විද්‍යා අංශයභෞතික විද්‍යාව02.07.02 - පීඩන සම්ප්‍රේෂණය

02.07.02 – පීඩන සම්ප්‍රේෂණය

පීඩන සම්ප්‍රේෂණයට උදාහරණයක් පහත දැක්වේ.

පැස්කල් නියමය

  • සංවෘත භාජනයක නිසලව තිබෙන තරලයක පෘෂ්ඨය මතට පීඩනයක් යොදනු ලැබූ විට එය තරලයේ සෑම කොටසකටම ද භාජනයේ බිත්ති වලටද නොඅඩුව එක සමානව සම්ප්‍රේෂණය වේ. මෙය, පීඩන සම්ප්‍රේෂණය පිළිබඳ පැස්කල් මූලධර්මය වේ.

ඉහත පින්තූරයේ,         

\begin{array}{rcl}P\;&=&\;\dfrac{F_A}{A_A}\;\rightarrow\;\boxed1\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;P\;=\;\dfrac{F_B}{A_B}\;\rightarrow\;\boxed2\\&&\\\boxed1\;&=&\;\boxed2\;\;\text{බැවින්,}\\&&\\&&\therefore\;\;\;\boxed{\;F_A\;=\;F_B\dfrac{A_A}{A_B}\;}\;\;\;\;\;\lbrack\;\because\;\text{මෙහිදී පීඩන සමාන බැවින් ]}\\&&\\P_A\;&=&\;\text{පීඩනය (A)}\\P_B\;&=&\;\text{පීඩනය (B)}\\F_A\;&=&\;\text{බලය }\\F_B\;&=&\;\text{බලය}\\A_A\;&=&\;\text{වර්ගඵලය (A)}\\A_B\;&=&\;\text{වර්ගඵලය (B)}\end{array}

 

Q1 : හයිඩ්රෝලික එසවුමක පිස්ටන 2හි විශ්කම්භ 5cm හා 60cm වේ. කුඩා පිස්ටනය මත 50 N බලයක් යෙදූ විට‍ විශාල පිස්ටනය මත යෙදෙන බලය කොපමණද?

\begin{array}{rcl}F_A\;&=&\;F_B\dfrac{A_A}{A_B}\\&&\\F_A\;&=&\;50\;\times\;\dfrac{\mathrm\pi\;\left({\displaystyle\dfrac{60}2}\right)^2}{\mathrm\pi\;\left({\displaystyle\dfrac52}\right)^2}\\&&\\F_A\;&=&\;50\;\times\;\dfrac{3600}{25}\\&&\\F_A\;&=&\;7200\;N\end{array}

 

Q2 : හයිඩ්රෝලික එසවුමක් මගින් ඔසවනු ලබන කාරයක ස්කන්ධය 1600kg වේ. එක් පිස්ටනයක වර්ගඵලය අනෙක මෙන් 80 ගුණයක් වේ. මෙය පහසුවෙන් එසවීම සඳහා බලය යෙදිය යුත්තේ කවර පිස්ටනය මතද? එම බලය කොපමණද?

කාරයේ බරට වඩා ඉතා අඩු බලයක් මගින් කාරය එසවීම සඳහා බලය යෙදිය යුත්තේ කුඩා පිස්ටනය මතය.

\begin{array}{rcl}F\;&=&\;16000\;\times\;\dfrac A{80A}\\&&\\&=&\;\;\dfrac{16000}{80}\\&&\\&=&\;200\;N\end{array}

 

ඔබට මෙම කොටස වීඩියෝ ඇසුරින් අධ්‍යයනයට :

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom