විද්‍යා අංශයජීව විද්‍යාව5.2.2 - මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය (III කොටස)

5.2.2 – මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය (III කොටස)

පාඩමේ සටහන Download කරගන්න.

 

මිනිස් ආහාර ජීර්ණ පද්ධතියේ ව්‍යුහය හා කෘත්‍ය

 

අක්මාව(liver)

 

1.දේහයේ විශාලතම ග්‍රන්ථිය කුමක්ද?

  • අක්මාව

 

2.අක්මාව ඛණ්ඩිකා කීයකින් සමන්විත ද?

  • 4

 

3.ඛණ්ඩිකාවල තැනුම් ඒකකය කුමක්ද?

  • ෂඩාස්‍රාකාර හැඩැති ඉතා කුඩා අනුඛණ්ඩිකා

 

4.අක්මාවේ කෘත්‍යමය ඒකකය කුමක්ද?

  • ෂඩාස්‍රාකාර හැඩති ඉතා කුඩා අනුඛණ්ඩිකා

 

5.අක්මාවේ ව්‍යුහය විස්තර කරන්න.

1.දේහයේ ඇති විශාලතම ග්‍රන්ථියයි.

2.එහි උත්තර හා පූර්ව මතුපිට පෘෂ්ඨය සුමට උත්තල හැඩයක් ගනී.

3.එහි අපර පෘෂ්ඨයේ මායිම අක්‍රමවත් හැඩයක් ගනී.

4.අක්මාව ඛණ්ඩිකා 4කි. එක් එක් ඛණ්ඩිකාව ෂඩාස්‍රාකාර හැඩති ඉතා කුඩා අනුඛණ්ඩිකාවලින් සෑදී ඇත

5.ඒවා අක්මාවේ කෘත්‍යමය ඒකකය වේ.

6.මේ අනුඛණ්ඩිකා ඝනාකාර හැඩති හෙපැටොසෛට නම් වූ සෛලවලින් සෑදී ඇත.

7.මේවා මධ්‍ය ශිරාවේ සිට අරීය ස්ථම්භ යුගල වශයෙන් විහිදී ඇත.

8.මේ සෛල ස්තම්භ යුගල දෙකක් අතර කෝටරාභ පවතී.

9.ඒවා තුළ ප්‍රතිහාර ශිරාවේ හා යාකෘතික ධමනියේ කුඩා ශාඛාවලින් ලැබෙන රුධිරය මිශ්‍රණයක් අඩංගු වේ.

10මේ සැකසීම නිසා යාකෘතික ප්‍රතිහාර ශිරාවේ පෝෂක අධික රුධිරය ධමනිවල ඇති රුධිරය සමඟ මිශ්‍ර වීමෙන් අක්මා සෛලවලට සමීප වීමට ඉඩ සලසා ඇත.

11.කෝටරාභවල ආස්තරණයේ යාකෘතික මහා භක්ෂාණු(kupffer cells) පවතී.

12.කෝටරාභවල සිට මධ්‍ය ශිරාවට රුධිරය ගලා යන අතර එය වෙනත් අනුඛණ්ඩිකාවලින් පැමිණෙන ශිරා සමග සම්බන්ධ වී වඩා විශාල ශිරා සාදමින් අවසානයේ යාකෘතික ශිරාව සාදයි.

13.අක්මා සෛල ස්තම්භ 2ක අතර පිත්ත නාලිකා විහිදේ.

14.පිත්ත නාලිකා එකතුවීමෙන් වඩා විශාල පිත්ත නාල සෑදේ .

15.ෂඩාස්‍රාකාර ව්‍යුහවල කෝණවල යාකෘතික ධමනි ශාඛාවක්, යාකෘතික ප්‍රතිහාර ශිරා ශාඛාවක් සහ අන්තර් අනුඛණ්ඩික පිත්ත ප්‍රනාලයක් ඇත.

 

 

6.ජීරණයට අදාළ අක්මාවේ කෘත්‍ය මොනවාද?

  1. අක්මාව පිත ස්‍රාවය කරයි.
  2. බොහෝ අවශෝෂණය කරන ලද පෝෂක අක්මාවට ළගා වූ පසු දේහයේ අනෙකුත් ප්‍රදේශවලට බෙදා හැරීම යාමනය කරයි.
  3. අතිරික්ත ග්ලූකෝස් ග්ලයිකොජන් ලෙස ගබඩා කරයි.
  4. මේදයේ ද්‍රාව්‍ය විටමින්( K ‚A‚ D‚ E ) හා සමහර ජල ද්‍රාවී විටමින් (B 12 ‚ Fe හා Cu)ගබඩා කරයි.

 

7.ජීරණ කාර්යයට අමතරව අක්මාවේ කෘත්‍ය මොනවාද?

  1. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, මේද පරිවෘත්තිය.
  2. ඖෂධ හා විෂ ද්‍රව්‍ය වල විෂහරණය
  3. ක්ෂුද්‍ර ජීවීන්ට එරෙහි ආරක්ෂණය
  4. හෝමෝන අක්‍රීය කිරීම.
  5. තාපය නිපදවීම.

 

8.පිත් ලවණවල කාර්යය කුමක්ද?

  • තෛලෝදකාරක ලෙස ක්‍රියා කරමින් මේද ජීරණයට හා අවශෝෂණයට උදව් කරයි.

 

9.මේදයේ ද්‍රාව්‍ය විටමින් මොනවාද?

  • විටමින් K, A, D, E

 

10.ජලයේ ද්‍රාව්‍ය විටමින් මොනවාද?

  • විටමින් B,C

 

 

මිනිසා තුළ ජීරණයේ යාමනය

11.ජීරණය යාමනය වන ආකාර 2 මොනවාද?

  1. ස්නායුක යාමනය
  2. අන්තරාසර්ග යාමනය

 

12.කොලිසිස්ටොකයිනීන් හා සික්‍රිටීන් නිදහස් කිරීම ක්‍රියාරම්භ කරනුයේ?

  • ආමලසයේ ඇති මේද අම්ල හා ඇමයිනෝ අම්ල.

 

13.කොලිසිස්ටොකයිනීන්වල කාර්යය කුමක්ද?

  • පිත්තාශයෙන් පිත නිදහස් කිරීම හා අග්න්‍යාශයෙන් ජීරණ එන්සයිම උත්තේජනය කිරීම.

 

14.සික්‍රිටීන්වල කාර්යය කුමක්ද?

  • අග්න්‍යාශයෙන් බයිකාබනේට නිදහස් කිරීම උත්තේජනය කිරීම.

 

15.මිනිසා තුළ ජීරණය යාමනය වන ආකාරය විස්තර කරන්න.

1.ජීරණය ආකාර 2කින් යාමනය වේ.

    1. ස්නායුක යාමනය 
    2. අන්තරාසර්ග යාමනය

2.ස්නායුක යාමනය ප්‍රධාන වශයෙන් ස්නායුක ප්‍රතීක මගින් සිදු වේ.

3.උදාහරණ ලෙස ස්නායුක ප්‍රතීක මගින් ආහාරය මුඛයට ළඟා වූ විට දී ඛේටය නිදහස් කිරීම උත්තේජනය කරයි.

4.ආහාර ආමාශයට ළඟා වීම මගින් මත්ගෑමේ ක්‍රියාවලිය හා ආමාශයික යුෂ නිදහස් වීම වේ.

5.අන්තරාසර්ග පද්ධතිය ජීරණයේදී විශේෂයෙන්ම ආමාශයේ දී හා කුඩා අන්ත්‍රයේදී සිදුවන ජීරණය තුළ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරයි .

6.ආමාශයට ආහාර ළඟා වීමේදී ආමාශ බිත්තිය ඇදෙයි.

7.මේ හේතුවෙන් ක්‍රියාරම්භ වී ගැස්‍ට්‍රීන් හෝමෝනය නිදහස් වේ.

8.ගැස්‍ට්‍රීන් රුධිරය හරහා සංසරණය වී ආමාශයට ළඟා වේ.

9.ආමාශය තුළ දී ආමාශයික යුෂ නිපදවීම ගැස්‍ට්‍රීන් මගින් උත්තේජනය වේ.

10.ආමලසයේ ඇති මේද අම්ල හා ඇමයිනෝ අම්ල ග්‍රහනියෙන් කොලිසිස්ටොකයිනීන් හා සික්‍රිටීන් නිදහස් කිරීම ක්‍රියාරම්භ කරයි.

11.කොලිසිස්ටොකයිනීන් මගින් පිත්තාශයෙන් පිත නිදහස් කිරීම හා අග්න්‍යාශයෙන් ජීරණ එන්සයිම නිදහස් කිරීමත් උත්තේජනය කරයි.

12.අග්න්‍යාශයෙන් බයිකාබනේට නිදහස් කිරීම සික්‍රටීන් මගින් උත්තේජනය වේ.

13.ආමාශයෙන් ලැබෙන ආමලසය බයිකාබනේට මගින් උදාසීන කරයි .

14.ආමලසය මේද මගින් පොහොසත් වූ විට ග්‍රහනියෙන් නිපදවන කොලිසිස්ටොකයිනීන් හා සික්‍රටීන් ඉහළ මට්ටමට හේතුවෙන් ආමාශයේදී ආහාර ජීරණය සෙමෙන් සිදු වේ.

15.මේ හෝමෝන ආමාශය මත ක්‍රියා කර ක්‍රමාකුංචනය හා ආමාශයික යුෂ ස්‍රාවය නිශේදනය කරයි.

Chapter 17 Digestive System

 

 

 

 

සමබල ආහාරය /තුළිත ආහාරය

16.සමබල ආහාරයක් යනු කුමක්ද ?

  • සෞඛ්‍යය සඳහා අත්‍යාවශ්‍ය සියලු පෝෂක යෝග්‍ය අනුපාතයකින් අඩංගු ආහාරයක්

 

 

17.සමබල ආහාරයක අඩංගු අත්‍යාවශ්‍ය සංඝටක මොනවාද?

  1. කාබෝහයිඩ්‍රේට්
  2. ප්‍රෝටීන
  3. ලිපිඩ
  4. තන්තු
  5. ඛනිජ
  6. විටමින
  7. ජලය

What Is Balanced Diet? All you need to know - LearnFatafat

 

18.ශක්ති අවශ්‍යතාවය වෙනස් වන සාධක මොනවාද?

  1. වයස
  2. ස්ත්‍රී/ පුරුෂ භාවය
  3. දේහ ප්‍රමාණය
  4. ක්‍රියාකාරිත්වය

 

 

ආහාරයේ සංඝටක හා ඒවායේ කෘත්‍ය

19.ජීරණය කළහැකි කාබෝහයිඩ්‍රේටවල කෘත්‍ය මොනවාද?

  1. ශක්තිය හා තාපය ලබා දීම.
  2. ශක්ති සංචිතයක් ලෙස ක්‍රියා කිරීම.
  3. ප්‍රෝටීන ඉතුරු කිරීම පහසු කරයි.

 

20.ආහාරයේ ඇති ප්‍රෝටීනවල කෘත්‍ය මොනවාද?

  1. ප්‍රෝටීන මඟින් ඇමයිනෝ අම්ල සපයයි.
  2. එම ඇමයිනෝ අම්ල දේහයේ සෛල‚ පටක වර්ධනය හා අලුත්වැඩියාව සඳහා භාවිතා කරයි.
  3. ඒවා ප්ලාස්ම ප්‍රෝටීන, එන්සයිම, ප්‍රතිදේහ හා සමහර හෝමෝන සංශ්ලේෂණයට භාවිතා කරයි.
  4. ශරීර කාර්යයන්ට ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා කරයි.

 

21.අත්‍යවශ්‍ය නොවන ඇමයිනෝ අම්ල යනු කුමක්ද?

  • දේහය තුළ සංශ්ලේෂණය වන ඇමයිනෝ අම්ලයි.
  • උදා:- ඇලනීන්, සිස්ටීන්

 

22.අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල යනු කුමක්ද?

  • දේහය තුළ සංශ්ලේෂණය නොවන ආහාර මඟින් ලබාගත යුතු ඇමයිනෝ අම්ලයි.
  • උදා:- ලයිසීන්, හිස්ටිඩීන්

 

23.ආහාරයේ ඇති ලිපිඩවල කෘත්‍යන් මොනවාද?

  • ශක්තිය හා තාපය සපයයි.
  • මේදයේ ද්‍රාව්‍ය විටමින් පරිවහනය හා සංචිත කිරීමට උදවු කරයි.
  • මේදය ලෙස මේද පටකය තුළ ශක්තිය සංචිත කරයි.
  • කොලෙස්ටරෝල්වලින් ස්ටෙරොයිඩ හෝමෝන සංශ්ලේෂණයට උදවු වේ.
  • තාප පරිවරනය සපයයි.

 

24.අත්‍යවශ්‍ය නොවන මේද අම්ල යනු කුමක්ද?

  • දේහය තුළ සංශ්ලේෂණය වන මේද අම්ලයි.

 

25.අත්‍යවශ්‍ය මේද අම්ල කුමක්ද?

  • දේහය තුළ සංශ්ලේෂණය නොවන ආහාර මඟින් ලබාගත යුතු මේද අම්ලයි.

 

26.විටමින් යනු කුමක්ද?

  • සාමාන්‍ය සෞඛ්‍යය පවත්වා ගැනීමට හා පරිවෘත්තිය පවත්වා ගැනීම සඳහා ඉතා කුඩා ප්‍රමාණවලින් අවශ්‍ය කාබනික සංයෝගයි.

 

 

27.විටමින්වල ප්‍රධාන කෘත්‍ය මොනවාද?

  • විටමින් A –

      • ඇසේ දෘෂ්ටි වර්ණක සෑදීම.
      • අපිච්ඡද පටක පවත්වා ගැනීම.
      • වර්ධනය හා ප්‍රතිශක්තිය දිරිමත් කිරීම.

 

  • විටමින් B –

      • FAD, NAD වැනි සහඑන්සයිමවල සංඝටකයකි.
      • රතු රුධිර සෛල නිපදවීම දිරිමත් කරයි.

 

  • විටමින් C –

      • ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
      • කොලැජන් සංශ්ලේෂණයට යොදා ගනී.

 

  • විටමින් D –

      • Ca හා P අවශෝෂණයට ආධාර කරයි.

 

  • විටමින් E –

      • ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.

 

  • විටමින් K –

      • රුධිර කැටි ගැසීම සඳහා වැදගත් වෙයි.

A Bit About Bleeding Disorders - Florida Health Care News

 

 

 

28.ඛනිජ යනු මොනවාද ?

  • සාමාන්‍ය දේහ සෞඛ්‍යයට හා බොහෝ දේහ කෘත්‍යයන්ට වැදගත් වන අකාබනික ද්‍රව්‍ය වේ.

 

29.මිනිසාට අවශ්‍ය වන ප්‍රධාන ඛනිජ මොනවාද ?

  • Ca, P, S, K, Cl, Na, Mg, Fe, F, I

 

30.මිනිසාට අංශුමාත්‍ර ප්‍රමාණවලින් අවශ්‍ය වන ඛනිජ මොනවාද ?

  • Co, Cu, Mn, Mo, Se, Zn

 

31.ඛනිජ වල ප්‍රධාන කෘත්‍ය මොනවාද ?

  • Ca: –

      • දත් හා අස්ථි සෑදීම.
      • රුධිර කැටි ගැසීමට උදව් වේ.
      • ස්නායු හා පේශි ක්‍රියාකාරිත්වයට උදවු වේ.

 

  • P: –

      • දත් හා අස්ථි සෑදීම.
      • අම්ල – භෂ්ම සමතුලිතතාව පවත්වාගැනීමට උදවු කිරීම.

 

  • S: –

      • සමහර ඇමයිනෝ අම්ල වල සංඝටක

 

  • K: –

      • අම්ල – භෂ්ම හා ජල සමතුළිතතාවට උදවු කිරීම.
      • ස්නායු ක්‍රියාකාරිත්වයට

 

  • Cl: –

      • අම්ල – භෂ්ම සමතුළිතතාව.
      • ආස්‍රැති සමතුළිතතාව පවත්වාගැනීම.
      • ස්නායු ක්‍රියාකාරිත්වයට

 

  • Na: –

      • අම්ල – භෂ්ම හා ජල සමතුළිතතාවට පවත්වාගැනීම
      • ස්නායු ක්‍රියාකාරිත්වයට

 

  • Mg: –

      • එන්සයිම සහසාධක ලෙස ක්‍රියා කරයි.

 

  • Fe: –

      • හිමොග්ලොබීන් හා ඉලෙක්ට්‍රෝන වාහකවල සංඝටක
      • එන්සයිම සහසාධක ලෙස ක්‍රියා කරයි.

 

  • F: –

      • දත්වල ව්‍යුහය පවත්වාගැනීම.

 

  • I: –

      • තයිරොයිඩ හෝමෝනයේ සංඝටකයකි.
 
 
  • රිකට්සියාව(rickets)

 

  • බෙරිබෙරි රෝගය(Beriberi)

 

  •  පෙලග්‍රා (Pellagra)

 

  • ශීතාද රෝගය(Scurvy)

 

  • අංශභාගය(paralysis)

 

  • ගලගණ්ඩය(Goiter)

 

  • උපත් දෝෂ

 

32.මිනිස් දේහ ස්කන්ධයෙන් කොපමණ ප්‍රමාණයක් ජලය අඩංගුවේද?

  • 60%.

 

33.ශරීරයෙන් ජලය හානිවන ආකාර මොනවාද?

  • මුත්‍රා, මල, දහදිය හරහා

 

34.ශරීරය තුළට ජලය ලබා ගත හැකි ආකාර මොනවාද?

  • ජලය පානයෙන් හා ආහාර මඟින්

 

35.මිනිස් ශරීරය තුළ ජලයේ කෘත්‍ය මොනවාද?

  1. සියලු ජීවී සෛල සඳහා තෙත් අභ්‍යන්තර පරිසරයක් සපයයි.
  2. රුධිරයේ හා පටක තරලයේ ප්‍රධාන සංඝටකය නිසා දේහය පුරා ද්‍රව්‍ය පරිවහනට හා රුධිරය පටකය හා දේහ සෛල අතර ද්‍රව්‍ය හුවමාරුවට උදවු කරයි.
  3. ප්‍රධාන වශයෙන් වාෂ්පීභවන සිසිල් වීම මඟින් දේහ උෂ්ණත්වය යාමනය කරයි.
  4. අපද්‍රව්‍ය හා විෂ ද්‍රව්‍ය තනුක කිරීම හා ඒවායේ බහිස්ස්‍රාවයට මාධ්‍යයක් සපයයි.
  5. ආහාර තෙත් කිරීම මඟින් ගිලීම පහසු කරයි.

 

36.තන්තු සෑදී ඇත්තේ කුමකින්ද?

  • ආහාරයේ ඇති ජීරණය කළ නොහැකි පිෂ්ටමය නොවන පොලිසැකරයිඩ මගිනි.

 

37.ආහාරවල ඇති තන්තුවල කාර්යභාරය කුමක්ද?

  1. ආහාරයේ ප්‍රමාණය වැඩි කිරීමෙන් ආහාර රැචිය අඩු කිරීම.
  2. මල ප්‍රමාණය වැඩි කිරීමට ජලය ආකර්ෂණය කිරීම නිසා මලබද්ධය නැති කිරීම හා ක්‍රමාකුංචනය උත්තේජනය කිරීමෙන් මලපහ කිරීම සිදු කිරීම.
  3. ආහාරයේ ප්‍රමාණාත්මකව තන්තු අඩංගු වීම මගින් මහාන්ත්‍රය,ගුද මාර්ග පිළිකා වැන ආමාශ ආන්ත්‍රික ආබාධ වලින් ආරක්ෂාව සැපයීම.

 

38.අත්‍යාවශ්‍ය පෝෂක යනු මොනවාද?

  • සරල පූර්වග අණු වලින් ශරීරය තුළ නිපදවිය නොහැකි ආහාර මඟින්ම ලබා ගත යුතු ද්‍රව්‍ය අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍යයි.

 

39.අත්‍යාවශ්‍ය පෝෂක වන්නේ මොනවාද?

  • අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල
  • අත්‍යාවශ්‍ය මේද අම්ල
  • විටමින
  • ඛනිජ

 

40.අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල යනු මොනවාද?

  • සරල කාබනික පූර්වග අණු වලින් ශරීරය තුළ නිපදවිය නොහැකි ආහාර මඟින් ලබා ගත යුතුම ඇමයිනෝ අම්ල අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල වේ.

 

41.දේහය තුළ ප්‍රෝටීන සෑදීමට අවශ්‍ය ඇමයිනෝ අම්ල 20 අතරින් අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල කීයක් තිබේද?

  • 8 යි.

 

42.අත්‍යාවශ්‍ය මේද අම්ල යනු මොනවාද?

  • සරල කාබනික පූර්වග අණු වලින් ශරීරය තුළ නිපදවිය නොහැකි ආහාර මගින් ලබා ගත යුතුම මේද අම්ල අත්‍යාවශ්‍ය මේද අම්ල වේ.

 

43.මූලික පරිවෘත්තීය වේගය(BMR) යනු කුමක්ද?

  • ආතතියක් නොමැති විටදී,පශ්චාත් අවශෝෂණ අවධියේදී විවේකයෙන් සිටින විටදී,අවම පරිවෘත්තීය වේගය මූලික පරිවෘත්තීය වේගය නම් වේ.

 

 

44.දිනක් සැලකූ විට වැඩුණු පුරුෂයෙකුගේ සාමාන්‍ය BMR අගය කොපමණද?

  • 1 600 – 1 800 kCal

 

45.දිනක් සැලකූ විට වැඩුණු ස්ත්‍රියකගේ සාමාන්‍ය BMR අගය කොපමණද?

  • 1 300 – 1 500 kCal

 

46.ශක්ති අය වැය යනු කුමක්ද?

  • කිසියම් සත්ත්වයකුගේ ශක්තිය වැය කිරීමට එරෙහිව,ශක්තිය ලබා ගැනීමේ ශේෂ පත්‍රය ශක්ති අය වැයයි.

 

47.ශක්ති අය වැය සඳහා වන මූලික ආකෘතිය කුමක්ද?

  • C = M+U+F+P

 

48.එහි එක් එක් සංකේතය හඳුන්වන්න?

  • C – ලබා ගත් ආහාර ප්‍රභව තුළ ශක්ති අන්තර්ගතය(Content in the food sources taken in)
  • M – පරිවෘත්තිය ක්‍රියාවලි සඳහා ශක්තිය වැය වීම(spent for Metabolic activities)
  • U – මුත්‍ර පිටවීමේදී හානි වන ශක්තිය(associated with Urinary loss)
  • F – මළ ද්‍රව්‍ය පිටවීමේදී හානිවන ශක්තිය(associated with Fecal loss)
  • P – නිෂ්පාදනය(වර්ධනයට හා ප්‍රජනනයට ඉතිරි ශක්තිය)(Production)

 

 

 

49.දුෂ්පෝෂණය ඇති වීමට හේතුව කුමක්ද?

  • ආහාරය තුළ අත්‍යාවශ්‍ය පෝෂක එකක් හෝ කීපයක් අඩු වූ විට හෝ දේහයට අවශ්‍ය රසායනික ශක්තියට වඩා අඩු රසායනික ශක්තියක් දිගින් දිගටම ආහාරයෙන් ලැබීම.

Why India remains malnourished

 

 

50.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දේහ ස්කන්ධ දර්ශකය ( BMI) කුමන අගයට වඩා අඩු වූ විට දුෂ්පෝෂණය ඇති වේද?

  • 18.5

 

 

51.ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දේහ ස්කන්ධ දර්ශකය කුමන අගයට වඩා වැඩි වූ විට ස්ථුලතාව ඇති වේද?

  • 30

 

 

52.ගැස්ට්‍රයිටීස් ඇති වීමට හේතු මොනවාද?

  • දිගු කාලයක් නිරාහාරව සිටීම.
  • මානසික ආතතිය.
  • ඇස්ප්‍රීන් වැනි සමහර ඖෂධ දිගු කාලයක් ගැනීම.
  • අම්ල ප්‍රතිරෝධී Helicobacter pylori බැක්ටීරියා ආසාදනය

 

 

 

53මල බද්ධය ඇති වීමට හේතු මොනවාද?

    • මල ද්‍රව්‍ය සෙමෙන් ගමන් කිරීම නිසා මහාන්ත්‍රය තුළදී වැඩිපුර ජලය අවශෝෂණය වීම.
    • මල බැහැර කිරීමට ඇති වන ප්‍රතීක ක්‍රියාව සිතාමතා යටපත් කිරීම.

 

54.මල බද්ධය වළක්වා ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

  • තන්තු අධික ආහාර ගැනීම.
  • ජලය වැඩිපුර පානය කිරීම.
  • නිසි පරිදි දෛනිකව මල බැහැර කිරීමේ චර්යාවන් ඇති කර ගැනීම.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet