ශ්‍රම පිරිවැය

ශ්‍රම පිරිවැය හැඳින්වීම
1. සෘජු ශ්‍රම පිරිවැය
අදාළ කාර්යයට සෘජුවම දායක වන ශ්‍රමිකයන්ට කරන ගෙවීමයි. සෘජු ශ්‍රම පිරිවැය නිශ්චිත පිරිවැය ඒකකයක් සමඟ වෙන් කර හඳුනාගත හැක.
2. වක්‍ර ශ්‍රම පිරිවැය
අදාළ කාර්යයට වක්‍රව දායක වන ශ්‍රමිකයාට කරන ගෙවීමයි. නිශ්චිතව පිරිවැය ඒකකයක් සමග පැහැදිලිව වෙන්කර හඳුනාගත නොහැකි පිරිවැයයි.
ශ්‍රම පිරිවැයේ ඇතුළත් අංග
-
- සේවකයන්ගේ මූලික වැටුප
- අතිකාල දීමනා
- ප්‍රසාද දීමනා
- වෛද්‍ය හෝ වෙනත් විශේෂ දීමනා
- අර්ථසාධක අරමුදල් දායකත්වය
- සේවක භාරකාර අරමුදල් දායකත්වය
ශ්‍රම පිරිවැය පාලනයේ වැදගකත්කම
-
- ශ්‍රම කාලය පාලනය තුළින් ශ්‍රමයේ ඵලදායීත්වය වර්ධනය කරගත හැකිය.
- ආයතනයේ ශ්‍රම පිරිවැය අපතේ යෑම වළකාගත හැකිය.
- මුළු නිෂ්පාදන පිරිවැයෙන් සැලකිය යුතු කොටසක් ශ්‍රම පිරිවැය නිසා ශ්‍රම පිරිවැය පාලනය තුළින් මුළු පිරිවැය, ඒකක පිරිවැය අඩු කර ගත හැක.
ශ්‍රම කාලය වාර්තා කිරීමේ ක්‍රම
-
- පෙනී සිටින කාලවාර්තා
- ක්‍රියාකාරී කාලවාර්තා
1. පෙනී සිටින කාලවාර්තා
සේවකයෙකු ආයතනයට පැමිණීම, ආයතනයෙන් පිටවීම පමණක් සටහන් කරන වාර්තා පෙනී සිටින කාලය සටහන් කරන වාර්තා වේ. මෙම වාර්තා මගින් සේවකයන් ඉටු කළ යුතු කාර්ය පිළිබඳ වාර්තා වීමක් සිදු නොවේ.
උදා :
-
- පැමිණීමේ පිටවීමේ අත්සන් ලේඛන භාවිතා කිරීම
- ඇඟිලි සලකුණු යන්ත්‍ර
- වේලා සටහන් යන්ත්‍රය
- Bar-code සහිත කාඩ්පත් භාවිතය
2. ක්‍රියාකාරි කාල වාර්තා
සේවකයෙකු ආයතනයකට පැමිණීම සහ පිටවීමට අමතරව සේවකයා විසින් ඉටුකරන කාර්ය සටහන් කරන වාර්තා වේ. සේවකයා විසින් ඉටු කරන ලද එක් එක් කාර්ය ඒ සඳහා ගත වූ කාලය වාර්තා කිරීම මෙහි සිදු වේ.
උදා :
-
- කාල පත්‍ර
-
-
- දින කාල පත්‍ර
- සති කාල පත්‍ර
-
-
- කාර්ය තුණ්ඩු
- කාර්ය පිරිවැය පත්‍ර
- කෑලි වැඩ තුණ්ඩු
- අක්‍රිය කාල පත්‍ර
කාල පත්‍ර
දිනක් තුළ එකිනෙක කාර්යයන් සඳහා ගත කළ කාලය සටහන් කරන වාර්තා දෛනික කාල පත්‍ර වේ. සේවකයෙකු සතියක් තුළ ඉටු කරන ලද කාර්යයන් හා ඒ සඳහා ගත කළ කාලය සටහන් කරන වාර්තා සති කාල පත්‍ර වේ.
කාර්ය තුණ්ඩු
එක් සේවකයකු විසින් තම කාර්යය නිම කිරීමට ගතකල කාලය ඇතුලත් කරන වාර්තා කාර්ය තුණ්ඩුවේ. (එක් වැඩකට එක් තුණ්ඩුවක් බැගින්)
කෑලි වැඩ තුණ්ඩු
නිමවුම් ඒකක පදනමට සේවය කරන සේවකයන්ගේ ශ්‍රමය වාර්තා කිරීම සඳහා භාවිතා කරන පත්‍රයයි. නිම කරන ඒකක සංඛ්‍යාව, ප්‍රතික්ෂේප කරන ඒකක සංඛ්‍යාව යන ආදී ලෙසට වර්ග කිරීම මෙහිදී සිදුවේ.
අක්‍රීය කාල පත්‍ර
සේවකයෙකු සේවයට වාර්තා කිරීමෙන් පසු අසනීප වීම, අමුද්‍රව්‍ය හිගවීම, විදුලි ඇනහිටීම, යන්ත්‍ර ක්‍රියා විරහිත වීම, ආදී හේතු මත සේවයෙන් බැහැර වීමට සිදුවේ. එම කාලය වාර්තා කිරීමට භාවිතා කරන වාර්තා අක්‍රිය කාල වර්තා වේ.
වැටුප් ගෙවීමේ ක්‍රම
-
- කාල (කාලය පදනම් කරගත් ගෙවීමේ ක්‍රම)
- කෑලි ක්‍රමය (නිමවුම් පදනම් කරගත් වැටුප් ගෙවීමේ ක්‍රම)
1. කාලය පදනම් කරගත් වැටුප් ගෙවීමේ ක්‍රම
සේවකයෙකු විසින් ආයතනය තුළ ගත කළ කාලය පදනම් කරගනිමින් මෙම ක්‍රමයේදී වැටුප් ගෙවනු ලබයි.

උදා :
නිෂ්පාදන ආයතනයක සේවකයන් තිදෙනකු වැඩ කරන කාලය පහත පරිදිය.
නම ගත කළ කාලය (පැය)
A 48
B 52
C 40
එක් එක් සේවකයාගේ වැටුප ගණනය කරන්න. පැයක වැටුප රු. 400 කි.
-
- A = 48 × 400 = 19 200
- B = 52 × 400 = 20 800
- C = 40 × 400 = 16 000

2. නිමවුම් පදනම් කරගත් වැටුප් ගෙවීමේ ක්‍රම
මෙම ක්‍රමයේ දී සේවකයාට වැටුප් ගෙවනු ලබන්නේ නිම කරන ලද ඒකක පදනම මතය.

උදා :
කෑලි පද පදනම අනුව වැටුප් ගෙවනු ලබන ආයතනයක සේවකයන් තිදෙනකු නිම කරන ලද ඒකක පහත් පරිදි වේ.

ඒකකයක් සඳහා රු. 120/= බැගින් ගෙවනු ලබයි. එක් එක් සේවකයාගේ ඉපයීම් ගණනය කරන්න.
|
රාජිත |
460×120 |
= |
55 200 |
|
සුරංග |
400×120 |
= |
48 000 |
|
රොෂාන් |
720×120 |
= |
86 400 |
|
මුළු ශ්‍රම පිරිවැය |
= |
189 600 |
|

අතිකාල වැටුප්
සාමාන්‍ය වැඩ මුරය ඉක්මවා වැඩ කරන කාලය අතිකාලය නම් වේ. අතිකාලය සඳහා ගෙවනු ලබන වැටුප සාමාන්‍ය පැයක ඉපයීමට වඩා වැඩි වැටුප් අනුපාතයකින් ගෙවීම් කරනු ලැබේ. එසේම සතියේ දිනවල අතිකාල වලට වඩා සතිඅන්තයේ හා නිවාඩු දිනවල අතිකාල වැටුප ඉහළ අගයක් ගනියි.

වැටුප් ලේඛනය
නිශ්චිත කාල සීමාවක් සඳහා එකිනෙක සේවකයන්ගේ මුළු ඉපයීම්, මුළු අඩුකිරීම් , ශුද්ධ වැටුප හා අර්ථසාධක අරමුදල් වියදම් , භාරකාර අරමුදල් වියදම් දක්වමින් සකස් කරන ලේඛනය වැටුප් ලේඛනය වේ.වැටුප් ලේඛනයක සියලු අයිතමයන් ඇතුලත් කරනු ලබන්නේ මූලාශ්‍ර ලේඛන පදනම් කරගෙනය.
එම අයිතම හා ඊට අදාළ මූලාශ්‍ර ලේඛන පහත දැක්වේ.

වැටුප් ලේඛන පිළියෙල කිරීමේ ප්‍රයෝජන
- වැටුප් පිළිබඳ තොරතුරු අවශ්‍ය අවස්ථාවලදී ඉක්මනින් හා පහසුවෙන් ලබා ගත හැකි වීම.
- වැටුප් පිළිබඳ ගිණුම් තැබීමේදී මූලාශ්‍ර ලේඛනයක් ලෙස භාවිතා කළ හැකි වීම.
- නීතිමය අවශ්‍යතාවයකදී වැටුප් ගෙවූ බවට සාක්ෂියක් ලෙස භාවිතා කල හැකි විම.
- මුළු ශ්‍රම පිරිවැය ගණනය කිරීම සඳහා වැටුප් ලේඛන භාවිතා කළ හැකි වීම.
වැටුප් ලේඛනයක ආකෘතිය

වැටුප් ලේඛනයට අදාළ තොරතුරු ගිණුම් තබන ආකාරය
- දළ වැටුප
වැටුප් හා වේතන ගිණුම – හර
වැටුප් හා වේතන පාලන ගිණුම – බැර
- සේවක අර්ථසාධක
වැටුප් හා වේතන පාලන ගිණුම – හර
ගෙවිය යුතු අර්ථසාධක ගිණුම – බැර
- ණයවාරික
වැටුප් හා වේතන පාලන ගිණුම – හර
සේවක ණය ගිණුම – බැර
- වෘත්තීය සමිති දායකය
වැටුප් හා වේතන පාලන ගිණුම – හර
වෘත්තීය සමිති දායක මුදල් ගිණුම – බැර
- ශුද්ධ වැටුප මුදලින් ගෙවීම
වැටුප් හා වේතන පාලන ගිණුම – හර
මුදල් පාලන ගිණුම – බැර
- ශුද්ධ වැටුප ගෙවිය යුතු නම්
වැටුප් හා වේතන පාලන ගිණුම – හර
ගෙවිය යුතු වැටුප් ගිණුම – බැර
අභ්‍යාස
- සමාගමක සියළු සේවකයන් EPF, ETF සදහා දායක කරගෙන ඇත.
| EPF සේවක | 8% |
| සේව්‍ය | 12% |
| ETF සේව්‍ය | 3% |
| මුළු ETF ප්‍රමාණය | රු. 36 000 කි. |
අවශ්‍ය වන්නේ,
-
- දළ වැටුප
- මුළු ශ්‍රම පිරිවැය
- ශුද්ධ වැටුප
පිළිතුර
i. 36 000 ÷ 3 × 100 = රු. 1 200 000
ii. EPF 1 200 000 ÷ 100 × 12 = රු. 144 000
ETF = 36 000
දළ වැටුප = 1 200 000
EPF = 144 000
මුළු ශ්‍රම පිරිවැය = රු. 1 380 000
iii. දළ වැටුප = රු. 1 200 000
(-) EPF = (96 000)
ශුද්ධ වැටුප = රු. 1 104 000
2. කර්මාන්තයක සේවක වැටුප් සම්බන්ධයෙන් පහත තොරතුරු ඔබට දී ඇත.
- පැයක සාමාන්‍ය අනුපාතිකය රු. 2 000 කි.
- වැඩිපුර වැඩකල කාලය මත අතිකාල ගෙවීම් – සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් 150% කි.
- කාර්යක්ෂමතාවය මත ඉතිරි කාලය වෙනුවෙන් ගෙවන දිරි දීමනාව සාමාන්‍ය වැටුප් අනුපාතිකයෙන් 75% කි.
- දිනකට සාමාන්‍ය වැඩ කරන්න පැය ගණන පැය 8 කි.
- මෙම ආයතනයේ A නැමැති සේවකයාගේ වැඩ විස්තර පහත දැක්වේ.
| A සේවකයා | කාර්යය 1 | කාර්යය 2 |
| වෙන්කළ කාලය | පැය 8 | පැය 4 |
| ගතකළ කාලය | පැය 6 | පැය 4 |
අවශ්‍ය වන්නේ,
- පළමුව කාර්ය අංක 1 ද, දෙවනුව කාර්ය අංක 2 ද නිම කරනු ලබයි. එක් එක් කාර්යයෙන් උපයන ලද ආදායම වෙන වෙනම ගණනය කරන්න.
පෙර වැඩ
දිනකදී වැඩිපුර වැඩ කළ පැය ගණන = 10 – 8 = 2
කාර්යය අංක 1 ඉතිරි කාලය = 8 – 6 = 2
150% = 2 000/100 × 150 = රු. 3 000
75% = 2 000/100 × 75 = රු. 1 500
පිළිතුර
| කාර්යය 1 | කාර්යය 2 | |
| ගත කළ කාලය | 6 × 2 000 = 12 000 | 2 × 2 000 = 4 000 |
| ඉතිරි කාලය | 2 × 1 500 = 3 000 | |
| ඉපයූ ආදායම | 15 000 | 10 000 |
දිනකදී වැඩිපුර වැඩිකළ පැය = 2 × 3 000 = රු. 6 000
දිනයේ මුළු වැටුප = 15 000+10 000+6 000 = රු. 31 000
3. රංග, සුරංග, අසංක සමාගමක සේවකයන් වන අතර 2020 මාර්තු මාසය සදහා ඔවුන්ගේ වැටුප් සම්බන්ධ තොරතුරු පහත පරිදි වේ.
| සාමාන්‍ය පැය | අතිකාල පැය | |
| රංග | 160 | 20 |
| සුරංග | 150 | |
| අසංක | 160 | 10 |
- සාමාන්‍ය පැයකට රු. 100 බැගින් හා අතිකාල පැයකට පැයකට සාමාන්‍ය පැයක මෙන් එක හමාරක් ගෙවනු ලබයි.
- 2020.03.01 දින පහත ශේෂ දක්නට ලැබුණි.
රු.
ගෙවිය යුතු වැටුප් ගිණුම 43000
ගෙවිය යුතු EPF ගිණුම 9600
ගෙවිය යුතු ETF ගිණුම 1440
- සේව්‍ය හා සේවකයා විසින් EPF දායකය 15% හා 10% ක් වන අතර ETF සදහා සේව්‍යාගේ දායකය 3% කි. මූලික වැටුප මත EPF හා ETF ගණනය කරනු ලබයි.
- රංග හට මාසිකව රු. 3000ක දීමනාවක් හිමි වේ.
- පහත අඩු කිරීම් සිදුකල යුතු වේ.
වැටුප් අත්තිකාරම් (සුරංග) 1 000
ණය වාරිකය (අසංක) 2 000
- සෑම මසකම වැටුප් ඊළග මාසයේ 10 වන දින ගෙවන අතර සෑම මසකම EPF හා ETF දායකයන් ඊළග මාසයේ 15 වන දින ගෙවනු ලබයි.
අවශ්‍ය වන්නේ,
- 2020 මාර්තු මාසය සදහා වැටුප් ලේඛනය
- 2020 මාර්තු මාසය සදහා පහත ගිණුම්
-
- වැටුප් හා වේතන පාලන ගිණුම
- ගෙවිය යුතු EPF ගිණුම්
- ගෙවිය යුතු ETF ගිණුම්
පිළිතුර
- වැටුප් ලේඛනය

වැටුප් හා වේතන පාලන ගිණුම

ගෙවිය යුතු EPF ගිණුම්

ගෙවිය යුතු ETF ගිණුම්


