ජීවානුහරණ ක්‍රම
1. ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව රසායනික ගතිලක්ෂණ හා රූපවිද්‍යාව අධ්‍යනයට ඔවුන් කෘත්‍රිම මාධ්‍ය මත රෝපණය අත්‍යාවශ්‍ය වේ.
මේ සදහා ජීවානුහරණ ක්‍රමවේදයන් අනුගමනය කරමින් රෝපණ මාධ්‍ය සකස් කරන්නේ ඇයි?
- රෝපණ මාධ්‍ය තුළ අධ්‍යනය කරන ක්ෂුද්‍රජීවීන්ට අමතරව වෙනත් ක්ෂුද්‍ර ජීවීන් සිටීම වැළැක්වීමට .
2. ජීවානුහරණය යනු කුමක්ද ?
- අන්තඃබීජාණු ඇතුළත්ව සියලු ආකාරයේ ක්ෂුද්‍රජීවීන් විනාශ කිරීමේ හා ඉවත් කිරීමේ ක්‍රමවේදය .
අන්තඃබීජාණු යනු බැක්ටීරියාවන් අහිතකර කාලවලදී කාලතරණය සදහා යොදා ගනු ලබන ,ඝන බිත්ති සහිත ,දැඩි ප්‍රතිරෝධී ඒකකයකි.

3. ජීවානුහරණ ආකාර කීයද? ඒ මොනවාද ?
2යි
- භෞතික ජීවානුහරණය
- රසායනික ජීවානුහරණය
භෞතික ජීවානුහරණ ක්‍රම
4. භෞතික ජීවානුහරණ ක්‍රම 4 ක් නම් කරන්න.
- තෙත් තාප ජීවානුහරණය
- වියළි තාප ජීවානුහරණය
- පෙරීම – පටල පෙරහන්
- පාරජම්බුල විකිරණය


5. සාමාන්‍යයෙන් තෙත් තාප ජීවානුහරණය මගින් ජීවානුහරණය කරනු ලබන්නේ මොනවාද ?
- රෝපණ මාධ්‍ය
- තාප ස්ථායී ප්‍රතිකාරක /තරල
- විවිධ පරීක්‍ෂණාගාර උපකරණ
6. තෙත් තාප ජීවානුහරණයේ මූලධර්මය කුමක්ද ?
- අධික උෂ්ණත්ව හා පීඩන භාවිතාකරමින් ක්ෂුද්‍රජීවීන්ගේ ප්‍රෝටීන අස්වාභාවීකරණය කිරීම
7. තෙත් තාප ජීවානුහරණය යටතේ පීඩතාපකය මගින් ජීවානුහරණයේදී තිබිය යුතු තත්ත්ව මොනවාද ?
- උෂ්ණත්වය :121 ° C
- පීඩනය : වා.ගෝ.පී 1 / 15 psi
- කාලය : මිනිත්තු 15 පමණ
8. පීඩතාපකය මගින් ජීවානුහරණය කළ හැක්කේ මොනවාද ?
ඉහළ උෂ්ණත්ව හා පීඩන වලට ඔරොත්තු දිය හැකි
- රෝපණ මාධ්‍ය
- ද්‍රාවණ
- සිරින්ජ හා ඉදිකටු
- සෞඛ්‍යාරක්ෂක උපකරණ
(සම්පූර්ණ පෘෂ්ඨයේම හුමාලය ගැටෙන බව තහවුරු කළ හැකි නම් වීදුරු උපකරණ ද ජීවානුහරණය කළ හැක)


9. පීඩතාපකය මගින් සිදුකරන ජීවානුහරණයේ කාර්යක්ෂමතාව කෙසේද?
- ප්‍රියෝන හැර සියලු ක්ෂුද්‍රජීවීන් හා ඔවුන්ගේ අන්තඃබීජාණු විනාශ කිරීමට ප්‍රමාණවත් වේ.
10. වියළි තාප ජීවානුහරණය මගින් ජීවානුහරණය කරනු ලබන දෑ මොනවාද?
- වීදුරු උපකරණ
- පෙට්‍රි දීසි
- පිපෙට්ටු
- ආක්‍රමණ පුඩු (ආමුකූලන පුඩු)
- ආක්‍රමණ කටු ( ආමුකූලන කටු)
- සැත්

11. වියළි තාප ජීවානුහරණය සිදු කරන ආකාර මොනවාද?
- විවෘත දැල්ල
- භස්මීකරණය
- උණුසුම් වායු ජීවානුහරණය
12. වියළි තාප ජීවානුහරණයේ සරලතම ක්‍රමය කුමක්ද?
13. විවෘත දැල්ල මගින් ජීවානුහරණය කරනු ලබන දෑ මොනවාද?
- ආක්‍රමණ පුඩු
- ආක්‍රමණ කටු
- සැත
14. විවෘත දැල්ල භාවිතයෙන් ආක්‍රමණ පුඩුවක් ජීවානුහරණය කරන්නේ කෙසේද?
- බන්සන් දැල්ලෙන් හෝ ස්ප්‍රීතු දැල්ලෙන් ආක්‍රමණ පුඩුව රක්තතප්ත වන තෙක් රත් කිරීමෙන්
ආමුකූලන පුඩුවක් ජීවානුහරණය කිරීම
ආමුකූලන කටුවක් ජීවානුහරණය කිරීම
15. භෂ්මීකරණය සදහා භාවිතා කරන අයිතමය කුමක්ද?
16. භෂ්මීකරණය මගින් ජීවානුහරණය කරන්නේ මොනවාද?
17. විවෘත දැල්ලෙන් දැවීම හා භෂ්මීකරණයේ මූලධර්මය කුමක්ද?
- ක්ෂුද්‍ර ජීවීන් දවා අළු බවට පත් කිරීමෙන් විනාශ කිරීම
18. උණුසුම් වායු ජීවානුහරණයේ මූලධර්මය කුමක්ද?
- ඔක්සිකරණය මගින් ක්ෂුද්‍ර ජීවීන් මරා දැමීම.(විනාශ කිරීම)
19. උණුසුම් වායු ජීවානුහරණයේදී භාවිතා කරන වියළි වායු උදුනක තත්ත්ව සදහන් කරන්න.
20. උණුසුම් වායු ජීවානුහරණය මගින් ජීවානුහරණය කරන අයිතම මොනවාද?
- පෙට්‍රි දීසි
- ප්ලාස්කු
- බීකර
- බෝතල් හා පිපෙට්ටු වැනි වීදුරු භාණ්ඩ

21. පැස්ටරීකරණය යනු කුමක්ද?
- නිශ්පාදනයක රස, වයනය හා පෝෂක අන්තර්ගතයට විශාල හානි සිදු නොවන පරිදි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සදහා තාපය අධික නොවන ලෙස යොදා සිදු කරන ජීවානුහරණ ක්‍රමය
22. කිරි පැස්ටරීකරණයේ අරමුණ කුමක්ද?
- ව්‍යාධිජනක ක්ෂුද්‍ර ජීවීන් ඉවත් කර හා ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාව අඩු කර ශීතකරණ තත්ත්ව යටතේ කිරිවල ගුණාත්මක භාවය දිගුකාලීනව පවත්වා ගැනීම.

23. පැස්ටරීකරණ ක්‍රම කීයද ඒ මොනවාද?
- 2 යි
- අධි උෂ්ණත්ව කෙටි කාලීන පැස්ටරීකරණය (HTST)
- අඩු උෂ්ණත්ව දිගුකාලීන පැස්ටරීකරණය (LTLT)
24. අධි උෂ්ණත්ව කෙටිකාලීන පැස්ටරීකරණය සිදු කරන තත්ත්ව මොනවාද?
- උෂ්ණත්වය : 72 °C
- කාලය : තත්පර 15
25. අඩු උෂ්ණත්ව දිගුකාලීන පැස්ටරීකරණය සිදු කරන තත්ත්ව මොනවාද?
- උෂ්ණත්වය : 63 ° C
- කාලය : මිනිත්තු 30

26. පැස්ටරීකරණය මගින් ජීවානුහරණය කරනු ලබන දෑ මොනවාද?
27. ඉතා ඉහළ උෂ්ණත්ව (Ultra High Temperature/UHT) කිරි ජීවානුහරණය සිදු කරන ආකාරය හා එහි වාසිය කුමක්ද?
- ආකාරය: වේගයෙන් විදෙමින් පැතිරෙන 140 ° C ක හුමාලයෙන්,තත්පර 5 කට වඩා අඩු කාලයක් කිරි රත් කිරීම
- වාසිය: ශීතකරණයකින් බැහැරව මාස ගණනක් වුවත් කිරි නරක් නොවී තබා ගත හැකි වීම.
Sterilization system
28. තැම්බීම මගින් ජීවානුහරණය කරන්නේ මොනවාද?
- ශල්‍ය උපකරණ වැනි ද්‍රව්‍ය
29. පෙරීම සදහා යොදා ගන්නා ජීවානුහරණ අයිතමය කුමක්ද?
30. පටල පෙරහන් භාවිතයෙන් ජීවානුහරණය කරන්නේ මොනවාද?
තාප සංවේදී,
- එන්සයිම
- විටමීන
- ප්‍රතිජීවක
- එන්නත් අන්තර්ගත ද්‍රාවණ
- සමහර රෝපණ මාධ්‍ය
31. පෙරීමේ ජීවානුහරණ මූලධර්මය කුමක්ද?
- පෙරහන තුළ ක්ෂුද්‍ර ජීවීන් රදවා ගැනීම.
32. පෙරීමේදී ජීවානුහරණය කරනු ලබන ද්‍රව ගමන් කරනුයේ කුමන පරිසරයකද?
33. පටල පෙරහනක සිදුරක විශ්කම්භය කොපමණද?
- මයික්‍රොමීටර 0.01-0.45 පමණ
34. එවැනි පෙරහන් මගින් පෙරා ඉවත් කළ හැකි දෑ මොනවාද?
- සමහර විශාල ප්‍රෝටීන අණු
- වෛරස
- බොහෝ ක්ෂුද්‍ර ජීවීන්

පටල පෙරහන් මගින් ජීවානුහරණය

35. UV විකිරණයේ මූලධර්මය කුමක්ද?
- ක්ෂුද්‍ර ජීවීන් UV කිරණ වලට සෘජුවම නිරාවරණය කිරීමෙන් ඔවුන්ගේ DNA විනාශ වීම/ හානි සිදුවීම මගින් ක්ෂුද්‍ර ජීවීන් මරා දැමීම.
36. පාරජම්බුල විකිරණයේ ප්‍රධාන අවාසිය කුමක්ද?
- UV විකිරණ කඩදාසි, වීදුරු, රෙදි වැනි ආවරණ හා ඝන පෘෂ්ඨ හරහා විනිවිද නොයෑම
37. UV විකිරණය මගින් ජීවානුහරණය කරන්නේ මොනවාද?
- ශල්‍යාගාර, රෝහල් අවකාශවල ඇති වාතය
- තවාන් (nurseries)
UV විකිරණය කල රෝහල් කාමරයක්
ජීවානුහරණයේ රසායනික ක්‍රම
38. ජීවානුහරණයේ රසායනික ක්‍රම 2 ක් ලියන්න.
- එතිලීන් ඔක්සයිඩ් මගින් ජීවානුහරණය
- ක්ලෝරීන් ඩයොක්සයිඩ් මගින් ජීවානුහරණය
39. රසායනික ජීවානුහරණයේ අරමුණ කුමක්ද?
- රසායනික කාරක මගින් ක්ෂුද්‍ර ජීවී ගහනය ආරක්ෂිත මට්ටමට අඩු කිරීම හෝ රෝග කාරකයන්ගේ වර්ධන ආකාර ඉවත් කිරීම.
40. එතිලීන් ඔක්සයිඩ් මගින් සිදුකරන්නේ කුමක්ද?
- බැක්ටීරියා අන්තඃබීජාණු හා ක්ෂුද්‍ර ජීවීන් මරා දැමීම.
41. රෝහල් ඇදන් වල මෙට්ට ජීවානුහරණයට එතිලීන් ඔක්සයිඩ් යොදා ගැනීමට හේතුව කුමක්ද?
- එතිලීන් ඔක්සයිඩ් වලට ඉහළ විනිවිද යාමේ හැකියාවක් තිබීම.
එතිලීන් ඔක්සයිඩ් මගින් ජීවානුහරණය
42. ක්ලෝරීන් ඩයොක්සයිඩ් යොදා ජීවානුහරණය කරන්නේ මොනවාද?
- Bacillus anthracis හි අන්තඃබීජාණු වලින් දූෂිත වූ, ආවරණයවූ ගොඩනැගිලි සහිත ප්‍රදේශ.
43. ක්ලෝරීන් ඩයොක්සයිඩ් වල තවත් භාවිතයක් දෙන්න.
- ක්ලෝරීනීකරණයට පෙර ජලය පිරියම් කිරීමට භාවිතා වේ.

රෝපණ මාධ්‍ය සකස් කිරීම.

ක්ලෝරීන් ඩයොක්සයිඩ් ජනක යන්ත්‍රයක්
44. ක්ෂුද්‍ර ජීවීන්ගේ ස්වභාවික වාසස්ථාන මොනවාද?
45. ක්ෂුද්‍ර ජීවීන්ගේ වර්ධනයට හා ප්‍රජනනයට අවශ්‍ය තත්ත්ව කෘත්‍රිමව සපයා දෙමින්, ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂණාගාර තුළ රෝපණය කිරීමට හේතුව කුමක්ද?
- ක්ෂුද්‍ර ජීවීන් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථාන වලදී අධ්‍යනය කළ නොහැකි වීම.

46. ක්ෂුද්‍ර ජීවී රෝපණ මාධ්‍යක් යනු කුමක්ද ?
- පරීක්ෂණාගාර තත්ත්ව යටතේ ක්ෂුද්‍ර ජීවීන් වර්ධනයට අත්‍යාවශ්‍ය වන, පෝෂණය හා රැදී සිටීම(Anchorage) සපයා දෙන පෝෂණ ද්‍රව්‍ය.
47. සියලු ක්ෂුද්‍ර ජීවීන් පරීක්ෂණාගාර රෝපණ මාධ්‍ය වල වගා කළ නොහැක. එවැනි ක්ෂුද්‍ර ජීවීන් හදුන්වනු ලබන්නේ කෙසේද?
- රෝපණය කළ නොහැකි ක්ෂුද්‍ර ජීවීන් ලෙස
48. ක්ෂුද්‍ර ජීවී රෝපණ මාධ්‍යක ඇතුළත් විය යුතු ප්‍රධාන අංග මොනවාද?
- අවශ්‍ය පෝෂක
- ප්‍රමාණවත් තෙතමනය
- උචිත pH අගය
49. රෝපණ මාධ්‍යක් සකස් කිරීමේදී මූලික වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත කුමක්ද?
- රෝපණ මාධ්‍ය පිළියෙළ කිරීමට ගන්නා වීදුරු උපකරණ හා දියරමය පෝෂණ ද්‍රාවණ ජීවානුහරණය කිරීම

50. ක්ෂුද්‍ර ජීවීන් රෝපණයට සුලබව භාවිතා කරන මාධ්‍යන් 2 ක් නම් කර, එම මාධ්‍යන් වල රෝපණය කරන ක්ෂුද්‍ර ජීවී වර්ගය ඉදිරියෙන් දක්වන්න.
- පෝෂ්‍ය ඒගාර්(NA) : බැක්ටීරියා
- අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර් (PDA) : දිලීර

51. පෝෂ්‍ය ඒගාර් මාධ්‍යයේ සංඝටක මොනවාද?
- පෙප්ටෝන
- මාංස නිස්සාරකය
- සෝඩියම් ක්ලෝරයිඩ්
- ඒගාර්
- ආස්‍රැත ජලය
52. අර්තාපල් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර් වල අඩංගු සංඝටක මොනවාද?
- අර්තාපල්
- ග්ලූකෝස්
- ඒගාර්
- ආස්‍රැත ජලය
රෝපණ මාධ්‍යක් සකස් කරගන්නා ආකාරය
53. රෝපණ මාධ්‍යකට ඒගාර් භාවිතා වන්නේ කුමක් ලෙසද?
54. ඒගාර් ඝනීකරණය වන්නේ කුමන උෂ්ණත්ව වලදී ද?
- 40 ° C ට අඩු උෂ්ණත්ව වලදී
55. ක්ෂුද්‍ර ජීවීන් වර්ධනය සදහා ඝන රෝපණ මාධ්‍ය අඩංගු කිරීමට භාවිතාකරන විද්‍යාගාර අයිතම මොනවාද ?
56. සම්මත ආලෝක අන්වීක්ෂයෙන් ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණයට පෙර වර්ණ ගැන්වීමට හේතුව පැහැදිලි කරන්න.
- සම්මත ආලෝක අන්වීක්ෂයෙන් නිරීක්ෂණයේදී ක්ෂුද්‍ර ජීවීන් අවර්ණව දර්ශනය වීම.
57. ක්ෂුද්‍ර ජීවී නියැදි වර්ණ ගැන්වීමේ අරමුණ කුමක්ද?
- ක්ෂුද්‍ර ජීවියා මුලුමනින්ම ඉස්මතු කර දැක්වීම මගින් සෛල හැඩය, සෛල සැකැස්ම හා මූලික ව්‍යූහ දෘශ්‍යමාන වීමට සැලැස්වීම .

58.ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීමට පෙර සිදු කරන පියවර කුමක්ද ?
- ක්ෂුද්‍ර ජීවීහු වීදුරු කදාවට තිර කිරීම (ඇලවීම)
59. සරල වර්ණකයක් යනු කුමක්ද?
- එක් මූලික ඩයි වර්ගයක් අඩංගු ජලීය ද්‍රාවණයක් හෝ මධ්‍යසාරීය ද්‍රාවණයක්
60. විද්‍යාගාරයේදී බහුලව භාවිතා වන සරල වර්ණක වර්ග 3 ක් නම් කරන්න.
- මෙතිලීන් බ්ලූ
- ක්‍රිස්ටල් වයලට්
- සැෆ්රනීන්
ක්ෂුද්‍ර ජීවීන් වර්ණ ගැන්වීමේ නිවැරදි ක්‍රමය
