1. ශාක ආතති යනු මොනවාද?
-
- ශාකවල පැවැත්ම, වර්ධනය හා ප්‍රජනනය කෙරෙහි පරිසරය තුළ ඇති සාධක මගින් හානිකර බලපෑම් ඇති කිරීම.
2. ශාක ආතති ආකාර දෙක මොනවාද?
3. සුලබ අජෛව ආතති මොනවාද?
-
- නියං ආතති
- ලවණ ආතති
- සීතල ආතති
4. ශාක මැලවීමට හේතු වන්නේ කුමක්ද?
-
- ශාකයකට ජලය අවශෝෂණය කරන ශීඝ්‍රතාවට වඩා උත්ස්වේදනය මගින් ජලය බැහැර වන ශීඝ්‍රතාව වැඩි වීම.
5. ශාකයක ජලය හිඟ වූ විට ශාකය තුළ නිපදවීම හා නිදහස් වීම උත්තේජනය වන රසායනික සංයෝගය කුමක්ද?
6. එම සංයෝගය ක්‍රියා කරන්නේ ශාකයේ කිනම් ස්ථානයක් මත ද?
7. නියං ආතතියට ප්‍රතිචාර වශයෙන් ශාක විසින් උත්ස්වේදනය අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?
-
- ඇබ්සිසික් අම්ලය(ABA) පාලක සෛල පටල මත ක්‍රියා කරමින් පූටිකා වැසී යාමට ලක් කරයි.
- තෘණ පත්‍ර රෝල් වී බටයක් ආකාරයට සෑදීමෙන් පෘෂ්ඨ වර්ගඵලය අඩු කර ගනී.
- නියං කාලවලදී සමහර ශාක පත්‍ර හලයි.
8. සෛලයක පටලයේ උෂ්ණත්වය යම් අවධි උෂ්ණත්වයකට වඩා අඩු වූ විට එහි තරලමය ස්වභාවය නැති වී යාමට හේතුව කුමක්ද?
-
- පටලයේ ඇති ලිපිඩ අණූ ස්ඵටික ව්‍යුහයක් බවට පත් වෙමින් අවහිර වීම.
9. එසේ වීමෙන් සෛලයට සිදු වන හානි මොනවාද?
-
- පටලය හරහා ද්‍රව්‍ය පරිවහනය වීම වැළකේ.
- සෛලීය ක්‍රියා කෙරේ බලපෑම් ඇති කරයි.
10. සීතලට ප්‍රතිචාරයක් ලෙස ප්ලාස්ම පටලයේ ලිපිඩ සංයුතිය වෙනස් කරගන්නේ කෙසේද?
-
- අසංතෘප්ත මේද අම්ල අනුපාතය වැඩි කර,අඩු උෂ්ණත්වයේදීත් පටලය වැඩි තරලමය බවකින් පවත්වා ගනී.
11. සෛලයක ජලය මිදීමට පළමුව භාජනය වන්නේ සයිටොසෝලයේ ජලයද? සෛල බිත්තියේ හා අන්තර්සෛලීය අවකාශවල ජලය ද?
-
- සෛල බිත්තියේ හා අන්තර්සෛලීය අවකාශවල ජලය
12. මිදීම නිසා එම ස්ථානයේ ජල විභවය වැඩි වේද? අඩු වේද?
13. මෙසේ ජලය මිදීම සෛල මිය යාමට හේතු වන්නේ කෙසේද?
-
- ද්‍රාව්‍යවලින් සරු සයිටොසෝලයේ ජලය මිදීමට පෙර සෛල බිත්තියේ හා අන්තර්සෛලීය අවකාශවල ජලය මිදෙයි.
- සෛල බිත්ති තුළ ද්‍රව ජලය අඩු වීම මගින් බහිස්සෛලීය ජල විභවය අඩු කර සයිටොසෝලයෙන් ජලය පිට වීමට හේතු වේ.
- ඒ නිසා සෛල ප්ලාස්මයේ අධික ද්‍රාව්‍ය සාන්ද්‍රණයක් ඇති වේ.
- මෙම තත්වය හානිකර වී සෛලය මිය යාමට හේතු විය හැක.
14. මිදීමට ඔරොත්තු දෙන ශාකවල ශීත කාලය ආරම්භයට පෙර ඇති කරගන්නා අනුවර්තනය කුමක්ද?
-
- සීනි වැනි විශේෂිත ද්‍රාව්‍යවල සෛල ප්ලාස්මීය මට්ටම් ඉහළ නංවා ජල හානිය අඩු කර, සෛලය විජලනයට ලක්වීම වළකයි.
15. පස තුළ වැඩිපුර ලවණ ඇති විට මුල් මගින් ජලය අවශෝෂණය අඩු වීමට හේතුව කුමක්ද?
-
- එවිට පාංශු ද්‍රාවණයේ ජල විභවය අඩු වේ.
- ඒ නිසා පසේ සිට මුල් දක්වා ජල විභව අනුක්‍රමණය අඩුවේ.
- ඒ නිසා ජලය අවශෝෂණය අඩු වේ.
16. බොහෝ ශාක ලවණ ආතතියට අනුවර්තනය වී ඇත්තේ කෙසේද?
-
- ඉහළ සාන්ද්‍රණ හොඳින් දරා ගත හැකි කාබනික සංයෝග ද්‍රාව්‍ය නිපදවා එමගින් සෛලයේ ජල විභවය පාංශු ද්‍රාවණයේ ජල විභවයට වඩා වැඩි ඍණ අගයක පවත්වා ගනී.
17. ඇතැම් ශාකවල දැකිය හැකි ලවණ දරා ගැනීමට ඇති ව්‍යුහමය අනුවර්තනය කුමක්ද?
18. ලවණ ග්‍රන්ථි පිහිටා ඇත්තේ ශාකයේ කුමන කොටසකද?
19. ලවණ ග්‍රන්ථි සුලබව දැකිය හැකි ශාක සඳහා උදාහරණයක් දෙන්න.