භෞතික විද්‍යාව02. යාන්ත්‍ර විද්‍යාව02.03.04 -බලය සහ නිදහස් බල රූප සටහන්

02.03.04 -බලය සහ නිදහස් බල රූප සටහන්

බලය (F) Force

  • බලය-වස්තුවක චලිත ස්වරූපය වෙනස් කරන ගුණාංගය යි.
  • භෞතික ලක්ෂණ මත කොටස් දෙකකි

සෑම බලයක්ම නිව්ටන්ගෙ 3වන නියමය පිළිපදී.

 

  • බර ක්ෂේත්‍ර බලයකි.
\begin{array}{l}W\;=\;m\;\times\;g\\බර\;=\;ස්කන්ධය\;\times\;ගුරුත්වජ\;ත්වරණය\end{array}

බර ලකුණු කිරීමේදි අදාළ වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රයෙන් ලකුණු කරයි.

බලයේ ලක්ෂණ

  • බලය තනිව නොපවතී.යුගලයක් ලෙස පවතී.
  • බල යුගලය විශාලත්වයෙන් සමාන වේ.
  • බල යුගලය දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ.
  • බල යුහලය ඒක රේඛීය වේ.
  • බල යුගලය එකම වස්තුවක් මත නොව වස්තු දෙකක් මත ක්‍රියාත්මක වේ.
  • බල යුගලය බල රූප සටහන් වල දැක්වීමේදි ලකුනු කල යුත්තේ අදාළ බලය ඇතිකළ වස්තුව මත නොව එම බලය ඇතිවුණු වස්තුව මතය. 

ස්පර්ශ බල

  • මෙම බලඇතිවීමට නම් අනිවාර්යයෙන්ම එම වස්තු ස්පර්ශ විය යුතුය
    1. අභිලම්භ ප්‍රතික්‍රියාව
    2. ආතතිය
    3. තෙරපුම
    4. ප්‍රතිරෝධි බලය
      1. ඝර්ෂණය
      2. දුස්ස්‍රාවි බලය

නිදහස් බල රූප සටහන්

1.අභිලම්භ ප්‍රතික්‍රියාව (R)

  • ස්පර්ශ විය යුතුය.
  • පෘෂ්ඨයට ලම්භකව පවති.

R1 = පෙට්ටිය විසින් කේතුව මත බලය

R2 = කේතුව විසින් පෙට්ටිය මත බලය

R3 = පොළව විසින් පෙට්ටිය මත බලය

R4 = පෙට්ටිය විසින් පොළව මත බලය

R1 හා R2 = ක්‍රියා ප්‍රතික්‍රියා යුගල

R3 හා R4= ක්‍රියා ප්‍රතික්‍රියා යුගල

R1 හා R3 ක්‍රියා ප්‍රතික්‍රියා යුගල නොවන්නේ,

1.එකම වස්තුවක බල දෙකම පැවතීම නිසා.

2.බල දෙක විශාලත්වයෙන් සමාන නිසා.

වස්තු දෙකෙන්ම බර ක්‍රියාත්මක වන්නේ (පොළවට) R4 හරහාය.

වක්‍ර පෘෂ්ඨ වල

R1 = පෘෂ්ඨයෙන් දණ්ඩ මත

R2 = දණ්ඩෙන් පෘෂ්ඨය මත

R3 = වක්‍ර පෘෂ්ඨයෙන් දණ්ඩ මත

R4 = දණ්ඩෙන් වක්‍ර පෘෂ්ඨය මත

  • තුඩක් හා පෘෂ්ඨයක් ඇති විට සෑම විටම පෘෂ්ඨයට ලම්භකව බලය ඇතිවේ.
ක්‍රියා ප්‍රතික්‍රියා බලවල ලක්ෂණ

බල යුගල,

  • විශාලත්වයෙන් සමානයි
  • දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි
  • ඒකරේඛීයයි.
  • වස්තු දෙකක් මත ඇතිවේ

2. ආතති බල (T)

තන්තු,කම්බි,දඩු,සර්පිල දුණු ආදියේ ඇතිවේ.

දෙපස වස්තු ආකර්ෂණය වන පරිදි බල ලකුණු කරයි

R1 = තන්තුව විසින් පෙට්ටිය මත

R2 = පෙට්ටිය විසින් තන්තුව මත

  • නිදහස් සහැල්ලු තන්තුවක තන්තුව පුරාවටම ආතතිය සමාන වේ.

තන්තුවක් කප්පියක් මතින් ගොස් ඇත්නම් ආතතිය සමාන වීමට එය සුමට කප්පියක් විය යුතුය.

3. තෙරපුම් බල

දඩු වල ඇතිවේ.

දෙපස වස්තු විකර්ෂණය වන සේ බල ලකුණු කරයි.

  • සැහැල්ලු දණ්ඩක තෙරපුම් බල සෑම තැනම සමාන වේ.

4. ප්‍රතිරෝධි බල

මෙම බල ක්‍රියාතමක වන්නේ චලිතයට/චලිතයට දරණ උත්සහයට ප්‍රතිවිරුද්ධවයි.

ඝර්ෂණය-ඝණ වස්තු දෙකක් අතර ඇතිවේ.

   චලිතයට දරන උත්සහයට විරුද්ධව ඇතිවේ.

                   ඇතිවන්නේ පෘෂ්ඨයට ස්පර්ශීයවයි.

F1=පොළව විසින් පෙට්ටිය මත

  • ද්‍රව හා වාත ප්‍රතිරෝධි බල වලදි, ඒවා සෑම විටම චලිතයට ප්‍රතිවිරුද්ධව ඇතිවේ

මිනිසෙක් ඇවිදින විට ඝර්ෂණය

මිනිසෙක් ඇවිදින විට, පාද දෙක මගින්ම පොළව පසුපසට තල්ලු කරයි.එමනිසා පොළොවෙන් පාද මත ඉදිරියට

ඝර්ෂණයක් ඇතිවේ.එමගින් මිනිසා ඉදිරියට යයි.

       බයිසිකලයක ඝර්ෂණය

  • පසුපස රෝද,

එලවුම් රෝද වේ.

පැඩලය මගින් රෝදය දක්ෂිණාවර්තව කරකවයි.එය වැළැක්වීමට පොළව මගින් රෝදය මත ඉදිරියට ඝර්ෂණ බලයක් ඇතිවේ.බයිසිකලය ඉදිරියට යන්නට හේතු වන්නේ මෙම ඝර්ෂණයයි.රෝදය ඔසවා කැරකුවහොත් මෙම ඝර්ෂණය නැති නිසා බයිසිකලය නොයයි.

  • ඉදිරිපස රෝද

එළවන රෝද වේ.

කැරකවීමට චේන් එකක් නැත.නමුත් බයිසිකලය ඉදිරියට තල්ලු වේ.එම තල්ලු වීම වැළැක්වීමට පොළොවෙන් ඝර්ෂණය පසුපසට ඇතිවේ.මෙම ඝර්ෂණයේ ආධාරයෙන් ඉදිරිපස රෝදය භ්‍රමණය වේ.

https://www.youtube.com/watch?v=IJWEtCRWGvI&feature=youtu.be

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet