පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණ යාන්ත්‍රණය
1. පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණයේ පියවර 2,
2. ප්‍රතිලේඛනය ප්‍රතිවලිතයට සමාන වීමට හේතුව,
-
- DNA දාමය අනුපූරක mRNA දාමයක් සෑදීමට අච්චුව ලෙස ක්‍රියා කරන නිසා.
3. ප්‍රතිලේඛනය ප්‍රතිවලිතයෙන් වෙනස් වීමට හේතුව,
-
- පිටපත mRNA අණුවක් වීම.
- එක් DNA දාමයක් පමණක් පිටපත් වීම.
4. ප්‍රතිලේඛනයේ දී බහුඅවයවීකරණය උත්ප්‍රේරණය කරන ප්‍රධාන එන්සයිමය,
5. ප්‍රතිලේඛනය යනු කුමක්ද?
-
- DNA මඟින් යොමු කරන RNA සංස්ලේෂණය.
6. ප්‍රතිලේඛනයේ ප්‍රධාන පියවර 3 මොනවාද?
-
- ආරම්භ කිරීම
- දිගු වීම
- සමාප්තිය
7. ප්‍රතිලේඛනය ආරම්භ වන ප්‍රාරම්භකය නම් විශිෂ්ට ස්ථානය සමන්විත වන්නේ මොනවායින් ද?
-
-
- ප්‍රතිලේඛන ආරම්භක ස්ථානය
- වෙනත් නියුක්ලියෝටයිඩ කීපයක්
8. ද්විත්ව දාම DNA වල එක් දාමයක් පමණක් ප්‍රතිලේඛනයට අච්චුවක් ලෙස ක්‍රියා කරන්නේ ඇයි?
-
- නිවැරදි දිශානතිය සහිත ප්‍රාරම්භක අනුක්‍රමය අච්චු දාමයේ පමණක් තිබීම නිසා
9. RNA බහුඅවයවීකරණය උත්ප්‍රේරණය කරන එන්සයිමය කුමක්ද?
10. DNA හෙලිකේස් ප්‍රතිලේඛනයට සහභාගි නොවීමට හේතුව කුමක්ද?
-
- RNA පොලිමරේස්හි සංරචකයකට හෙලිකේස් ක්‍රියාකාරීත්වයක් ඇති නිසා
- RNA පොලිමරේස් මගින් DNA දාම දෙකේ දඟර ලිහන නිසා
11. DNA අච්චු දාමය මත RNA පොලිමරේස් මඟින් රයිබොනියුක්ලියෝටයිඩ එකතු කිරීම සිදු කරන්නේ කුමන දිශාවටද?
12. දාමය දිගු වීමේ පියවරේදී RNA පොලිමරේස්හි කාර්යයභාරය කුමක්ද?
-
- DNA අච්චු දාමය මත අනුපූරක රයිබොනියුලක්ලියෝටයිඩ එකතු කිරීම ආරම්භ කිරීම
- 5’ සිට 3’ දිශාවට
- ප්‍රතිලේඛන සමාප්ති ස්ථානය ළඟා වන තුරු
- නියුක්ලියෝටයිඩ අඛණ්ඩව එකතු කරයි.
- RNA පොලිමරේස් ඉදිරියට චලනය වනවිට DNA දාම ලිහමින්, අච්චු දාම නිරාවරණය කරමින් රයිබොනියුක්ලියෝටයිඩ සමඟ යුගලනයට ඉඩ සැලසීම.
13. ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ පරිවර්තනය සමාප්ත වන්නේ කෙසේද?
-
- DNA මත සමාප්ති අනුක්‍රමය පසු කරන විට RNA පොලිමරේස් එන්සයිමය ගැලවී වැටීම මඟින්
14. සූන්‍යෂ්ටිකයන්ගේ පරිවර්තනය අවසන් වූ පසු mRNA අණුව කුමන වෙනසකට බඳුන් වේද?
-
- නව්‍යව සංශ්ලේෂණය වූ Pre mRNA, RNA සැකසීමට භාජනය වීමෙන් පසුව පරිණත RNA ලෙස න්‍යෂ්ටියෙන් පිටවී යයි.
15. පරිවර්තනය,
i. පොලිපෙප්ටයිඩයක් සංශ්ලේෂණයේදී සිදුවන පරිවර්තන ක්‍රියාවලිය සිදු වන්නේ කොතැනක ද?
ii. එහි දී සිදුවන්නේ,
-
-
- සංක්‍රාමී RNA / tRNA වල සහායෙන්
- mRNA හි ත්‍රිත්ව කෝඩෝන අනුපිළිවෙළක් ලෙස ලියවී ඇති පණිවිඩය
- රයිබසෝමය මඟින් කියවමින්
- පොලිපෙප්ටයිඩයක ඇමයිනෝ අම්ල අනුපිළිවෙළක් බවට පරිවර්තනය.
iii. පරිවර්තනය ප්‍රධාන වශයෙන් සිදු කරන්නේ tRNA මඟිනි. මේ සඳහා tRNA සැකසී ඇත්තේ කෙසේද?
iv. ප්‍රතිකෝඩෝනය යනු කුමක්ද?
-
-
- විශිෂ්ට ඇමයිනෝ අම්ලයකට කේතය සපයන mRNA හි කෝඩෝනයට අනුපූරක
- එම ඇමයිනෝ අම්ලයට විශිෂ්ට වූ tRNA හි ව්‍යුහයේ විශිෂ්ට පිහිටීමක ඇති
- නියුක්ලියෝටයිඩ ත්‍රිත්වයයි.
v. පරිවර්තන ක්‍රියාවලිය අවධි 3 කින් සිදුවේ. ඒ මොනවාද?
-
-
- ආරම්භ කිරීම/ ප්‍රාරම්භය
- දිගු වීම
- සමාප්තිය
-
vi. ආරම්භක පියවර/ ප්‍රාරම්භයේදී සාදන පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණය යනු කුමක්ද?
-
-
- රයිබසෝමීය උප ඒකක
- mRNA හා
- ආරම්භක tRNA එක්ව සාදන සංකීර්ණයි.
vii. ආරම්භක කිරීම/ ප්‍රාරම්භය පියවරේදී සිදුවන්නේ,
-
-
- පළමු පියවර ලෙස රයිබොසෝමයේ කුඩා උප ඒකකය සමඟ mRNA හා ආරම්භක tRNA බැඳේ.
- ආරම්භක tRNA පළමු ඇමයිනෝ අම්ලය වන මෙතියොනින් රැගෙන එයි.
- ඊළඟට රයිබොසෝමයේ උප ඒකක 02 කෘත්‍යමය රයිබොසෝමයක් සැදීමට සම්බන්ධ වේ.
- මෙසේ පරිවර්තනය ආරම්භ කිරීමේ (ප්‍රාරම්භ) සංකීර්ණය ඇති කරයි.
-
-
- ඊළඟට AUG ආරම්භක කෝඩෝනය විශාල උප ඒකකයේ P ස්ථානය සමඟ එක එල්ලේ සිටින තෙක් mRNA චලනය වේ.
- ඉන්පසු ආරම්භක tRNA හි ප්‍රතිකෝඩෝනය AUG ආරම්භක කෝඩෝනය සමඟ හයිඩ්‍රජන් බන්ධන සාදයි.
- මෙය පරිවර්තනය ආරම්භ කිරීමට සංඥා සපයයි
පරිවර්තනය ආරම්භ කිරීමේ සංකීර්ණය සෑදීම.
viii. දිගු වීම පියවරේදී සිදු වන්නේ,
-
-
- වර්ධනය වන පොලිපෙප්ටයිඩ දාමයේ C අන්තයට (COOH අන්තයට)
- පෙප්ටයිඩ බන්ධන මඟින් එකක් පසුපස එකක් ඇමයිනෝ අම්ල බැඳේ.
- එය ත්‍රිත්ව කෝඩෝන මඟින් පාලනය කෙරේ.
ix. දිගු වීම සම්පූර්ණ වන්නේ පියවර 03 ක චක්‍රයකිනි. එය කෙටියෙන් විස්තර කරන්න.
a. පළමු පියවර – කෝඩෝන හඳුනා ගැනීම
-
-
-
- කෝඩෝන හඳුනා ගනී. එහිදී,
- ප්‍රාරම්භ අවධිය අවසානයේ දී P ස්ථානයේ මෙතියොනින් ට සම්බන්ධ tRNA පවතී.
- A ස්ථානය ඒ වන විට හිස්ව පවතින අතර
- එය ඊළඟ කෝඩෝනය සමඟ එක එල්ලේ පවතී.
- දෙවන tRNA අනුරූපී ඇමයිනෝ අම්ලය ද රැගෙන A ස්ථානයට පැමිණේ.
- කෝඩෝනය හා ප්‍රතිකෝඩෝනය ගැලපේ.
b. දෙවන පියවර – පෙප්ටයිඩ බන්ධනයක් සෑදීම
-
-
-
- P ස්ථානයේ වර්ධනය වන පොලිපෙප්ටයිඩ දාමයේ කාබොක්සිල් කාණ්ඩය හා A ස්ථානයේ ඇමයිනෝ අම්ලයේ ඇමයින් කාණ්ඩය අතර පෙප්ටයිඩ බන්ධනයක් සෑදේ.
- rRNA මඟින් මෙය උත්ප්‍රේරණය වේ.
c. තෙවන පියවර – mRNA පරිසංක්‍රමණය
-
-
-
- mRNA පරිසංක්‍රමණය යි.
- mRNA කෝඩෝනයෙන් කෝඩෝනයට ඒක දිශානතව චලනය වේ. මේ ක්‍රියාවලියේදී,
- A ස්ථානයේ ඇති වර්ධනය වන පොලිපෙප්ටයිඩ දාමය සහිත tRNA අණුව P ස්ථානය කරා චලනය වේ.
- P ස්ථානයේදී නිදහස් වූ tRNA අණුව එවිටම E ස්ථානය කරා චලනය වී එතැනින් සයිටොසොලයට නිදහස් වේ.
- දැන් A ස්ථානය ඊළඟ කෝඩෝනය සමඟ එක එල්ලේ පිහිටන බැවින් චක්‍රීය ක්‍රියාවලිය අඛණ්ඩව සිදුවේ.
16. දිගු වීමේ ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ශක්තිය සපයන්නේ,
17. නැවතුම් කෝඩෝනයක් යනු කුමක්ද?
-
- mRNA චලනය වී අවසානයේ A ස්ථානයේදී පෙළ ගැසෙන කිසිදු ඇමයිනෝ අම්ලයක් සදහා කේත නොසපයන කෝඩෝනයකි. (UAG, UAA, UGA)
18. සම්පූර්ණ වූ පොලිපෙප්ටයිඩ දාමය නිදහස් වන්නේ කොතනටද?
19. පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණ යාන්ත්‍රණයේ පරිවර්තනයේ සමාප්තිය කෙටියෙන් දක්වන්න.
-
- mRNA චලනය වන විට එය අවසානයේ A ස්ථානයේදී නැවතුම් කොඩෝනයක් සමග පෙළ ගැසේ.
- ඒවා කිසිදු ඇමයිනෝ අම්ලයකට කේත නොසපයන බැවින්, A ස්ථානය වෙත tRNA නොපැමිණේ.
- සම්පූර්ණ වූ පොලිපෙප්ටයිඩ දාමය සයිටොසොලයට නිදහස් වේ.
- රයිබොසෝම හා පරිවර්තනය සමූහයේ ඉතිරිය වෙන්වී යයි.
20. පොලිරයිබසෝමයක් යනු කුමක්ද?
-
- mRNA ප්‍රමාණවත් දුරක් චලනය වූ විට mRNA අණුවේ දිග මත රඳා පවතිමින් එකවිටම රයිබොසෝම ගණනාවක් mRNA ට බැඳිය හැක. මෙසේ සක්‍රීයව පරිවර්තනය වන mRNA රැහැනකට රයිබොසෝම ගණනාවක් බැඳුනු විට සෑදෙන ව්‍යුහය පොලිසෝමයකි.
21. පොලිසෝම වල වැදගත්කම විස්තර කරන්න.
-
- රයිබොසෝම කිහිපයක් සමගාමීව පරිවර්තනය සිදු කිරීම මඟින් පරිවර්තන ශීඝ්‍රතාව වැඩි කරයි
22. සංශ්ලේෂණ යාන්ත්‍රණය අවසානයේ ඇති වන පොලිපෙප්ටයිඩ වල ස්වභාවය කුමක්ද?
-
- ප්‍රෝටීනවල ප්‍රාථමික ව්‍යුහය ඇත. ප්‍රෝටීනයේ කෘත්‍යමය ආකාරය නොවේ.
23. මෙම සංශ්ලේෂිත පොලිපෙප්ටයිඩ කෘත්‍යමය ස්වරූපය ලබා ගන්නේ කෙසේද?
-
- නැමීම් ඇතිවීමෙන්
- පශ්චාත් පරිවර්තන විකරණ මඟින්
24. ප්‍රෝටීන ගමනාගමනය (trafficking ) යනු කුමක්ද?
-
- ඇතැම් පොලිපෙප්ටයිඩව
- නැමීම් ඇතිවීමෙන්
- පශ්චාත් පරිවර්තන විකරණ මඟින්
- එහි කෘත්‍යයට අවශ්‍ය වනවාට වඩා පවතින අතිරේක ඛණ්ඩ – එනම් කෙටි ඇමයිනෝ අම්ල ඛණ්ඩ සංඥා පෙප්ටයිඩ ලෙස ක්‍රියා කර සෛලය තුළ යම් ස්ථානයකට ස්‍රාවය වීමට පොලිපෙප්ටයිඩයට මඟ පෙන්වීම ප්‍රෝටීන ගමනාගමනය ලෙස හඳුන්වයි.
25. පශ්චාත් පරිවර්තන විකරණ විස්තර කරන්න.
-
- පොලිපෙප්ටයිඩ වල කෘත්‍යමය ස්වරූපය ආරෝපණය කිරීම සඳහා සීනි (ග්ලයිකොප්‍රෝටීන), ලිපිඩ (ලිපෝප්‍රෝටීන), පොස්පේට කාණ්ඩ හා වෙනත් කාණ්ඩ එකතු කිරීම මගින් ඇමයිනෝ අම්ලවල රසායනික විකරණය
- පළමු ඇමයිනෝ අම්ලය (මෙතියොනීන්) එන්සයිමීයව ඉවත් කළ හැක.
- ආරම්භක පොලිපෙප්ටයිඩය කැබැලි 2කට හෝ වැඩි ගණනකට කැපීමෙන් හා වෙනස් සංකලන සම්බන්ධ කිරීමද මීට අයත් වේ.
26. ප්‍රෝටීනවල වරණීය හායනය යනු කුමක්ද?
-
-
- විශිෂ්ට සංඥාවලට ප්‍රතිචාර ලෙසින්, වැරදි හෝ හානි වූ ප්‍රෝටීන හඳුනා ගෙන සෛලීය ක්‍රියාවන් යාමනය කිරීම සඳහාත්, ඇතැම් විට කෘත්‍යයට පසුවත් ප්‍රෝටීන හායනය කිරීමයි.
27. සෛලය තුල ඇති ප්‍රෝටීන ප්‍රමාණය නිර්ණය වන කරුණු දෙක මොනවාද?
-
- සංශ්ලේෂණ වේගය
- හායනය වන වේගය
28. ප්‍රෝටීනවල වරණීය හායනයේ වැදගත්කම කුමක්ද?
-
- පොලිපෙප්ටයිඩ සංශ්ලේෂණයේ වැරදීමකින් හෝ නැමීම් දෝෂ නිසා වන හානිකර බලපෑම් මඟ හැරීමට
- සෛලය තුල සෛලීය ක්‍රියාවන් යාමනයට
(කෘත්‍යට පසුව ඇතැම් ප්‍රෝටීන සීඝ්‍රයෙන් හානි වේ. ව්‍යුහමය ප්‍රෝටීන දිගු කාලයක් පවතී.)