No menu items!
දවසට පාඩමක්02 දවස04.02.05 - ඇවගාඩ්රෝ නියමය

04.02.05 – ඇවගාඩ්රෝ නියමය

  • 1811 දී ඉතාලි ජාතික විද්‍යාඥයෙකු වූ අමදෝ ඇවගාඩ්රෝ විසින් වායුවල මවුල ප්‍රමාණය සහ වායුවල පරිමාව සම්බන්ධ කර නව කල්පිතයක් වන ඇවගාඩ්රෝ නියමය ඉදිරිපත් කරන ලදි.
  • එකම උෂ්ණත්වයක් හා පීඩනයක් යටතේ ඇති සමාන වායු පරිමාවල සමාන මවුල සංඛ්‍යාවක් අන්තර්ගතවන බව මෙයින් අදහස් කෙරේ.
  • මේ අනුව \mathrm V\propto\mathrm n\;\;\text{හෝ}\;\;\mathrm V=\mathrm{kn} ඇවගාඩ්රෝ නියමය ලෙස ලිවිය හැක.
  • වායු මවුලයක ඇති අණු ගණන 6.022 × 1023 ලෙස නිර්ණය කර ඇති අතර, එය ඇවගාඩ්රෝ නියතය(NA හෝ L) ලෙස හැදින්වේ.

පහත දැක්වෙන පරිදි පරිපූර්ණ  වායු සමීකරණය මගින් ඇවගාඩ්රෝ නියමය පහසුවෙන් අවබෝධ කර ගත හැකිය.

\begin{array}{rcl}\mathrm{PV}&=&\mathrm{nRT}\\\mathrm V&=&\frac{\mathrm{RT}}{\mathrm P}\times\mathrm n\\\mathrm V&=&\frac{\mathrm{RT}}{\mathrm P}\times\frac{\mathrm N}{{\mathrm N}_{\mathrm A}}=\frac{\mathrm{RT}}{{\mathrm{PN}}_{\mathrm A}}\times\mathrm N\end{array}

මෙහි N හා NA යනු පිළිවලින් වායුවේ ඇති අණු සංඛ්‍යාව සහ ඇවගාඩ්රෝ නියතය වේ.එකම උෂ්ණත්වයක්  හා එකම පීඩනයක් යටතේ ඇති P හා Q නම් වූ වායු දෙකක සමාන පරිමා දෙකකට ඉහත සම්බන්ධතාව යෙදීමෙන්,

\begin{array}{rcl}{\mathrm V}_{\mathrm Q}&=&\frac{\mathrm{RT}}{{\mathrm{PN}}_{\mathrm A}}\times{\mathrm N}_{\mathrm Q}\\{\mathrm V}_{\mathrm P}&=&\frac{\mathrm{RT}}{{\mathrm{PN}}_{\mathrm A}}\times{\mathrm N}_{\mathrm P}\end{array}

P හා T නියත විටදී (R සහ NA නියතයන් වේ.)

\begin{array}{rcl}\frac{{\mathrm V}_{\mathrm P}}{{\mathrm V}_{\mathrm Q}}&=&\frac{{\mathrm N}_{\mathrm P}}{{\mathrm N}_{\mathrm Q}}\end{array}

සරලව දැක්වූවොත්, නියත උෂ්ණත්වයක් සහ පීඩනයක් යටතේ ඇති වායුවල සමාන පරිමා තුළ සමාන අණු සංඛ්‍යාවක් අඩංගු වේ.

\begin{array}{rcl}&&\left(\mathrm V\propto\mathrm n\right)\end{array}

 නිදසුන

298K උෂ්ණත්වයේදී හා 1atm පීඩනයේදී He වායුවේ හා Ne වායුවේ මවුලික පරිමා සමාන බව  පෙන්වන්න.

 විසඳුම. 

\begin{array}{rcl}{\mathrm P}_{\mathrm{He}}&=&1\mathrm{atm}=101325\mathrm{Pa},\;{\mathrm T}_{\mathrm{He}}=298\mathrm K,\;{\mathrm n}_{\mathrm{He}}=1.00\mathrm{mol},\;{\mathrm V}_{\mathrm{He}}=?\\{\mathrm P}_{\mathrm{He}}{\mathrm V}_{\mathrm{He}}&=&{\mathrm n}_{\mathrm{He}}{\mathrm{RT}}_{\mathrm{He}}\\{\mathrm V}_{\mathrm{He}}&=&\frac{{\mathrm n}_{\mathrm{He}}{\mathrm{RT}}_{\mathrm{He}}}{{\mathrm P}_{\mathrm{He}}}\end{array}

\begin{array}{rcl}{\mathrm V}_{\mathrm{He}}&=&(1\mathrm{mol}\times8.314\mathrm{Jmol}^{-1}\mathrm K^{-1}\times298\mathrm K)\div101325\mathrm{Pa}=24.4\mathrm{dm}^3\end{array}

\begin{array}{rcl}{\mathrm p}_{\mathrm{Ne}}&=&1\mathrm{atm}=101325\mathrm{Pa},\;{\mathrm T}_{\mathrm{Ne}}=298\mathrm K,\;{\mathrm n}_{\mathrm{Ne}}=1.00\mathrm{mol},\;{\mathrm V}_{\mathrm{Ne}}=?\\{\mathrm P}_{\mathrm{Ne}}{\mathrm V}_{\mathrm{Ne}}&=&{\mathrm n}_{\mathrm{Ne}}{\mathrm{RT}}_{\mathrm{Ne}}\\{\mathrm V}_{\mathrm{Ne}}&=&\frac{{\mathrm n}_{\mathrm{Ne}}{\mathrm{RT}}_{\mathrm{Ne}}}{{\mathrm P}_{\mathrm{Ne}}}\end{array}

\begin{array}{rcl}{\mathrm V}_{\mathrm{Ne}}&=&1\mathrm{mol}\times8.314\mathrm{Jmol}^{-1}\mathrm K^{-1}\times298\mathrm K)\div101325\mathrm{Pa}=24.4\mathrm{dm}^3\end{array}

එනම් ,එකම උෂ්ණත්වයේ දී හා පීඩනයේ දී වායු මවුල පරිමා සමාන නම් ,විවිධ වායු අත්කරගන්නා පරිමා සමාන වේ.

ඉහත සාකච්ඡා කරන ලද වායු නියම යොදා ගනිමින් දෙන ලද වායු පරිමාවක් (V) සඳහා පරිපූර්ණ  වායු සමීකරණය ලබා ගත හැකිය.

\begin{array}{rcl}\text{ බොයිල් නියමය}\;\;\;\;\;\;\;\;\;\;:\;\;V&\propto&\frac1P\;\;\;\;\;\;\rightarrow(1)\;\;\;\;\;\;\;\;\;\;\\\text{චාල්ස් නියමය }\;\;\;\;\;\;\;\;\;\;\;\;:\;\;V&\propto&\;T\;\;\;\;\;\;\;\rightarrow(2)\;\;\;\;\;\;\;\;\;\;\\\text{ඇවගාඩ්රෝ නියමය}\;\;\;:\;\;V&\propto&\;n\;\;\;\;\;\;\;\rightarrow\;(3)\end{array}

ඉහත (1),(2) සහ (3) සමීකරණ තුනම සපුරාලන එකම සමීකරණය වන්නේ,

\begin{array}{rcl}\mathrm V&\propto&\frac{\mathrm{nT}}{\mathrm P}\\\frac{\mathrm{PV}}{\mathrm{nT}}&=&\mathrm K\;\\\mathrm K&=&\mathrm R\;\text{වූ විට}\;\;\\\mathrm{PV}&=&\mathrm{nRT}\end{array}

වැඩිදුර අධ්‍යනයට ,

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.