විද්‍යා අංශයජීව විද්‍යාව2.4.1 - පරිවෘත්තිය ක්‍රියාවලි වල ශක්ති සම්බන්ධතා

2.4.1 – පරිවෘත්තිය ක්‍රියාවලි වල ශක්ති සම්බන්ධතා

 

 

1. පරිවෘත්තීය ක්‍රියා යනු මොනවාද?

  • ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා ය.

 

2. පරිවෘත්තීය ක්‍රියා වර්ග 2 මොනවාද?

    • සංවෘත්තීය ක්‍රියා
    • පරිවෘත්තීය ක්‍රියා

 

3. ඒවා වෙන වෙනම හඳුන්වන්න.

  • සංවෘත්තීය ක්‍රියා – නිදහස් ශක්තිය අවශෝෂණය කිරීමෙන්, සරල අණු වලින් සංකීර්ණ අණු සෑදීම. (ශක්ති අවශෝෂක ප්‍රතික්‍රියා)
  • අපවෘත්තීය ක්‍රියා – සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළීමෙන් නිදහස් ශක්තිය මුදා හරින ක්‍රියා. (ශක්තිදායක ප්‍රතික්‍රියා)

 

4. ATP යනු මොනවාද?

  • සරලතම බැක්ටීරියා ඇතුළු සියලු ජීවීන්ගේ ශක්ති වාහකයා ලෙස ක්‍රියා කරන ශක්ති හුවමාරුවේ සාර්වත්‍ර විනිමයයි.

 

5. ශක්තිය යනු කුමක්ද? ජීවීන් ශක්තිය භාවිත කරන ජෛව ක්‍රියාවලි මොනවාද?

    • ශක්තිය යනු කිසියම් කාර්යයක් කිරීමේ ධාරිතාවයි.
    • ජීව ක්‍රියාවලි –
      1. ද්‍රව්‍ය සංස්ලේශණය
      2. ප්ලාස්ම පටල හරහා සිදුවන සක්‍රිය පරිවහනය
      3. ස්නායු ආවේග සම්ප්‍රේෂණය
      4. පේශි සංකෝචනය
      5. පක්ෂ්ම හා කශිකා සැලීම
      6. ජෛව සංදීප්තිය ජෛව සංදීප්තිය
      7. විද්‍යුත් විසර්ජනය

 

6. ජෛව ගෝලය තුළ ජීවී පද්ධතිවල ශක්ති සම්බන්ධතාවය පියවර ලෙස දක්වන්න.

  • සූර්ය විකිරණය මඟින් ශක්තිය පරිසරයේ සිට ජෛව පද්ධති තුළට ඇතුළු වේ.(සූර්යයා ප්‍රාථමික ශක්ති ප්‍රභවයයි.)
  • ප්‍රභාසංස්ලේශී වර්ණක (හරිතප්‍රද )සහිත සෛල ප්‍රභාසංස්ලේශණය මඟින් ග්‍රහණය කළ ආලෝක ශක්තිය, කාබෝහයිඩ්‍රේට වැනි කාබනික සංයෝගවල රසායනික ශක්තිය ලෙස ගබඩා කරයි.
  • සෛලීය ශ්වසනය මඟින් කාබනික ආහාර වල ගබඩා වී ඇති ශක්තිය, ATP තුළ ශක්තිය බවට පරිවර්තනය කරයි.
  • ATP වල ගබඩා වී ඇති ශක්තිය විවිධ ශක්ති අවශ්‍යතා ක්‍රියාවලි සඳහා යොදා ගනී.

 

7. ATP යනු කුමක්ද?

  • ඇඩිනෝසින්‌ ට්‍රයිපොස්ෆේට නම් නියුක්ලියෝටයිඩයක්‌

 

8. ATP වල සමන්විත වන්නේ මොනවාද?

  • රයිබෝස්‌ – සීනී
  • ඇඩිනීන්‌ – නයිට්‍රජනීය භස්ම
  • පොස්ෆේට්‌ කාණ්ඩ තුනක දාමයක්‌

 

9. ATP ජලචිච්ඡේදනයේ දී ලබා දෙන්නේ මොනවාද?

  • ADP, Pi හා ශක්තිය

 

10. ATP ජලචිච්ඡේදනයේ දී සෑම පොස්ෆේට්‌ කාණ්ඩයක්‌ සඳහාම ලබා දෙන නිදහස්‌ ශක්තිය කොපමණද?

  • -30.5 kJ/mol

 

11. ATP වල ව්‍යුහය කුමක්ද?

 

12. සෛල තුළ ශක්ති වාහකය ලෙස ATP අණුවේ වැදගත්කම කුමක්ද?

  • බොහෝ ජෛව විද්‍යාත්මක ප්‍රතික්‍රියා වලදී අග්‍රස්ථ පොස්ෆේට්‌ බන්ධනය බිඳෙන විට පිට වන ශක්තිය භාවිත කරයි.
  • ATP අණුව සචලය, එබැවින්‌ එයට සෛලය තුළ ඕනෑ ම ශක්තිය අවශ්‍ය වන ප්‍රතික්‍රියාවක්‌ සිදු වන ඕනෑම ස්ථානයකට ශක්තිය රැගෙන යාමට හැකි ය.
  • ADP අකාබනික පොස්ෆේට්‌ (Pi) සහ ශක්තිය භාවිතයෙන්‌, ජිවී සෛල තුළ කෙටි කාලයක්‌ තුළ දී ATP නිපදවා ගත හැකි ය.

 

13. සෛල තුළ ATP නිපදවීම හඳුන්වන්නේ කෙසේද?

  • පොස්ෆොරයිලීකරණය

 

14. ශක්ති ප්‍රභවයට අනුව පොස්ෆොරයිලීකරණ ආකාර තුන මොනවාද?

  • ප්‍රභාපොස්ෆොරයිලීකරණය
  • උපස්තර පොස්ෆොරයිලීකරණය
  • ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය

 

15. ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය යනු කුමක්ද?

  • අණු ඔක්සිකරණයෙන්‌ නිදහස්‌ වන ශක්තිය භාවිතයෙන්‌ ATP සංශ්ලේෂණය

 

16. ප්‍රභාපොස්ෆොරයිලීකරණය යනු කුමක්ද?

  • ප්‍රභාසංස්ලේෂණයේ දී සූර්ය ශක්තිය භාවිතයෙන්‌ ATP සංශ්ලේෂණය

 

17. උපස්තර පොස්ෆොරයිලීකරණය යනු කුමක්ද?

  • සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළීමේ දී නිදහස්‌ වන ශක්තිය භාවිතයෙන්‌ ATP සංශ්ලේෂණය

 

18. සෛලීය ස්වසනය තුළ දී භාවිත වන පොස්ෆොරයිලීකරණ ආකාර මොනවාද?

  • උපස්තර පොස්ෆොරයිලීකරණය
  • ඔක්සිකාරක පොස්ෆොරයිලීකරණය

 

19. ජීවි සෛල තුළ ATP වල අඩංගු ශක්තිය විවිධ කෘත්‍ය ඉටු කර ගැනීම සඳහා පරිණාමනය වන ශක්ති ආකාර හා එම කෘත්‍ය මොනවාද?

  • යාන්ත්‍රික ශක්තිය -පේශි සංකෝචනය
  • විද්‍යුත්‌ ශක්තිය -විද්‍යුත්‌ ආවේග සම්ප්‍රේෂණය
  • රසායනික ශක්තිය -විවිධ සංයෝග සංශ්ලේෂණය
  • ආලෝකය -ජෛව සංදීප්තිය
  • තාපය -දේහ උෂ්ණත්වය පවත්වා ගැනීම

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet