විද්‍යා අංශයජීව විද්‍යාව5.6.6 - මිනිස් ඇසෙහි හා කනෙහි ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය වලට අදාළ...

5.6.6 – මිනිස් ඇසෙහි හා කනෙහි ව්‍යුහය හා ඒවායේ කෘත්‍ය වලට අදාළ කරයි. (I කොටස)

 

මිනිස් ඇසේ මූලික ව්‍යුහය හා ක්‍රියාකාරිත්වය

 

1. ඇසෙහි බිත්තිය සෑදී ඇත්තේ ස්තර 3 කිනි. එම ස්තර 3ට අයත් කොටස් හා ඒවාට අදාල කෘත්‍යන් දක්වන්න.

ස්තරය

අයත් කොටස්

කෘත්‍ය

බාහිර තන්තුමය ස්තරය

ශ්වේත ඝන ස්ථරය

  • අක්ෂි ගෝලයේ හැඩය පවත්වා ගැනීමට දායක වේ.
  • ඇසෙහි බාහිර අක්ෂි පේශි සවි වීමට පෘෂ්ඨයක් සපයයි.

ස්වච්ඡය

  • අලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත කිරීමේදී මෙහි උත්තල ස්වභාවය ආලෝක කිරණ වර්තනයට දායක වේ.

මධ්‍ය වාහිනීමත් ස්තරය

රුධිරග්‍රාහිය

  • දෘෂ්ටි විතානයේ ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනයෙන් පසුව (ඇස තුළ පරාවර්තනයට ඉඩ නොදී) ආලෝක කිරණ අවශෝෂණය.

ප්‍රතියෝජක පේශී

  • අවලම්බක බන්ධනි වලට සම්බන්ධ ප්‍රතියෝජක පේශි තන්තුවල සංකෝචන හා ඉහිල්වීම මගින් අක්ෂි කාච ඝනකම සහ ප්‍රමාණය පාලනය.
  • ස්‍රාවී අපිච්ඡද සෛල (ඇසේ පූර්ව කොටසට) අම්මය රසය ශ්‍රාවය කරයි.

තාරා මණ්ඩලය

  • ස්වයංසාධක ස්නායු පද්ධතිය මැදිහත්වීමෙන් කණිනිකාව ප්‍රමාණය වෙනස් කර, කණිනිකාව හරහා ඇසට ඇතුළු වන ආලෝක ප්‍රමාණය පාලනය.
  • වර්ණක මගින් අධික ආලෝකය විනිවිද යෑම වළක්වයි.

ඇතුළු ස්නායුක ස්ථරය

දෘෂ්ටි විතානය

  • ආලෝක සංවේදී සෛලවල අන්තර්ගත ආලෝක සංවේදී වර්ණක මගින් ආලෝක කිරණ ස්නායු ආවේග බවට පරිවර්තනය.
  • ආලෝක සංවේදී සෛල වල ජනනය වූ ස්නායු ආවේග ද්වී ධ්‍රැව සෛල ස්තරය, ගැංග්ලියම් සෛල ස්තරය දිගේ සම්ප්‍රේෂණය කර දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළයට යැවේ.
  • සුවිශේෂී ස්නායු සෛල මගින් දෘෂ්ඨි විතානයේ හරස් අතට තොරතුරු සමෝධානය කරයි.

 

2. පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. ශ්වේත ඝන ස්තරයේ ව්‍යුහ ලක්ෂණ මොනවාද?

      • සුදු පැහැතියි.
      • පාරාන්ධයි.
      • අක්ෂි ගෝලයේ පාර්ශ්විකව හා අපර පෙදෙසේ පිටතින්ම ඇත.
      • ඉදිරියෙන් අපර ස්වච්ඡය සමග සම්බන්ධව ඇත.

     

    ii. ආලෝක කිරණ පළමුවෙන්ම ඇසට ඇතුලු වන්නේ කුමක් හරහා ද?

      • අක්ෂි පටලය හරහා

 

    iii. ආලෝක කිරණ අවසානයේදී නාභිගත වන්නේ කුමක් මත ද?

      • දෘෂ්ඨි විතානය මත

 

    iv. ස්වච්ඡයේ දැකිය හැකි ව්‍යුහ ලක්ෂණ මොනවාද?

      • පැහැදිලි, පාරදෘශ්‍ය අපිච්ඡද පටලයකි.
      • ඇසේ පූර්ව ලෙස පවතින, උත්තල මුහුණතයි.
      • රුධිර වාහිනී රහිතයි.

 

3. රුධිර ග්‍රාහිය යනු කුමක්ද?

    • ශ්වේත ඝන ස්තරයට වහාම ඇතුළතින්, ඇසේ බිත්තියේ මධ්‍ය වාහිනීමත් ස්තරයේ කොටු ස්තර ලෙස පිහිටා ඇති,
    • රුධිර වාහිනී වලින් ගහන,
    • තුනී,
    • වර්ණක සහිත ස්තරයකි.

 

4. ප්‍රතියෝජක දේහය පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. ප්‍රතියෝජක දේහයේ පිහිටීම,

      • රුධිර ග්‍රාහියට පූර්ව ව (එහි අඛණ්ඩ දික්වීමක් ලෙස) ඇති කොටසකි.

 

    ii. එහි අඩංගු සෛල ආකාර වන්නේ,

      • සිනිඳු පේශි සෛල
      • සංවේදී අපිච්ඡද සෛල

 

    iii. ප්‍රතියෝජක දේහයේ අඩංගු සිනිඳු පේශි බහුතරය වෘත්තාකාර වේ. එහි වැදගත්කම කුමක්ද?

      • ප්‍රතියෝජක පේශී චක්‍ර පිධානයක් ලෙස ක්‍රියා කල හැක.

 

    iv. ප්‍රතියෝජක පේශී, අක්ෂි කාචය ස්ථානගත කර ඇත්තේ කෙසේද?

      • අවලම්භක බන්ධනී මගින්.

 

5. තාරා මණ්ඩලය පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. තාරා මණ්ඩලයේ පිහිටීම දක්වන්න.

      • ස්වච්ඡයට පිටුපසින් සහ කාචයට ඉදිරියෙන්
      • ඇසේ ඉදිරිපස පිහිටා ඇත.
      • ප්‍රතියෝජක දේහයෙන් පූර්ව ලෙසට මෙය විහිදී ඇත.

 

    ii. තාරා මණ්ඩලයේ ව්‍යුහ ලක්ෂණ ලියන්න.

      • වෘත්තාකාර හැඩැතියි.
      • වර්ණවත් පේශීමය ප්‍රාචීරයකි.
      • වර්ණක සෛල වලින් සෑදී ඇත.
      • සිනිඳු පේශි තන්තු ස්තර 2කි.
      • ඒවා වෘත්තාකාර හා අරීය ගොනු ලෙස සංවිධානය වී ඇත.
      • තාරා මණ්ඩලයේ කේන්ද්‍රීයව කණිනිකාව නම් විවරය පිහිටා ඇත.

 

6. අක්ෂි ගෝලය පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. අක්ෂි ගෝලයේ ඇතුලතින්ම ඇති ස්තරය කුමක්ද?

      • දෘෂ්ටි විතානය

 

    ii. එය ස්තර 3කින් සමන්විත වේ. ඒ මොනවාද? ඒවායේ පිහිටීම ද සඳහන් කරන්න.

      • වර්ණධර අපිච්ඡදය – බාහිරම
      • ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ස්තරය – මධ්‍යයේ
      • ස්නායු සෛල සහිත ස්තරය – අභ්‍යන්තරම

 

    iii. ප්‍රකාශ ප්‍රතිග්‍රාහක ස්තරයේ සංවේදී සෛල වර්ග දෙවර්ගයකි. ඒ මොනවාද?

      • යෂ්ටි
      • කේතු

 

    iv. දෘෂ්ටි විතානයේ ඝනකම වැඩිම වන්නේ,

      • පිටුපස ඇති ප්‍රදේශයේ

 

    v. කහ ලපය හමුවන්නේ,

      • දෘෂ්ටි විතානයේ අපර මධ්‍යයේ

 

    vi. මධ්‍ය කුපය යනු,

      • කහ ලපය මධ්‍යයේ ඇති කුඩා අවපාතනයයි.
      • එහි ඇත්තේ කේතු සෛල පමණි.

 

    vii. දෘෂ්ටි විතානය පුරා ආලෝක සංවේදී සෛල වල පැතිරීම විස්තර කරන්න.

      • මධ්‍ය කුපයේ ඇත්තේ කේතු සෛල පමණි.
      • දෘෂ්ටි විතානයේ පූර්ව ප්‍රදේශ දෙසට වන්නට කේතු වලට වඩා යෂ්ටි ඇත.
      • දෘෂ්ටි විතානයේ කේතු වලට වඩා වැඩි ප්‍රමාණයක් යෂ්ටි ඇත.
      • අන්ධ බින්දුවේ යෂ්ටි හෝ කේතු අන්තර්ගත නොවේ.

 

    viii. අන්ධ බින්දුව යනු කුමක්ද?

      • දෘෂ්ටික ස්නායුව ඇසෙන් පිටවී යන ස්ථානයේ දෘෂ්ටි විතානය මත ඇති කුඩා ප්‍රදේශයයි.

 

    ix. දෘෂ්ටික ස්නායුව සෑදෙන ආකාරය පහදන්න.

      • කහලපයේ සිට 0.5 cm ක් පමණ නාසය දෙසට වන්නට දෘෂ්ටි විතානයේ සියළුම ස්නායු තන්තු අභිසාරී වී දෘෂ්ටික ස්නායුව සාදයි.

 

7. ආලෝක සංවේදී සෛල පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. ආලෝක සංවේදී සෛල වල දෘෂ්ටි වර්ණක ගිලී ඇත්තේ කොහිද?

      • සෛලවල බාහිර කොටස තුළ ගොනු ලෙස පවතින පටලමය මඩල වල

 

    ii. යෂ්ටි සෛල හා කේතු සෛල සසඳන්න.

ලක්ෂණය

යෂ්ටි

කේතු

  • අඩංගු දෘෂ්ටි වර්ණකය

රොඩොප්සින්

ෆොටොප්සින්

  • ආලෝක සංවේදීතාව

සාපේක්ෂව වැඩියි.

රාත්‍රි පෙනීම ලබා දෙයි

සාපේක්ෂව අඩුයි.

රාත්‍රි පෙනීම සදහා අඩු දායකත්වයක් දක්වයි.

  • වර්ණ දෘෂ්ටි

නැත. කලු හා සුදු ලෙස පමණක් දිස් වේ.

 

වර්ණ දෘෂ්ටිය ලබාදේ.

 

 

    iii. කේතු දෘශ්‍ය වර්ණාවලිය කෙරෙහි දක්වන සංවේදීතාවේ වෙනස අනුව වර්ග 3 කි. එම ආකාර 3 ප්‍රශස්ත ප්‍රතිචාර දක්වන අලෝකය වන්නේ,

      • රතු
      • කොළ
      • නිල්

 

    iv. දෘෂ්ටි විතානයේ ස්නායු සෛල සහිත ස්තරයේ අඩංගු ස්නායු සෛල වන්නේ,

      • ද්විධ්‍රැව නියුරෝන සෛල
      • ගැංග්ලියම් සෛල

 

8. අක්ෂිගෝලය තුළ අන්තර්ගත වන කොටස්/ දේවල් මොනවාද?

    • කාචය
    • අම්මය රසය
    • කාච රසය

 

9. කාචය පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. කාචයේ පිහිටීම දක්වන්න.

      • කණිනිකාවට වහාම පිටුපසින් අක්ෂි ගෝලය තුළ

Crystalline Lens and Cataract by Joah F. Aliancy and Nick Mamalis –  Webvision

 

    ii. කාචයේ ව්‍යුහාත්මක ලක්ෂණ මොනවාද?

      • ද්වි උත්තල
      • ප්‍රත්‍යස්ථ
      • පාරදෘශ්‍ය
      • මඬලකි.
      • ප්‍රෝටීන්වලින් සෑදී ඇත.
      • පාරදෘශ්‍ය කොපුවකින් ආවරණය වී ඇත.
 

   

    iii. කාචයේ කෘත්‍ය වන්නේ,

      • ඇස ඉදිරියේ වස්තුවෙන් පරාවර්තනය වී ඇසට ඇතුළුවන ආලෝක කිරණ වර්තනය කර දෘෂ්ටි විතානය මතට නාභිගත කර ප්‍රතිබිම්බය සාදයි.

 

    iv. දෘෂ්ටි විතානය මතට ආලෝකය නාභිගත කිරීම සඳහා කාචයේ වර්තන බලය අවශ්‍ය පරිදි සකස් කිරීම සිදු කල යුතුයි. එය සිදු කරන්නේ කෙසේද?

      • කාචයේ ඝනකම වෙනස් කිරීමෙනි.
      • අවලම්භක බන්ධනිවලට සම්බන්ධ ප්‍රතියෝජක පේශි තන්තුවල සංකෝචන හා ඉහිල්වීම මඟින් අක්ෂි කාචයේ ඝනකම හා ප්‍රමාණය පාලනය කරයි.

 

10. අම්මය රසය හා කාච රසය පිළිබඳ පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.

    i. අම්මය රසය හා කාච රසයේ පිහිටීම, ස්වභාවය හා කෘත්‍ය දක්වන්න.

ලක්ෂණය

අම්මය රසය

කාච රසය

  • පිහිටීම

ඇසේ කාචයට ඉදිරියෙන් ඇති ප්‍රදේශය පිරී පවතී.

අක්ෂි කාචයට පිටුපසින් ප්‍රදේශය පිරී පවතී.

  • ස්වභාවය

පැහැදිලි ජලීය මාධ්‍යයකි.

පාරදෘශ්‍ය, අවර්ණ, ජෙලිමය ස්වභාවයක් ඇත.

  • කෘත්‍ය
  • රුධිර සැපයුමක් රහිත ස්වච්ඡය, කාචය හා කාච ප්‍රාවරය වෙත පෝෂණය සැපයීම හා
  • අපද්‍රව්‍ය බැහැර කිරීම
  • රුධිර ග්‍රාහියට එරෙහිව දෘෂ්ටිවිතානය මත ඇති කරන අන්තර් අක්ෂි පීඩනය පවත්වාගෙන යාම
  • අක්ෂි ගෝලය ඇකිලීම වලක්වා ගැනීම

 

    ii. අම්මය රසය ශ්‍රාවය කරන්නේ කොතැනින්ද?

      • ප්‍රතියෝජක දේහවල අපිච්ඡදයේ ස්‍රාවී සෛල මගින්.

   

    iii. අම්මය රසය ස්‍රාවය වන නාළ අවහිර වීම නිසා පෙනීම නැති වීමෙන් ඇතිවන රෝගී තත්ත්වය කුමක්ද?

      • ග්ලූකෝමා.

 

11. පැහැදිලි ප්‍රතිබිම්බයක් දෘෂ්ටි විතානය මතට ලබා ගැනීම සදහා දායක වන ක්‍රියාවලි මොනවාද?

    • ආලෝක කිරණ වර්තනය වීම.
    • කණිනිකාවෙ ප්‍රමාණය වෙනස් කිරීම.
    • අක්ෂි ප්‍රතියෝජනය.

How the Eye Works Animation - How Do We See Video - Nearsighted &  Farsighted Human Eye Anatomy - YouTube

 

12. ” මොළය මගින් වස්තුවක් හදුනා ගැනීම” කෙටියෙන් දක්වන්න.

    • දෘෂ්ටික ක්ෂේත්‍රයේ ඇති වස්තුව මගින් පරාවර්තනය වන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නාභිගත වී ප්‍රතිභිම්බයක් ඇති කරයි.
    • එවිට දෘෂ්ටි විතානයේ ආලෝක සංවේදි ප්‍රතිග්‍රාහක උත්තේජනය වී ආලෝක ශක්තිය විභව අන්තරයකට පෙරලා, ක්‍රියා විභවයක් බවට පත්කර දෘෂ්ටික ස්නායුව ඔස්සේ මොළය කරා ඒ පණිවිඩය සම්ප්‍රේෂණය කරයි.

 

13. සුදු කලු දෘෂ්ටිය සදහා වැදගත් වන්නේ,

    • යෂ්ටි

 

14. වර්ණ දෘශ්ටිය සදහා වැදගත් වන්නේ,

    • කේතු

 

15. වර්ණ දෘෂ්ටිය සදහා කේතු වැදගත් වීමට හේතුව කුමක්ද?

    • කේතු ආලෝකයට හා වර්ණ වලට සංවේදි වේ.
    • දෘෂ්‍ය ආලෝකයේ ඇති විවිධ තරංග ආයාම මගින් කේතුවල ඇති ආලෝක සංවේදී වර්ණක අවධි කරයි.

 

16. ආලෝක කිරණයක් බාහිර වස්තුවක සිට දෘෂ්ටි විතානයට ලඟා වන ගමන් මාර්ගය දක්වන්න.

    • අක්ෂි පටලය
    • ස්වච්ඡය
    • අම්මය රසය
    • කාචය
    • කාචරසය
    • දෘෂ්ටි විතානය
  •  

How the Eye Works - HubPages

 

17. ඉහත ගමන් මාර්ගයේදී ආලෝක කිරණ වැඩිපුර වර්තනය වන්නේ කුමන කොටසක් හරහා යාමේදීද?

    • ද්වි උත්තල කාචය හරහා

 

18. එයට හේතුව?

    • අක්ෂි පටලය, ස්වච්ඡය, අම්මය රසය, කාචරසය නියත වර්තන බලයක් ඇති අතර කාචයේ වර්තන බලය වෙනස් කල හැකි වීමයි.

 

19. ප්‍රභාවත් ආලෝකයේදී හා අඩු ආලෝකයේදී කණිනිකාවේ සිදුවන වෙනස්කම් දක්වන්න.

    • ප්‍රභාවත් ආලෝකයේදී කණිනිකාව සංකෝචනය වී ඇසට ඇතුලු වන ආලෝක කිරණ ප්‍රමාණය අඩු කරගනී. දෘෂ්ටිවිතානයට සිදුවන හානි වළක්වා ගනී.
    • අඩු ආලෝකයේදී කණිනිකා විවරය විශාල කරගන්නා අතර එමගින් ආලෝක ප්‍රතිග්‍රාහක සක්‍රීය කිරීමට තරම් ආලෝක ප්‍රමාණයක් ලබා ගැනීම සිදු කරයි.

 

20. “ආසන්නයේ ඇති වස්තුවක් පැහැදිලිව පෙනීම” කෙටියෙන් දක්වන්න.

    • ප්‍රතියෝජක පේශී සංකෝචනය වීමෙන් ප්‍රතියෝජක දේහය ඇතුළු පැත්තට, කාචය දෙසට චලනය වේ. මෙවිට කාචයේ උත්තල බාවය ඉහළ යයි. (අවලම්භක බන්ධනී ඇදීම අඩුවේ)
    • තවද අක්ශි ගෝලයේ චලනයද/අභිසාරීතාව උපයෝගී කරගනී. අක්ෂි ගෝලයට සම්බන්ධ බාහිර අක්ෂි පේශී ක්‍රියාකාරීත්වය මගින් අභිසාරීතාව ඇති කරගැනීම හා ඇස පාර්ශ්විකව පැතිවලට කැරකවිය හැක. ස්වයංසාදක ස්නායු පද්ධතියෙන් පාලනය වේ.

 

21. දුර ඇති වස්තු දැකීම සඳහා කාචයේ උත්තල බාවය අඩු කරගන්නේ කෙසේද?

    • ප්‍රතියෝජක පේශි ඉහිල් වේ.
    • කාචයෙන් පිටතට ප්‍රතියෝජක දේහය චලනය වේ.
    • අවලම්භක බන්ධනී වල ඇදීම ඉහල යයි. කාචයේ උත්තල භාවය අඩුවේ.

 

22. යෂ්ටි හා කේතු උත්තේජනය වී ස්නායු ආවේගයක් ඇතිවීමේ පියවර දක්වන්න.

    • ප්‍රකාශ ප්‍රතිග්‍රාහක මගින් ලැබෙන තොරතුරු ද්විධ්‍රැව සෛල වෙත ළඟා වේ.
    • ද්විධ්‍රැව සෛල කිහිපයකින් තොරතුරු එක්රැස්කරන ගැන්ග්ලියම් සෛල දෘෂ්ටික ස්නායුව සාදයි. තවද සුවිශේෂී ස්නායු සෛල මගින් දෘෂ්ටිවිතානයේ ඇති තොරතුරු සමෝධානය කරයි.
    • දෘෂ්ටික ස්නායුව මඟින් රැස්කරගත් සංවේදන මොළය කරා ක්‍රියාවිභවයක් ලෙස සම්ප්‍රේෂණය කරයි.
    • ස්නායු ආවේගයක් ඇති වේ.

 

23. දෘෂ්ටික ස්නායුව තොරතුරු රැගෙන යන්නේ මොළයේ කවර ප්‍රදේශයකටද?

    • මස්තිෂ්කයේ අපර කපාල ඛණ්ඩිකාවට

 

24. පෙනීමේ ක්‍රියාවලියේදී රුධිරග්‍රාහියේ කාර්ය කුමක්ද?

    • දෘෂ්ටිවිතානයේ ප්‍රතිග්‍රාහක සෛල උත්තේජනයෙන් පසුව ආලෝක කිරණ අවශෝෂණය කිරීම.

 

25. ඒක නේත්‍රික දෘෂ්ටිය කෙටියෙන් දක්වන්න.

    • එක් ඇසකින් පමණක් දැකිය හැකි දෘෂ්ටික ක්ෂේත්‍රය දැකීම ඒක නේත්‍රික දෘෂ්ටිය යි.

 

26. ඒක නේත්‍රික දෘෂ්ටියේ දුර්වලතා දක්වන්න.

    • ත්‍රිමාණ දෘෂ්ටිය සිදු නොවේ.
    • දුර හා වේගය නිරණය කිරීම අපහසුය.

3D display technology - Principles of three-dimensional vision

 

27. ද්වි නේත්‍රික දෘෂ්ටිය කෙටියෙන් දක්වන්න.

    • මිනිසාගේ අක්ෂි 2ක මගින් දකින දෘෂ්ටික ක්ෂේත්‍ර ඉතා හොඳින් සමපාත වන අතර වම් හා දකුණු දෘෂ්ටික ක්ෂේත්‍රත් ඒවා අතිපිහිත වී සාදන මධ්‍යම දෘෂ්ටික ප්‍රතිබිම්බත් මොළයේ දෘෂ්ටික බාහිකයේදී අතිපිහිත වී ත්‍රිමාණ ප්‍රතිබිම්බයක් සංජානනය වීම.

 

28. ද්විනේත්‍රික දෘෂ්ටියේ වැදගත්කම් මොනවාද?

    • ත්‍රිමාණ දෘෂ්ටිය ඇතිවේ.
    • වස්තුවක වේගය දුර නිරණයට.
    • වෙනත් වස්තුවකට සාපේක්ෂ පවතින ගැඹුර, උස, පළල නිවැරදිව නිරීක්ෂණයට.

Seeing – PSYC 100: Principles of Psychology F20

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet