- සංයුක්ත ගණිතය II (ව්‍යවහාරික ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න) 05 වැනි ගැටළුවේ අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.
කාර්යය
- බලයක ක්‍රියාකාරී ලක්ෂ්‍යය විස්ථාපනය වීමේදී එම බලයෙන් කෙරෙන කාර්යය වන්නේ බලයේ විශාලත්වයේත්, බලයේ දිශාව ඔස්සේ බලයේ ක්‍රියාකාරී ලක්ෂ්‍යයේ විස්ථාපනයේත් ගුණිතය වේ.
- F බලයෙන් කෙරෙන කාර්යය w නම් ;
W=F\times\cos\theta
W=\underline F\cdot\underline s; වේ.
උදා :- (01)
(02)
- කාර්යය හා ශක්තිය මනින S.I. ඒකකය J වේ.
ජූලය (J) අර්ථ දැකිවීම
1 N ක බලයක් යම් වස්තුවක් මත ක්‍රියාකිරීම නිසා බලයේ ක්‍රියාකාරී ලක්ෂ්‍යය බලයේ දිශාවට 1m විස්ථාපනය වේ නම් එම බලයෙන් කරනු ලබන කාර්යය 1J ක් ලෙස අර්ථ දැක්වේ. (W=F\times s)
- කාර්යය / ශක්තියේ මාන = ML^2T^{-2} වේ.
උදා :- (01) බෝලින් මැෂිමකින් මිනිත්තු 1 ක දී ස්කන්ධය 120 g වන බෝල 10 ක් 15 ms-1 ප්‍රවේගයෙන් යවනු ලැබේ.1s දී මැෂිම කරන කාර්යය සොයන්න.
\begin{array}{l}\begin{array}{l}\text{මිනිත්තුවකදී බෝල ලබාගන්නා චා.ශ}.=\frac12mv^2\times10\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\frac12\times\frac{120}{1000}\times15\times15\times10\\\text{1 s දී චා.ශ}.\;=\frac{225}{100}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=2.25J\end{array}\\1\;s\text{ දී මැෂිමේ කාර්‍ය=}1\;s\text{ දී චා.ශ}\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=2.25J\end{array}උදා :- (02) වස්තුවක ප්‍රවේගය A සිට B ට චලිත වීමේදී 8 ms-1 සිට 6 ms-1 දක්වා අඩු වී ඇත. වස්තුවේ ස්කන්ධය 2kg නම් කරන ලද කාර්යය ප්‍රමාණය සොයන්න.
ශක්තිය
- කාර්යය කිරීමේ හැකියාව ‘ශක්තිය’ ලෙස හැඳින්වේ. එම නිසා ශක්තිය අදිශ රාශියකි. තවද ශක්තිය කාර්යය මනින ඒකකවලින් මනිනු ලැබේ.
- මෙහිදී යාන්ත්‍රික ශක්තිය පිළිබඳ සලකා බලනු ලැබේ.
- යාන්ත්‍රික ශක්තිය යනු වස්තුවක පිහිටීම (වින්‍යාසය) හා චලිතය හේතුවෙන් එය අත්කරගෙන ඇති ශක්තියයි.
- යාන්ත්‍රික ශක්තිය ප්‍රභේද 02 කි.
- චාලක ශක්තිය
- විභව ශක්තිය
චාලක ශක්තිය
- චලිතය නිසා යම් වස්තුවකට අයත් වන ශක්තිය ‘චාලක ශක්තිය’ ලෙස හඳුන්වයි.
- නිසලව ඇති වස්තුවක චා. ශ. ශූන්‍ය වේ.
- වස්තුවක චාලක ශක්තිය මනිනු ලබන්නේ චලිත වන වස්තුවක් නිශ්චලතාවයට පත්වීමේදී වස්තුව විසින් කළ යුතු කාර්යය ප්‍රමාණයෙනි.
A – B චලිතයට ;
\begin{array}{l}\rightarrow v^2=u^2+2as\\\;\;\;0\;\;=v^2+2as\\\;\;\;a\;\;=-\frac{v^2}{2s}\end{array}m ට ;
\begin{array}{l}\rightarrow F=ma\\-F=m\left(\frac{-v^2}{2s}\right)\\\therefore F=\frac{mv^2}{2s}\end{array}F බලයෙන් කළ කාර්යය w නම් ;
\begin{array}{l}W=-F\times s\\W=-\frac{mv^2}{2s}\times s\\W=-\frac12mv^2\end{array}එබැවින් ප්‍රවේගය v වන විට වස්තුව සතු චාලක ශක්තිය EK නම් ;
E_k=\frac12mv^2
විභව ශක්තිය
- වස්තුවක වින්‍යාසය / පිහිටීම නිසා එයට අයත් වන ශක්තිය ‘විභව ශක්තිය’ ලෙස අර්ථ දැක්වේ.
- වස්තුව විභව ශක්තිය මනිනුයේ එය තම වින්‍යාසයේ / පිහිටීමේ සිට යම් සම්මත වින්‍යාසයක් / පිහිටීමක් කරා එලඹීමේදී වස්තුව කරනු ලබන කාර්යය ප්‍රමාණයෙනි.
- එම සම්මත වින්‍යාසයේ / පිහිටීමේ තිබියදී වස්තුවේ විභව ශක්තිය ශූන්‍ය 0 ලෙස සැලකේ.
A හි දී විභව ශක්තිය EA නම් ; EA =mgh
B හි දී විභව ශක්තිය EB නම් ; EB =-mgh’
ශක්ති සංස්ථිති මූලධර්මය
- සංස්ථිතික බල යටතේ සංතථික ව චලිත වන අංශු පද්ධතියක චාලක ශක්තියේත්, විභව ශක්තියේත් ඓක්‍ය නියතයකි. එනම් යාන්ත්‍රික ශක්තිය නියතයකි.
- ශක්ති සංස්ථිති මූලධර්මය යෙදිය හැකි අවස්ථා ;
- ගුරුත්වය යටතේ රික්තයක් තුළ අංශුවක චලිතය සඳහා
- සරල අවලම්භයක චලිතය සඳහා
- ගුරුත්වය යටතේ සුමට පෘෂ්ඨයක් මත අංශුවක චලිතය සඳහා
- ප්‍රත්‍යස්ථ තන්තුවකින් ඈදන ලද අංශුවක චලිතය සඳහා
- සුමට අක්ෂයක් වටා භ්‍රමණය වන දෘඪ වස්තුවක චලිතය සඳහා
උදා :- (01) අංශුවක් පොළොව මතුපිට වූ ලක්ෂ්‍යයක සිට ගුරුත්වය යටතේ සිරස්ව ඉහළට ප්‍රක්ෂේපණය කරනු ලැබේ. එහි චලිතය මුළුල්ලේම (චා. ශ. + වි. ශ.) නියතව පවතින බව පෙන්වන්න.
\begin{array}{l}\therefore P\;\text{හි දී වි.ශ.+චා.ශ}.\;=\frac12mv^2+mgy\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\frac12m\left(v^2+gy\right)\xrightarrow[\;]{}\;\boxed1\\m\uparrow;\;v^2=u^2+2as\\\;\;\;\;\;\;\;\;\;v^2=u^2-2gy\\\;\;\;\;\;\;\;\;u^2=v^2+2gy\\\therefore①\;\text{න් ; P හි දී වි.ශ.+චා.ශ}.=\frac12mu^2\;(\text{නියතයකි}.)\end{array}
උදා :- (02) u ප්‍රවේගයෙන් ගුරුත්වය යටතේ සිරස්ව පහළට ප්‍රක්ෂේපණය කරන ලද අංශුවක් h දුරක් වැටීමෙන් පසු ලබා ගන්නා ප්‍රවේගය සොයන්න.
අංශුව මත ක්‍රියා කරන බල සංස්තිථික වේ.
ශක්ති සංස්තිථියෙන් ;
උදා :- (03) 35m ගැඹුරක සිට ජලය ඉහළට අඳින්නා වූ පොම්පයක් 2 s ක දී ජලය 20l ඉහළට ඔසවා දේ. තත්පරයකදී ජලයට ලබා දෙන විභව ශක්තිය සොයන්න.එම ජලය 15 ms-1 ක වේගයෙන් පිට කරන්නේ නම් ජලයට ලබා දිය යුතු චාලක ශක්තිය සොයන්න.
\begin{array}{l}1\;s\;දී\;විභව\;ශක්තිය\;=\frac{mgh}t\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\frac{20\times10\times35}2\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=3500J\\1\;s\;දී\;චාලක\;ශක්තිය\;=\frac{{\displaystyle\frac12}mv^2}t\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=\frac12\times20\times15\times15\times\frac12\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=1125J\end{array}සරල අවලම්භයක චලිතය
- තන්තුවේ ආතතිය T , අංශුවේ චලිත දිශාව සැම විටම ලම්භ බැවින් T මඟින් කාර්යයක් නොකෙරේ. එම නිසා මෙම අවස්ථාවේදී ශක්ති සංස්තිථික නියමය යෙදිය හැකිය.
ප්‍රත්‍යස්ථතාව පිළිබඳ හුක් නියමය
- ප්‍රත්‍යාස්ථ සීමාව දක්වා ඇතිවන ප්‍රත්‍යස්ථ බලය වික්‍රියාවට අනුලෝමව සම්නුපාතික වේ.
මෙහි, වික්‍රියාව=\frac{විතතිය}{ස්වභාවික\;දිග}
- ප්‍රත්‍යාස්ථ තන්තුවක ආතතතිය
ස්වභාවික දිග = l
විතතිය = x
∴වික්‍රියාව = x/l
ප්‍රත්‍යා බලය = T
හුක් නියමය අනුව ;
\begin{array}{l}T\propto\frac xl\\T=\lambda\frac xl\;;\;\lambda=\;ප්‍රත්‍යාතථා\;මාපාංකය\end{array}- Note – හුක් නියමය පිළිපදින සර්පිල දුන්නක ඇති වන ආතතිය / තෙරපුම සඳහා ද ඉහත ප්‍රතිඵල වලංගු වේ.
ප්‍රත්‍යස්ථ තන්තුවක විභව ශක්තිය
- තන්තුව ඇදී ඇති වින්‍යාසයේ සිට ස්වභාවික දිග දක්වා පත් වීමේදී තන්තුවේ ආතතිය විසින් කරනු ලබන කාර්යය එහි ‘විභව ශක්තිය’ යි.
- Note – හුක් නියමය පිළිපදින සර්පිල දුනු සඳහා ද ඉහත ප්‍රතිඵලය වලංගු වේ.
ජවය
- කාර්යය කිරීමේ ශීඝ්‍රතාවය “ජවය” ලෙස හැදින්වේ.
- ජවය අදිශ රාශියකි.
dt කාලයකදී කරනු ලබන කාර්යය dw නම්,
ජවය\;=\;P\;=\;\;\lim_{\delta t\rightarrow0}\frac{\delta w}{\delta t}\;=\frac{dW}{dt}=\dot w- \begin{array}{l}ජවයේ\;මාන=\frac{ML^2T^{-2}}T\\\;\;\;\;\;\;\;\;\;\;\;=ML^2T^{-3}\end{array}
- \begin{array}{l}ඒකක\;=\frac Js\\\;\;\;\;\;\;\;\;=Js^{-1}\end{array}
- 1Js^{-1}=1W (වොට් 1)
- \begin{array}{l}අශ්ව\;ජව\;1=746W\\\;\;\;\;\;\;\;\;\;\;\;\simeq750W\end{array}
ජවය හා ප්‍රවේගය
- 1 W අර්ථ දැක්වීම
ඒකක කාලයකදී බලයක් යම් වස්තුවක් මත ක්‍රියාකිරීම නිසා බලයේ ක්‍රියාකාරී ලක්ෂ්‍යය බලයේ දිශාවට 1N විස්ථාපනය වේනම් එවිට එම බලයේ ජවය (ක්ෂමතාවය) / කාර්යය කිරීමේ ශීඝ්‍රතාවය 1W ක් ලෙස අර්ථ දක්වනු ලැබේ.
කාර්යක්ෂමතාව
කාර්යක්ෂමතාව\;=\frac{ප්‍රතිදාන\;කාර්යය}{ආදාන\;කාර්යය\;}- කාර්යය කිරීමේ ශීඝ්‍රතාවය නියත විට ,
උදා :- (01) ජවය 25MW වූ දුම්රියක ස්කන්ධය 100mT කි. මාර්ගයේ ප්‍රතිරෝධය 1mT ට 200N කි. එය කිසියම් ආනතියකින් ඉහලට 100ms-1 ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරයි.
- දුම්රියේ ප්‍රකර්ශන බලය සොයා, තලයේ ආනතිය 200:1 බව පෙන්වන්න.
- ප්‍රවේගය 50ms-1 වනවිට දුම්රියේ ප්‍රකර්ශන බලය සොයා, එවිට දුම්රියේ ත්වරණය 1/4 ms-1 බව පෙන්වන්න.
I.
\begin{array}{l}R=\frac{\displaystyle200}1\times100\\\\R=2\times10^4N\\\\P=FV\;අනුව,\\\\2.5\times10^4=F\times100\\\\\;\;\;\;\;\;\;\;\;\;F=25\times10^2N\\\\\nearrow F=ma\;අනුව,\\\\F-R-100\times10^3g\;\sin\alpha=0\\\\\;\;\;\;\;\;\;\;2.5\times10^4-2\times10^4=10\times10^5\sin\alpha\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\frac{\displaystyle5\times10^3}{10\times10^5}=\sin\alpha\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\sin\alpha=\frac{\displaystyle1}{200}\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\therefore\;ආනතිය=200:1\end{array}
II.
\begin{array}{l}P=FV\;අනුව,\\\\2.5\times10^4=F_1\times50\\\\\;\;\;\;\;\;\;\;\;F_1=5\times10^4N\\\\\nearrow F=ma\;අනුව,\\\\F_1-R-100\times10^3g\;\sin\alpha=100\times10^3\;a\\\\500-2\times10^4-10^4\times100\times\frac{\displaystyle1}{200}=100\times10^3\;a\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;-24500=10^5\;a\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;a=2.5\times10^4ms^{-2}\end{array}
උදා :- (02) n ට 1 ක් වන ආනතියක් සහිත සුමට මාර්ගයක් ඔස්සේ ස්කන්ධය M වන දුම්රියක් ඉහළට ගමන් කරයි.දුම්රියේ ප්‍රවේගය v වන විට ත්වරණය f වෙයි. දුම්රියේ චලිතයට එරෙහි ප්‍රතිරෝධය නොගැනිය හැකි තරම් යැයි උපකල්පනය කරමින් එන්ජිමේ සඵල ජවය \frac{\displaystyle Mv}n(g+nf) බව පෙන්වන්න.
උදා :- (03) ස්කන්ධය 1000kg වන මෝටර් රථයක් තිරසට \sin^{-1}\left(\frac1{15}\right) කෝණයක් ආනත මාර්ගයක් ඔස්සේ ඉහළට 20ms-1 නියත වේගයෙන් චලිත වේ. එන්ජිමෙන් යෙදෙන සඵල ක්ෂමතාව 25 kW වේ. ප්‍රකර්ශන බලය සොයන්න. ගුරැත්වජ ත්වරණය 9.8 ms-2 නම් චලිතයට ප්‍රතිරෝධය 466 N බව පෙන්වන්න.ආනත මාර්ගය මුදුනේදී මාර්ගය තිරස් වෙයි. ප්‍රතිරෝධ බලය ද, ක්ෂමතාව ද, නොවෙනස්ව පවතියි නම් තිරස් මාර්ගයේ දී ආරම්භක ත්වරණය 0.653 ms-2 බව පෙන්වන්න.
ප්‍රකර්ශන බලය F නම්,
\begin{array}{l}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;p=FV\\\\\;\;\;\;\;\;\;\;\;\;25\;\times10^3=\;F\times20\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;F=\frac{25}{10}\times10^3\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;F=1.25\;\times\;10^3N\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\end{array} \begin{array}{l}ආනත\;තලය\;ඔස්සේ\;ඉහළට\;\nearrow F=ma\\\\F-R-1200\;g\;\sin\theta=1200\;a\\\\F-R-1200\;g\;\sin\theta=0\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;R=F-1200g\;\sin\theta\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;R=1.25\times10^3-1200\times9.8\times\frac1{15}\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;R=1250-784\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;R=466N\end{array}
උදා :- (04) ජවය H kW ද, ස්කන්ධය මෙට්‍රික් ටොන් M ද වන දුම්රිය එන්ජිමකට ස්කන්ධය මෙට්‍රික් ටොන් m වන මැදිරි n ප්‍රමාණයක් ඈදා ඇත. මෙම මැදිරි සහිත දුම්රිය නියත v ms-1 වේගයකින් සමතලා මාර්ගයක ගමන් කරයි නම් දුම්රිය මත වූ ප්‍රතිරෝධය සොයන්න.
මෙම දුම්රිය 98 ට 1 ආනතියක් ඇති මාර්ගයක චලනය වීමේ දී නියත v ms-1 ප්‍රවේගයක් සහිතව ගමන් කරවීම සඳහා එම දුම්රියට එකතු කළ යුතු අමතර ජවය සොයන්න. (g = 9.8 ms-2 ලෙස සලකන්න.)
එකතු කළ යුතු අමතර ජවය H1 විට,
\begin{array}{l}\begin{array}{l}\nearrow F=ma\;යෙදීමෙන්,\\P'-F'-(M+nm)10^3g\;\sin\alpha=(M+nm)10^3\times0\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\therefore P'=F'+(M+nm)10^3g\;\sin\alpha\xrightarrow[\;]{}\;\boxed1\\\\\;\;\;\;\;\;\;\;\;\;\;\;H=PV\\100H+H_0=P'v\\\\\;\;\;\;\;\;\;\;\;\therefore P'=\left(\frac{1000H+H_0}v\right)\xrightarrow[\;]{}\;\boxed2\end{array}\\\end{array}
ඉහත ප්‍රත්ඵලයට අනුව
දුම්රිය\;මත\;ප්‍රතිරෝධය\;=\;\frac{1000H}v\;නිසා\;,① න්,
\begin{array}{l}P'=\frac{1000H}V+(M+nm)10^3\times9.8\times\frac1{98}\\\\P'=\left(\frac{1000H}v\right)+\frac{\left(M+mn\right)10^3}{10}\end{array}② න්,
\begin{array}{l}\frac{1000H}V+\frac{H_0}v=\frac{1000H}V+\frac{(M+nm)10^3}{10}\\\\H_0=100(M+nm)v\end{array}උදා :- (05) දුම්රිය එන්ජිමේ හා මැදිරිවල ස්කන්ධ පිළිවෙලින් ටොන් 15 හා 75 වේ. එන්ජිමේ චලිතයට ඝර්ෂණය නිසා ඇතිවන ප්‍රතිරෝධය 1750 N ද දුම්රිය ප්‍රකර්ශන බලය 40000 N ද වේ. 100 : 1 ආනතියෙන් යුතු කන්දක් නඟින විට දුම්රියේ ත්වරණය 0.2 ms-2 නම් මැදිරිවල චලනයට යොදන ප්‍රතිරෝධ බලය සොයන්න. (g = 10 ms-2 ලෙස ගන්න.)
ජල පොම්පයක් මගින් ජලය ඉසීමේදී කෙරෙන කාර්යය හා පොම්පයේ ජවය
- ජල පොම්පයක් මගින් ජලය ඉසීමේදී එකවිට කාර්‍යයන් 02ක් සිදුවේ. එනම් ජලය එසවීම හා ජලය පිටකිරීමයි.
- ජලය එසවීමීදී කෙරෙන කාර්‍යය = ජලයේ විභව ශක්ති වැඩිවීම
- ජලය පිටකිරීමේදී කෙරෙන කාර්‍යය = ජලයට ලැබෙන විභව ශක්තිය
- ජල මට්ටම නියතව පවතින අවස්තාවක් සලකමු. ඒකක කාලයකදී එසවෙන ජල ස්කන්ධය m යැයි ගනිමු.
- 2018 A/L – Part A (04)
ස්කන්ධය 1200 kg වූ කාර්යයක් එන්ජිම ක්‍රියා විරහිත කර තිරසට α කෝණයක් ආනත වූ සෘජු පාරක් දිගේ පහළට යම් නියත වේගයකින් චලනය වේ. මෙහි sinα=1/30 වේ. ගුරුත්වජ ත්වරණය g = 10 ms-2 ලෙස ගනිමින් කාරයේ චලිතයට ප්‍රතිරෝධය නිව්ටන් වලින් සොයන්න.
කාරය එම ප්‍රතිරෝධයටම යටත්ව 1/6 ms-2 ත්වරණයක් සහිතව එම පාර දිගේ ඉහළට ගමන් කරන විට එහි වේගය 15 ms-1 වන මොහොතේදී එන්ජිමේ ජවය සොයන්න.
R ප්‍රතිරෝධයට පමණක් යටතේ මෝටර් රථය පහළට චලනය වන විට,
\begin{array}{l}\underline F=m\underline a\;\;යෙදීමෙන්,\;\\\swarrow1200g\;\sin\alpha-R=0\;\;\;\;\;\;\;\;\;\boxed5\\\;\;\;\;\;\;\;\Longrightarrow R=1200\times10\times\frac1{30}\;\\\;\;\;\;\;\;\;\;\;\;\;\;\;=400N\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\boxed5\end{array}
මෝටර් රථය ඉහළට චලනය වන විට, එහි ප්‍රකර්ශන බලය F යැයි ගනිමු.
\begin{array}{l}F-R-1200g\;\sin\alpha=1200\times\frac16\;\;\;\;\;\;\boxed5\\F=1000N\\එනයින්,\\ජවය\;P=FV\;\;\;\;\;\;\;\;\;\boxed5\\\;\;\;\;\;\;\;\;\;=15\times1000\;W\\\;\;\;\;\;\;P=15kW\;\;\;\;\;\;\;\boxed5\end{array}