විද්‍යා අංශයසංයුක්ත ගණිතය02.01.01 - අංශුවක් මත ක්‍රියාකරන බල

02.01.01 – අංශුවක් මත ක්‍රියාකරන බල

අංශුවක් ලෙස සලකනු ලබන්නේ ,

                     අනෙකුත් වස්තු හා දුරවල් සමඟ සැසඳීමේදී ඉතා කුඩා මිනුම් සහිත ඝන වස්තුවක් අංශුවක් ලෙස සලකන අතර අංශුවක් ස්කන්ධයක් ඇති අරය නොගිනිය හැකි වූ ගෝලයක් වන බැවින් , එය ජ්‍යාමිතිකව ලක්ෂයකින් නිරූපණය කරයි.

බලය

බලයේ අර්ථ දැක්වීම.

බලය යනු නිශ්චලව ඇති වස්තුවක චලිතය ඇති කරන හෝ චලනය වන වස්තුවක චලිත ස්වභාවය වෙනස් කරන හෝ වෙනස් කිරීමට පොළඹවන ක්‍රියාව වේ.

බලයට ලක්ෂණ 3 කි.
  • විශාලත්වය
  • දිශාව
  • ක්‍රියාකාරී ලක්ෂය

බලයට විශාලත්වයක් , දිශාවක් (ක්‍රියා රේඛාවක් ) සහ ක්‍රියාකාරී ලක්ෂයක් ඇති බැවින් එය ස්ථානගත දෛශිකයකි.

බලයක් ජ්‍යාමිතිකව නිරූපණය කිරීම.

බලයේ විශාලත්වයට සමානුපාතික වන දිගකින් යුතු , බලයේ දිශාවට ඇඳි සරල රේඛා ඛණ්ඩයකින් බලයක් ජ්‍යාමිතිකව නිරූපණය කරයි.

උදා:                            

 මෙම බලයේ විශාලත්වය AB රේඛාවේ දිග මෙන් 10 ගුණයකි. දිශාව A සිට B හි දිශාව වේ. ක්‍රියාකාරී ලක්ෂය Aහෝ B වේ.                                                 

බලයේ මාන සහ ඒකක.  

බලයේ විශාලත්වය මනිනු ලබන ඒකකය , නිව්ටනය (N) වන අතර බලයේ මාන MLT-1 වේ.

යාන්ත්‍රණයේ යෙදෙන විවිධ ආකාරයේ බල.
  • වස්තුවක බර
  • ස්පර්ශ වන පෘෂ්ඨ අතර අභිලම්බ ප්‍රතික්‍රියා
  • රළු පෘෂ්ඨ අතර ප්‍රතික්‍රියා

(අභිලම්බ ප්‍රතික්‍රියා ස්පර්ශ ලක්ෂයේදී පොදු අභිලම්බය ඔස්සේද ඝර්ෂණ බලය ස්පර්ශකයක් ඔස්සේද ක්‍රියා කරයි.)  

  • තන්තුවක ආතතිය
  • සැහැල්ලු දඬුවල තෙරපුම හෝ ආතතිය (ප්‍රත්‍යා බල)

ලක්ෂයකදී ක්‍රියා කරන ඒකතල බල පද්ධතියක සම්ප්‍රයුක්තය.

ලක්ෂයක් මත බල දෙකකින් හෝ වැඩි ගණනකින් හෝ ඇතිවන ඵලයම ඇති කරන තනි බලය එම බලවල “සම්ප්‍රයුක්තය” ලෙස හඳුන්වයි.

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom