දවසට පාඩමක්08 දවස07.02.01 - කාබනික සංයෝගවල IUPAC නාමකරණය

07.02.01 – කාබනික සංයෝගවල IUPAC නාමකරණය

  • ශුද්ධ හා ව්‍යවහාර රසායන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සංගමය විසින් ( International Union of Pure and Applied Chemistry – IUPAC ) කාබනික සංයෝග නම් කිරීමේ ක්‍රමානුකූල ක්‍රමයක් ඉදිරිපත් කරන ලදී.
  • IUPAC නාමකරණයට අනුව සංයෝගයක් සඳහා යොදනු ලබන නාමය කොටස් කිහිපයකින් සමන්විත වේ.
    1. ව්‍යුහයෙහි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දැක්වීමට යොදනු ලබන ප්‍රත්‍යය.
    2. සංයෝගයේ ප්‍රධාන කාබන් දාමය හඳුනාගැනීමට යොදනු ලබන සැකිල්ලේ නාමය.
    3. ආදේශ කාණ්ඩ දැක්වීමට යොදනු ලබන උපසර්ග.
    4. ආදේශ කාණ්ඩ, අතිරේක කාණ්ඩ සහ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය දාමයට සම්බන්ධ වී තිබෙන ස්ථානය දැක්වීමට යොදනු ලබන අංක.
  • IUPAC නීති වලට අනුව කාබනික සංයෝගයක් නම් කිරීමේදී අනුගමනය කෙරෙන ප්‍රධාන පියවර 6 කි.

පියවර 1

නාමකරණයට නියමිත කාබනික සංයයෝගයේ අඩංගු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය හඳුනාගැනීම සහ කාබනික සංයයෝගයේ නාමය අවසන් වන ආකාරය ඒ අනුව තීරණය කිරීම.

පියවර 2

ප්‍රධාන කාබන් දාමය හඳුනාගැනීම

පියවර 3

ආදේශ කාණ්ඩ හඳුනාගැනීම හා ඒවායේ යෙදී ඇති වාර ගණනට අනුරූප පෙර ඈඳුම් පද්‍ය (prefix) තීරණය කිරීම

පියවර 4

ප්‍රධාන කාබන් දාමය අංකනය කිරීම

පියවර 5

සම්බන්ධිත ආදේශ කාණ්ඩ නාමකරණය කිරීම.

පියවර 6

ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට සහ ප්‍රධාන කාබන් දාමයේ C පරමාණු ගණනට අනුරූප ලෙස නාමය අවසන් කිරීම.

කාබනික සංයෝග නාමකරණය තුළ ඉලක්කම් දෙකක් අතර සෑමවිටම  ” , ”  යෙදෙන අතර ඉලක්කමක් සහ අකුරක් අතර සෑමවිටම  ” – ” යෙදෙනු ඇත.

1 වගුව – ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ ප්‍රමුඛතා අනුපිළිවෙල

ප්‍රමුඛතාවය වැඩිම ක්‍රියාකාරී කාණ්ඩයේ සිට ප්‍රමුඛතාවය අඩුම ක්‍රියාකාරී කාණ්ඩය දක්වා සුලබව හමු වන ක්‍රියාකාරී කාණ්ඩ වල ප්‍රමුඛතා අනුපිළිවෙල සහ එම එක් එක් ක්‍රියාකාරී කාණ්ඩය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වන විට අදාළ කාබනික සංයෝගයේ නාමය අවසන් විය යුතු ආකාරය පහත වගුවේ දැක්වේ.

ප්‍රමුඛතා ස්ථානය කාණ්ඩය සදෘශ ශ්‍රේණියේ නාමය ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වශයෙන් නාමය
1 -COOH කාබොක්සිලික් අම්ල oic acid
2 -COO- ඒස්ටර oate
3 -COX අම්ල හේලයිඩ oyl halide
4 -CONH2 ඒමයිඩ amide
5 -CN නයිට්‍රිල් nitrile
6 -COH ඇල්ඩිහයිඩ al
7 -CO- කීටෝන one
8 -OH ඇල්කොහොල ol
9 -NH2 ඇමීන amine
10 C-C ද්විත්ව බන්ධන   ene
11 C-C ත්‍රිත්ව බන්ධන   yne

2 වගුව – ප්‍රධාන දාමයේ පවතින කාබන් පරමාණු සංඛ්‍යාව අනුව සංයෝගය නමට යෙදෙන නාම මූලය හා අනුරූප හයිඩ්‍රොකාබනයේ නම

කාබන් පරමාණු ගණන නාම මූලය අනුරූප හයිඩ්‍රොකාබනයේ නම
1 meth Methane
2 eth Ethane
3 prop Propane
4 but Butane
5 pent Pentane
6 hex Hexane

 

3 වගුව – ප්‍රධාන ආදේශ කාණ්ඩ

නාමකරණය කිරීමට ලැබෙන කාබනික සංයෝග වලදී සුලබව හමු වන ප්‍රධාන ආදේශ කාණ්ඩ කිහිපයක් සහ ඒවා සඳහා භාවිතා කරන නාමයන් පිළිබඳව තොරතුරු සාරාංශයක් පහත වගුවේ දැක්වේ.

ආදේශ කාණ්ඩය නාමය
-COO- oxy carbonyl
-COX haloformyl
-CONH2 Carbomyl
-CN cyano
-COH formyl
-CO- oxo
-OH hydroxy
-NH2 amino
-Cl chloro
-Br bromo
-I iodo
-F fluoro
-C6H5 phenyl
-NO2 nitro

 

  • මීට අමතරව කොටස සහ  යන ක්‍රියාකාරී කාණ්ඩ ද ප්‍රධාන දාමය තුල ප්‍රමුඛ නොවී අවශේෂ කාණ්ඩ ලෙස හමුවන අතර ප්‍රමුඛ නොවන බව හැඟවීම සඳහා ඒවායේ නාමයන්හි අවසාන “ e ” අක්ෂරය නොමැතිව පිළිවෙලින් “ yn” හා “ en” ලෙස නිරූපණය කරනු ලැබේ.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom