විද්‍යා අංශයජීව විද්‍යාව5.3.3 - රුධිරයේ කාර්යභාරය පිළිබඳ විමසා බලයි.

5.3.3 – රුධිරයේ කාර්යභාරය පිළිබඳ විමසා බලයි.

 

ශ්වසන වර්ණක

1. ශ්වසන වර්ණක ලක්ෂණ මොනවාද?

    • කාබනික සංයෝග වේ.
    • ඔක්සිජන් ආංශික පීඩනය වැඩි තැන ඔක්සිජන් සමග එක් වේ/ බැඳේ.
    • ඔක්සිජන් ආංශික පීඩනය අඩු විට ඔක්සිජන් නිදහස් කරයි.

 

2. සත්ව රාජධානි තුළ ඇති ශ්වසන වර්ණක මොනවද?

    • හිමොග්ලොබින්
    • හීමොසයනීන්
    • ක්ලෝරොක්රුවොරීන්
    • හීමොඑරිත්‍රීන්
    • මයොග්ලොබින්

 

3. සතුන්ගේ ශ්වසන වර්ණක පරිණාමය වී ඇත්තේ ඇයි?

    • රුධිරය ඇතුළු ජලීය මාධ්‍ය වලදී ඔක්සිජන් ද්‍රාව්‍යතාවය අඩුය.
    • එමනිසා සංකීර්ණ සතුන්ගේ ශ්වසන පෘශ්ඨයේ සිට පටක/ අවයව වෙතට ඔක්සිජන් පරිවහනය ගැටලුවක් විය.
    • ඒ සඳහා ශ්වසන වර්ණක පරිණාමය විය.

 

4. ඉහත ශ්වසන වර්ණක අතරින් රුධිර වර්ණකයක් නොවන්නේ කුමක්ද?

    • මයෝග්ලොබින් – එය පෘශ්ඨ වංශීන්ගේ පේශිවල දැකිය හැකිය.
    • කංකාල පේශිවල ඔක්සිජන් ගබඩා කරයි.

 

5. ඉහත ශ්වසන වර්ණක අතරින් සත්‍ය සීලෝමය මුලින්ම විකසනය වූ ජීවී වංශයේ ජීවීන් තුළ පවතින වර්ණක මොනවද?

    • ක්ලෝරොක්රුවොරීන්
    • හිමොග්ලොබින්
    • හීමොඑරිත්‍රීන්

 

6. දේහය පුරා ඔක්සිජන් පරිවහනය කිරීමට ඉවහල් වන්නේ කුමක්ද?

    • රක්තාණු තුළ ඇති හිමොග්ලොබින් අණු.

 

මානව දේහයේ ශ්වසන වායු පරිවහනය

7. හීම් කාණ්ඩයේ කාර්යයක් සඳහන් කරන්න.

    • රුධිරයේ ආවේණික රතු පැහැය ලබාදේ.

 

8. හිමොග්ලොබින් අණුවක් සෑදී ඇත්තේ කෙසේද?

    • හිමොග්ලොබින් අණුවක් උප ඒකක 4කින් යුක්තය.
    • එම සෑම උප ඒකකයක්ම ග්ලෝබින් ප්‍රෝටීනයකින් හා හීම් කාණ්ඩයකින් සෑදී ඇත.
    • එම සෑම හීම් කාණ්ඩයක්ම ෆෙරස් පරමාණුවකින් සමන්විත වේ.

 

9. ඔක්සිජන් අණුවක් ප්‍රත්‍යාවර්තව බැදෙන්නේ හිමොග්ලොබින් අණුවේ කුමක් සමඟද?

    • ෆෙරස් පරමාණුවක් සමග.

 

10. එක් හිමොග්ලොබින් අණුවක් මගින් රැගෙන යා හැකි ඔක්සිජන් අණු ගණන කොපමණද?

    • 4 CO2

 

11. රුධිරය තුළ CO2 පරිවහනය වන ආකාර මොනවාද?

    • රුධිර ප්ලාස්මය මගින් HCO3 ලෙස. (70%)
    • කාබැමයිනෝහිමොග්ලොබින් ලෙස. (23%)
    • රුධිර ප්ලාස්මාවේ දියවී ඇති නිදහස් වායු ලෙස. (7%)

 

12. රුධිරය යනු කුමක්ද?

    • සෛල හා ප්ලාස්මාවෙන් තැනුණු සම්බන්ධ පටකයකි.

 

13. රුධිරයේ සෛලීය සංරචක වර්ග තුන මොනවද?

    • රක්තාණු
    • ශ්වේතාණු
    • පට්ටිකා
  •  

What Is Plasma?

 

14. එම සංරචක විකසනය වන්නේ කොහිද?

    • පර්ශු, කශේරුකා, උරෝස්ථිය, ශ්‍රෝණිය ආදී අස්ථිවල ඇට මිදුළු වලින්.

 

15. රක්තාණු ජනනය උත්තේජනය කරන හෝර්මෝනය කුමක්ද?

    • එරිත්‍රොපොයිටීන් හොර්මෝනය (මිනිස් වකුගඩු තුළ නිපදවයි.)

 

16. රක්තාණු තුළ මයිටකොන්ඩ්‍රියා දැකිය නොහැක්කේ ඇයි?

    • මයිටකොන්ඩ්‍රියා තුළ ස්වායු ශ්වසනය සිදුවීම වළක්වා ඔක්සිජන් කාර්යක්ෂම පරිවහනයට.

 

17. රක්තාණු වල ලක්ෂණ මොනවද?

    • කුඩායි.
    • ද්වී අවතලයි
    • මඩලාකාරයි.
    • පරිණත රක්තාණු තුළ න්‍යෂ්ටි නැත.
    • මයිටකොන්ඩ්‍රියා දැකිය නොහැකිය.
    • ආයු කාලය දින 120 ක් පමණ වේ.
    • නිර්වායු ශ්වසනය මගින් ATP නිපදවයි.

Morphological structure of red blood cell | Download Scientific Diagram

 

18. රුධිර මයික්‍රොලීටරයක රක්තාණු කොපමණ අඩංගු වේද? එම ප්‍රමාණය වෙනස් වන සාදකය කුමක්ද?

    • මයික්‍රොලීටරයක රක්තාණු මිලියන 4-6 අතර.
    • මෙම සංඛ්‍යාව ස්ත්‍රී පුරුෂ භාවය මත වෙනස් වේ.

 

19. ශ්වේතාණුවල ප්‍රධාන කෘත්‍ය මොනවද?

    • දේහ ආරක්ෂණය කරගැනීම.
    • භක්ෂ සෛල පරිග්‍රහණය
    • ක්ෂුද්‍ර ජීවීන් ජීරණය.

 

20. මානව රුධිරයේ අඩංගු සුදු රුධිරාණු වර්ග මොනවද?

    • බේසොෆිල
    • වසා සෛල
    • ඉයොසිනොෆිල
    • නියුට්‍රොෆිල
    • මොනොසයිට

White blood cells: Function, ranges, types, and more

 

21. පට්ටිකා වල ලක්ෂණ මොනවද?

    • ඇටමිඳුළු සෛල වලින් බිහිවේ.
    • න්‍යෂ්ටි නැත.
    • රුධිර කැටි ගැසීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි.

 

22. වසා සෛල විකසනය වන්නේ කුමන සෛල බවටද?

    • T වසා සෛල හා B වසා සෛල බවට.

 

23. රුධිර ප්ලාස්මාවේ අඩංගු ද්‍රව්‍ය මොනවාද?

      1. අකාබනික අයන.
      2. ඇල්බියුමින්
      3. ප්‍රතිදේහ වැනි ප්ලාස්ම ප්‍රෝටීන
      4. ෆයිබ්‍රිනෝජන්
      5. පෝෂක
      6. පරිවෘත්තිය අපද්‍රව්‍ය
      7. ශ්වසන වායු
      8. හෝර්මෝන
    1.  

Components Of Blood Royalty Free Cliparts, Vectors, And Stock Illustration.  Image 127327901.

 

24. මානව රුධිරයේ pH අගය කීයද?

    • 7.4 pH

 

25. රුධිර ප්ලාස්මාවේ දියවී ඇති අයන වල කෘත්‍ය මොනවද?

    • ස්වාරක්ශණය
    • රුධිරයේ ආස්‍රැති තුල්‍යතාවය පවත්වා ගැනීම.

 

26. ප්‍රෝටීන සාන්ද්‍රණය වැඩි රුධිර ප්ලාස්මයේ ද අන්තරාල තරලයේද?

    • රුධිර ප්ලාස්මාවේ.

 

27. රුධිර ප්ලාස්මයේ අඩංගු ස්වාරක්ෂක ලෙස ක්‍රියා කරන ද්‍රව්‍ය මොනවද?

    • රුධිරයේ ඇති අයන
    • ඇල්බියුමින්

 

28. ෆයිබ්‍රිනෝජන් වල කෘත්‍ය කුමක්ද?

    • රුධිර කැටි ගැසීමට දායක වේ

 

29. මස්තු යනුවෙන් හදුන්වන්නේ මොනවද?

    • රුධිර ප්ලාස්මාවේ කැටි කාරක සාධක ඉවත් කර විට එය මස්තු ලෙස හැදින්වේ.

 

30. රුධිරයේ ප්‍රධාන කෘත්‍ය මොනවද?

    • අවයව කරා ඔක්සිජන් පරිවහනය හා පටක/ අවයව වලින් කාබන්ඩයොක්සයිඩ් ඉවත් කිරීම
    • බහිස්ස්‍රාවී අවයව වෙත ද්‍රාව්‍ය බහිස්ස්‍රාවී ද්‍රව්‍ය පරිවහනය
    • පෝෂක පරිවහනය
    • නිපදවන ස්ථාන වන ග්‍රන්ථි වල සිට ඉලක්ක අවයව කරා හෝර්මෝන පරිවහනය
    • දේහයේ ආගන්තුක ආක්‍රමණ වලට එරෙහිව ආරක්ෂණ ක්‍රියාව.
    • ආස්‍රැති විධානයට උපකාර වීම.

 

31. රුධිර කැටි සෑදීමේ වැදගත් කම කුමක්ද?

    • තවදුරටත් රුධිරය හානිවීමෙන් වළකී.
    • ව්‍යධිජනක ක්ෂුද්‍රජීවීන් ප්‍රවේශයද වළකී.

 

32. රුධිර වාහිනියක් හානිවූ විට පට්ටිකා බැදෙන්නේ කුමක් සමගද?

    • තන්තු සමඟ.

 

33. රුධිර කැටි ගැසීමේදී සිදුවන ක්‍රියාවලිය පියවර වශයෙන් කෙටියෙන් දක්වන්න.

    • හානි වූ රුධිර වාහිනියේ නිරාවරණය වූ සම්බන්ධක පටකයේ ඇති කොලැජන් තන්තු වලට රුධිරයේ ඇති පට්ටිකා පැමිණ තදින් ඇලේ.
    • ඉන් පසු පට්ටිකා කැටි කාරක සාධක මුදාහරී
    • ඒවා ත්‍රොම්බීන සෑදීම ක්‍රියාරම්භ කරයි.
    • ත්‍රොම්බීන මගින් ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රීන් බවට පත් කරයි.
    • මෙම ෆයිබ්‍රීන් කෙදි එකතු වී රුධිර කැටි ජාලයක් සාධයි.

 

34. රුධිර කැටි ගැසීම වළක්වන ද්‍රව්‍ය මොනවාද?

    • හෙපැරීන්

 

35. හානි නොවූ රුධිර නාල වල රුධිර කැටි ගැසීමක් සිදු නොවන්නේ ඇයි?

    • එම නාල වල ආස්තරණය ඉතා සිනිදු වීම.
    • සෛල පුපුරා යාමක් හෝ පට්ටිකා සමූහනය සදහා අවස්ථාවක් සලසා නොදීම.

 

36. හෙපැරීන් මගින් රුධිර කැටිගැසීම වළක්වන්නේ කෙසේද?

    • ප්‍රෝත්‍රොම්බීන් ත්‍රොම්බීන්බවට පත් කිරීම වැළැක්වීම.
    • ෆයිබ්‍රිනෝජන් ෆයිබ්‍රීන් බවට පත්වීම වැළැක්වීම.

 

37. රක්තාණු මත පිහිටන ප්‍රතිදේහ ජනක හදුන්වන්නේ කෙසේද?

    • ඇග්ලූටිනෝජන්

 

38. ප්‍රධාන රුධිර කාණ්ඩ වර්ග මොනවද?

    • A
    • B
    • AB
    • O

Weekender] What blood types are really about

Blood donation and blood types concept scheme Vector Image

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom