කර්මාන්ත , කෘෂිකර්මය හා පරිසරය සදහා ක්ෂුද්‍ර ජීවීන් භාවිතය
1.රසායනික ක්‍රියාවලි වලට වඩා ක්ෂුද්‍රජීවී ක්‍රියාවලි භාවිතයේ ඇති වාසි.
- වර්ධනය සදහා සරල පෝෂක අවශ්‍යතා ප්‍රමාණවත් වීම.
- පුළුල් පරාසයක අමුද්‍රව්‍ය පරිවර්තනයට ඇති හැකියාව.
- ලාභදායී අමුද්‍රව්‍ය කාර්මික වශයෙන් වදගත් අන්තඵල බවට පරිවර්තනය කිරීමේ හැකියාව.
- කෙටිකාලයක් තුළ අමුද්‍රව්‍ය අන්තඵල බවට පරිවර්තනය කිරීමේ හැකියාව.
- අපේක්ෂිත අන්තඵල ලබා ගැනීම සදහා ඔවුන්ගේ වර්ධන තත්ත්ව පාලනය කල හැකි වීම.
- සාම්ප්‍රදායික කෘෂිකර්ම ක්‍රම හා සංසන්දනය කරන විට ඔවුන් අඩු උෂ්ණත්ව ශක්තිය හා පීඩන යටතේ ක්‍රියා කිරීම.
- සාම්ප්‍රදායික කෘෂිකාර්මික ක්‍රම හා සංසන්දනය කරන විට ඔවුන් ලබා දෙන ඉහළ අස්වැන්න සුවිශේෂීභාවයෙන් හා ප්‍රමාණයෙන් ඉහළ වීම.
- ක්ෂුද්‍රජීවීන් ප්‍රවේණිකව වෙනස්කම් වලට භාජනය කල හැකි වීම.
2.අන්තඵල සෑදීම සදහා ක්ෂුද්‍රජීවීන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලීන්හි මූලික මූළධර්ම
- අන්තඵල ලෙස ක්ෂුද්‍රජීවී සෛල යොදා ගැනීම.
උදා :තනිසෛල ප්‍රෝටීන
- අන්තඵල ලෙස ක්ෂුද්‍රජීවී පරිවෘත්තීය ඵල යොදා ගැනීම.
උදා : 1.ප්‍රාථමික අන්තඵල – මද්‍යසාරික පාන
2.ද්වීතියික පරිවෘත්තිජ – ප්‍රතිජීවක
- අන්තඵල ලෙස ක්ෂුද්‍රජීවී පරිවෘත්තීය ක්‍රියාවලි යොදා ගැනීම.
උදා : 1.ජෛව ප්‍රතිකර්මනය (බැර මූලද්‍රව්‍ය ප්‍රතිකර්මනය)
2.ලෝහ නිස්සාරණය (Cu, Fe)
3.පල් කිරීම (කෙඳි නිශ්පාදනය)
- අන්තඵල ලබා ගැනීමට ප්‍රවේණිකව විකරණය කරන ලද ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීම.
උදා : 1.වාණිජමයව එන්සයිම නිපදවා ගැනීම.(Aspergillus niger මගින් ඇමයිලේස් නිපදවීම.)
2.එන්නත් (hepatitis B)
3.හෝමෝන(ඉන්සියුලින්)
3.කර්මාන්ත / කාර්මික ක්ෂුද්‍රජීව විද්‍යාව යනු
- ක්ෂුද්‍රජිවීන් හා ඔවුන්ගේ පරිවෘත්තීය ක්‍රියාවලි භාවිතයෙන් වාණිජමය වැදගත් නිෂ්පාදන මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමයි.
4.කර්මාන්ත සඳහා භාවිතා කරනු ලබන ක්ෂුද්‍රජීවීන්
- බැක්ටීරියා
- දිලීර
- ඇල්ගී
- වයිරස
ක්ෂුද්‍රජීවීන් හා ක්ෂුද්‍රජීවී ක්‍රියාවලි මහින් නිපදවන වාණිජමය ඵල
5.තනි සෛලික ප්‍රෝටීන යනු
- ආහාර පරිපූරක ලෙස මහා පරිමාණයෙන් වගා කරනු ලබන ප්‍රෝටීන බහුල ක්ෂුද්‍රජීවී තනි සෛල
උදා : 1.යීස්ට්
2.Spirulina sp.
3.Chlorella sp.
(Spirulina sp)
6.මද්‍යසාරීය නිෂ්පාදන වලදී සීනී , එතනෝල් හා කබන්ඩයොක්සයිඩ් බවට පැසීම සිදු කරනු ලබන්නේ
-
- යීස්ට් (Saccharomyces cerevisiae) මගිනි.
7.ශාක වලින් ලැබෙන සරල සීනි හා කිරි නිෂ්පාදන අපද්‍රව්‍ය භාවිතයෙන් නිපදවන මද්‍යසාරීය පාන වර්ග
- බියර් (ධාන්‍ය වල මෝල්ට් පැසීම මගින්)
- වයින් (මිදි හෝ වෙනත් සුදුසු පලතුරු පැසිම මගින්)
- රා (පොල්,තල් වැනි තාල ශාක වල යුෂය පැසීම මගින්)
- අරක්කු (පොල්,උක් වැනි ශාක වල යුෂ පැසීම මගින්)
8.විනාකිරි නිෂ්පාදනයේ පියවර පිළිවෙලින්
- මද්‍යසාර පැසීම
- ඇසිටික් අම්ල පැසීම
9.මද්‍යසාර පැසීම
10.ඇසිටික් අම්ල පැසීම
- මද්‍යසාර පැසීමෙන් ලබාගත් එතනෝල් අසම්පූර්ණ ඔක්සිකරණයකින් ඇසිටික් අම්ලය බවට පරිවර්තනය කරනු ලබයි.
- මෙය අතිශයින්ම ස්වායු පියවරකි .
- Acetobacter විශේෂ හා Gluconobacter විශේෂ එයට දායක වේ.
11. කිරි නිෂ්පාදනයේ දී ලැක්ටික් අම්ල බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය කුමක්ද ?
- කිරි වල අඩංගු ලැක්ටෝස් සීනි ලැක්ටික් අම්ලය බවට පරිවර්තනය කිරීම.
12.කිරි වල අඩංගු ලැක්ටෝස් සීනි පැසවීම මගින් මුදවපු කිරි හා යෝගට් නිපදවීමට යොදා ගනු ලබන බැක්ටීරියාවන් වන්නේ
- Lactobacillus bulgaricus
- Lactococcus lactis
- Streptococcus thermophilus
(Lactobacillus bulgaricus)
13.චීස් නිෂ්පාදනයේදී යොදා ගනු ලබන ක්ෂුද්‍ර ජීවීන් වන්නේ
- Streptococcus sp. (බැක්ටීරියා)
- Penicillium sp. (දිලීර)
14.වාණිජ වශයෙන් කාබනික අම්ලය නිපදවා ගැනීමේ දී යොදා ගන්නා උපස්තර
- බීට්
- උක්
- පැණි මණ්ඩි (molasses)
15.සුක්‍රෝස් පැසීම මගින් සිට්‍රික් අම්ලය නිපදවා ගැනීම සඳහා යොදාගනු ලබන දිලීරය
16.ක්ෂුද්‍රජීවී ක්ෂීරණය යනු
- ක්ෂුද්‍රජීවීන් උපකාර කරගෙන අශුද්ධ ලෝහ වලින් සමහර ලෝහ වර්ග නිස්සාරණය කිරීම.
17.ක්ෂුද්‍ර ජීවි ක්‍රියාවලි මගින් ක්ෂීරණය කරගනු ලබන ලෝහ වර්ග
- යුරේනියම්
- රත්රන්
- කොබෝල්ට්
- තඹ
18.යකඩ හා සල්ෆර් අඩංගු අශුද්ධ ලෝහවලින් තඹ වෙන්කර ගැනීමට යොදාගනු ලබන රසායනික ස්වයංපෝෂී බැක්ටීරියාව
- Thiobacillus ferrooxidans
19.ආහාර පරිපූරක සඳහා යොදාගනු ලබන, ක්ෂුද්‍රජීවීන් මගින් නිපදවන විටමින් වර්ග හා එම විටමින් වර්ග නිපදවන ක්ෂුද්‍ර ජීවීන්
- විටමින් B12 – Pseudomonas sp. හා Propionibacterium sp.
- රයිබොෆ්ලෙවින් – දිලීර මඟින් සිදුකරන පැසීමෙන්
- විටමින් C – Acetobacter sp.
20.ක්ෂුද්‍රජීවී ප්‍රතිදේහජනක යොදාගනිමින් සක්‍රීය ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා වාණිජමය වශයෙන් නිපදවනු ලබන එන්නතක් වන්නේ
21.ක්ෂුද්‍රජීවීන් යොදා ගනිමින් අක්‍රීය ප්‍රතිශක්තිකරණය ඇති කිරීම සඳහා වාණිජමය වශයෙන් නිපදවනු ලබන එන්නතක් වන්නේ
- ජලභීතිකාවට එරෙහිව ඉමියුනොග්ලොබියුලින්
- පිටගැස්මට එරෙහිව ප්‍රතිධූලක
- බොටියුලිනසම් ධූලක
22.ක්ෂුද්‍රජීවීන් යොදාගනිමින් වාණිජමය වශයෙන් නිපදවන එන්සයිම
- ඇමයිලේස් – Aspergillus niger , Aspergillus oryzae , Bacillus subtilis
- ප්‍රෝටියේස් – Aspergillus oryzae
- ලයිපේස් – Rhizopus spp.
- ඉන්වර්ටේස් – Saccharomyces cerevisiae
- සෙලියුලේස් – Aspergillus niger
23.ක්ෂුදුජීවීන් භාවිතය මගින් නිපදවනු ලබන ප්‍රතිජීවක
- ටෙට්‍රාසයික්ලින් – Streptomyces aureofaciens
- පෙනිසිලින් – Penicillium chrysogenum
- ස්ට්‍රෙප්ටොමයිසින් – Streptomyces griseus
24.ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් නිපදවනු ලබන හෝමෝන
- මානව ඉන්සියුලින්
- මානව වර්ධක හෝමෝන
25.වර්තමානයේ මානව ඉන්සියුලින් නිපදවීම සඳහා සදහා යොදාගනු ලබන ජාන විකරණය කරන ලද ක්ෂුද්‍රජීවීන්
26.වර්තමානයේ මානව වර්ධක හෝර්මෝනය නිපදවීම සඳහා යොදාගනු ලබන ක්ෂුද්‍රජීවීන්
- E. coli
27.ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීමෙන් සිදු කරනු ලබන පල් කිරීමේ ක්‍රියාවලිය.
- කාෂ්ඨීය කඳෙහි හෝ කොහු වැනි වෙනත් ශාක ද්‍රව්‍යයක හෝ අඩංගු කෙඳි ලිහිල් කිරීමේ ක්‍රියාවලිය යි .
- මෙහිදී ශාක ද්‍රව්‍ය ජලයේ ගිල්ලා තබනු ලැබේ .
- ස්වායු මෙන්ම නිර්වායු බැක්ටීරියා අයත් විෂමජාතීය ක්ෂුද්‍රජීවී ගහනයක් මේ ක්‍රියාවලියේදී සහභාගී වෙයි.
- ලිහිල් කිරීම පහසු කිරීමට බැක්ටීරියා මගින් පෙක්ටිනේස් එන්සයිම ප්‍රධාන වශයෙන් ශ්‍රාවය කරයි.
28.ජීව වායු නිෂ්පාදනය
- කාබනික අපද්‍රව්‍ය නිර්වායු වියෝජනයෙන් ලැබෙන වායුවකි.
- ජෛව හායනයට භාජනය වන උපස්තරය මත නිෂ්පාදනය වන ජීව වායු ආකාරය රඳා පවතී.
- කාබනික අපද්‍රව්‍ය මත ඇසිටොජෙනික බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් කාබන්ඩයොක්සයිඩ් හා හයිඩ්‍රජන් ද , මෙතනොජෙනික බැක්ටීරියා ක්‍රියාකාරීත්වයෙන් මීතේන් ද නිෂ්පාදනය කරයි.
29.ජෛව ඉන්ධන නිෂ්පාදනය
- ජාන විකරණය කරන ලද බැක්ටීරියා යොදා ගනිමින් දැව, ඉවතලන කඩදාසි සහ ඉරිඟු ශාක කඳන් වනි සෙලියුලෝස් සහිත ද්‍රව්‍ය භාවිතයෙන් එතනෝල් හා බියුටනෝල් නිපදවීම.
- ක්ෂුද්‍ර ඇල්ගී වලින්ද ජෛව ඩීසල් නිපදවීම සඳහා බොහෝ පර්යේෂකයෝ කටයුතු කරති.
30.බේකරි නිෂ්පාදන
- අනන ලද පාන් පිටි වල ඇති සීනි බේකරි ඊස්ට් වල අඩංගු S. cerevisiae මගින් නිර්වායු පැසීමට ලක් කරයි.
- පාන් පිටි වල සිදුවන පැසීමේ ප්‍රාථමික කෘත්‍ය වන්නේ කාබන්ඩයොක්සයිඩ් නිෂ්පාදනයයි.
- පිටි මෝලියේ කාබන්ඩයොක්සයිඩ් සිරවී රැඳෙන අතර, පාන් පිලිස්සීමේදී ඇතිවන පීඩනය නිසා පිපීම සිදුවී අදාල වයනය ඇති කරයි.
පරිසර කළමනාකරණයේ දී ක්ෂුද්‍රජීවින් යෙදීම.
31.ජෛව ප්‍රතිකර්මනය
- දූෂක ඉවත් කිරීමට, හායනයට හෝ විෂහරණයට ජීවීන් භාවිත කිරීමේ තාක්ෂණය ජෛව ප්‍රතිකර්මනයයි.
- ජෛව ප්‍රතිකර්මන ක්‍රියාවලි සඳහා ක්ෂුද්‍රජීවීන් යොදා ගනු ලබයි.
- දූෂක වල ජෛව හායන ක්‍රියාවලිය ඉහළ නැංවීම, දූෂිත පසේ හා ජලයේ වර්ධනය වන ක්ෂුද්‍රජීවීන් මගින් උත්තේජනය කළ හැක.
32.ජෛව ප්‍රතිකර්මනය සඳහා ක්ෂුද්‍ර ජීවීන් යොදා ගන්නා අවස්ථා
- තෙල් ඉහිරුම් වලින්, විෂ ලෝහ අපද්‍රව්‍ය, කාබනික අපද්‍රව්‍ය, යනාදියෙන් අපවිත්‍ර වූ පස හා ජලය ප්‍රතිකර්මනය කිරීමට
- ආහාර සැකසුම් හා රසායනික පිරියත් වල අපජලය වියෝජනයට
33.ඝන අපද්‍රව්‍ය පිළියම් කිරීම
- ක්ෂුද්‍රජීවීන් මගින් ස්වායු හෝ නිර්වායු ලෙස කසළ කසල හායනය කිරීම.
- කොම්පෝස්ට් සෑදීමේදී ක්ෂුද්‍රජීවීන් මගින්, අපද්‍රව්‍ය ස්වායු හායනයට ලක් කර අවසානයේදී හියුමස් වැනි වැනි ස්ථායී ද්‍රව්‍ය බවට පරිවර්තනය කරයි.
- සුසංහිත ව ඇසිරූ ගොඩවල් හෝ භූ පිරවුම් ලෙස කසළ තැන්පත් කර ඇති අවස්ථාවල දී ඒවා නිර්වායු තත්ත්වයේ ඇත. එවැනි තත්ත්ව වලදී මෙතනොජෙනික් බැක්ටීරියා භාවිතයෙන් අපද්‍රව්‍ය ප්‍රමාණය නිර්වායුව හායනය කෙරෙයි.හායන ක්‍රියාවලියේ අතුරුඵලයක් ලෙස මීතේන් වායුව නිපද වේ . එය විදුලි උත්පාදනය හෝ ස්වභාවික වායුවක් ලෙස භාවිතා වේ.
කෘෂිකර්මාන්තයේදී ක්ෂුද්‍රජීවීන් යොදා ගැනීම.
34.කෘෂිකර්මාන්තයේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ යෙදීම්
- අස්වැන්න වැඩිදියුණු කිරීම.
- නයිට්‍රජන් හා පොස්පරස් අවශෝෂණය වැඩිදියුණු කිරීම.
- රෝග හා පළිබෝධයන්ට ඇති ප්‍රතිරෝධය වැඩිදියුණු කිරීම.
- නියං වලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීම.
35.ජෛව පොහොර
- ශාක වර්ධනය හා විකසනය සඳහා පසේ ඇති අතිශය සීමාකාරී පෝෂක වන්නේ නයිට්‍රජන් සහ පොස්පරස් ය.
- එබැවින් මෙම පෝෂක වල ජෛව ප්‍රයෝජ්‍යතාව වැඩි කිරීමට පසට රසායනික පොහොර යොදනු ලැබේ.
- කෘත්‍රිම පොහොර වල අධික භාවිතය නිසා පසේ හා ජලයේ ගුණාත්මකභාවය අඩු වේ.
- එබැවින් නයිට්‍රජන් හා පොස්පරස් වල ජෛව ප්‍රයෝජ්‍යතාවය ඉහළ නැංවීම සඳහා භෝග ක්‍රමවල භාවිතා කළ හැකි ක්ෂුද්‍රජීවීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතුය.
- මෙම ක්ෂුද්‍රජීවී ආක්‍රමණිකයෝ ජෛව පොහොර ලෙස හඳුන්වනු ලැබේ.
උදා : Rhizobium ආක්‍රමණික හා Rhizobium බැක්ටීරියා පසට එකතු කිරීම
36.පොස්ෆේට් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා හා දිලීරක මූල
- සියලුම ශාක පෝෂක අතරින් වඩාත්ම සීමාකාරී පෝෂකය වන්නේ පොස්ෆරස් ය.
- ඕනෑම පසක පොස්පරස් වල ජෛවීය උපයෝජ්‍යතාවය නොගිණිය හැකි තරම් අඩු ය.
- පොස්පරස් ද්‍රාව්‍යකාරක බැක්ටීරියා හා දිලීරක මූල මගින් කාබනික අම්ල ස්‍රාවය කරයි.
- මෙම කාබනික සංයෝග මගින් පොස්ෆරස් සහිත ඛණිජ දිය කරයි.
- ඒ හේතුවෙන් පොස්ෆේට් අයන වල කැටායන නඛර සෑදීමෙන් පාංශු ද්‍රාවණයට පොස්ෆරස් මුදා හරිනු ලබයි.
- වර්තමානයේ වාණිජමය ලෙස තනන ලද ක්ෂුද්‍රජීවී ජෛවීය පොහොර වෙළෙඳපොළේ දැකිය හැක.
37.නයිට්‍රජන් තිරකාරී ක්ෂුද්‍රජීවීන්
- ජෛව නයිට්‍රජන් තිර කිරීම යනු ක්ෂුද්‍රජීවීන් විසින් වායුගෝලීය අණුක නයිට්‍රජන් එහි ද්‍රාව්‍ය ආකාර බවට පරිවර්තනය කරන ක්‍රියාවලියයි.
- ක්ෂුද්‍රජීවීන් මගින් සහ සහජීවී ලෙස හා නිදැලිවාසී ලෙස නයිට්‍රජන් තිර කිරීම සිදු කරයි.
38.සහජීවී නයිට්‍රජන් තිර කිරීම.
උදා :
1.Rhizobium විශේෂ රනිල ශාක සමග කිට්ටු සම්බන්ධතාවයක් ගොඩ නගා ගනී. තිර කරන ලද නයිට්‍රජන්, රනිල ශාක මියගිය පසු පසට මුදාහැරෙන බැවින් වෙනත් ශාක විසින් ප්‍රයෝජනයට ගනී. විවිධ රයිසෝබියම් ආක්‍රමණික වාණිජමය ලෙස ප්‍රයෝජනය සඳහා ඇත.
2.Anabaena sp. ජලජ පර්ණාංගයක් වන Azolla සමග සහජීවී සංගමයක් සාදයි.මේ පද්ධතිය බොහෝ රටවල් වල වී වගාවෙහි සාර්ථකව භාවිතා කරයි
( රනිල ශාක මූල ගැටිති)
(Anabaena ජලජ පර්ණාංගය හා Azolla)
39.නිදැලිවාසී නයිට්‍රජන් තිර කිරීම.
උදා : Azotobacter වනි නිදැලිවාසී බැක්ටීරියා මූල ගෝලයේ ඉහළ සාන්ද්‍රණයකින් පැවතෙමින් නයිට්‍රජන් තිර කරයි.
40.ශාක වර්ධනය වැඩි දියුණු කරන බැක්ටීරියා
- ශාක මූලගෝලයේ වෙසෙන බොහෝ බැක්ටීරියා ශාක වර්ධනය වැඩිදියුණු කරන ඔක්සින් (ඉන්ඩෝල්-3-ඇසිටික් අම්ලය ), සයිටොකයිනින් හා ගිබරලින් වැනි ද්‍රව්‍ය නිෂ්පාදනය කරයි
උදා :
1.auxin (ඔක්සින්) – Pseudomonas putida, P. fluorescens
2.cytokinins (සයිටොකයිනින්) – Azotobacter sp. , Rhizobium sp. , B. subtilis, P. fluorescens
3.Gibberellin (ගිබරලින් – Acetobacter sp., Azospirillum sp.
41.ජෛව- පළිබෝධනාශක/ ජෛව පාලක කාරක (BCA)
- රසායනික පලිබෝධනාශක අධිභාවිතය මිනිසාට මෙන්ම ඉලක්ක නොවූ ජීවීන්ටද හානිකර ලෙස බලපායි. එසේම පළිබෝධනාශක වලට එරෙහිව පළිබෝධයන් අතර ප්‍රතිරෝධයක්ද ඇති කරයි.
- එබැවින් කෘත්‍රිම පලිබෝධ නාශක පරිසර හිතකාමී විෂ අඩු උපාය මාර්ගවලින් ප්‍රතිස්ථාපනය කළ යුතුය.
- කීට ව්‍යාධිජනක දිලීර, බැක්ටීරියා හා වෛරස දැනට වාණිජව ප්‍රයෝජනයට ගන්නා, බොහෝ භෝග පද්ධති වල බහුලව යෙදෙන ක්ෂුද්‍රජීවී සැකසීම් වේ.
42.කීට ව්‍යාධිජනක දිලීර
- පුළුල් පරාසයක කෘමීන් ආසාදනය කර ඔවුන් මරණයට පත් කරයි.
- ඒවා දිලීර-කෘමිනාශක ලෙස සකසා ඇත.
43.කීට ව්‍යාධිජනක බැක්ටීරියා
- බහුතරයක් කෘමි විශේෂයන්ට, මේ බැක්ටීරියාවන් විසින් නිපදවන ප්‍රෝටීන් ස්ඵටික අධිග්‍රහණය කිරීමෙන් පසු විෂ සහිත වේ.
- මේ විෂ Bt toxin ලෙස හඳුන්වයි.
- අධිග්‍රහණයෙන් පසු මේ විෂ දියවී කීට බඩවැල් වල පටක දිය කිරීම හා බිඳ වැටීම සිදු කරයි.
- දැනට භාවිතා කරන ජෛව පළිබෝධනාශක සැකසීම් වලින් බහුතරය Bt පදනමක් සහිත වෙයි.
44.කොම්පෝස්ට් සෑදීම