විද්‍යා අංශයභෞතික විද්‍යාව02.07.03 -උඩුකුරු තෙරපුම

02.07.03 -උඩුකුරු තෙරපුම

උඩුකුරු තෙරපුම සරලව, ද්‍රව්‍යය විසින් එම අංශුව මත ඇති කරන උඩුකුරු බලයයි. මෙම බලය සියලු අවස්ථාවන්හිදී උඩු අතට බලපායි.

ආකිමිඩීස් මූලධර්මය

“වස්තුවක් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන්, නිශ්චල, සමජාතීය, සංපීඩනය නොවන තරලයක (වායු/ද්‍රව) ගිල්වා ඇති විට ඒමත ඇතිවන උඩුකුරු තෙරපුම , ඒමගින් විස්ථාපනය කර ඇති තරල ප්‍රමාණයේ බරට සමාන වේ. ”

මෙහිදී,
v = වස්තුවේ පරිමාව
𝜌 = ද්‍රවයේ ඝනත්වය
g = ගුරුත්වාකර්ෂණ ත්වරණය

Q1; කුඩා ලී කුට්ටියක් ජලය තුල ගිලී පාවේ. එහි ගිලී ඇති පරිමාව 100cm3 ද, ජලයේ ඝනත්වය 1000kg m-3 ද වේ නම් එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය සොයන්න.

Q2; රබර් බෝලයක් ද්‍රවයක් මත පාවේ. එහි ස්කන්ධය 50 g වේ. එහි පරිමාව 100 cm3 වේ නම් ද්‍රවයේ ඝනත්වය කොපමණද?

රබර් බෝලය සමතුලිතතාවයේ පවතින්නේ එහි බර සහ එය මත ක්‍රියා කරන උඩුකුරු තෙරපුම් බලය යන බල දෙක නිසාය. එවිට,

Q3: 200 g ස්කන්ධයක් ඇති හිස් බඳුනක් තවත් ජල බඳුනක් තුළ ගිලී ඉපිලේ. එම ජල බඳුනට යකඩ 100 g ද එකතු කළහොත් හිස් බඳුන සහ යකඩ කැබැල්ල මගින් විස්තාපිත ජල පරිමාව කොපමනද? (යකඩ වල ඝනත්වය – 7874 kg m-3)

හිස් බඳුන මගින් විස්ථාපිත ජල පරිමාව =  එහි ජලය තුල ගිලී ඇති පරිමාව
ජල බඳුනට,

යකඩ  කැබැල්ල සම්පුර්ණයෙන් ජලයේ ගිලෙන බැවින් එහි පරිමාවට සමාන පරිමාවක් විස්ථාපනය කරයි.

 Q4: කුහර යකඩ ගෝලයක් එහි පරිමාවෙන් ½ක් ජලය තුළ ගිලී පවතී. යකඩ වල ඝනත්වය 8000 kg m-3 නම් වස්තුවේ පරිමාවෙන් කුමන භාගයක් කුහරය පවතීද?

Q5 : ඒකාකාර දණ්ඩක එක් කෙලවරක් ජල බඳුනක බිත්තියට අසව් කර ඇත. දන්ඩේ මුළු දිගෙන් ¼ ක් ජලයෙන් පිටත සිටින සේ දණ්ඩ සමතුලිතතාවයේ ඇත. දණ්ඩ සාදා ඇති ද්‍රව්‍යයේ සාපේක්ෂ ඝනත්වය සොයන්න.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet