No menu items!
භෞතික විද්‍යාව04. තාපය04.02.02 - ඝන ප්‍රසාරණයේ ප්‍රායෝගික යෙදීම්

04.02.02 – ඝන ප්‍රසාරණයේ ප්‍රායෝගික යෙදීම්

ඝනත්වය වෙනස් වීම

  • රත් කිරීමේදී ස්කන්ධයේ වෙනසක් සිදු නොවේ.
  • නමුත් පරිමාව ක්‍රමයෙන් වැඩිවීම නිසා ඝනත්වය අඩුවේ.

\begin{array}{rcl}v_2\;&=&\;v(1+\gamma\theta)\\&&\\d\;&=&\;\dfrac mv\\&&\\v\;&=&\;\dfrac md\\&&\\\dfrac m{d_2}\;&=&\;\dfrac{m(1+\gamma\theta)}d\\&&\\d_2\;&=&\;\dfrac d{(1+\gamma\theta)}\\&&\end{array} 

ප්‍රස්ථාර

නිගමනය,

  • P ට වඩා Q හි lα ගුණිතය වැඩිය.

එම වැඩි වීමට හේතු විය හැක්කේ,

  1. l නියත වී α වැඩිවීමෙන්
  2. α නියත වී l වැඩිවීමෙන්
  3. α හා l දෙකම වැඩිවීමෙන්
  4. α අඩු වී l වැඩිවීමෙන්

පහත උදාහරණය දෙස බලන්න.

  • \alpha,\beta,\gamma ඉහත සෑම ද්‍රව්‍යයකට සමාන වේ නම්, සිරස්ව ඉහළට දිගෙහි වැඩි වීම \Delta l යැයි ගනිමු.
  • එවිට, සෑම කොටසකම \Delta l\;=l\alpha\theta වේ.
  • ආරම්භක දිගවල් එකම බැවින් ද \alpha සමාන බැවින් ද එකම උෂ්ණත්ව වෙනසකට ලක්කිරීමේ දී \Delta l සමාන වේ.
  • එනම්, හැඩය මත \Delta l රඳා නොපවතියි.

ද්වි ලෝහ පටි‍

  • උෂ්ණත්ව වැඩි වීම ∆T ද ප්‍රසාරණතාවයන් αB සහ αC ද ඝනකම d ද, සෑදෙන වෘත්ත චාපයේ මධ්‍යන්‍ය අරය R ද වෘත්ත චාපයේ කෝණය θ ද යැයි සිතමු.

දෙදෙනාගේ ම කෝණ සමාන නිසා හා  \theta\;=\;\frac Sr  බැවින්,

\dfrac{S_B}{r_B}=\dfrac{S_C}{r_C}

\newline\dfrac{l(1+\alpha_B\theta)}{R+\dfrac d2}=\dfrac{l(1+\alpha_C\theta)}{R-\dfrac d2}

\dfrac{(1+\alpha_B\theta)}{R+\dfrac d2}=\dfrac{(1+\alpha_C\theta)}{R-\dfrac d2}

  • ඉහත සූත්‍රය භාවිතයෙන් සෑදෙන වෘත්ත චාපයේ අරය සෙවිය හැකියි.
  • S\;=\;r\theta භාවිතයෙන් කෝණයද ලබා ගත හැකිය.
  • \alpha වැඩි ද්‍රව්‍ය රත් කිරීමේදී වැඩිපුර දිග වැඩිවීමක්ද සිසිල් කිරීමේදී වැඩිපුර දිග අඩුවීමක්ද සිදුවේ.

100oC = 100K = 180oF

1oC = 1K = 1.8oF

1oC  හෝ 1K රත් වීම සමාන වනුයේ 1.8oF ටය.

1oF  යනු එයට සාපේක්ෂව අඩු උෂ්ණත්වයක්, එනම් 1oF කින් රත්වීමේදී සාපේක්ෂව රත් වීම අඩු බැවින් α සඳහා ද ලැබෙන්නේ අඩු අගයකි.

දුම් රිය මාර්ග වල පීලි අතර පරතරය සකස්වන ආකාරය

උෂ්ණත්ව වෙනස් වීම මීටර් කෝදු පරිමාණයකට බලපාන ආකාරය

10oC දි නිෂ්පාදිත කෝදුව 30oC  දී භාවිත කිරීම සලකමු. එවිට උෂ්ණත්වය වැඩිවීම නිසා කෝදුව ප්‍රසාරණය වී ඇත.

එකක් ලෙස කියවන විට සත්‍ය දිග (1 + 1αθ) වේ.

දෙකක් ලෙස කියවන විට සත්‍ය දිග (2 + 2αθ) වේ.

R ලෙස කියවන විට,

\begin{array}{l}T_1\;=\;R(1+\alpha\theta)\\\\T_1\;=\;R+R\alpha\theta\end{array}

 

සාපේක්ෂව අඩු උෂ්ණත්වයක දී නම්,

\begin{array}{l}T_1\;=\;R(1-\alpha\theta)\\\\T_1\;=\;R-R\alpha\theta\end{array}

 

දෝෂය  =  Rαθ

අවලම්බ බට්ටා සඳහා ප්‍රසාරණයේ බලපෑම

සාමාන්‍ය ඔරලෝසුවක බට්ටා වැදීමට ගතවන කාලය = T (කට්ටේ ගත වන කාලය)

T\;=\;2\pi\sqrt{\dfrac lg}

උණුසුම් දිනයක භාවිතා කරන විට අවලම්බයේ දිග වැඩි වේ. ආවර්ත කාලය වැඩි වේ.

නමුත් කොපමණ කාලයක් ගියද එය මුහුණකින් 1 S ලෙස සෑම විටම පෙන්වයි. මෙලෙස අඩුවෙන් පෙන්වීම ඔරලෝසුව ප්‍රමාද වීමකි.

උදා:  11 S පෙන්වන්නේ 10 S ලෙසයි.

\begin{array}{rcl}\text{සාමාන්‍ය උෂ්ණත්වයේ දී,   }T_1\;&=&\;2\pi\sqrt{\dfrac lg}\;\;\Rightarrow\;A\\&&\\\text{වැඩි උෂ්ණත්වයේ දී,   }T_2\;&=&\;2\pi\sqrt{\dfrac{l(1+\alpha\theta)}g}\;\;\Rightarrow\;B\\&&\\&&A\div B\\&&\\\dfrac{T_2}{T_1}\;&=&\;\sqrt{(1+\alpha\theta)}\\&&\\T_2\;&=&\;T_1\sqrt{(1+\alpha\theta)}\\&&\\&&(1+\alpha\theta)\sim(1+\dfrac{\alpha\theta}2)^2\;\text{නිසා,}\\&&\\T\;&=&\;R(1+\dfrac{\alpha\theta}2)\;\leftarrow\;\text{පොදු සූත්‍රය}\\&&\\&&\\&&\\&&\end{array}

Video Links:

[HDquiz quiz = 1481]

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.