මිනිස් කනෙහි ව්‍යුහය.
1. මිනිස් කන බෙදිය හැකි ප්‍රධාන කොටස් 3 වන්නේ.
2. බාහිර කනට අයත් වන කොටස් වන්නේ,
-
- කන් පෙත්ත
- බාහිර ශ්‍රවණ නාළය
3. බාහිර ශ්‍රවණ නාළයේ ව්‍යුහර කෙබදු වේද?
-
- S හැඩයෙන් යුතු මදක් වක්‍ර වූ නළයකි. රෝම සහිත සමකින් ආස්තරණය වී ඇත. ඉටි වැනි ද්‍රව්‍යක් (කළාදුරු) ශ්‍රාවය කරන විකරණය වූ ස්වේද ග්‍රන්ථි වලින් සමන්විත වේ.
4. කර්ණපටහ පටලය පිහිටා ඇත්තේ,
5. “මැද කන යනු ශංඛක අස්ථිය තුළ පිහිටා ඇති වායුමය කුටීරයකි”. මෙම ප්‍රකාශය සත්‍යද අසත්‍යද යන්න දක්වන්න.
6. මැද කන හා ඇතුළු කන අතර බිත්තියේ පිහිටා ඇති විවර දෙක වන්නේ,
-
- අණ්ඩාකාර ගවාක්ෂය
- ගෝලාකාර ගවාක්ෂය
7. …(a)… ගවාක්ෂය තුනී තන්තුමය පටලයකින් ආවරණය වන අතර …(b)… ගවාක්ෂය …(c)… නම් කුඩා අස්ථිකාවකින් ආවරණය වේ. a, b හා c සදහා සුදුසු පද වන්නේ,
-
- a – ගෝලාකාර
- b – අණ්ඩාකාර
- c – ධරණකය
8. මැද කන තුළ පවතින ප්‍රධාන ශ්‍රවණ අස්ථිකා තුන වන්නේ,
9. මෙම ශ්‍රවණ අස්ථිකා තුන මැද කන තුළ ස්ථානගතව ඇති ආකාරය,
-
- මුද්ගරිකාව එක් පසෙකින් කර්ණ පටහ පටලය සමග ස්පර්ෂව ඇති අතර අනෙක් පසින් නිඝාතිය සමග චලනය විය හැකි පරිදි සන්ධානය වේ. නිඝාතිය, ධරණකය සමග සන්ධානය වන අතර ධරණකය අණ්ඩාකාර ගවාක්ෂය සමග ස්පර්ෂව පවතී.
10. මැද කන ග්‍රසනිකාවට සම්බන්ධ කරන දිග නාලය,
11. “කර්ණ පටහ කුටීරය සංකීර්ණ අපිඡදයකින් ආස්තරණය වී ඇත”. ඉහත ප්‍රකාශය සත්‍ය ද අසත්‍ය ද?
-
- අසත්‍ය වේ.
- හේතුව – කර්ණ පටහ කුටීරය යනු මැද කනයි. එය ආස්තරණය කරන්නේ සරල අපිච්ඡදයක් මගිනි.
12. ඇතුළු කන සමන්විත වන ප්‍රාධාන ප්‍රදේශ තුන,
-
- ආලින්දය
- අර්ධ චක්‍රාකාර නාල තුන
- කර්ණ ශංඛය
13. ආලින්දයට අයත් ප්‍රධාන පටලමය මඩි දෙක,
14. ආලින්දයේ පාර්ශ්වික බිත්තියේ පිහිටා ඇති ව්‍යුහ දෙක,
-
- අණ්ඩාකාර ගවාක්ෂය
- ගෝලාකාර ගවාක්ෂය
15. “අර්ධ චක්‍රාකාර නාල තුන එකිනෙකට සමාන්තර තලයක පිහිටයි”. මෙම ප්‍රකාශය සත්‍ය ද අසත්‍ය ද?
-
- අසත්‍ය වේ
- හේතුව – එම නාල තුන එකිනෙකට ලම්භක තල තුනක පිහිටයි.
16. කර්ණ ශංඛයෙහි අන්තර්ගත වන ප්‍රධාන කුටීර තුන වන්නේ,
-
- ආලින්ද නාලය (ඉහළින් පිහිටයි)
- කර්ණ පටල නාලය (පහළින් පිහිටයි)
- කර්ණ ශංඛ ප්‍රනාලය (මධ්‍යව පිහිටයි)
17. ආලින්ද නාලය හටගන්නේ,
18. කර්ණ පටල නාලය අවසන් වන්නේ,
19. කර්ණ ශංඛයේ ආලින්ද නාලය හා කර්ණ ශංඛ නාලය අයත් වන්නේ,
20. එම නාල දෙක තුළ පිරී ඇති තරලය
21. කර්ණශංඛ ප්‍රණාලය අයත් වන්නේ,
22. එම නාලය තුළ අඩංගු වන තරලය,
23. කනෙහි ඇති ශ්‍රවණ සංවේදී ප්‍රතිග්‍රාහක දරණ සෛල,
-
- කර්ණ ශංඛ රෝම සෛල
- ශ්‍රවණ සංවේදක ලෙස පවතින්නේ,
- සංවේදක ස්නායු වල ඇති අනුශාඛිකා
24. එම සෛල පිහිටා ඇති ස්ථානය,
-
- කර්ණ ශංඛ නාලයේ පාදස්ථය වන පාදාශ්‍ර පටලයේ ඇති කෝර්ටි අවයව තුළ
25. “කර්ණ ශංඛ රෝම සෛලවල ඇති බොහෝ රෝම කෝර්ටි අවයවයේ ඇති ටෙක්ටම් පටලය හා සම්බන්ධව පවතී”. ඉහත ප්‍රකාශය සත්‍ය ද අසත්‍ය ද?
කනෙහි කෘත්‍ය
26. මිනිසාට ශබ්දය සංජානනය වන්නේ කෙසේද?
-
- කම්පනය වන වස්තු මගින් අවට වාතයේ පීඩන තරංග ඇති කරයි. ශ්‍රවණයේදී මෙම පීඩන තරංග, කන මගින් ස්නායු අවේග බවට පාරනයනය කර මොළය කරා සම්ප්‍රේෂණය කිරීමෙන් ශබ්ද සංජානනය කරයි.
27. පහත දක්වා ඇති එක් එක් ව්‍යුහයෙහි කෘත්‍යන් වන්නේ,
i. බාහිර කන
-
-
- ශබ්ද තරංග එකතු කිරීම/ සාන්ද්‍රගත කිරීම
- ශබ්ද තරංග, ශ්‍රවණ නාලය ඔස්සේ කර්ණපටහ පටලය වෙත යොමු කිරීම
ii. කර්ණපටහ පටලය
-
-
- ශබ්ද තරංග මගින් කම්පනය වී එම තරංග ශ්‍රවණ අස්ථිකා වෙත සම්ප්‍රේෂණය කිරීම
iii. යුස්ටේකීය නාලය
-
-
- කර්ණපටහ පටලය දෙපස වායු පීඩනය වායුගෝලීය පීඩන අගයේ පවත්වා ගැනීම
28. ශ්‍රවණ අස්ථිකා මගින් මෙම කම්පන සම්ප්‍රේෂණය කරන්නේ,
29. මිනිස් මොළයේ ශ්‍රවණ ප්‍රදේශය පිහිටා ඇත්තේ,
-
- මස්තිෂ්කයේ පාර්ශ්වික කණ්ඩිකාවේ
30. අවකාශය තුළ හිසෙහි පිහිටීම පිලිබඳ තොරතුරු සැපයීම, ඉරියව් හා සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා දායක වන කනෙහි ව්‍යුහයන් වන්නේ,
-
- අර්ධ චක්‍රාකාර නාල
- අලින්දය
31. අලින්දයේ ඇති තුම්භිකාව හා මඩිච්චිය ….(a)….. සහ ….(b)….. චලන සංජානනය කරන අතර අර්ධ චක්‍රාකාර නාල ….(c)….. චලන සංජානනය කරයි. හිස්තැන් සදහා සුදුසු පද වන්නේ,
-
- a – ගුරුත්වය
- b – රේඛීය
- c – කෝණික
32. අලින්දය මගින් ගුරුත්වය හා රේඛීය චලන සංජානනය කරන ආකාරය,
-
- අලින්දයේ පරිවසා තරලය පිරි කුටීර තුළ කැල්සියම් කාබනේට් අංශු (කර්ණාශ්ම) ගිලී පවතින ජෙලිමය ද්‍රව්‍යයක් තුළට නෙරා ඇති රෝම සෛල ඇත.
- හිස ඇලවී ඇති විට ජෙලි මාධ්‍ය තුළට නෙරා ඇති රෝම මත කර්ණාශ්ම තෙරපේ.
- එම උත්ක්‍රමණය රෝම සෛල ප්‍රතිග්‍රාහක මගින් විද්‍යුත් සංඥාවක් බවට පරිවර්තනය කර අනුමස්තිෂ්කය වෙත යැවීමෙන් සංජානනය කරයි.
33. අර්ධ වක්‍රාකාර නාල මගින් කෝණික චලන සංජානනය කරන ආකාරය,
34. පහත රූප සටහනේ දක්වා ඇති ව්‍යුහයන් හඳුනාගන්න.
1 – කන් පෙත්ත
2 – ධරණකය
3 – නිඝාතිය
4 – මුද්ගරිකාව
5 – බාහිර ශ්‍රවණ නාලය
6 – කර්ණපටහ පටලය
7 – අර්ධ වක්‍රාකාර නාල
8 – කර්ණ ශංඛය
9 – ශ්‍රවණ ස්නායුව