විද්‍යා අංශයජීව විද්‍යාව8.3.1 මානව ක්‍රියාකාරකම් වලට අදාලව ජෛව විවිධත්වය හා තර්ජන ගවේෂණය කරයි.

8.3.1 මානව ක්‍රියාකාරකම් වලට අදාලව ජෛව විවිධත්වය හා තර්ජන ගවේෂණය කරයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

ජෛව විවිධත්වය

 

1.ජෛව විවිධත්වය, ප්‍රවේණි විවිධත්වය, විශේෂ විවිධත්වය හා පරිසර පද්ධති විවිධත්වය අර්ථ දක්වන්න.

  • ජෛව විවිධත්වය 

භෞමික, කරදිය හා වෙනත් ජලජ පරිසර පද්ධති ද ඇතුලත් සියලු ප්‍රභව වල ජීවින් අතර ඇති විවිධත්වය හා ඔවුන් පරිසරය සමග සිදු කරන පරිසර විද්‍යාත්මක අන්තර් ක්‍රියා අතරත් ඇති විවිධත්වය .

 

  • ප්‍රවේණි විවිධත්වය 

විශේෂයන් තුළ හා විශේෂ අතර ඇති විවිධත්වය.

 

  • විශේෂ විවිධත්වය 

විවිධ විශේෂ අතර හදුනාගත හැකි ප්‍රභේදන වේ. විශේෂ සංඛ්‍යාව හා ඒවායේ බහුලතාවය ඊට අතුළත්ය.

 

  • පරිසර පද්ධති විවිධත්වය 

ජෛව ලෝකයේ වාසස්ථාන, ජීවී ප්‍රජා හා පාරිසරික ක්‍රියාවලි වල විවිධත්වය.

 

 

 

2.ජෛව විවිධත්වයේ වටිනාකම පැහැදිලි කරන්න.

1.ප්‍රයෝජනවත් වටිනාකම

    • නව බෝග වර්ග සංවර්ධනය කිරීම සදහා ශාක අභිජනකයන් විසින් ජාන භාවිතා කරනු ලබයි.
    • බොහෝ විශේෂයන් විවිධ ආහාර, ඖෂධ, කෙඳි, ඉන්ධන සහ කාර්මික නිෂ්පාදන ලෙස යොදාගනී.
    • ජෛව විවිධත්ව නිපැයුම් වලින් අස්වනු ලබාගෙන වෙළඳපොළක් හරහා නොපැමිණ ඍජු ලෙස පරිභෝජනයට ගත හැක.
    • සමහර නිෂ්පාදන අස්වනු ලබා ගත හැකි වන අතර විධිමත් වෙළඳපොළක් හරහා භාවිතයට ගත හැක.
    • ආහාර, රෙදි පිළි, සම්, සේද, කඩදාසි පල්ප වැනි සමහර කර්මාන්ත ඍජු ලෙස ජෛව සම්පත් මත පදනම් වේ.
    • වායු හා ජල පිරිපහදුව, ඛාදනය වැළැක්වීම හා ගංවතුර පාලනය වැනි බොහෝ සේවාවන් සැපයීම

 

2.පාරිසරික සේවා වටිනාකම

    • ප්‍රභාසංස්ලේෂණය හරහා කාබන්ඩයොක්සයිඩ්(CO2) තිර කිරීම.
    • අත්‍යවශ්‍ය පෝෂණ චක්‍ර පවත්වාගෙන යාම.
    • ජල චක්‍රය පවත්වාගෙන යාම හා භූගත ජලය ප්‍රතිස්ථාපනය කිරීම.
    • පස සෑදීම හා පාංශූ ඛාදනය වීමෙන් ආරක්ෂා කිරීම.
    • වායු ගෝලයේ තෙතමනය ප්‍රතිචක්‍රීකරණය මගින් දේශගුණය නියාමනය.
    • ජලය පිරිපහදු කිරීම.
    • පරාගනය.

 

3.වින්දනීය වටිනාකම

    • ඡායාරූපකරණය වැනි විනෝදාත්මක කටයුතු හා විනෝදාංශ සදහා.
    • කවි, සිතුවම්, නිමැයුම්, නැටුම්කරණය වැනි කලාත්මක ක්‍රියාකාරකම් සදහා ජෛව විවිධත්වය ආභාෂය ලබා දෙයි.

 

4.සදාචාරාත්මක / ආචාරධර්ම වටිනාකම

    • මෙම ග්‍රහලෝකය තුළ ජීවත් වන සියලුම ජීවීන්ට ජීවත් වීමේ අයිතියක් ඇත. අප ස්වභාවධර්මයේ සුවිශාල මැවීම තුළ කුඩා කොටසක් බැවින් කුමන ජීවී විශේෂයන් පැවතිය යුතුද නැද්ද යන්න තීරණය කිරීමට අපට අයිතියක් නැත.

 

5.අධ්‍යාපනික වටිනාකම

    • මිනිස් සිරුරේ ස්වභාවය අවබෝධ කර ගැනීමට හා වෛද්‍ය විද්‍යාවේ සංවර්ධනයට නෙමටෝඩාවන්, මීයන්, ප්‍රයිමේටාවන් වැනි අනිකුත් ජිවීන් පිළිබඳ හැදෑරීමට උපකාරී වේ.
    • ස්වාභාවික විපත් වලට පෙර සත්ත්වයින් ප්‍රතික්‍රියා කරන ආකාරය පිළිබඳ දැනුම ආපදා කළමණාකරණයට වැදගත් වේ.
    • ජෛව විවිධත්වය සමග අන්තර්ක්‍රියා කිරීම මගින් නිර්මාණශීලීත්වය වර්ධනය වේ.

 

6.සමාජ සංස්කෘතික/ ආගමික වටිනාකම,

    • ඕස්ට්‍රේලියාවේ ආදීවාසින් හට ඇතැම් තෙත් බිම් පූජනීය වේ. ශාක විශේෂ 28ක් පමණ බෞද්ධයන්ට පූජනීය වේ.

 

 

3.ජෛව විවිධත්ව හායනය සිදුවන ප්‍රධාන ක්‍රම උදාහරණ සහිතව දක්වන්න.

1.වාසස්ථාන අහිමි වීම./ඒවා කැඩී වෙන් වී යාම.

  • මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා මුල් වාසස්ථානයේ ජීවත් වූ විශේෂ වලට රැකවරණය සැපයීමේ හැකියාව එම පරිසර පද්ධති වලට අහිමී වී යයි.

උදා:- මීගමුව, පුත්තලම වැනි කලපු වල ඉස්සන් වගා කිරීම නිසා කඩොලාන පද්ධතියේ සිදුවන විනාශය.

 

2.අධිපරිභෝජනය/Over exploitation

  • ජෛව විවිධත්ව නිමැයුම් වල ඵල ලබාගන්නා හෝ පරිභෝජනය කරන ආකාරය හා ශීඝ්‍රතාවය අනුව ඒවා භාවිතයට ගන්නා කාල සීමාව තුල යළි ප්‍රකෘති තත්වයට පත් නොවිය හැක.
  • උදාහරණ ලෙස,
    1. කොතලහිඹුටු (Salacia reticulata) වැනි දේශීය ඖෂධීය ශාක අපනයනය සදහා ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් පමණ ඉක්මවා රැස් කිරීම.
    2. ශ්‍රී ලංකා මුහුදු තීරයෙන් ලබා ගන්නා මුහුඳු කැකිරි ඖෂධීය අරමුණු සදහා අපනයනය.
    3. යටත් විජිත සමය තුළ අධිපරිභෝජනය නිසා කළුවර/ Ebony/ Diospyros ebanum තර්ජනයට ලක්ව ඇත.

 

3.පරිසර දූෂණය.

  • පරිසර දූෂණය යන්නෙන් අදහස් කරන්නේ සරලවම වාතය, ජලය හා පසට අනවශ්‍ය ද්‍රව්‍යය එකතු වීමයි.

උදා:-

1. කඳුකර ප්‍රදේශ වල තේ වගාවන්ට කෘතීම පොහොර යෙදීම මගින් ජලය දූෂණය වේ.

2. සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් වායු නිදහස් වී ජලය සමග ප්‍රතික්‍රියා කර අම්ල වැසි සාදයි.

 

4.ආක්‍රමණික ආගන්තුක විශේෂ හඳුන්වා දීම.

  • ආක්‍රමණික හා ආගන්තුක විශේෂ යනු ශාක හෝ සතුන් වන අතර, ඔවුන්ගේ ස්වාභාවික භූගෝලීය ප්‍රදේශයෙන් පිටතට ඔවුන් හඳුන්වාදීම හා පැතිරීම මගින් දේශීය ජෛව විවිධත්වය හායනය වේ.

උදා:- ගඳපාන (Lantana camara)

 

5.දේශගුණ විපර්යාස

    • උෂ්ණත්වය වැඩි වීම.
    • දරුණු නියං තත්ව වැඩි වීම.
    • මුහුඳු මට්ට්ම ඉහළ යාම.
    • ප්‍රාදේශීය ජල ගැලීම්.
    • වර්ෂාපතනයේ සිදු විය හැකි අඩු වීම්.
    • ප්‍රයෝජ්‍ය ජලය අඩු වීම.

මෙය ජෛව විවිධත්වයට බලපාන ප්‍රබලතම දීර්ඝකාලීන තර්ජනය වේ.

 

 

4.නෂ්ට වීම් යනු කුමක්ද?

  • කිසියම් ජීවි විශේෂයකට අයත් අවසාන සාමාජිකයාත් පෘථිවියෙන් ඉවත් වීමයි.

 

5.IUCN රතු දත්ත පොතට අනුව නෂ්ට වූ හා තර්ජනයට ලක් වූ ජීවී විශේෂ සඳහා වූ අර්ථ දැක්වීම් දක්වන්න.

1.නෂ්ට වූ/ Extinct (EX)

    • අවසාන ජීවියා මිය ගොස් ඇති බවට සැළකිය යුතු තරම් සැකයක් නොමැති වූ විශේෂ.

උදා:-

1. මුරුසි දිවයිනේ වාසය කළ Dodo පක්ෂියා

2. Wooly mammoth/ ලෝම මැමත් (උතුරු ඇමරිකාවේ වාසය කළ)

3. රනිල ශාකය – Crudia zeylanica

 

2.වනමය ලෙස නෂ්ට වූ (EW)

    • තක්සෝනයක්, වගා කරන ලද සිරකරන ලද හෝ ස්වාභාවීකරණය කරන ලද ගහනයක් ලෙස ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථානයෙන් බැහැරව පමණක් ජීවත් වේ නම් එම තක්සෝනය වනමය නෂ්ට වූවකි.

උදා: සී ෂෙල්ස් දිවයිනේ යෝධ ඉබ්බා

 

3.අතිශය අන්තරායට ලක් වූ (CR)

    • වනාන්තර වලින් වඳ වී යෑමේ අතිශය ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක ඇති තක්සෝනයක්.

උදා:

1. දුම්බර ගල්පර දිය මැඩියා (Marbled rock frog)

 

2. මහ මඩු ශාකය

 

4.අන්තරායට ලක් වූ (EN)

    • වනාන්තර වලින් වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක ඇති තක්සෝනයක්

උදා: 1.ඇතා/ අලියා

 

2. වෙසක් ඕකිඩ්

 

5.අන්තරායට ලක්වීමට ඉඩ ඇති (VU)

    • වනාන්තර වලින් වඳ වී යාමේ ඉහළ අවදානමක් ඇති බවට පිළිගත හැකි හේතු සාධක ඇති තක්සෝනයක්

උදා:

1.පුංචි ලේනා

 

2.බටර් කප්

 

 

6.ජෛව විවිධත්ව උණුසුම් කලාප අර්ථ දක්වන්න.

  • ඒකදේශීක (ආවේණික) විශේෂවල අධික සාන්ද්‍රණයක් සහිත හා ඒවාට අධික තර්ජනයක් සහිත ප්‍රදේශ.

 

 

 

විශේෂ

අර්ථ දැක්වීම

උදාහරණ

ඒක දේශික විශේෂ

(Endemic species)

යම් රටකට හෝ ප්‍රදේශයකට හෝ පමණක් සීමා වූ ලෝකයේ වෙනත් ප්‍රදේශයක ස්වාභාවිකව හමු නොවන විශේෂ.

1.Dipterocarpus zeylanicus (හොර)

2. Garcinia quaesita (ගොරකා)

3.Puntius nigrofasciatus (බුලත් හපයා)

4. Loris tardigradus (උණහපුලුවා)

 

දේශීය විශේෂ

(Indigenous species)

ඓතිහාසිකව හඳුනාගත් ස්වාභාවික සීමාවන් තුළ ඇති ශාක හෝ සත්ත්ව විශේෂයකි. යම් භූගෝලිය ප්‍රදේශයක ස්වාභාවික ජෛව විවිධත්වයේ කොටසකි.

  1. ලූලා
  2. කිතුල්

විදේශික විශේෂ

(ආගන්තුක විශේෂ)

(Exotic species)

මානව ක්‍රියාකාරකම් හේතුවෙන් තම ස්වාභාවික ප්‍රදේශයෙන් පිටත වෙනත් භූගෝලීය ප්‍රදේශයකට හඳුන්වා දුන් ජීවී විශේෂයකි.

 

ඒ විශේෂය හඳුන්වා දීම හිතාමතා හෝ අහම්බෙන් සිදුවිය හැක.

අහඹු හඳුන්වාදීම් බොහෝ විට ඍජු හඳුන්වා දීම් වල අපවිත්‍ර කාරක ලෙස සැලකේ.

1.තිලාපියා

2. රබර්

 

පර්යටන විශේෂ

(Migratory species)

ඍතු මගින් තීරණය කළ හා පුරෝකථනය කළ හැකි ලෙස එක් තැනකින් තවත් තැනකට සංචරණය වන විශේෂ.

පර්යටනය මඟින් ප්‍රජනනය සඳහා බලපාන අහිතකර පාරිසරික තත්ත්ව මඟහරවා ගැනීම සිදුකරයි.

1.සුදු රෙදි හොරා (Indian fly catcher)

2. අවිච්චියා (Indian pitta)

 

අවශිෂ්ට විශේෂ

(Relict species)

වර්තමානයේ හුදකලාව හෝ සීමිත ස්ථානවල පවතින, එක්තරා කාලයකදී පුළුල්ව පැතිර තිබූ විශේෂයක ශේෂයන්.

1.Tuatara

2. Ichthyophis

3.Lingula (ලාම්පු බෙල්ලා)

 

ධජයධාරී විශේෂ

(Flagship species)

සං‍රක්ෂණය අවශ්‍ය පරිසර පද්ධතියක් නිරූපණය කිරීම සදහා සංකේතයක් ලෙස තෝරා ගන්නා විශේෂයක්.

1.ඉන්දියාවේ බෙංගාලි කොටියා

2. චීනයේ යෝධ පැන්ඩා

3.ශ්‍රීලංකාවේ කැහිබෙල්ලා(Blue magpie)

 

මූලස්ථාන විශේෂ

(Keystone species)

පරිසර පද්ධතියක ස්ථාවර බව හා ක්‍රියාකාරීත්වය කෙරෙහි ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන විශේෂය.

එම විශේෂය පරිසරයෙන් ඉවත් කළහොත් පරිසර පද්ධතිය බිඳ වැටීමේ නැඹුරුතාවයක් ඇත.

1.පොකුණක ඇති ජල ප්ලවාංග

2.සැවනා වනාන්තර වල අලියා

ආක්‍රමණික විදේශීය විශේෂ

(Invasive Alien species)

ස්වභාවික භූගෝලීය පරාසයෙන් බැහැරව හඳුන්වා දීම හා පැතිරීම මඟින් පැතිරිය හැකි, දේශීය ජෛව විවිධත්වයට තර්ජනය කරන ශාක හෝ සත්ත්ව විශේෂ වේ.

1.Lantana (ගඳපාන)

2.මන්නාවා (Chitala)

3.යෝධ නිදිකුම්බා ශාකය

4.යෝධ අප්‍රිකානු ගෙවතු ගොළුබෙල්ලා

 

 

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet