ජීව විද්‍යාව08. පාරිසරික ජීව විද්‍යාව8.2.2. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිබඳ අන්වේෂණය කරයි

8.2.2. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති පිළිබඳ අන්වේෂණය කරයි

 

  1. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිවල ඉහළ විවිධත්වයට හේතුව කුමක්ද?

  • ශ්‍රී ලංකාව උතුරු නිරක්ෂීය නිවර්තන කලාපයට අයත් වන බැවින් ඉහළ උෂ්ණත්වයක් හා වර්ෂාපතනයක් සහිත දේශගුණයක් සහිත වීම.

C:\Users\user\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\lk-02.jpg

 

2. ශ්‍රී ලංකාවේ පරිසර පද්ධති බෙදා ඇති ප්‍රධාන කාණ්ඩ මොනවාද?

  • භෞමික පරිසර පද්ධති
  • අභ්‍යන්තර තෙත්බිම් පරිසර පද්ධති
  • වෙරළබඩ පරිසර පද්ධති

 

3. එම එක් එක් පරිසර පද්ධති වලට අයත් වන උපකාණ්ඩ මොනවාද?

      1. භෞමික පරිසර පද්ධති
          1. වනාන්තර

– පහතරට වර්ෂා වනාන්තර

  • වියළි මෝසම් වනාන්තර
  • කඳුකර වනාන්තර
  • කටු පඳුරු
          1. තෘණ භූමි

– සැවානා

  • පතන

 

      1. අභ්‍යන්තර තෙත්බිම් පරිසර පද්ධති –
  • ගංගා සහ ඇළ දොළ
  • ජලාශ
  • වගුරු සහ ගොහොරු
  • විල්ලු
      1. වෙරළබඩ පරිසර පද්ධති –
  • කලපු හා ගං මෝය
  • කඩොලාන
  • කොරල්පර
  • මුහුදු වෙරළ
  • වැලි කඳු
  • මුහුදු තෘණ පෙත්
  • ලවණ වගුරු

 

4. ශ්‍රී ලංකාවේ ප්‍රධාන දේශගුණික කලාප මොනවාද?

  • ශුෂ්ක කලාපය
  • වියළි කලාපය
  • අතරමැදි කලාපය
  • තෙත් කලාපය

 

5. ශුෂ්ක කලාපයේ පවතින එකම වනාන්තර පරිසර පද්ධතිය කුමක්ද?

  • නිවර්තන කටු කැළෑ

 

6. වියළි පතන හා සැවානා තෘණ භූමි දෙකම සහිත දේශගුණික කලාපය කුමක්ද?

  • අතරමැදි කලාපය

 

7. දමන, සැවානා මෙන්ම තලාව තෘණ භූමි පවතින දේශගුණික කලාපය කුමක්ද?

  • වියළි කලාපය

 

8. වියළි පතන මෙන්ම තෙත් පතන තෘණ භූමි දෙකම හමුවන දේශගුණික කලාපය කුමක්ද?

  • තෙත් කලාපය

 

නිවර්තන තෙත් පහතරට වැසි වනාන්තර වල පරාමිතීන් මොනවාද?

  • උන්නතාංශය – නිරිතදිග දිශාවේ 900 m ට අඩු ප්‍රදේශ
  • මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය – 28 ˚ C පමණ
  • මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනය – 2000 mm – 5000 mm අතර විචලනය වේ
  • C:\Users\user\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\Visit-Sinharaja-Forest-Reserve-Sri-lnaka.jpg නියං කාලයක් රහිතය
  • ඉතා ඉහළ ආර්ද්‍රතාවයක් ඇත

 

10. නිවර්තන තෙත් පහතරට වර්ෂා වනාන්තර වල ලාක්ෂණික සඳහන් කරන්න.

  • උස් වියනකින්, උප වියනකින් හා වැඩි වශයෙන් වියන් ශාකවල පැළ අඩංගු තුනී පඳුරු ස්තරයකින් සමන්විතය.
  • සමහරවිට නෙරු ශාක ස්ථරයක් වියනට ඉහළින් දක්නට හැකිය.
  • වෘක්ෂලතාදිය කාෂ්ඨාරෝහක ජාලයකින් සමන්විතය. ඒවා වියන් ස්ථරය කරා ළඟා වී ඇත.
  • අපිශාකී ලයිකන, පාසි, අක්මා ශාක, පර්ණාංග හා ඕකිඩ්වල විවිධාංගී වූ ගහනයන් හමුවේ.

 

11. නිවර්තන තෙත් පහතරට වර්ෂා වනාන්තර සඳහා උදාහරණ කීපයක් දෙන්න.

  • සිංහරාජය
  • කන්නෙළිය
  • නාකියාදෙණිය

 

12. නිවර්තන කඳුකර වනාන්තර වල පරාමිතීන් සඳහන් කරන්න.

  • උන්නතාංශය – මුහුදු මට්ටමෙන් 1500 m ට ඉහළ උන්නතාංශ වල
  • සාමාන්‍ය උෂ්ණත්වය – 16 ˚ C පමණ
  • මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනය – 2000 mm පමණ වේ
  • නියං කාලයක් රහිතය
  • ඉහළ ආර්ද්‍රතාවයක් ඇත

 

13. නිවර්තන කඳුකර වනාන්තර වල ලාක්ෂණික සඳහන් කරන්න.

  • 13 m පමණ වන මිටි වියනකින් සහ ඝන පඳුරු ස්ථරයකින් සමන්විතය.
  • කුඩ හැඩැති රවුම් වූ මස්තක හා චර්මල කුඩා පත්‍ර දරන, ඇඹරුණු අතු සහිත ශාක ඇත.
  • ඉහළ ඝනත්වයකින් යුත් අපිශාක ස්තරයක් මඟින් ගස්වල කඳන් හා අතු ආවරණය වේ.

 

14. නිවර්තන කඳුකර වනාන්තර සඳහා උදාහරණ කීපයක් දෙන්න.

  • නකල්ස් කඳු
  • පිදුරුතලාගල
  • හක්ගල

 

15. නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වල පරාමිතීන් සඳහන් කරන්න.

  • උන්නතාංශය – 300 m ට පහළ උන්නතාංශ වල
  • මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය – 29°C පමණ
  • මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනය – 1000 mm – 1500 mm පමණ වේ
  • මැයි සිට අගෝස්තු දක්වා කැපී පෙනෙන වියළි කාලයක් අත්විඳී.
  • වර්ෂාපතනය වැඩි වශයෙන් ලැබෙන්නේ ඊසාන දිග මෝසම් කාලයේදී ය.

 

16. නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර වල ලාක්ෂණික සඳහන් කරන්න.

  • ඝන නොවූ වියන, උප වියන හා හොඳින් විකසනය වූ පඳුරු/ පැළෑටි ස්තරයක් ඇත.
  • වියනට අයත් ඇතැම් ශාක වර්ෂයේ වියළි කාලයේදී පතනශීලී ය.
  • ආසියාවේ විශාලතම අලි ගහනයට රැකවරණය සපයයි.

 

17. නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර සඳහා උදාහරණ කීපයක් දෙන්න.

  • යාල ජාතික වනෝද්‍යානය
  • විල්පත්තු ජාතික වනෝද්‍යානය
  • වස්ගමුව ජාතික වනෝද්‍යානය
  • මාදුරු ඔය ජාතික වනෝද්‍යානය
  • රිටිගල දැඩි ස්වභාවික රක්ෂිතය

 

18. නිවර්තන කටු කැළෑ වනාන්තර වල පරාමිතීන් සඳහන් කරන්න.

  • උන්නතාංශය – 300 m ට පහළ උන්නතාංශ වල
  • මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය – 31˚ C පමණ
  • මධ්‍යන්‍ය වාර්ෂික වර්ෂාපතනය – 1000 mm ට අඩුය
  • දිගු වියළි කාල අත් දකියි.

 

19. ඉහත එක් එක් වනාන්තර වලින් හමුවන ශාක හා සත්ත්ව ප්‍රජාව වෙන වෙනම සඳහන් කරන්න.

වනාන්තර

ශාක ප්‍රජාව

සත්ත්ව ප්‍රජාව

නිවර්තන තෙත් පහතරට වර්ෂා වනාන්තර

හොර (Dipterocarpus Zeylanicus )

නා (Mesua ferrea )

හල් ( Vateria copallifera )

වත දම් වඳුරා

ශ්‍රී ලංකා උණහපුළුවා

රන් හෝතඹුවා

නිවර්තන කඳුකර වනාන්තර

කීන (Callophyllum walkeri )

වල් කුරුඳු ( Cinnamomum ovalifolium)

ගල් වෙරළු ( Elaeocarpus montanus )

ශ්‍රී ලංකා පීත කන් කොණ්ඩයා

ශ්‍රී ලංකා උස් බිම් හික්මීයා

ගෝනා

නිවර්තන වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර

වීර ( Drypetes sepiarl )

පළු ( Manilkara hexandra )

කලුවර ( Diospyros ebenum )

අලියා

දිවියා

වළසා

මුවා

නිවර්තන කටු කැළෑ වනාන්තර

ගිනි අන්දර ( Dichrostachys cineria )

රණවරා ( Cassia auriculata )

හීරැස්ස ( Cissus quadrangularis )

මුවා

දිවියා

අලියා

 

20. ශ්‍රී ලංකාවේ වනාන්තර පරිසර පද්ධති සඳහා ඇති තර්ජන පොදුවේ සඳහන් කරන්න.

  • තේ වගාව
  • කෘෂිකර්මාන්තය
  • හේන් ගොවිතැන
  • කාර්මික හා නිවාස සංවර්ධන කටයුතු
  • මානව ජනාවාසකරණය
  • දැව ලබා ගැනීම
  • නීති විරෝධී දඩයම් කිරීම

 

21. සැවානා වල ප්‍රධාන ලාක්ෂණික සඳහන් කරන්න.

  • ඝන තෘණ ආවරණයක් සහ විසිරුණු ශාක ස්වල්පයක් සහිත වීම.
  • වියළී ගිය තෘණ වැස්ම ආවර්තිත ගිනිගැනිම් වලට හසු වීම.
  • ගින්නට ප්‍රතිරෝධී ශාක වලින් සමන්විත වීම.

 

22. ශ්‍රී ලංකාවේ සැවානා තෘණ බිම් දක්නට ලැබෙන දේශගුණික කලාප මොනවාද?

  • වියළි කලාපය
  • අතරමැදි කලාපය

 

23. සැවානා වල තෘණ ආවරණය උපකාරී වන්නේ කුමකට ද?

  • පස් අංශු බැඳ තබා ගැනීමට හා පාංශු ඛාදනය අඩු කිරීමට.

 

24. සැවානා වල හමුවන ගස් වර්ග හා තෘණ විශේෂ මොනවාද?

  • ගස් වර්ග
  • අරළු (Terminalia chebula )
  • නෙල්ලි (Phyllanthus emblica )
  • බුළු (Terminalia bellirica )
  • තෘණ විශේෂ
  • මාන (Cymbopogon nardus )
  • ඉළුක් (Imperata cylindrica )

 

25. සැවානා ව්‍යාප්තව ඇති ප්‍රදේශ කිහිපයක් නම් කරන්න.

  • බිබිල
  • මොනරාගල
  • මහියංගණය
  • වැල්ලවාය

 

26. සැවානා තෘණ බිම් වලට ඇති ප්‍රධානතම තර්ජනය කුමක්ද?

  • ගම්වාසීන් විසින් සිදු කරන ගිනි තැබීම්

 

27. වර්ෂාපතන රටාව හා ස්ථානයේ පස මත පදනම්ව ශ්‍රී ලංකාවේ පතන ආකාර දෙකක් හමුවේ. ඒ මොනවාද? උදාහරණ දෙන්න.

