14.01 – කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

 

කළමනාකරණ ගිණුම්කරණය තීරණ ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ කරගැනීම

 

 

කළමනාකරණ ගිණුම්කරණය අර්ථ දැක්වීම

ගිණුම්කරණය මූලික වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන්කර දැක්විය හැක.

  1. මූල්‍ය ගිණුම්කරණය
  2. කළමනාකරණ ගිණුම්කරණය

එමෙන්ම කළමනාකරණ ගිණුම්කරණයේ අන්තර්ගත කොටසක් ලෙසට පිරිවැය ගිණුම්කරණය සැළකේ.

කළමනාකරණ ගිණුම්කරණය

කළමනාකරණ තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු රැස් කිරීම, සැකසීම හා එම තොරතුරු කළමනාකරණයට ලබා දීමේ කාර්යය පද්ධතිය කළමනාකරණ ගිණුම්කරණය ලෙස කෙටියෙන් අර්ථ දැක්විය හැකිය.

  • වරලත් සහතිකලත් ගණකාධිකාරිවරුන්ගේ සංගමය (Association of Charted Certified Accountants – ACCA) කළමනාකරණ ගිණුම්කරණය හදුන්වා ඇත්තේ පහත සදහන් අයුරිනි. “කාර්යක්ෂමතාවය උපරිම මට්ටමින් ඇති කර ගැනීම සදහාත්, අනාගත සැලසුම් සකස් කිරීම, ඒවා ක්‍රියාත්මක කිරීම, සම්බන්ධීකරණය හා ප්‍රතිඵල මැනීම සදහාත් තොරතුරු සැකසීම හා අර්ථකථනය සදහාත් ගිණුම්කරණ හා සංඛ්‍යා ලේඛනාත්මක ශිල්පීය ක්‍රම භාවිතයට ගැනීම කළමනාකරණ ගිණුම්කරණය වේ”

මේ අනුව සංවිධානයක සියලුම කළමනාකරණ මට්ටම්වලට සැලසුම් කිරීමට අදාළ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සැපයීම, කළමනාකරණ ගිණුම්කරණයයි.

කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවය

  • විවිධ කළමනාකරණ තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සපයා දීම.
  • ව්‍යාපාර පරිසර වෙනස්වීමට ගැළපෙන පරිදි ව්‍යාවහාරික උපායමාර්ග සැකසීමට උපකාරී වීම.
  • සැලසුම් කළ තත්ත්වයන් හා සත්‍ය ක්‍රියාකාරී තත්ත්වයන් සැසදීමෙන් ඒවායේ වෙනස්කම් හදුනාගැනීම හා නිවැරදි කිරීම් සිදු කිරීම.
  • මෙහෙයුම් කටයුතුවලදී සිදුවන ගැටලු සදහා වඩාත් යෝග්‍ය විසදුම් ලබා දීම.
  • ව්‍යාපාරයේ එක් එක් අංශවල කාර්යක්ෂමතාවය ඇගයීම හා වාර්තා සැකසීම.
  • අනාගත කටයුතු සැලසුම් කිරීමට යෝග්‍ය වන පරිදි අතීත හා අනාගත තත්ත්වයන් පිළිබද තොරතුරු සැපයීම.

ආයතනයක කළමනාකාරීත්වය විසින් කළමනාකරණ තීරණ ගැනීමේදී අවධානයට යොමු කළ යුතු කාර්යයන් 

  • මූල්‍ය ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය මගින් කළමනාකරුවන්ට අවශ්‍ය තොරතුරු සපයා ගැනීම.
  • සපයාගත් තොරතුරු අදාළ පරිදි වර්ග කිරීම හා විශ්ලේෂණය කිරීම.
  • මූල්‍ය තොරතුරු, පිරිවැය තොරතුරු හා වෙනත් ක්ෂේත්‍රවලින් ලබා ගත් තොරතුරු කළමනාකරුවන්ට අවශ්‍ය ආකාරයට සැකසීම.
  • සකස් කරන ලද තොරතුරු සාරාංශ කර වාර්තා පිළියෙල කිරීම.
  • කළමනාකරණ කටයුතු සදහා විවිධ අයවැය සකස් කිරීම.
  • අයවැය හා සත්‍ය තත්ත්වයන් සැසදීම හා වාර්තා සැකසීම.

කළමනාකරණ ගිණුම්කරණය හා මූල්‍ය ගිණුම්කරණය අතර වෙනස

 

                

 
 
 
 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.