රසායන විද්‍යාවදවසට පාඩමක්06.03.03.ii - d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Fe - Zn)

06.03.03.ii – d ගොනුවේ මූලද්‍රව්‍යවල ගතිගුණ හා සංකීර්ණ(Fe – Zn)

Fe – Iron – 1s22s22p63s23p63d64s2

  • යකඩවල ඔක්සයිඩ, කෝක් හෝ එවැනි ඔක්සිහාරක රත්කිරීමෙන් ලෝහ‍ය ලබාගනී.
  • ඔක්සිකාරක ගුණ නොමැති අම්ල සමඟ යකඩ ප්‍රතික්‍රියා වී හයිඩ්‍රජන් මුදාහරිමින් Fe2+ ලවණ සෑදේ.
  • මෙසේ ඇති වන අයනවලින් කොටසක් වාතය හමුවේදී ඔක්සිකරණය වී Fe3+ සං‍යෝග බවට පත්වේ.

a. Fe2+

H2O සමඟ

    • ජලයේ දියවෙමින් පහත ආකාරයට කොළ පැහැති ද්‍රාවණයක් වෙයි.
        • Fe2+(s) + 6H2O(l) → [Fe(OH2)6]2+(aq)

ජලීය NH3 /NaOH සමඟ

      • Fe(OH)2 කැත කොළ පාට අවක්ෂේපය ලැබේ.
      • Fe2+(aq) + 2NaOH(aq) → Fe(OH)2(s) +Na+(aq)
      • Fe2+(aq) + 2NH4OH(aq) → Fe(OH)2(s) +NH4+(aq)
    • මෙම ලැබුණු කොළ පාටට හුරු අවක්ෂේපය වායුගෝලීය ඔක්සිකරණයට ලක්වෙමින් Fe(OH)3, රතු-දුඹුරුපාට අවක්ෂේපය බවට පත්වේ.
      • 4Fe(OH)2(s) + O2(g) + 2H2O(l) → 4Fe(OH)3(s)

Clඅයන සමඟ

    • සාන්ද්‍ර Cl අයන Fe2+වලට යෙදූ විට කහ පාට ද්‍රාවණයක් ගෙන දෙයි.
      • [Fe(OH2)6]2+(aq) + 4Cl(aq) → [FeCl4]2-(aq) + 6H2O(l)

CN සමඟ

    • ප්‍රතික්‍රියාවේ දී ලා කහ පාටට හුරු ද්‍රාවණයක් ලැබේ.
      • Fe2+(aq) + 6CN(aq) → [Fe(CN)6]4-(aq)
    • Fe2+ අයන වායුගෝලීය ඔක්සිකරණයට ලක්වේ. කහ දුඹුරු පාට ද්‍රාවණයක් ලැබේ.
      • 4[Fe(H2O)6]2+(aq) +O2(g) + 2H2O(l) → 4[Fe(H2O)6]3+(aq) + 4OH¯(aq)
    • Fe2+ අයන හඳුනාගැනීම සඳහා K3[Fe(CN)6] යොදාගනී. ඒවා සමඟ KFe[Fe(CN)6], තද නිල් පැහැති  අවක්ෂේපයක් ලැබේ.‌‌

b. Fe3+

H2O සමඟ

    • ජලය සමඟ කහ දුඹුරු පාට ද්‍රාවණයක් ලැබේ.
      • Fe3+(s) + 6H2O(l) → [Fe(H2O)6]3+(aq)

NH3(aq) හෝ NaOH(aq) සමඟ

    • රතු දුඹුරු පාට අවක්ෂේපයක් ඇතිවේ.
      • [Fe(OH2)6]3+(aq) + 3NH4OH(aq)  → Fe(OH)3(s)↓ + 3NH4+ + 6H2O(l)
      • [Fe(OH2)6]3+(aq) + 3NaOH(aq)  → Fe(OH)3(s)↓ + 3Na+ + 6H2O(l)
    • (ඉහත අවක්ෂේපය [Fe(OH)3(H2O)3](s) ලෙසද ලිවිය හැකිය)

Cl අයන සමඟ

    • සාන්ද්‍ර Cl¯අයන Fe3+වලට යෙදූවිට කහ පාට ද්‍රාවණයක් ගෙනදෙයි.
      • [Fe(OH2)6]3+(aq) + 4Cl¯(aq) → [FeCl4]¯(aq) + 6H2O(l)

CN සමඟ

    • දුඹුරු පාටට හුරු ද්‍රාවණයක් සාදයි.
      • [Fe(OH2)6]3+(aq) + 6CN¯(aq) → [Fe(CN)6]3-(aq) + 6H2O(l)

SCN සමඟ

    • ලේ රතු පාට සංකීර්ණ කිහිපයක් ගෙනදෙයි.
      • Fe3+(aq) +SCN¯(aq) → [Fe(SCN)]2+(aq)
      • Fe3+(aq) + 2SCN¯(aq) → [Fe(SCN)2]+(aq)
      • Fe3+(aq) +3SCN¯(aq) → [Fe(SCN)3](aq)
      • Fe3+(aq) +4SCN¯(aq) → [Fe(SCN)4]¯(aq)
  • Fe3+ද්‍රාවණයකට සැලිසිලික් අම්ලය යෙදූවිට දම් පාට ද්‍රාවණයක් ‌ලැබේ.
  • Fe3+අයන හඳුනාගනීමට K4[Fe(CN)6] සමඟ මිශ්‍රකල විට KFe[Fe(CN)6], ප්‍රශියන් නිල් අවක්ෂේපය සෑදීම යොදාගත හැකිය.

Co – Cobalt 1s22s22p63s23p63d74s2

  • ජලීය ද්‍රාවණයකදී රෝස පාට Co2+ අයන සාදයි.
    • Co2+(s) + 6H2O(l) → [Co(H2O)6]2+(aq)
  • Co2+ අයනවලට NaOH/NH4OH යෙදූ විට රෝස පැහැති අවක්ෂේපයක් සෑදේ.
    • Co2+(aq) + NaOH(aq) → Co(OH)2(s)
  • මෙම අවක්ෂේපය වැඩිපුර NH4OH වල දිය වී කහ දුඹුරු පැහැති ඇමීන් සංකීර්ණය සාදයි.
    • Co(OH)2(s) + NH4OH(aq) → [Co(NH3)6]2+(aq) + 2OH(aq) + 6H2O(l)
  • මෙම කහ දුඹුරු ඇමීන් සංකීර්ණය වායුගෝලීය වාතයට නිරාවරණය වූ විට හෝ භාෂ්මික මාධ්‍යයේදී  H2O2 හමුවේ ද තැඹිලි දුඹුරු පැහැති ඇමීන් සංකීර්ණයක් බ්වට ඔක්සිකණය වේ.
    • [Co(NH3)6]2+(aq) + O2(g)/H2O2(l) → [Co(NH3)6]3+(aq)
  • Co2+ වලට සාන්ද්‍ර HCl හෝ වැඩිපුර Cl¯එකතු කරන විට තද නිල් පැහැති ද්‍රාවණයක් ලැබේ.
    • [Co(H2O)6]2+(aq) + HCl(aq) → [CoCl4]2-(aq) + 4H+(aq) + 6H2O(l)
  • භාෂ්මික මාධ්‍යයේදී H2S බුබුලනය කළ විට කළු පාට අවක්ෂේපයක් ලැබේ.
    • Co2+(aq) + H2S(g) CoS(s) + 2H+

Ni – Nickel – 1s22s22p63s23p63d104s0

  • ඔක්සිකාරක ගුණ නොමැති අතර තනුක අම්ල සමඟ ප්‍රතික්‍රියාවෙන් Ni2+අයන සාදයි.
  • ජලීය ද්‍රාවණයක දී කොළ පැහැති වේ.
    • Ni2+(s) + 6H2O(l) → [Ni(H2O)6]2+(aq)
  • NaOH/NH4OH වලට එකතු කරන විට පළමුව කොළ පැහැති අවක්ෂේපයක් ලැබේ.
    • [Ni(H2O)6]2+(aq) + 2NH4OH(aq) → Ni(OH)2(s)↓ + 2NH4+(aq) + 6H2O(l)
  • එය වැඩිපුර NH4OH හෝ සාන්ද්‍ර NH3 වල දිය වී තද නිල් පැහැති ඇමීන් සංකීර්ණයක් සාදයි.
    • Ni(OH)2(s) + NH4OH(aq) → [Ni(NH3)6]2+(aq) + 2OH(aq) + 6H2O(l)
  • Ni2+ වලට සාන්ද්‍ර HCl හෝ වැඩිපුර Cl එකතු කරන විට කහ දුඹුරු පැහැති ද්‍රාවණයක් ලැබේ.
    • [Ni(H2O)6]2+(aq) + HCl(aq) → [NiCl4]2-(aq) + 4H+(aq) + 6H2O(l)

Ni2+අයනය NH3 හා HClසමඟප්‍රතික්‍රියාව

  • Ni2+භාස්මික මාධ්‍යයේදී H2S සමඟ බුබුලනය කළ විට කළු පැහැති අවක්ෂේපයක් සෑදේ.
    • [Ni(H2O)6]2+(aq) + H2S(g) NiS(s)↓ + 2H+(aq) + 6H2O(l)
  • Ni2+ වැඩිපුර හෝ සාන්ද්‍ර CN¯ හමුවේ දී කහ පැහැති සංකීර්ණයක් සාදයි.
    • [Ni(H2O)6]2+(aq) + CN¯(aq) → [Ni(CN)4]2-(aq) + H2O(l)
  • සියුම්ව කුඩු කරන ලද නිකල් ලෝහය කාබන්මොනොක්සයිඩ් හමුවේදී මද වශයෙන් උණුසුම් කිරීමෙන් ඵලයක් ලෙස [Ni(CO)4]2+ සංකීර්ණය සාදයි.
  • Ni2+ වලට භාෂ්මික මාධ්‍යක දී DMG යෙදූ විට රතු පැහැ අවක්ෂේපයක් ලැබේ.

Cu – Copper – 1s22s22p63s23p63d104s1

බොහෝ තනුක අම්ල සමඟ ප්‍රතික්‍රියා නොකළ ද සාන්ද්‍ර H2SO4 හෝ සාන්ද්‍ර/තනුක HNO3 සමඟ ප්‍රතික්‍රියා කරමින් Cu2+ බවට ඔක්සිකරණය වේ. Cu2+ ඔක්සිකරණ අවස්ථාව ජලීය ද්‍රාවණවලදී Cu+ ඔක්සිකරණ අවස්ථාවට වඩා ස්ථායි වේ.

  • Cu2+ ජලීය ද්‍රාවණයකදී ළා නිල් පැහැ වේ.
    • Cu2+(s) +6H2O(l) → [Cu(H2O)6]2+(aq)
  • NaOH/NH4OH වලට එකතු කරන විට පළමුව නිල් පැහැති අවක්ෂේපයක් ලැබේ.
    • [Cu(H2O)6]2+(aq) + NH4OH(aq) → Cu(OH)2(s) + 2NH4+(aq) + 6H2O(l)
  • එය වැඩිපුර NH4OH වල දිය වී තද නිල් පැහැති ඇමීන් සංකීර්ණයක් සාදයි.
    • Cu(OH)2(s) + NH4OH(aq) → [Cu(NH3)4]2+(aq) + 2NH4+(aq) + 6H2O(l)

Cu2+අයනය NH3 හා වැඩිපුර NH3 සමඟප්‍රතික්‍රියාව

  • Cu2+ ජලීය ද්‍රාවණයකට වැඩිපුර සාන්ද්‍ර HCl එකතු කරන විට පළමුව ද්‍රාවණය කොළ පැහැයට හැරී අවසානයේ කහ පැහැයට හැරේ.
    • [Cu(H2O)6]2+(aq) + Cl¯(aq) → [CuCl(OH2)5]¯(aq) + H2O(l)
    • [Cu(H2O)6]2+(aq) + 4Cl¯(aq) → [CuCl4]2-(aq) + 6H2O(l)
  • Cu2+ භාස්මික මාධ්‍යයේ දී සමඟ H2S බුබුලනය කළ විට කළු පැහැති අවක්ෂේපයක් සෑදේ.
    • Cu2+(aq) + H2S(g) CuS(s)+ 2H+(aq)
  • Cu2+ වලට වැඩිපුර KI යෙදූ විට සුදු පැහැති අවක්ෂේපයක්‌ දේ.
    • 2Cu2+(aq) + 4KI(aq) → 2CuI(s)↓ + I2(aq) + 4K+(aq)
  • CuCl, CuBr, CuI, CuSCN, CuCN යන ඒවා සුදු අවක්ෂේප වන අතර HNO3 වල දියවී Cu2+නිල්පාට ද්‍රාවණය සාදයි.

Zn – Zinc – 1s22s22p63s23p63d104s2

  • 3d මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය znවලට පවතියි.
  • උභයගුණි නිසා අම්ල සමඟ මෙන්ම භෂ්ම සමඟ ද ප්‍රතික්‍රියා කර හයිඩ්‍රජන් වායුව පිටකරයි.
    • Zn(aq) + 2HCl(aq) → ZnCl2(aq) + H2(g)
    • Zn(aq) + 2NaOH(aq) + H2O(l)  Zn(OH)2(s)↓+ Na2O(s) + H2(g)
  • වැඩිපුර NaOH හමුවේ දියවේ.
    • Zn(OH)2(s) + 2NaOH(aq) → Na[Zn(OH)4](aq) / Na2ZnO2(aq) + 2H2O(l)
  • ජලීය ද්‍රාවණය අවර්ණ වේ.
    • Zn2+(s) + 6H2O(l) → [Zn(H2O)6]2+(aq)
  • Zn2+ජලීය ද්‍රාවණයට NH3(aq) යෙදූවිට Zn(OH)2 සුදු අවක්ශේපය ලැබෙන අතර වැඩිපුර NH3 හමුවේදී දියවී අවර්ණ ඇමීන් සංකීර්ණය සාදයි.
    • Zn(OH)2(s) + 4NH4OH(aq) → [Zn(NH3)4]2+(aq) +2OH + 2H2O(l)
  • Zn(OH)2 සුදු අවක්ෂේපයට සාන්ද්‍ර HCl යෙදූ විට එය දිය වී අවර්ණ සංකීර්ණය සෑදේ.
    • Zn(OH)2(s) + 4HCl(aq) → [ZnCl4](aq) + 2H2O(l) + 2H+(aq)

ZnO සුදු පැහැති සං‍යෝගයක් වන අතර එය රත්කිරීමේදී කහ පැහැ වී නැවතත් සිසිල්කිරීමේදී සුදු පැහැ වේ.

d ගොනුවේ මූලද්‍රව්‍යවල ප්‍රයෝජන

  •  Ti -මිශ්‍ර ලෝහ සෑදීමට, තීන්තවල සුදු වර්ණය ඇතිකිරීමට TiO2
  • V -මිශ්‍ර ලෝහ සෑදීමට, V2O5 උත්ප්‍රේරක ලෙස
  • Cr -මිශ්‍ර ලෝහ සඳහා විද්‍යුත්ලෝහාලේපනයට,හම් පදම් කිරීම.
  • Mn -වානේ, යකඩ මළ කෑම වැළක්වීමට, මිශ්‍ර ලෝහ සෑදීමට,ප්‍රබල ඔක්සිකාරක සාදාගැනීමට
  • Fe-වානේ කම්බි,මිශ්‍රලෝහ,ගොඩනැගිලි කර්මාන්තය
  • Co- මිශ්‍ර ලෝහ සෑදීමට,කාන්දම් සෑදීමට,වර්ණවත් වීදුරු නිෂ්පාදනයට,වෛද්‍ය විද්‍යාවේ දී විකිරණ 60Co සමස්ථානික විකිරණ ප්‍රභවයක් ලෙස භාවිතා වේ.
  • Ni -මල නොබැඳෙන වානේ සෑදීමේදී, මිශ්‍ර ලෝහ, බැටරි නිෂ්පාදනයේදී
  • Cu -ලෝහ සන්නායක සෑදීමට, මිශ්‍ර ලෝහ සෑදීමට
  • Zn -යකඩ ගැල්වනයිස් කිරීමේදී , බැටරි කර්මාන්තයේදී

 ආන්තරික මූලද්‍රව්‍ය ප්‍රකාශ වෝල්ටීය කෝෂවල ඇති කැල්සියම්ටෙලුරයිඩ් හා කොපර්ඉන්ඩියම්ඩයිසෙලිනයිඩ් වැනි සං‍යෝග නිෂ්පාදනයට භාවිතා කරයි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom