උත්ස්වේදනය
1. උත්ස්වේදනය යනු කුමක්ද?
-
- විසරණය මගින් ශාකයේ පත්‍ර හා වෙනත් වායව කොටස් තුළින් ජලය ජල වාෂ්ප ලෙස පිටවීම උත්ස්වේදනයයි.
2. උත්ස්වේදනය සිදුවන ප්‍රධාන ආකාර 03 මොනවාද?
-
- පූටිකා තුලින් (පූටිකා උත්ස්වේදනය)
- තරමක් දුරට උච්චර්මය හරහා (උච්චර්මීය උත්ස්වේදනය)
- වා සිදුරු හරහා (වා සිදුරු උත්ස්වේදනය)
3. මේ අතරින් වැඩිම ප්‍රමාණයක් ජලය පිටවන්නේ කුමන ආකාරයෙන්ද?
-
- පූටිකා උත්ස්වේදනය මගින් (95% ක් පමණ).
4. දිවා කාලයේදී වාත අවකාශ තුල පවතින ජල වාෂ්ප පූටිකා තුළින් ශාකයෙන් පිටතට විසරණය වන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
-
- දිවා කාලයේදී තෙත සෛල බිත්ති හා ස්පර්ශව ඇති අන්තර්සෛලීය වාත අවකාශ ජල වාෂ්පවලින් සංතෘප්ත වේ.
- සාමාන්‍යයෙන් ශාකයෙන් පිටත වාතය එහි අභ්‍යන්තරයට වඩා වියළි ස්වභාවයක් ගනියි.
- මේ නිසා පිටත වාතයේ ජල විභවය ඇතුලතට වඩා අඩුය.
- එබැවින් ජල විභව අණුක්‍රමය ඔස්සේ වාත අවකාශ තුල පවතින ජලවාෂ්ප පූටිකා තුලින් ශාකයෙන් පිටතට විසරණය වේ.
5. පත්‍ර තලයට ජලය ගෙනෙනු ලබන්නේ කුමක් මගින්ද?
6. එම ජලය පත්‍ර තලය පුරා බෙදාහරින්නේ කුමක් මගින්ද?
-
- පත්‍ර තලය පුරා විහිදුනු සියුම් ශාඛා නාරටි ජාලයක් මගින්.
7. එම ශාඛා කෙළවර වන්නේ මොනවාගෙන්ද?
-
- ලිග්නීභවනය අඩු ශෛලම වාහිනී හෝ වාහකාභ එකකින් හෝ කිහිපයකින්.
8. එම ශඛාවල සෙලියුලෝස් සෛල බිත්ති හරහා ජලය පහසුවෙන් සෛල තුළට නිදහස් කල හැක්කේ ඇයි?
-
- ඒවා ලිග්නීභවනය අඩු ශෛලම වාහිනී හෝ වාහකාභ එකකින් හෝ කිහිපයකින් කෙළවර වන නිසා.
9. ජලය, ජල විභව අණුක්‍රමනයට අනුව පත්‍ර මධ්‍ය සෛල ඔස්සේ ගමන් කරන මාර්ග 03 මොනවාද?
-
- ඇපොප්ලාස්ට මාර්ගය
- සිම්ප්ලාස්ට මාර්ගය
- පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය
10. පත්‍ර මධ්‍ය සෛලවල තෙත බිත්තිවල සිට වාෂ්ප වන ජලය පැමිණෙන ස්ථාන මොනවාද?
-
- අන්තර්සෛලීය අවකාශ
- විශේෂයෙන් විශාල අධඃපූටිකා වාත අවකාශ
11. එහි සිට ජලවාෂ්ප වායුගෝලයට විසරණය වන්නේ කුමක් හරහාද?
12. පත්‍ර තලයට වහාම ආසන්නව පවතින්නේ කුමක්ද?
-
- තුනී ගලා නොයන වාත ස්තරයකි.
13. තුනී ස්ථාවර වායු ස්තරය හා පත්‍ර මධ්‍ය සෛල අතර කුමන ආකාරයේ අනුක්‍රමණයක් පවතීද?
14. සෑම පූටිකාවක් වටාම විසරණ කවචයක් හෝ විසරණ අනුක්‍රමණයක් පවතීද?
15. නිසල වාතයේදී එක් සම්පූර්ණ විසරණ කවචයක් ඇති වන්නේ කෙසේද?
-
- යාබද පූටිකාවල ඇති වන විසරණ කවච එකිනෙක අතිපිහිත වීමෙන්.
16. මෙම විසරණ කවචයේ ඝනකම රඳා පවතින සාධක මොනවාද?
-
- පත්‍රය මතුපිට ඇති ව්‍යුහ ලක්ෂණ
- සුළඟේ වේගය
උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක
17. උත්ස්වේදන ශීඝ්‍රතාව කෙරෙහි බලපාන සාධක මොනවාද?
-
- ආලෝක තීව්‍රතාව
- උෂ්ණත්වය
- ආර්ද්‍රතාවය
- සුළ වේගය
- කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය
- ප්‍රයෝජනයට ගත හැකි පාංශු ජල ප්‍රමාණය
18. ආලෝක තීව්‍රතාව, උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි බලපාන්නේ කෙසේද?
-
- සාමාන්‍යයෙන් දිවා කාලයේදී පූටිකා විවෘතව පවතින අතර අඳුරේදී පූටිකා වැසී පවතී.
- ආලෝක තීව්‍රතාව වැඩි වීම සමග උත්ස්වේදන ශීඝ්‍රතාවයද වැඩිවේ.
19. ආලෝකය ඇති විටදී උත්ස්වේදන ශීඝ්‍රතාවයට වැඩිම බලපෑමක් ඇති කරන බාහිර සාධකය කුමක්ද?
20. උෂ්ණත්වය වැඩි වන විට මෙහිදී සිදුවන ප්‍රධාන ක්‍රියාවලි 02 මොනවාද?
-
- පත්‍ර මධ්‍ය සෛල වෙතින් ජලය වාෂ්පීභවනය වන වේගය ඉහළ යමින් පත්‍ර අවට වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත කරයි.
- පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කරයි.
21. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි උෂ්ණත්වයේ බලපෑම පැහැදිලි කරන්න.
-
- පත්‍ර මධ්‍ය සෛලවලින් ජලය වාෂ්පීභවනය වන වේගය ඉහළ යමින් පත්‍රය අවට වායුගෝලය ජල වාෂ්පවලින් සංතෘප්ත කරයි.
- පත්‍රයෙන් බාහිර වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව අඩු කරයි.
- මෙම ක්‍රියා දෙකම නිසා පත්‍රයේ සිට බාහිර වායුගෝලය දක්වා ජල අණුවල වැඩි සාන්ද්‍ර අනුක්‍රමණයක් හට ගනි.
- අනුක්‍රමණය වැඩි වන විට විසරණ ශීඝ්‍රතාවය වැඩි වේ.
22. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි ආර්ද්‍රතාවේ බලපෑම පැහැදිලි කරන්න.
-
- පත්‍රයේ බාහිර පරිසරයේ ආර්ද්‍රතාව අඩු වන විට තෙත් පත්‍ර අභ්‍යන්තර පරිසරයේ සිට වියළි බාහිර වායුගෝලය දක්වා ජල වාෂ්ප විසරණ අනුක්‍රමණයක් හට ගනි.
- එමගින් උත්ස්වේදන ශීඝ්‍රතාවේ වැඩි වීම සිදු වේ.
- ආර්ද්‍රතාව වැඩි වන විට බාහිර වායුගෝල ජල වාෂ්ප සාන්ද්‍රණයද වැඩි වන නිසා විසරණ අනුක්‍රමණනය ද අඩු වේ.
- එවිට උත්ස්වේදන සීග්‍රතාවයද අඩු වේ.
23. උත්ස්වේදන ශීඝ්‍රතාවය කෙරෙහි සුළගේ වේගය බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
-
- නිසල වාතයේදී පත්‍රය අවට ජල වාෂ්ප වලින් අධිකව සංතෘප්ත විසරණ කවච පැවතීමෙන් පත්‍රය හා බාහිර වායුගෝලය අතර විසරණ අනුක්‍රමණය අඩුයි.
- එවිට උත්ස්වේදන ශීඝ්‍රතාවයද අඩුයි.
- සුළඟ ඇති විට විසරණ කවච ඉවතට ගසාගෙන යයි.
- එම නිසා උත්ස්වේදන සීඝ්‍රතාවයද වැඩි වේ.
24. පස වියළි විට පසේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වන්නේ ඇයි?
-
- පස වියළි විට ජලය පස් අංශුවලට තදින් බැඳී පවතින නිසා.
25. පාංශු ජල සැපයුම උත්ස්වේදන සීඝ්‍රතාව කෙරෙහි බලපාන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
-
- පස වියළි විට ජලය පස් අංශුවලට බැඳී පවතී.
- එවිට පසේ ප්‍රයෝජනයට ගත හැකි ජල ප්‍රමාණය අඩු වේ.
- එමඟින් පාංශු ද්‍රාවණයේ සාන්ද්‍රණය ඉහළ නංවයි.
- එවිට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩු වෙයි.
- එමඟින් පාංශු ද්‍රාවණයේ සිට මූලකේෂ තුළට ආස්‍රැතිය මන් ජලය ඇතුළු වීමට ඇති හැකියාව අඩු වෙයි.
- එනිසා උත්ස්වේදන වේගය අඩුවෙයි.
- එනම් පසේ සිට ශාකය තුළින් වායුගෝලය තෙක් ජලය ගමන් කිරීමට ඇති ජල විභව අනුක්‍රණමය අඩුවී, වැඩි ප්‍රතිරෝධයක් හට ගනියි.
26. ශාක වල උත්ස්වේදනයේ වැදගත්කම හඳුන්වන්න.
-
- ජලය හා ඛනිජ ශාක දේහය පුරා බෙදා හැරීම.
- ශෛලම තුළ රසෝද්ගමනයට ආධාර වීම.
- පාංශු ද්‍රාවණයේ සිට ජලය හා ඛනිජ මුල් මගින් අවශෝෂණය.
27. උත්ස්වේදන ශීඝ්‍රතාව මනිනු ලබන උපකරණය කුමක්ද?
28. පානමානය ඇසුරෙන් උත්ස්වේදන ශීඝ්‍රතාව මනින ආකාරය දක්වන්න.
(21) Transpiration – Potometer investigation – YouTube
29. රාත්‍රී කාලයේදී වායුගෝලයේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වන විට එනම් 100% පමණ වනවිට උත්ස්වේදන වේගයට කුමක් සිදු වේද?
-
- ඉතා අවම වීම හෝ නතර වීම සිදු වේ.
මූල පීඩනය හා බිංදුදය
30. මූල පීඩනයක් ඇති කෙරෙන්නේ කෙසේදැයි පැහැදිලි කරන්න.
-
- මුල්වල අපිචර්මීය සෛල මගින් ජලය සහ ඛනිජ ශෛලම තුලට අඛණ්ඩව පොම්ප කරනු ලබයි.
- ඒවා බාහිකයට හෝ පසට ආපහු කාන්දු වීම අන්තශ්චර්මය මඟින් වළක්වයි.
- එනිසා විශාල ඛනිජ අයන ප්‍රමාණයක් සනාල සිලින්ඩරය තුළ ඒකරාශී වීමෙන් එය තුළ ජල විභවය අඩු වේ.
- එනිසා බාහිකයේ සිට ජලය ඇතුලු දෙසට ශෛලමයට ඇතුලු වේ.
- මේ නිසා මූල පීඩනයක් ජනනය කරයි.
31. මෙසේ මූල පීඩනයක් ඇති වීම නිසා සිදුවන්නේ කුමක්ද?
-
- ශෛලම යුශය ඉහළට තල්ලු කෙරේ.
32. බිංදුදය යනු කුමක්ද?
-
- මූල පීඩනය මගින් ශාක පත්‍ර වෙතට, උත්ස්වේදනයෙන් හානි වෙන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ඇතුළු කරයි.
- මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් අකාෂ්ඨීය ශාකවල පත්‍ර දාරයෙන් හෝ පත්‍ර තුඩු වලින් ජලය බිංදු ලෙස බැහැර කරයි.
- මෙම සිද්ධිය බිංදුදයයි.
33. බිංදුදය නිසා බැහැර වන ද්‍රව ජල බිංදු හා පිනි බිංදු අතර ඇති වෙනස කුමක්ද?
-
- පිනි බිංදු වායුගෝලයේ ඇති ජලවාෂ්ප ඝනීභවනයෙන් සෑදේ.
- නමුත් බිංදුදයේදී ශාකයෙන් ඉවත්වන ජලය ශෛලමයේ ඇති ජල බිංදු වේ.
34. බොහෝ ශාකවල බිංදුදය සිදු නොවන්නේ ඇයි?
-
- බොහෝ ශාක තුල මූල පීඩනය හට නොගන්නා නිසා.
35. බිංදුදය සිදු වන ශාක තුළත් සූර්යයාලෝකය ලැබුණු පසු සිදු වන උත්ස්වේදනය මඟින් වන ජල හානිය මූල පීඩනය සමග සමාන කළ හැකිද?
36. උත්ස්වේදනය මඟින් සිදු වන්නේ ශෛලම යුෂය ඉහළට ඇදීමක්ද? තල්ලු කිරීමක්ද?
37. ශාකය තුළ මීටර් ගණනක් දුරට ජලය ගෙන යාමට මූල පීඩනය ප්‍රමාණවත් වේද?
38. බිංදුදය පූටිකා හරහා සිදු වේද?
39. බිංදුදය සිදුවන්නේ කුමක් හරහාද?
-
- කුඩා ශාඛා නාරටි අසල දක්නට ලැබෙන විශේෂිත සෛල කාණ්ඩවලින් සෑදුනු ජල ජිද්‍ර නමැති විශේෂ සිදුරු තුළින්.
40. බිංදුදය සිදුවන ශාක වලට උදාහරණ දෙන්න.