Accounting14.02 - කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

14.02 – කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප

 

කළමනාකරණ ගිණුම්කරණයේ මූලික සංකල්ප විග්‍රහ කිරීම

 

 

පිරිවැය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය

කළමනාකරණ ගිණුම්කරණයේම උප පද්ධතියක් ලෙස පිරිවැය ගිණුම්කරණය භාවිතා කෙරේ. එම නිසා පිරිවැය ගිණුම්කරණයේ වර්ධනය සදහා කළමනාකරණ තොරතුරු භාවිතා කරන අතර, කළමනාකරණ ගිණුම්කරණයේ අවශ්‍යතාවයන් සදහා පිරිවැය ගිණුම්කරණ තොරතුරු භාවිතා කරයි.

පිරිවැය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණ අතර සමානකම්

  • දෙඅංශයෙම තොරතුරු ආයතනයේ අභ්‍යන්තරික තීරණ ගැනීම සදහා භාවිතා කරයි.
  • සම්මත නීතිරීති, ප්‍රමිත, සංකල්ප ආදිය දෙඅංශයම භාවිතා නොකරයි.
  • පිළියෙල කරන්නාවූ වාර්තාවල නිශ්චිත කාල සීමාවක් නැත.
  • පිරිවැය ගිණුම්කරණ අවශ්‍යතාවයන් සදහා කළමනාකරණ ගිණුම්කරණ තොරතුරු භාවිතා කරන අතර, කළමනාකරණ ගිණුම්කරණ අවශ්‍යතා සදහා පිරිවැය ගිණුම්කරණ තොරතුරු භාවිතා කරයි.

පිරිවැය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණ අතර වෙනස්කම්

පිරිවැය ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය
  පිරිවැය පාලනයට හා පිරිවැය තීරණය කිරීම සදහා පමණක් තොරතුරු භාවිතා කරයි.   ආයතනයේ සමස්ත තීරණ ගැනීමේ ක්‍රියාවලියට තොරතුරු භාවිතා කරයි.
  මූල්‍ය ගණකාධිකාරණයේ තොග ඇගයීමට පදනමක් ලෙස තොරතුරු සැපයීම පිරිවැය ගිණුම්කරණයෙන් සිදු වේ.   අපේක්ෂිත සැලසුම් ක්‍රියාවට නැංවීමට අවශ්‍ය කරන තොරතුරු සැපයීමට සිදු වේ.
ද්විත්ව සටහන් භාවිතා කර ගිණුම් තැබීම සිදු කරයි. ගිණුම් තැබීමක් සිදු නොවන අතර වාර්තා හා සංඛ්‍යාලේඛනාත්මක ශිල්ප ක්‍රම කළමනාකරණයට ඉදිරිපත් කරයි.

පිරිවැය ගිණුම්කරණ සංකල්ප

කළමනාකරණ ගිණුම්කරණය හා පිරිවැය ගිණුම්කරණය පිලිබඳව හොදින් අවබෝධ කරගැනීමට නම් කළමනාකරණ ගිණුම්කරණයෙහි එන පහත පද පිලිබඳව විශේෂ අවධානයක් යොමු කල යුතු වේ.

  • පිරිවැය (Cost)

භාණඩයක් නිෂ්පාදනය කිරීමට හෝ සේවාවක් ලබා ගැනීම සදහා හෝ කැප කළ සම්පත්වල මුදල්මය වටිනාකම පිරිවැය ලෙස හදුන්වයි.

  • පිරිවැය ඒකකය (Cost Unit)

පිරිවැය මැනීම සදහා භාවිතයට ගනු ලබන කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් මැනීම සදහා වන ඒකකය, වෙනත් ආකාරයකින් කිවහොත් කිසියම් භාණ්ඩයක හෝ සේවාවක පිරිවැය ගණනය කිරීමට යොදාගන්නා ප්‍රමාණාත්මක මිනුම, පිරිවැය ඒකකය ලෙස හැදින්වේ.

උදා :

ආයතනය පිරිවැය ඒකකය
බේකරිය පාන් ගෙඩියක්/ බනිස් ගෙඩියක්
මුද්‍රණාලය පොතක්/ පත්තරයක්/ සඟරාවක්
විදුලි නිෂ්පාදනය විදුලි ඒකකයක්

 

  • පිරිවැය මධ්‍යස්ථානය (Cost Centre)

පිරිවැය හඳුනාගැනීමට හා පිරිවැය කළමනාකාරීත්වයට සම්බන්ධ වන පිරිවැය ඒකකවලට අදාළ කිසියම් ස්ථානයක්, කාර්යයක්, උපකරණයක්, පුද්ගලයෙක් පිරිවැය මධ්‍යස්ථානයක් වේ. එනම් පසු අවස්ථාවක පොදුකාර්ය පිරිවැය ඒකක අතර බෙදාහැරීම සදහා පිරිවැය දත්ත, පිරිවැය තොරතුරු එකතු කරන ස්ථානය පිරිවැය මධ්‍යස්ථානය වේ.

උදා : ඇඟලුම් කර්මාන්තශාලාවක දැකිය හැකි පිරිවැය මධ්‍යස්ථාන පහත පරිදි වේ.

      • රෙදි කැපීමේ අංශය
      • මැසීමේ අංශය
      • නිම කිරීමේ අංශය
      • නඩත්තු අංශය
      • ගබඩාව
      • ප්‍රවාහන අංශය

පිරිවැය වර්ගීකරණය කිරීම

කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී දැරීමට සිදුවන පිරිවැය නිවැරදිව හැසිරවීම හා පාලනය කිරීම සදහා එකී පිරිවැය ඒවායේ ස්වභාවය හා එම පිරිවැය දැරීමේ අපේක්ෂිත අරමුණු අනුවත් තාර්කික පදනමක් අනුවත් කාණ්ඩගත කිරීම පිරිවැය වර්ගීකරණය ලෙස හැදින්වේ.

කළමනාකරණ අවශ්‍යතාවය මත පිරිවැය වර්ග කිරීම පහත ආකාරවලට සිදුකල කැකි වේ.

      1. තොග තක්සේරු පරමාර්ථය සදහා
      2. තීරණ ගැනීම සදහා
      3. පාලන කාර්යයන් සදහා
  1. තොග තක්සේරු පරමාර්ථය සදහා පිරිවැය වර්ග කිරීම

තොග ඇගයීමක් සදහා අවශ්‍ය තොරතුරු ලබාගන්නේ පිරිවැය ගිණුම්කරණ ක්ෂේත්‍රයෙන් වේ. ඒ අනුව පිරිවැය පහත පරිදි වර්ග කෙරේ.

      1. නිෂ්පාදන පිරිවැය
      2. කාලච්ඡේද පිරිවැය
  1. නිෂ්පාදන පිරිවැය යනු භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සදහා දරන ලද මුළු පිරිවැයකි. මෙහිදී නිෂ්පාදන ඒකකයක් සමග පැහැදිලිව වෙන්කර හදුනා ගතහැකි නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස්වීමට සාපේක්ෂව වෙනස්වන පිරිවැය නිෂ්පාදන සෘජු පිරිවැය (ප්‍රාථමික පිරිවැය) වේ. නිෂ්පාදන ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව වෙනස් නොවන පිරිවැය වක්‍ර නිෂ්පාදන පිරිවැය (නිෂ්පාදන පොදුකාර්‍ය පිරිවැය) වේ.

II. කිසියම් ගිණුම් කාලච්ඡේදයක ආදායමට එරෙහිව ලාභ අලාභ ගිණුමට (ආදායම් ප්‍රකාශනයට) හර කරන පිරිවැය කාලච්ඡේද පිරිවැය වේ.

  1. තීරණ ගැනීම සදහා පිරිවැය වර්ග කිරීම

ආයතනයක කළමනාකරණය විසින් තීරණය කරන සැලසුම් සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සදහාත්, අයවැය පිළියෙල කිරීම හා ලාභ සැලසුම් කිරීම සදහාත්, මූල්‍ය පාලනය සදහාත් පිරිවැය හැසිරෙන ආකාරය හදුනා ගැනීම අවශ්‍ය වේ. ඒ අනුව ආයතනයක පිරිවැය හැසිරෙන ආකාරය අනුව පහත පිරිවැය වර්ග හදුනාගත හැකිවේ.

    • විචල්‍ය පිරිවැය හා ස්ථාවර පිරිවැය
    • අදාළ පිරිවැය හා අදාළ නොවන පිරිවැය
    • ගිලුණු පිරිවැය
    • ආවස්ථික පිරිවැය

විචල්‍ය පිරිවැය

  • ක්‍රියාකාරී මට්ටමට නැතහොත් නිෂ්පාදන හෝ විකුණුම් ඒකක ප්‍රමාණය වෙනස් වීමට සාපේක්ෂව සෘජු අනුපාතයකින් වෙනස්වන පිරිවැය, විචල්‍ය පිරිවැය වේ. නිෂ්පාදන ඒකකයක විචල්‍ය පිරිවැය ස්ථාවර අගයක් ගන්නා අතර, නිෂ්පාදන හෝ විකුණුම් ඒකක ප්‍රමාණය වෙනස් වීමත් සමග මුලු විචල්‍ය පිරිවැය වෙනස් වේ.

උදා :

    • අමුද්‍රව්‍ය පිරිවැය
    • සෘජු ශ්‍රමය
    • වෙනත් සෘජු පිරිවැය
    • නිෂ්පාදන පුරස්කාර

ස්ථාවර පිරිවැය

  • ගිණුම් කාලච්ඡේදයක් තුළදී දරන ලද පිරිවැයක්, ක්‍රියාකාරී මට්ටම වෙනස්වීමත් සමග වෙනස් නොවන්නේ නම් එවැනි පිරිවැය, ස්ථාවර පිරිවැයයි.

උදා :

    • යන්ත්‍ර ක්ෂය
    • කර්මාන්ත කුලී
    • යන්ත්‍ර රක්ෂණය
  • මුළු ස්ථාවර පිරිවැය වෙනස් නොවී තිබුණද නිෂ්පාදන ඒකක හෝ විකුණුම් ඒකක සංඛ්‍යාව වෙනස්වීමත් සමග ඒකකයට බෙදීයන සාමාන්‍ය ස්ථාවර පිරිවැය වෙනස් වේ. එනම් නිෂ්පාදනය කරන ඒකක ප්‍රමාණය වැඩී වීමේදී සමාන පිරිවැයක්, වැඩි ප්‍රමාණයක් අතර බෙදීයන නිසා ඒකකයකට බෙදීයන සාමාන්‍ය පිරිවැය ප්‍රමාණයත් අඩුවේ.

අදාළ පිරිවැය

  • කිසියම් තීරණයක් ගැනීමට සෘජුවම අදාළ වන පිරිවැය අදාළ පිරිවැය නම් වේ.

උදා :

    • ආයතනයේ මෝටර් රථය ආයතනයේ කටයුතු සදහා භාවිතා කිරීමට ගන්නා ලද තීරණයට සාපේක්ෂව අපේක්ෂා කළ හැකි වියදම් එනම් ඉන්ධන, වාහන නවතා තැබීම සදහා වන ගාස්තු ආදිය

අදාළ නොවන පිරිවැය

  • අදාළ වන පිරිවැය යටතේ සාකච්ඡා නොවන සියල්ල මේ යටතට ගැනේ. මෙවැනි පිරිවැය මගින් තීරණයකට අදාළ පිරිවැය වැඩි නොවේ.

ගිලුණු පිරිවැය

  • අතීතයේ ගන්නා ලද තීරණයක ප්‍රතිඵලයක් ලෙස දැනටමත් දරා ඇති කළමනාකරණ තීරණ සම්බන්ධයෙන් වැදගත් නොවන පිරිවැයක් ගිලුණු පිරිවැයකි.

උදා :

    • පර්යේෂණ හා සංවර්ධන පිරිවැය
    • රු. 20,000 කට මිලදී ගත් නැවත විකිණීමට නොහැකි හෝ භාවිත කළ පිරිවැය

ආවස්ථික පිරිවැය  

  • එක් විකල්ප ක්‍රියාමාර්ගයක් තෝරාගැනීම නිසා කැපකරන ඊලග හොදම විකල්පයේ ප්‍රතිලාභයයි. තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී කළමනාකරණය විසින් ආවස්ථික පිරිවැය සැලකිල්ලට ගනී.

උදා :

සී/ස මිහිර සමාගමේ රු.200,000 ක අතිරික්ත මුදලක් (කාරක ප්‍රාග්ධනයක්) පවතී. එය ස්ථාවර තැන්පතුවක යෙදවීමෙන් වාර්ෂිකව ලැබෙන ප්‍රතිලාභය රු.30,000 කි. එය භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළහොත් රු.20,000 ක ප්‍රතිලාභයක් ලබා ගත හැකිය. සමාගම ස්ථාවර තැන්පතුවක මුදල් යෙදවීමට තීරණය කිරීම නිසා ලබා ගැනීමට හැකිව තිබු භාණ්ඩාගාර බිල්පත්වල ප්‍රතිලාභය වු රු.20,000 ආවස්ථික පිරිවැයයි.

  1. පාලන කාර්යය සදහා පිරිවැය වර්ග කිරීම

ආයතනයක කළමනාකරුට පවතින වගකීම මත දරන යම් පිරිවැයක් වැළැක්වීමේ හෝ අවම කිරීමේ හැකියාව අනුව පිරිවැය වර්ග කළහැකි අතර, ඒ අනුව පිරිවැය වර්ග පහත පරිදි වේ.

    • පාලනය කළ හැකි පිරිවැය
    • පාලනය කළ නොහැකි පිරිවැය

තම වගකීම් පරාසය තුළ සාධාරණ ලෙස හැසිරවීම සිදුකළ හැකි පිරිවැය, පාලනය කළ හැකි පිරිවැය වේ. එලෙස තම වගකීම් පරාසය තුළ හැසිරවීම කළ නොහැකි පිරිවැය, පාලනය කළ නොහැකි පිරිවැය වේ.

 
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom