. 200 000 ට යන්ත්‍රයක් ලබාදීමට හා සේවා සැපයීමට එකඟ විය. ඒවායේ වටිනාකම් මෙසේය,

          විකුණුම් මිල රු.150 000

          සේවා සැපයීම රු. 100 000

ඒ අනුව,

අරලිය සමාගමේ අයභාරය රු. 200 000 කි.

 

එය පහත පරිදි කාර්ය සාධන බැදීම් වලට වෙන්කර දැක්විය හැක.

යන්ත්‍රය සැපයීම  150 000/250 000 × 200 000 = 120 000

සේවා සැපයීම     100 000/250 000 × 200 000 = 80 000

5. කාර්ය සාධන බැඳීම් තෘප්ත වූ පසු අයභාරය හඳුනා ගැනීම

    • භාණ්ඩ වල – භාණ්ඩයේ පාලන අයිතිය ගැනුම්කරුගෙන් විකුණුම්කරුට මාරු වූ විට ආදායම හඳුනාගත යුතුය.
    • සේවා වල – සේවාව සැපයූ විට ආදායම හඳුනාගත යුතුය.
    • පොලි ආදායම්,පුරස්කාර,ලාභාංශ – උපචිත පදනමට, කාලය හා සමානුපාතිකව හඳුනාගනී.

ඉහත උදාහරණයේ අයභාරය හඳුනා ගැනීමේදී,

යන්ත්‍රය සැපයූ විට රු. 120 000 අයභාරය ලෙස ද සේවා සැපයූ විට රු. 80 000 අයභාරය ලෙස ද හඳුනාගත යුතුය.

උදා :

    • සමාගමක් රු. 1000 000 ට යන්ත්‍රයක් ලබාදීමට හා මාස 25ක සේවා සැපයීමේ ගිවිසුමකට එළඹෙයි. ඒවායේ වටිනාකම් මෙසේය.

         යන්ත්‍රය සැපයීම හා සවිකිරීම රු. 900 000

         මාස 25 හි සේවා සඳහා රු. 300 000

සමාගම 2020.04.01 දින යන්ත්‍රය සපයා සවිකිරීම සිදු කළ අතර 2021.03.31 වන විට මාස 10ක සේවා පමණක් සපයා ඇත. 2021.03.31 න් අවසන් වසරේ ආදායම සොයන්න.

පියවර 1 

ගනුදෙනුකරුවන් සමඟ ඇතිවෙන ගිවිසුම හඳුනා ගැනීම.

    • යන්ත්‍රය ලබාදී සවිකිරීම හා මාස 25 ක සේවා සැපයීම.

පියවර 2 

ගිවිසුමේ කාර්ය සාධන බැඳීම් හඳුනා ගැනීම.

    • යන්ත්‍රය සැපයීම හා සවිකිරීම
    • මාස 25 ක සේවා සැපයීම

පියවර 3 

ගනුදෙනුවෙහි මිල තීරණය කිරීම.

    • රු. 1000 000

පියවර 4 

ගනුදෙනුවෙහි මිල කාර්ය සාධන බැදීම් අතර බෙදා වෙන් කිරීම.

    • යන්ත්‍රය සැපයීම හා සවිකිරීම – 900 000 /1200 000 × 1000 000 = 750 000
    • මාස 25 සේවා සැපයීම සඳහා – 300 000 /1200 000 × 1000 000 = 250 000

පියවර 5 

කාර්ය සාධන බැඳීම් තෘප්ත වූ පසු අයභාරය හඳුනා ගැනීම.

  • 03.31 න් අවසන් වසර සඳහා,

යන්ත්‍රය සැපයීම හා සවිකිරීම           – 750 000

සේවා සැපයීම (250 000/25×10) – 100 000

වසරේ ආදායම                           – 850 000

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet