No menu items!
භෞතික විද්‍යාව04. තාපය04.02.03 - ද්‍රව ප්‍රසාරණය

04.02.03 – ද්‍රව ප්‍රසාරණය

ද්‍රව ප්‍රසාරණය

  • ද්‍රවයක සාකච්ඡා කරනුයේ පරිමා ප්‍රසාරණය පමණි.

  • ද්‍රවයක පරිමා ප්‍රසාරණය නැවත පරිමාවේ සත්‍ය ප්‍රසාරණය හා පරිමාවේ දෘශ්‍ය ප්‍රසාරණය ලෙස ආකාර දෙකක් යටතේ සාකච්ඡා කරයි.

  • මෙහිදී සම්පූර්ණ භාජනයට පිරෙන පරිදි ද්‍රවය මුලින් ම අන්තර්ගත කර ඇත.

  • රත් කිරීමේදී ද්‍රවය පිටතට යයි. බාහිරින් සරලව නිරීක්ෂණය කරන්නෙකුට පෙනී යන්නේ වෙනම ගිය පරිමාව ප්‍රසාරණය වූ ප්‍රමාණය ලෙසයි.

  • නමුත් භාජනය ද යම් ප්‍රමාණයකට ප්‍රසාරණය වී ඇත. එබැවින් සත්‍ය හා දෘශ්‍ය ලෙස ප්‍රසාරණයන් දෙකක් සාකච්ඡා කෙරේ.

සත්‍ය ප්‍රසාරණය

යම් ද්‍රව්‍යයක ඇත්ත වශයෙන් ම සිද්ධ වන්නා වූ ප්‍රසාරණයයි. ද්‍රවයක් නිසා පරිමා ප්‍රසාරණය පමණක් මෙහි දී සාකච්ඡා කෙරේ.

සත්‍ය ප්‍රසාරණතාවය සත්‍ය) 

\gamma_\text{සත්‍ය}\;=\;\dfrac{\Delta V_\text{සත්‍ය}}{V\Delta\theta}

  • යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක උෂ්ණත්වය 10C කින් හෝ 1K කින් ඉහළ නැංවීමේ දි එම ද්‍රවයේ පරිමාවේ සිදු වන සත්‍ය වෙනස් වීම එම ද්‍රවයේ සත්‍ය ප්‍රසාරණතාවය යි.
  • මෙය ද්‍රව්‍ය මත පමණක් රඳා පවතී.

\begin{array}{rcl}\Delta V_{\;\text{සත්‍ය}}\;&=&\;V\;\gamma_{\text{සත්‍ය}\;}\Delta\theta\;\Leftarrow\;\text{සත්‍ය‍ ප්‍රසාරණය}\;\\&&\\\dfrac{\Delta V_{\;\text{සත්‍ය}}}V\;&=&\;\gamma_{\text{සත්‍ය}\;}\Delta\theta\;\Leftarrow\;\text{භාගික ප්‍රසාරණය}\;\;\\&&\\\dfrac{\Delta V_{\;\text{සත්‍ය}}}V\times100\;&=&\;100\;\gamma_{\text{සත්‍ය}\;}\Delta\theta\;\Leftarrow\;\text{ප්‍රතිශත ප්‍රසාරණය}\;\end{array}

\begin{array}{rcl}\Delta V\;&=&\;V_2-V\\&&\\V_2-V\;&=&\;V\;\gamma_\text{සත්‍ය}\;\theta\\&&\\V_2\;&=&\;V\;+\;V\;\gamma_\text{සත්‍ය}\;\theta\\&&\\V_2\;&=&\;V\;(1+\gamma_\text{සත්‍ය}\theta)\;\rightarrow\;\text{අවසාන පරිමාව}\end{array}

දෘශ්‍ය ප්‍රසාරණය

භාජනයට සාපේක්ෂව සිදු වන ප්‍රසාරණයයි. භාජනය හා ද්‍රව්‍ය සමාන ලෙස ප්‍රසාරණය වේ නම් දෘශ්‍ය ප්‍රසාරණය ශුන්‍ය යැයි සැලකේ.

දෘශ්‍ය ප්‍රසාරණතාවය (γදෘශ්‍ය)

\gamma_\text{දෘශ්‍ය}\;=\;\dfrac{\Delta V}{V\Delta\theta}

  • යම් ද්‍රව්‍යයක ඒකක පරිමාවක උෂ්ණත්වය 10C කින් ඉහළ නැංවීමේ දී පරිමාවේ සිදු වන දෘශ්‍ය වැඩි වීම එම ද්‍රව්‍යයේ දෘශ්‍ය ප්‍රසාරණතාවය යි.

\Delta V_\text{දෘශ්‍ය}\;=\;V\;\gamma_\text{දෘශ්‍ය}\;\Delta\theta\;\Leftarrow\;\text{දෘශ්‍ය ප්‍රසාරණය}\;\;

\begin{array}{rcl}\text{සත්‍ය ප්‍රසාරණය}\;&=&\;\text{දෘශ්‍ය ප්‍රසාරණය}\;+\;\text{භාජනයේ ප්‍රසාරණය}\\&&\\V\;\gamma_\text{සත්‍ය}\;\Delta\theta\;&=&\;V\;\gamma_\text{දෘශ්‍ය}\;\Delta\theta\;+\;V\;3\alpha\;\Delta\theta\\&&\\\gamma_\text{සත්‍ය}\;&=&\;\gamma_\text{දෘශ්‍ය}\;+\;3\alpha\\&&\\\gamma_\text{දෘශ්‍ය}\;&=&\;\gamma_\text{සත්‍ය}\;-\;3\alpha\end{array}

මෙයට අනුව දෘශ්‍ය),

  1. ද්‍රව්‍ය මත
  2. භාජනය සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතී.

ජලයේ අනියම් ප්‍රසාරණය

ජලයේ උෂ්ණත්වය සමඟ පරිමාවේ විචලනය

d\;=\;\dfrac mV

ජලයේ උෂ්ණත්වය සමඟ ඝනත්වය විචලනය

  • අයිස් රත් වීමේ දී සාමාන්‍ය පරිදි පරිමාව වැඩි වීමක් සිදු වේ. එවිට ඝනත්වය අඩු වීමක් සිදු වේ.
  • අයිස් දිය වී ජලය සැදීමේ දී පරිමාව අඩු වේ. එවිට ඝනත්වය වැඩි වේ.
  • 0oC සිට 4oC දක්වා ජල සාම්පලයක් රත් වීමේ දී පරිමාව වැඩි වීම වෙනුවට පරිමාව අඩු වේ.
  • එයට හේතුව වන්නේ H බන්ධනවල පවතින විශේෂ ලක්ෂණයක් ය. (4oC සිට 0oC දක්වා සංකෝචනය වේ.)
  • 4oC පසුව නැවත සමාන පරිදි ජලය ප්‍රසාරණය වේ.
  • මේ අනුව ජලයට අවම පරිමාවක් ද උපරිම ඝනත්වයක් ද පවතිනුයේ 4oC හී දී ය.
  • සීත සෘතුවල දී ජලය සිසිල් වෙමින් පවතිනුයේ 0oC දී ය.
  • නමුත් මෙම අනියම් ප්‍රසාරණය නිසා 4oC ජලය පහළ රැඳීමෙන් සීත සෘතුවේ දී ජලජ ජීවිතය පවත්වා ගත හැකියි.

උෂ්ණත්වමානයේ ක්‍රියාකාරීත්වය

  • උෂ්ණත්වමානයේ පවතිනුයේ රසදියේ පවතින දෘශ්‍ය ප්‍රසාරණයයි.

  • එනම් බල්බයට සාපේක්ෂව රසදියේ සිදු වු ප්‍රසාරණයයි.
\begin{array}{rcl}\Delta V\;&=&\;V\;\gamma_\text{දෘශ්‍ය}\;\Delta\theta\\&&\\Ah\;&=&\;\Delta V\;=\;V\;(\gamma_\text{සත්‍ය}-3\alpha)\;\Delta\theta\end{array}
  • සංවේදීතාවය යනු උෂ්ණත්වය 10C කින් ඉහළ නැංවූ විට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රමාණයයි.

සංවේදීතාව වැඩි වීමට,

  • A අඩු විය යුතුයි.
  • V වැඩි විය යුතු යි.
  • ද්‍රවයේ ප්‍රසාරණය වැඩි විය යුතුයි.
  • වීදුරුවේ ප්‍රසාරණය හැකිතාක් අඩුවිය යුතුයි.
[HDquiz quiz = 1481]

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.