1. හාඩි වයින්බර්ග් සමතුලිතතා මූලධර්මය යනු කුමක්ද?
-
- G.H. හාඩි හා W. වයින්බර්ග් විසින් වෙන වෙනම පෙන්වා දෙන ලද,
- පරිණාමය නොවන ගහනයක ඇලීල හා ප්‍රවේණිදර්ශ සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට නියතව පවතින බව ඉදිරිපත් කල මූලධර්මයයි.
- ගහන ප්‍රවේණි විද්‍යාවේ මූලිකම සංකල්පයයි.
2. හාඩි වයින්බර්ග් සමතුලිතතාවට අදාල ප්‍රකාශවල හරි/ වැරදි සලකුණු කරන්න.
i. ගහනයක් යම් නිශ්චිත ලක්ෂණයකට/ ජාන පථයට අනුව පරිණාමය වේද යන්න තක්සේරු කිරීමට මෙය භාවිතා කෙරේ.
(✔)
ii. ගහනයක යම් ගති ලක්ෂණයක ප්‍රවේණික සැකැස්ම එම ජාන පථයට අනුව පරිණාමය නොවන විට නොවෙනස්ව පවතී
(✔)
iii. ගහනයක යම් නිශ්චිත ගති ලක්ෂණයකට අදාලව උපකල්පිත දත්ත හා එම ගහනයෙන්ම ලබාගත් සැබෑ දත්ත සංසන්දනයෙන් ගහනය සලකන ලද ගති ලක්ෂණයකට අදාලව පරිණාමය වේද නොවේද යන්න සලකා බැලිය හැක.
(✔)
3. හාඩි වයින්බර්ග් සමතුලිතතාව සඳහා අවශ්‍ය තත්ත්ව දක්වන්න.
-
- විකෘති සිදු නොවීම
- අහඹු සංවාසය සිදු වීම
- ස්වභාවික වරණය සිදු නොවීම
- ගහනයේ විශාලත්වය ඉතා අධික වීම
- ආගමන හා විගමන සිදු නොවීම
4. Biston betularia / Peppered සලබයන්ගේ පරිණාමය ඇසුරෙන් ජාන සංඛ්‍යාතයේ වෙනස්වීම මගින් පරිණාමය සිදුවන අයුරු කරුණු ලෙස දක්වන්න.
-
- එංගලන්තයේ කාර්මීකරණ සමයේ මෙම සලබයන්ගේ දේහ වර්ණය මත පදනම්ව තද පැහැ හා ලා පැහැ ලෙස රූපානුදර්ශ විචල්‍ය 2ක් පැවතුනි.
- කාර්මීකරණයට පෙර ලා පැහැති සලබයින් සුලබ විය. ඔවුන්ට ලා පැහැති පොත්ත සහිත ශාක අතර සැඟවී විලෝපනයට ලක්වීම වලක්වා ගත හැකි විය.
- කාර්මීකරණත් සමග ශාක අඳුරු පැහැති වූ බැවින් ලා පැහැති සලබයින් විලෝපිකයන්‍ට ගොදුරු වී, සංඛ්‍යාව අඩු විය.
- අඳුරු සලබයින් අඳුරු පැහැති ශාක මත වඩාත් හොඳින් වේශාන්තරණය විය හැකි විය. මේ නිසා අඳුරු පැහැයට අදාල ඇලීලය, ලා පැහැයට අදාල ඇලීලයට ප්‍රමුඛ වේ.
- ජාන සංඛ්‍යාතවල ඇති වූ මෙම වෙනස නිසා,
- ගහනය ඉහළ අනුවර්තී මට්ටමකට පරිණාමය විය.
5. හාඩි වයින්බර්ග් සමතුලිතතා සමීකරණය සඳහන් කරන්න.
-
- p2 + 2pq + q2 = 1
- p – ප්‍රමුඛ ඇලීලය
- q – නිලීල ඇලීලය
6. C ඇලීලයට සමයුග්මක වූ (CRCR) ශාක රතු වර්ණය නිෂ්පාදනය කරන අතර ඉන් රතු පැහැති මල් නිපදවයි. C ඇලීලයට සමයුග්මක වූ (CWCW) ශාකවල සුදු වර්ණය නිපදවයි. විෂමයුග්මක ශාක (CRCW) රතු වර්ණය ස්වල්පයක් නිපදවන අතර, ඉන් රෝස පැහැති මල් නිපදවයි.
i. මල් 500ක ගහනයක CR ඇලීල 800ක්ද, CW ඇලීල 200ක්ද පැවතිනි.ඉහත ශාක වර්ගයේ මල්වල CR ඇලීලය හා CW ඇලීලය සඳහා ඇලීල සංඛ්‍යාත ගණනය කරන්න.
CR ඇලීල සඳහා ඇලීල සංඛ්‍යාතය (p2) = 800/1000 = 0.8
CW ඇලීල සඳහා ඇලීල සංඛ්‍යාතය (q2) = 200/1000 = 0.2
ii. ප්‍රමුඛ සමයුග්මකයන්ගේ(p2), නිලීන සමයුග්මකයන්ගේ(q2) හා විෂමයුග්මකයන්ගේ(2pq) සංඛ්‍යාත ගණනය කරන්න
ඩිම්බ
ශුක්‍රාණු
|
CR(0.8)
(p)
|
CW(0.2)
(q)
|
CR(0.8)
(p)
|
0.64
CRCR
|
0.16
CRCW
|
CW(0.2)
(q)
|
0.16
CRCW
|
0.04
CWCW
|
ප්‍රමුඛ සමයුග්මකයන්ගේ සංඛ්‍යාතය (p2) = 0.64
නිලීන සමයුග්මකයන්ගේ සංඛ්‍යාතය (q2) = 0.04
විෂමයුග්මකයන්ගේ සංඛ්‍යාතය (2pq) = 0.32