No menu items!
ගණිතයI පත්‍රයවෘත්ත චතුරස්‍ර

වෘත්ත චතුරස්‍ර

පෙර පාඩම
මීලග පාඩම

චතුරස්‍රයක ශීර්ෂ හතර එකම වෘත්තයක් මත පිහිටා ඇත්නම් එම චතුරස්‍රය වෘත්ත චතුරස්‍රයක් ලෙස හැදින්වේ.

I)

II)

III)

IV)

ඉහත රූපසටහන්වල දැක්වෙන පරිදි I හා II රූප සටහන්වල දැක්වෙන ABCD හා PQRS චතුරස්‍ර වෘත්ත චතුරස්‍ර බවත්  IIIහා IV රූප සටහන්වල දැක්වෙන KLMN, STUV චතුරස්‍ර වෘත්ත චතුරස්‍ර නොවන බවත් පැහැදිලිය.

වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.

x හා y ද a හා b ද වෘත්ත චතුරස්‍රයේ සම්මුඛ කෝණ යුගල් වේ.

x + y = 180°

a + b = 180°

1. පහත රූපසටහන්වල දක්වා ඇති දත්ත අනුව සරල සමීකරණ ගොඩනගා a , b හි අගය සොයන්න.

I)

II)

III)

IV)

V)

VI)

පිලිතුරු

I)

70° + a = 180°

a = 180° – 70°

a = 110°

II)

a + 2a = 180°

3a = 180°

a = 180°/3

a = 60°

III)

a + a = 180°

2a = 180°

a = 180°/2

a = 90°

IV)

b + 60° = 180° (සමපාද ත්‍රිකෝණයෙහි කෝණයක අගය 60°).

b = 180° – 60°

b = 120°

V)

a + 2a + 30° = 180°

3a + 30° = 180°

3a = 180° -30°

 3a = 150°

a = 150° / 3

a = 50°

VI)

a + 100° + 50° = 180°

a + 150° = 180°

a = 30°

b + 110° = 180°

b = 180 – 110°

b = 70°

වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.

උදාහරණ –  

c හා d සොයන්න.

පිලිතුරු

c = 105°(වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.)

d + 96° = 180° (වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.)

d = 180° – 96°

d = 84°

2. පහත රූප සටහන්වල දී ඇති දත්ත ඇසුරෙන් සමීකරණ ගොඩනගන්න.

I)

II)

III)

IV)

V)

පිලිතුරු

I)

y = 116°

x = 92°

 II)

a = 70°(වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.)

b + 80° = 180° (වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.)

b = 180° – 80°

 b = 100°

a + c = 180°(වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.)

70° + c = 180°

c = 180° -70°

c = 110°

III)

b = 120°(වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.)

a + 80° = 180° (වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.)

a = 180° – 80°

 a = 100°

IV)

b = 70° (වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.)

b + B\widehat{C}D = 180° (මිත්‍ර කෝණ පරිපූරක වේ)

B\widehat{C}D = 180° – 70°

B\widehat{C}D = 110°

a +B\widehat{C}D = 180° (වෘත්ත චතුරස්‍රයක අභ්‍යන්තර සම්මුඛ කෝණ පරිපූරක වේ.)

 a + 110° = 180°

a = 180° – 110°

a = 70° 

V)

B\widehat{C}D = 106° (වෘත්ත චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණයට සමාන වේ.)

C\widehat{B}D = C\widehat{D}B = h (ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ ද සමාන වේ.)

h + h + 106° = 180° (ත්‍රිකෝණවල අභ්‍යන්තර කෝණවල ඓක්‍යය 180° කි.)

2h = 180° – 106°

 h = 74°/2

h = 37°

.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

පෙර පාඩම
මීලග පාඩම

අදහස් 1යි.

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.