  • තෙත් පතන – උදා: හෝර්ටන් තැන්න

C:\Users\user\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\img_20200623_095303.jpg

  • වියළි පතන – උදා: හන්තාන, ගම්පොළ, වැලිමඩ, හපුතලේ

 

28. එම එක් එක් පතන තෘණබිම් ආකාර වල පරාමිතීන් සඳහන් කරන්න.

  • තෙත් පතන –
  • උන්නතාංශය – 1500 m ට ඉහළ
  • වාර්ෂික වර්ෂාපතනය -2000 mm ට වැඩිය
  • උෂ්ණත්ව පරාසය – 5 ˚ C – 18 ˚C
  • මීදුම, ධූමිකාව සහ තුහින සුලභ ය. කිසිඳු නියං කාලයක් නැත.
  • වියළි පතන
  • උන්නතාංශය – 500 m – 1600 m දක්වා
  • වාර්ෂික වර්ෂාපතනය – 1400 mm – 2000 mm දක්වා
  • උෂ්ණත්ව පරාසය – 18 ˚ C – 24 ˚C
  • නිශ්චිත වියළි කාලයක් ඇත.

 

29. ටසොක් තෘණ (1 m ට වඩා උස නොයන තෘණ) හමුවන්නේ කුමන පතන බිම් වල ද? ඒවාට උදාහරණ දෙන්න.

  • තෙත් පතන වල

උදාහරණ :-  Chrysopogon nodulibarbis

                   Arundinella villosa

 

30. වියළි පතන තෘණ බිම් වල හමුවන ශාක නම් කරන්න.

  • පැඟිරි මාන (Cymbopogon nardus )
  • පිනිබර තණ ( Themeda tremula )

 

31. පතන තෘණ බිම් වල දී හමුවන සත්ත්ව විශේෂ මොනවාද?

  • ගෝනුන්
  • වල් ඌරන්
  • දිවියන්

 

32. රැම්සාර් සම්මුතියට අනුව තෙත් බිම් අර්ථ දක්වන්න.

  • වගුරු බිම්, ජලය සහිත හැල ඉඩම්, පීට් බිම්,
  • ස්වාභාවික හෝ කෘත්‍රීම ,
  • ස්ථිර හෝ තාවකාලිකව ජලය රැඳී ඇති ප්‍රදේශ වන අතර
  • ඒවා නිශ්චල හෝ ගලා යන
  • මිරිදිය, කිවුල් දිය හෝ ලවණ සහිත දිය, කරදිය ප්‍රදේශ ද අයත්ව
  • බාදිය අවස්ථාවේ ගැඹුර 6 m නොඉක්මවන ප්‍රදේශ ලෙසය.

 

33. රැම්සාර් අර්ථ දැක්වීමට අනුව ශ්‍රී ලංකාවේ තෙත් බිම් බෙදා ඇති කාණ්ඩ 3 මොනවාද?

  • අභ්‍යන්තර මිරිදිය තෙත් බිම්
  • වෙරළබඩ තෙත්බිම්
  • මිනිසා සෑදූ තෙත් බිම්

 

34. ඒවාට අයිති වන පරිසර පද්ධති වෙන වෙනම සඳහන් කරන්න.

  • අභ්‍යන්තර මිරිදිය තෙත් බිම්
  • ගංගා සහ ඇළ දොළ
  • වගුරුබිම් හා වගුරු වනාන්තර
  • විල්ලු
  • වෙරළබඩ තෙත්බිම්
  • කලපු සහ ගං මෝය
  • කඩොලාන
  • මුහුදු තෘණපෙත්
  • ලවණ වගුරු
  • කොරල් පර
  • මුහුදු වෙරළ
  • වැලි කඳු
  • මිනිසා සෑදූ තෙත් බිම්
  • ජලාශ හා වැව්
  • කුඹුරු
  • ලුණු ලේවා

 

34. ශ්‍රී ලංකාවේ ස්වාභාවික ගංගා ද්‍රෝණි කොපමණ සංඛ්‍යාවක් ඇත්ද?

  • 103 ක් පමණ

 

35. තෙත් උස් බිම් වලින් පැන නගින ගංගා ද්‍රෝණි බොහොමයක් ඍතුමය වේ. ඉහත ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව දක්වන්න.

  • අසත්‍ය වේ.
  • තෙත් උස් බිම් වලින් පැන නගින ගංගා ද්‍රෝණි බහුවාර්ෂික වන අතර, වියළි කලාපයේ සෙසු බොහොමයක් ඍතුමය වේ.

 

36. දර්ශීය වාරිමාර්ග/වැව් සඳහා උදාහරණ දෙන්න.

  • පරාක්‍රම සමුද්‍රය
  • කලාවැව
  • මින්නේරිය වැව
  • තිසා වැව

 

37. ජලාශ වල බහුල වශයෙන් හමුවන ජලජ පැළෑටි නම් කරන්න.

  • මානෙල් (Nymphaea spp )
  • නෙළුම් (Nelumbo nucifera )
  • කෙකටියා (Aponogeton spp )

 

38. ජලාශ හා වැව් ආශ්‍රිතව හමුවන, නිදහසේ පාවෙන ආක්‍රමණික, ආගන්තුක විශේෂ කිහිපයක් නම් කරන්න.

  • සැල්වීනියා
  • ජපන් ජබර

 

39. අභ්‍යන්තර මිරිදිය වගුරු බිම් යනු මොනවාද?

  • මතුපිටින් ගලා යන ජලය හෝ භූගත ජල කාන්දු වීම් හෝ, ගංගාවල පිටාර ජලය ඔස්සේ ජලය ලැබෙන පහත් බිම්

 

40. වගුරු බිම් වල සාමාන්‍යයෙන් හමුවන ‘පීට්’ යනු මොනවාද?

  • අඩ වශයෙන් වියෝජනය වූ කාබනික ද්‍රව්‍ය සහ ජලය රැඳුණු ඇලෙන සුළු මැටි පස

 

41. වගුරු බිම් වලින් හමුවන ශාක හා සත්ත්ව ප්‍රජාව ගැන කෙටියෙන් සඳහන් කරන්න.

  • සත්ත්ව ප්‍රජාව
  • ජලජ පක්ෂීන්, උභය ජීවීන්, මත්ස්‍ය විශේෂ බොහොමයක් හමුවේ.
  • ශාක ප්‍රජාව
  • නොගැඹුරු, එක තැන රැඳුණු ජලයේ වර්ධනය වීමට අනුවර්තනය වූ ශාක වේ.
  • වර්ෂයේ කෙටි කාලපරාසයක් සඳහා ජලයෙන් යටවී පවතී.
  • හබරල (Colocasia spp )
  • කෙකටිය (Aponogeton spp )
  • පන් (Reeds)

 

42. මිරිදිය වගුරු වනාන්තරයකට උදාහරණයක් දෙන්න.

  • බුලත්සිංහල වතුරාන වගුර

C:\Users\user\AppData\Local\Microsoft\Windows\INetCache\Content.Word\EtRXblxWgAAuHbc.jpg

 

43. විල්ලුවක් යනු කුමක්ද?

  • විල්ලුවක් යනු ජලාශවල පිටාර තැනි වේ.

 

44. විල්ලු ප්‍රදේශ වල දැකිය හැකි සත්ත්ව විශේෂ මොනවාද?

  • විශේෂයෙන් අලින් සහ පක්ෂීන් මෙම ප්‍රදේශවල ජීවත් වේ.
  • මෙම ප්‍රදේශයේ වාසය කරන වනජීවීන්, විල්ලු තෘණබිම් සමඟ විශේෂ අන්තර්සබඳතා පවත්වයි.

 

45. මෙම පරිසර පද්ධතියේ ප්‍රමුඛ ශාක වර්ග මොනවාද?

  • තෘණ (Poaceae) හා රළු තෘණ විශේෂ (sedge, Cyperaceae)

 

46. විල්ලු තෘණබිම් සඳහා ශ්‍රී ලංකාවේ ඇති උදාහරණ කිහිපයක් දක්වන්න.

  • විල්පත්තු ජාතික උද්‍යානය.
  • මහවැලි පිටාර තැන්න.

 

 

47. කලපුවක් ලෙස හඳුන්වන්නේ කුමන ප්‍රදේශයක් ද?

  • වැලි බාධකයක් මගින් මුහුදෙන් වෙන් වූ වෙරළාසන්න තෙත් බිම් කලපු ලෙස හැඳින්වේ.

 

48. කලපු සඳහා ශ්‍රී ලංකාවේ ඇති උදාහරණ මොනවාද?

  • මීගමුව කලපුව.
  • බූන්දල කලපුව.

 

 

49. ගං මෝය යනු කුමක්ද?

  • ගංගාවක් මුහුදට ඇතුළත් වන ස්ථානය වන අතර, මෙය මුහුදෙන් වෙන්කරන වැලි බාධකයක් අඩංගු නොවේ.

 

50. ගං මෝයවල් සතු ලාක්ෂණික ලක්ෂණයක් ලියන්න.

  • දෛනික උදම් උච්චාවචනය.

 

50. ගං මෝයවල් සඳහා උදාහරණ දක්වන්න.

  • බෙන්තොට ගං මෝය.
  • මාදු ගං මෝය.

 

51. කඩොලාන පරිසර පද්ධතියක් යනු කෙබඳු ප්‍රදේශයක් ද?

  • කලපු සහ ගං මෝය වල මායිම් ආශ්‍රිත බිම් කඩවල් ආවරණය කරන අන්තර් උදම් වෘක්ෂලතාදිය සහිත පද්ධති කඩොලාන පරිසර පද්ධති වේ.

 

52. මෙම පරිසර පද්ධති වල ලක්ෂණ කිහිපයක් දක්වන්න.

  • ලවණ/කිවුල් ජලය, බුරුල් පස, නිර්වායු පාංශු තත්ත්ව යනාදිය සාමාන්‍යයෙන් මේ පරිසර පද්ධතියට ලාක්ෂණික වේ.
  • මේවායේ වෘක්ෂලතාදිය තීව්‍ර සූර්යාලෝකයට නිරාවරණය වී ඇත.

 

53. කඩොලාන ශාක කාණ්ඩ කළ හැකි කොටස් දෙක මොනවාද?

  • සත්‍ය කඩොලාන :- මුහුද හා ගොඩබිම අතර සීමාව ආශ්‍රිතව පවතී.
  • කඩොලාන :- අභ්‍යන්තර භූමිය දෙසට වඩාත් ව්‍යාප්ත වේ.

 

54. සුලබ සත්‍ය කඩොලාන විශේෂ දෙකක් නම් කරන්න.

  • කඩොල් (Rhizophora spp, Bruguiera spp)
  • මස් අතු ගස් (Avicennia marina)

 

55. සුලබ කඩොලාන ආශ්‍රිත ශාක විශේෂ දෙකක් නම් කරන්න.

  • කැරන්කොකු(S), Golden leather fern(E), (Acrostichum aureus)
  • කටු ඉකිලි(S), Holy mangrove(E), (Acanthus ilicifolius)

 

56. කඩොලාන ශාක දරන අනුවර්තන මොනවාද?

  • වායුධර මුල් (o2 ලබාගැනීමට)
  • කඩොලාන පත්‍ර ඝන උච්චර්මයක් දරයි. එමගින් සූර්ය කිරණ පරාවර්තනය කිරීම හෝ අධිකතර විකිරණ කපා හැරීම සිදු කරයි.
  • ශාක මගින් අවශෝෂණය කරන වැඩිපුර ලවණ ඉවත් කිරීමට සමහර ශාක වල ලවණ ග්‍රන්ථි පිහිටා ඇත.
  • වායුගෝලීය ඔක්සිජන් ලබා ගැනීමට විශේෂ මුල් පිහිටා ඇත.
  • ඇතැම් ශාකවල බීජ මාතෘ ශාකයට සවි වී තිබියදීම ප්‍රරෝහණය වේ (ජලාබුජ ප්‍රරෝහණය).

 

57. කඩොලාන පරිසරයේ ජීවත්වන සතුන් කව්රුන්ද?

  • ක්‍රශ්ටේශියාවන් හා මොලස්කාවන් රැසක් මේ පරිසරයේ ජීවත් වේ.

 

58. කඩොලාන ප්‍රදේශ වලට උදාහරණ දක්වන්න.

  • කඩොලාන පරිසර පද්ධති බෙන්තොට, පුත්තලම, මඩකළපුව, ත්‍රිකුණාමලය, ගාල්ල, මීගමුව යන ප්‍රදේශ වලින් හමුවේ.

59. ලවණ වගුරු දිවයිනේ කුමන ප්‍රදේශවලට අයත් වේද?

  • දිවයිනේ ශුෂ්ක කලාපයේ වෙරළබඩ කලාපයට සීමා වේ.

 

60. මෙම කලාපයේ පස පිළිබඳව කුමක් කිව හැකිද?

  • වියළි කාලයේදී මෙම ලවණ වගුරු වල පස ලවණ ස්ඵටික සෑදෙන සේ වියළී යයි

 

61. මේ පරිසර පද්ධතියේ ප්‍රධාන ලක්ෂණ මොනවාද?

  • අඩු වර්ෂාපතනය
  • අධික සුළං
  • ඉහළ වූ උෂ්ණත්වය
  • ලවණ සමඟ සුළඟට ගසා යන බුරුල් වැලි, යනාදී ලක්ෂණ ඇත.

 

62. ලවණ වගුරු වල දැකිය හැකි වෘක්ෂලතා ආදිය හා සතුන් පිළිබඳව කුමක් කිවහැකිද?

  • ශාක හා සත්ත්ව විශේෂ කිහිපයක් පවතී.
  • මාංසල දේහ සහිත මිටි ශාක බහුලයි.
  • Salicornia spp සුලභ ශාක විශේෂයකි.

 

63. ශ්‍රී ලංකාව තුළ ලවණ වගුරු බහුලවම හමුවන්නේ කුමන ප්‍රදේශවල ද?

  • පුත්තලම
  • මන්නාරම
  • වාකරේ
  • හම්බන්තොට

ලවණ වගුරු

 

64. මුහුදු තෘණ පෙත් පැතිරී ඇත්තේ කොහේද?

  • අවම රළ ක්‍රියාකාරීත්වයක් සහිත විශාල කලපුවල නොගැඹුරු මුහුදු පතුලේ මුහුදු තෘණ පැතිරී ඇත.
  • මේවා තෘණ විශේෂ නොවන අතර පත්‍ර වල හැඩය නිසා තෘණ ස්වරූපයෙන් දිස්වේ.

 

65. ලංකාවේ මුහුදු තෘණ පෙත්වල දැකියහැකි ශාක මොනවාද?

  • Halodule හා Halophyla යනු මෙම පරිසර පද්ධතියේ දැකිය හැකි සුලබ ශාක විශේෂ වේ.

 

66. මුහුදු තෘණ පෙත් වල ස්වාභාවය දක්වන්න.

  • මුහුදු තෘණ සුසංහිත ගොනුවක් ලෙස වැඩෙන අතර බොහෝ මත්ස්‍ය විශේෂ අභිජනනය සඳහා හිතකර වාසස්ථානයක් බවට මුහුදු පත්ල සකසයි.

 

67. මෙම ප්‍රදේශ වලට නිතර බාධා පැමිණෙන්නේ ඇයි?

  • ධීවර කටයුතු වලදී ධීවර බෝට්ටු නවතාලන ප්‍රදේශ බැවින්.

 

68. කොරල්පර සමන්විත වන්නේ මොනවාගෙන්ද?

  • කරදිය අපෘෂ්ඨවංශිකයන් කාණ්ඩයක් විසින් ස්‍රාවය කරන කැල්සිනීභූත ව්‍යුහයකින් සමන්විත වේ

 

69. කොරල් පර “මුහුදේ වැසි වනාන්තර” ලෙස සැලකෙන්නේ ඇයි?

  • කොරල් පරවල ඉහළින නිෂ්පාදකතාවය හා එහි වාසය කරන ජීවීන්ගේ විවිධත්වය හේතුවෙනි.

 

70. කොරල් පර වාසස්ථාන සපයන්නේ කුමන ජීවීන්ට ද?

  • කොරල් පර මත්ස්‍ය විශේෂ විශාල සංඛ්‍යාවකට, කටු සහිත පොකිරිස්සන් හා මුහුදු කැකිරි ආදී අපෘෂ්ඨවංශිකයන් සඳහා වාසස්ථාන සපයයි.
  • ඩොල්ෆින් වැනි කරදිය ක්ෂීරපායින්ද, මුහුදු කැස්බෑවන් වැනි උරගයෝ ද ඇතැම් විට කොරල් පර ආශ්‍රිතව වාසය කරයි.

 

71. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් කොරල්පර දැකගත හැකි ස්ථාන මොනවාද?

  • හික්කඩුව
  • ත්‍රීකුණාමලයේ පරෙවි දූපත
  • මන්නාරම බොක්ක

 

72. ශ්‍රී ලංකාවේ වෙරළ තීරය පිළිබඳව කෙටි විස්තරයක් දක්වන්න.

  • ශ්‍රී ලංකාවේ දිගු වෙරළ තීරය ස්වාභාවය අනුව විවිධ වේ.
  • වඩාත් සුලබ ආකාරය වන්නේ වැලි සහිත වෙරළ තීරයයි.

 

73. මුහුදු වෙරළ ප්‍රදේශයක පොදු ලක්ෂණ මොනවාද?

  • ඉහළ උෂ්ණත්වය,
  • ලවණ හිරිකඩ,
  • මෝසම් කාල තුළ අධික සුළං හැමීම, ආදී ලෙස පොදු ලක්ෂණ ඇත.

 

74. මුහුදු වෙරළ තීරයට අනුවර්තනය වූ ශාක වර්ග මොනවාද?

  • බිම් තඹුරු(S), Beach Morning Glory(E), (Ipomea pescaprae)
  • මහා රාවණා රැවුල(S), (Spinifex littoreus)

 

75. උදම් සීමාවෙන් ඈතට යත්ම වෘක්ෂලතාදිය ක්‍රමයෙන් ස්ථායි තත්වයට පත්වන්නේ ඇයි?

  • පසේ ස්ථායීකරණය සමඟිනි.

 

76. එසේ හමුවන ශාක විශේෂ මොනවාද?

  • වරා(S), (Calotropis gigantea)
  • වැටකෙයියා(S), (Pandanus spp)

 

77. වැලි කඳු පිළිබඳ කෙටි හැඳින්වීමක් දෙන්න.

  • වැලි කඳු යනු වැලි වලින් සෑදුනු ඉහළට එසවුණු වෙරළ තීරයයි.
  • විශාල වැලි ස්කන්ධ මත කුරු හෝ වැතිරී වැඩෙන වෘක්ෂලතාදිය මගින් වැලි කඳු ලාක්ෂණික වේ.
  • වැලි කඳු වල ව්‍යුහය ප්‍රදේශයට බලපාන සුළඟේ වේගය සහ දිශාව මගින් තීරණය වේ.

 

78. වැලි කඳු දැකගත හැක්කේ කුමන ප්‍රදේශවල ද?

  • ඒවා ශුෂ්ක කලාපයේ ඇතැම් ප්‍රදේශවල වෙරළාසන්නව පවතී.
  • උදා :- මුලතිව් අසල, ත්‍රිකුණාමලය, කල්පිටිය, යාල ආදී ප්‍රදේශ වල දැකිය හැක.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet