විද්‍යා අංශයජීව විද්‍යාව2.1.1 - ජීවි දේහයේ ද්‍රව්‍යමය සංයුතිය පිළිබඳ විමසා බලයි. (II කොටස)

2.1.1 – ජීවි දේහයේ ද්‍රව්‍යමය සංයුතිය පිළිබඳ විමසා බලයි. (II කොටස)

 

ප්‍රෝටීන

  1. තැනුම් ඒකකය කුමක්ද?
    • ඇමයිනෝ අම්ල

 

2. ප්‍රෝටීන සෑදීමට විවිධ ඇමයිනෝ අම්ල අණු සහභාගීවේ. එසේ සහභාගී වන ඇමයිනෝ අම්ල අණු ගණන කොපමණද ?

    • 20

 

3. මූලද්‍රව්‍ය සංයුතිය සදහන් කරන්න

    • C , H , O ,N සහ S

 

4. ඇමයිනෝ අම්ලයක ව්‍යුහය පහත දක්වන්න

(R කාණ්ඩය විචල්‍ය කාණ්ඩයකි)

 

5. ග්ලයිසීන් ඇමයිනෝ අම්ලය අනෙක් ඇමයිනෝ අම්ල වලින් වෙනස් වන්නේ කෙසේද?

    • R කාණ්ඩය වෙනුවට H පරමාණුවක් ආදේශ වී ඇත

 

6. ප්‍රෝටීනවල ලක්ෂණ සදහන් කරන්න

    • ඇමයිනෝ අම්ලවල කාබොක්සිල් කාණ්ඩ හා ඇමයිනෝ අම්ල කාණ්ඩ එකක් හෝ කිහිපයක් ඇත.
    • ඇමයිනෝ කාණ්ඩයට ක්ෂාරීය බවක් ඇත.
    • කබොක්සිල් කාණ්ඩයට ආම්ලික බවක් ඇත.
    • එම ලක්ෂණ දෙකම එකම අණුවක ඇති විට උභයගුණී අණුවක් ලෙස හඳුන්වයි. එම නිසා ඇමයිනෝ අම්ල උභයගුණී වේ.

 

ප්‍රෝටීනවල ව්‍යූහ මට්ටම්

7. ව්‍යුහ මට්ටම් හතරක් ඇත.ඒ මොනවාද?

    • ප්‍රාථමික ව්‍යුහය
    • ද්විතීයික ව්‍යුහය
    • තෘතීයික ව්‍යුහය
    • චතුර්ථ ව්‍යුහය

 

8. ප්‍රාථමික ව්‍යුහය හදුන්වන්න

    • ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යුහය යනු පෙප්ටයිඩ් බන්ධන මගින් සම්බන්ධ වීමෙන් රේඛීයව සකස් වූ ඇමයිනෝ අම්ලවල අනන්‍ය අනුපිළිවෙලකි.

 

9. ද්විතීයික ව්‍යුහය හදුන්වන්න

    • එකම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර ඇතිවන අන්තඃඅණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යුහය තැනී ඇති තනි පොලිපෙප්ටයිඩ දාමය දඟර ගැසී ගැසීමෙන් සහ නැමීමෙන් ද්විතීක ව්‍යුහ සාදයි.

 

10. ද්විතීයික ව්‍යුහ ආකාර දෙක දක්වා උදාහරණ දක්වන්න

    • ඇල්ෆා හෙලික්ස – කෙරටීන්
    • බීටා රැලිතල ආකාරය – මකුළුවාගේ සිල්ක් තන්තු

ද්විතීයික ව්‍යුහ ආකාර දෙක

 

11. තෘතීයික ව්‍යුහය හදුන්වන්න

    • ඇමයිනෝ අම්ලවල අංශ දාම කාණ්ඩ අතර ඇතිවන අන්තර් ක්‍රියා හේතුවෙන් ද්විතීක පොලිපෙප්ටයිඩ දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇතිවන නිශ්චිත සුසංහිත අනන්‍ය වූ කෘත්‍යමය සහ ත්‍රිමාන හැඩයයි.

 

12. තෘතීයික ව්‍යුහය තුල ඇති ද්විතියික බන්ධන වර්ග මොනවාද?

    1. හයිඩ්‍රජන් බන්ධන මගින්
    2. ඩයිසල්ෆයිඩ් බන්ධන මගින්
    3. අයනික බන්ධන මගින්
    4. වැන්ඩවාල් අන්තර් ක්‍රියා/ ජලභීතික අන්තර් ක්‍රියා මගින්

 

13. උදාහරණ දක්වන්න

    • බොහොමයක් එන්සයිම, මයොග්ලොබින්, ඇල්බියුමින්

 

14. චතුර්ථ ව්‍යුහය හදුන්වන්න

  •  
    • එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සෑදීමට පොලිපෙප්ටයිඩ දාම දෙකක් හෝ කිහිපයක් සහභාගි වේ.
    • මෙම එකිනෙකට වෙන්වු දාම උප ඒකක ලෙස හඳුන්වයි.
    • අන්තර් අණුක හා අන්තඃඅණුක බන්ධන මගින් ඒවා එකිනෙක බැඳ තබා ගනියි.

 

15. උදාහරණ දක්වන්න.

    • හිමොග්ලොබීන්, කොලැජන්

 

16. ප්‍රෝටීනවල දුස්වභාවීකරණය යනු කුමක්ද?

    • ප්‍රෝටීනයක ව්‍යුහය තුළ පවතින දුර්වල රසායනික බන්ධන සහ අන්තර් ක්‍රියා වෙනස් වීමට භාජනය වීම මගින් ප්‍රෝටීනය සතු විශිෂ්ට වූ රසායනික ත්‍රිමාන ව්‍යුහය සහ විශිෂ්ට ජෛවීය කෘත්‍යය නැතිවී යාම වේ.

 

17. දුස්වාභාවීකරණය සඳහා හේතු දක්වන්න

    • අධික උෂ්ණත්ව සහ අධිශක්ති විකිරණ
    • ප්‍රභල අම්ල‚ ප්‍රභල භෂ්ම සහ අධි සාන්ද්‍ර ලවණ
    • බැර ලෝහ
    • කාබනික ද්‍රාවක සහ ක්ෂාලක

 

න්‍යෂ්ටික අම්ල

18. තැනුම් ඒකකය කුමක්ද?

    • නියුක්ලියෝටයිඩ

 

19. සංඝටක මූලද්‍රව්‍ය දක්වන්න

    • C‚ H‚ N‚ O සහ P

 

20. න්‍යෂ්ටික අම්ල වල ලක්ෂණ දක්වන්න

    • මහා අණු වේ.
    • ජෛව බහුඅවයවික වේ.

 

21. න්‍යෂ්ටික අම්ල වර්ග දෙක මොනවාද?

    • DNA – ඩිඔක්සිරයිබෝ නියුක්ලික් අම්ල
    • RNA – රයිබෝ නියුක්ලික් අම්ල

 

22. නියුක්ලියෝටයිඩයක ව්‍යුහය.

 

23. නියුක්ලියෝටයිඩයක සංඝටක තුනකි. ඒ මොනවාද?

    • pentose සීනි
    • 2 – නයිට්‍රජනීය භෂ්මය
    • 3 – පොස්පේට් කාණ්ඩය

 

24. නියුක්ලියෝසයිඩයක් ලෙස හදුන්වන්නේ කුමක්ද?

    • පොස්පේට් කාණ්ඩයක් රහිත “නියුක්ලියෝටයිඩ”‚ “නියුක්ලියෝසයිඩයක්” ලෙස හැඳින්වේ.
    • උදාහරණ – ඇඩිනොසීන්, ගුවැනොසීන්

 

25. පෙන්ටෝස් සීනි දෙවර්ගයකි. ඒ මොනවාද?

    • ඩිඔක්සිරයිබෝස් සීනි
    • රයිබෝස් සීනි

 

26. නයිට්‍රජනීය භෂ්ම ප්‍රධාන කාණ්ඩ දෙකකි. ඒ මොනවාද? උදාහරණ ලබාදෙන්න.

    • පියුරීන – ප්‍රමාණයෙන් විශාල වළලු දෙකකි.

        උදාහරණ – ඇඩිනීන්, ගුවැනීන්

    • පිරිමිඩීන් – ප්‍රමාණයෙන් කුඩා වළලු එකකි.

        උදාහරණ- තයිමීන්, යුරැසීල්, සයිටොසීන්

 

27. න්‍යෂ්ටික අම්ල වලට ආම්ලික බවක් ලැබෙන්නේ කෙසේද?

    • පෝස්පේට් කාණ්ඩය න්‍යෂ්ටික අම්ලවලට ආම්ලික බවක් ලබා දේ.

 

28. න්‍යෂ්ටික අම්ලවල වැදගත් ලක්ෂණ සදහන් කරන්න

    • නියුක්ලියෝටයිඩ පොස්පොඩයිඑස්ටර බන්ධන මගින් බැඳීමෙන් පොලිනියුක්ලියෝටයිඩ දාම සාදයි.
    • එක් නියුක්ලියෝටයිඩක අඩංගු පොස්පේට් කාණ්ඩයෙහි OH කාණ්ඩය අනෙක් නියුක්ලියෝටයිඩයෙහි පෙන්ටෝස් සීනි කාණ්ඩයෙහි 3 වැනි කාබන් පරමාණුවට සම්බන්ධ වී ඇති කාණ්ඩය සමග සංඝණීකරණයෙන් පොස්පොඩයිඑස්ටර බන්ධන සාදයි.

 

29. න්‍යෂ්ටික අම්ලයක කොඳු නාරටිය ලෙස හදුන්වන්නේ කුමක්ද?

    • ආවර්තීයව පිහිටන සීනි සහ පොස්පේට් කාණ්ඩ මගින් සෑදී ඇත.මේවා නියුක්ලියෝටයිඩ වල රේඛීය බහු අවයවික වේ.

 

30. එක් එක් නියුක්ලික් අම්ල වල දැකිය හැකි නයිට්‍රජනිය භෂ්ම ආකාර මොනවාද?

    • DNA – ඇඩිනීන්, තයිමීන්, ගුවැනීන්, සයිටොසීන්
    • RNA – ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන්, යුරැසීල්

 

31. DNA අණුවේ ව්‍යුහය සතු විශේෂ ආකෘතිය හා එය ඉදිරිපත් කලේ කවුද?

  •  
    • ද්විත්ව හෙලික්සාකාර ව්‍යුහය (වොට්සන් සහ ක්‍රික් ආකෘතිය) – වොට්සන් හා ක්‍රීක් විසින්

 

32. එම ආකෘතිය අනුව DNA අණුව සැදී ඇති ආකාරය සදහන් කරන්න.

    • ප්‍රතිවිරුද්ධ දිශාවන්ට මුහුණ පා ඇති පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකක් එකිනෙකට සමාන්තරව පිහිටා මනඃකල්පිත අක්ෂයක් වටා සර්පිලාකාරව එතීමෙන් දිවිත්ව හෙලික්සයක් ලෙස DNA අණුවක් සෑදී ඇත.
    • සීනි පෝස්පේට් කොඳු නාරටි යුගල එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවන්ට පිහිටා ඇත.
    • මෙය ප්‍රතිසමාන්තර සැකැස්මක් වේ.
    • සීනි – පෝස්පේට් කොඳු නාරටිය හෙලික්සයේ පිටතට යොමුව ඇත.
    • නයිට්‍රජනීය භෂ්ම යුගල යුගලනය වී ඇත්තේ හෙලික්සයේ අභ්‍යන්තරයට යොමුවන පරිදිය.
    • යුගලනය වූ නයිට්‍රජනීය භෂ්ම අතර සෑදුනු H බන්ධන මගින් පොලිනියුක්ලියෝටයිඩ දාම 2 දෙක එකිනෙක බැඳ තබා ගනී.
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet