රසායන විද්‍යාවදවසට පාඩමක්03.06.00 - මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍ය සංයුතිය

03.06.00 – මිශ්‍රණයක අඩංගු ද්‍රව්‍ය සංයුතිය

 

  • සංඝටක දෙකක් හෝ වැඩි සංඛ්‍යාවක් එකට පවතින ස්වරූපයේ පද්ධතියක් මිශ්‍රණයක් ලෙස හැඳින්වේ. සමහර මිශ්‍රණවල සං‍යුතිය මිශ්‍රණයේ මුළු පරිමාව පුරාම එකම වන අතර තවත් සමහර මිශ්‍රණවල සං‍යුතිය මිශ්‍රණ පරිමාවේ තැනින් තැනට වෙනස් වේ.
  • පරිමාව පුරාම සං‍යුතිය එකම වන ස්වරූපයේ මිශ්‍රණ සමජාතීය මිශ්‍රණ ලෙසත් , පරිමාවේ තැනින් තැනට වෙනස් වන ස්වරූපයේ මිශ්‍රණ විෂමජාතීය මිශ්‍රණ ලෙසත් සැලකේ.

 භාග ලෙස ප්‍රකාශිත සං‍යුති.

  • භාගික අගයන් පදනම් කර ගනිමින් මිශ්‍රණයක ඇතුළත් ද්‍රව්‍යයක සං‍යුතිය ප්‍රකාශ කිරීම සඳහා බහුලව යොදා ගනු ලබන ක්‍රම තුනක් වේ.

ස්කන්ධ භාගය ( w/w)

\boxed{\text{A හි ස්කන්ධ භාගය ( w/w)}\;=\;\frac{\text{A හි සකන්ධය }}{\text{මිශ්‍රණයේ ද්‍රව්‍යවල මුළු ස්කන්ධය}}}

විශේෂ කරුණු

  • කිසියම් මිශ්‍රණයක පවතින සංඝටක සියල්ලෙහි ස්කන්ධ භාග වල මුළු එකතුව 1 ට සමාන වේ.
  • ස්කන්ධ භාගය යන සං‍යුතික විචල්‍ය සං‍යුතිය ප්‍රකාශ කිරීම සඳහා බොහෝ විට භාවිතා කරනුයේ ඝන තත්ත්වයේ සංඝටක වලින් සමන්විත මිශ්‍රණයක් සඳහා වේ.

පරිමා භාගය (v/v)

\boxed{\text{A හි පරිමා භාගය (v/v)}\;=\;\frac{\text{A හි පරිමාව}}{\text{මිශ්‍රණයේ මුළු පරිමාව}}}

විශේෂ කරුණු

  • කිසියම් මිශ්‍රණයක සංඝටක සියල්ලෙහිම පරිමා භාග වල මුළු එකතුව 1 ට සමාන වේ.
  • පරිමාභාගය යන සං‍යුතික විචල්‍ය සං‍යුතිය ඉදිරිපත් කිරීම සදහා භාවිතා කරනුයේ ද්‍රව, ඝන, වායු යන මිශ්‍රණයන් සඳහා වේ.

මවුල භාගය (XA)

\boxed{\text{A හි මවුල භාගය}\;=\;\frac{\text{A හි මවුල ප්‍රමාණය}}{\text{මිශ්‍රණයේ මුළු මවුල ප්‍රමාණය}}}

විශේෂ කරුණු

  • කිසියම් මිශ්‍රණයක වන සියළුම සංඝටකවල මවුල භාගයන්හි මුළු එකතුව 1 ට සමාන වේ.

ද්‍රාවණයක (සමජාතීය මිශ්‍රණයක) ප්‍රතිශත සංයුතිය.

  • මෙම සං‍යුතිය ඉදිරිපත් කිරිමේදී ද බහුලව ක්‍රම තුනක් යොදා ගැනේ.

ස්කන්ධ ප්‍රතිශතය

\boxed{\text{ස්කන්ධ ප්‍රතිශතය}\;\;(w/w)\;=\frac{\;\text{ද්‍රාව්‍යයේ ස්කන්ධය}}{\text{ද්‍රාවණයේ ස්කන්ධය}}\times100\%}

 

  • ලවය හා හරය එකම ඒකක මගින් ප්‍රකාශිත බැවින් අවසාන ප්‍රකාශනයට ඒකකයක් නොමැත.
  • මෙහිදී ද්‍රාවණයේ ස්කන්ධය ලෙස සලකනුයේ ද්‍රාව්‍යයේ ස්කන්ධය සහ ද්‍රාවකයේ ස්කන්ධයන්හි එකතුවයි.
  • ද්‍රාවණයේ ස්කන්ධයට සාපේක්ෂව ද්‍රාව්‍යයේ ස්කන්ධය ඉතා කුඩා නම් ද්‍රාව්‍යයේ සං‍යුතිය මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

සමීකරණය

සං‍යුතිය දැක්වෙන විකල්ප ප්‍රකාශනය

දහසකට කොටස් = ද්‍රාව්‍යයේ ස්කන්ධය × 103

(ppt) ද්‍රාවණයේ ස්කන්ධය

g kg-1

mg g-1

මිලියනයට කොටස් = ද්‍රාව්‍යයේ ස්කන්ධය × 106

(ppm) ද්‍රාවණයේ ස්කන්ධය

mg kg-1

µg g-1

බිලියනයට කොටස් = ද්‍රාව්‍යයේ ස්කන්ධය × 109

(ppb)ද්‍රාවණයේ ස්කන්ධය

µg kg-1


පරිමා ප්‍රතිශතය

\boxed{\text{පරිමා ප්‍රතිශතය }\;\;(v/v)\;=\frac{\;\text{ද්‍රාව්‍යයේ පරිමාව}}{\text{ද්‍රාවණයේ පරිමාව}}\times100\%}

  • මෙයට ද ඒකක නොමැත.
  • ද්‍රාවණයක පරිමාවට සාපේක්ෂව ද්‍රාව්‍යයේ පරිමාව ඉතා අල්ප නම් ද්‍රාව්‍යයේ සං‍යුතිය මෙසේ ඉදිරිපත් කරනු ලැබේ.

සමීකරණය

සං‍යුතිය දැක්වෙන විකල්ප ප්‍රකාශනය

දහසකට කොටස් = ද්‍රාව්‍යයේ පරිමාව × 103

(ppt) මිශ්‍රණයේ පරිමාව

mL L-1

මිලියනයට කොටස් = ද්‍රාව්‍යයේ පරිමාව × 106

(ppm) මිශ්‍රණයේ පරිමාව

µL L-1

බිලියනයට කොටස් = ද්‍රාව්‍යයේ පරිමාව × 109

(ppb) මිශ්‍රණයේ පරිමාව

nL L-1

  • තනුක ද්‍රාවණවල සං‍යුතිය බර /පරිමාව භාවිතයෙන් ප්‍රකාශ කළ හැකිය.
  • එය ppm (mg dm-3) සහ ppb ( µg dm-3 ) ලෙස ප්‍රකාශ කළ හැක,
  • ප්‍රමාණයෙන් වෙනස් ඒකක වෙන් කර දැක්වීම සඳහා මෙට්රික් උපසර්ගය භාවිත කරනු ලැබේ.

මෙට්රික් උපසර්ගය

මෙට්රික් සංකේතය

ගුණාකාරය

ටෙරා

T

1012

ගිගා

G

109

මෙගා

M

106

කිලෝ

k

103

හෙක්ටෝ

h

102

ඩෙකා

da

101

ඩෙසි

d

10-1

සෙන්ටි

c

10-2

මිලි

m

10-3

මයික්‍රො

µ

10-6

නැනෝ

n

10-9

පිකෝ

p

10-12

 

මවුල ප්‍රතිශතය

\boxed{\text{මවුල ප්‍රතිශතය }\;\;\;=\frac{\;\text{ද්‍රාව්‍යයේ මවුල සංඛ්‍යාව}}{\text{ද්‍රාව්‍යයේ හා ද්‍රාවකයේ මුළු මවුල සංඛ්‍යාව}}\times100\%}

උදා:

1. MgSO4 හි අන්තර්ගත Mg, S, O යන සංඝටක මූලද්‍රව්‍ය එක එකෙහි ස්කන්ධය අනුව ප්‍රතිශතය ගණනය කරන්න.

(Mg =24 , S = 32, O = 16 )

\begin{array}{rcl}{\mathrm{MgSO}}_{4\;}\mathrm{හි}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&\;24+32+\;(16\times4)\\&=&\;120\;\mathrm{gmol}^{-1}\end{array}

{\text{Mg හි ස්කන්ධ ප්‍රතිශතය = }\frac{24}{120}\text{×100\% =  20\%}}

 

{\text{S හි ස්කන්ධ ප්‍රතිශතය = }\frac{32}{120}\text{×100\% =  26.67\%}}

 

{\text{O හි ස්කන්ධ ප්‍රතිශතය = }\frac{(16×4)}{120}\text{×100\% =  53.33\%}}

 

2. වායු මිශ්‍රණයක මුළු ස්කන්ධය 7.2g වන අතර එහි CH4 වායුව 0.3mol ක් ද, O2 වායුව 1.12g ක් ද අමතරව N2 වායුව ද ඇත. එක් එක් වායුවේ මවුල භාග ගණනය කරන්න.

(N = 14, O =16, H =1, C=12)

\begin{array}{rcl}\text{මිශ්‍රණය තුළ CH}{}_4\;\mathrm{හි}\;\mathrm{ස්කන්ධය}\;&=&\;0.3\mathrm{mol}\;\times\;16\;\mathrm{gmol}{}^{-1}=\;4.8\mathrm g\\\text{මිශ්}\text{‍}\text{රණයෙහි}\;\mathrm N{}_2\;\text{ස්කන්ධය  }\;\;&=&\;7.2\mathrm g\;–\;(4.8\mathrm g\;+\;1.12\mathrm g)\;=\;1.2\mathrm g\\&&\end{array}

{\text{මිශ්‍රනය තුළ මවුල O}}_\text{2}\text{ප්‍රමාණය  }\;=\;\frac{\;1.12\mathrm g}{32\;\mathrm g\;\mathrm{mol}^{-1}}\;=\;\;0.035\;mol

 

{\text{මිශ්‍රනය තුළ N}}_\text{2}\text{ }\mathrm{මවුල}\;\text{ප්‍රමාණය  }\;=\;\frac{\;1.2\mathrm g}{28\;\mathrm g\;\mathrm{mol}^{-1}}\;=\;\;0.042\;\mathrm{mol}

 

{\text{මිශ්‍රණය තුළ CH}}_\text{4}\text{  මවුල භාගය =}\frac{0.3}{0.3\;+\;0.035\;+0.042}\text{= }\frac{0.3}{0.377}\text{=0.79}

 

{\text{මිශ්‍රණය තුළ O}}_\text{2}\text{ මවුල භාගය = }\frac{0.035}{0.377}\text{=  0.009 }

 

සෑම විටම මිශ්‍රණයක සංඝටක වල මවුල භාගයන්හි එකතුව 1 ට සමාන බැවින්

{\text{මිශ්‍රණයතුළN}}_2\;\mathrm{හි}\;\mathrm{මවුල}\;\mathrm{භාගය}=1–(0.09+0.79)=1-0.88=0.12

 

3. එක්තරා ජල සාම්පලයක ජලය 2 kg ක් තුළ CO2 වායුව 0.6mg දිය වී ඇත.

I. ද්‍රාවණය තුළ CO2 වල සං‍යුතිය w/w ලෙස ප්‍රකාශ කරන්න.

II. ද්‍රාවණය තුළ CO2 වල සං‍යුතිය ppm ලෙස ප්‍රකාශ කරන්න.

III. ද්‍රාවණය තුළ CO2 වල සං‍යුතිය ppb ලෙස ප්‍රකාශ කරන්න.

IV. ද්‍රාවණය තුළ CO2 වල සං‍යුතිය ppt ලෙස ප්‍රකාශ කරන්න.

I. CO2 හි w/w = \frac{\displaystyle0.6\;\times\;10-6\;\mathrm{kg}}{\displaystyle2\;\mathrm{kg}} = 0.3 × 10-6

II. ppm ලෙස = 0.3 × 10-6 × 106 = 0.3 ppm

III. ppb ලෙස = 0.3 × 10-6 × 109 = 0.3× 103 = 300 ppb

IV. ppt ලෙස = 0.3 × 10-6 × 103 = 0.3× 10-3 ppt

මවුලිකතාවය

  • ද්‍රාවණ ලීටරයක හෙවත් ඝන ඩෙසිමීටරයක අඩංගු ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය එම ද්‍රාවණයේ සාන්ද්‍රණය හෙවත් මවුලිකතාවය ලෙස අර්ථ දැක්වේ.
  • මවුලිකතාවේ (M) SI ඒකකය mol m-3 වේ. නමුත් සුලබව භාවිතා කරන ඒකකය වන්නේ mol dm-3 හෙවත් mol L-1 වේ.

\boxed{\text{මවුලිකතාවය}=\frac{\text{ද්‍රාව්‍ය මවුල ප්‍රමාණය}}{\text{ද්‍රාවණ පරිමාව}}=\frac{mol}{dm^3}}

ඒකකය = mol dm-3

උදා :

  1. ඝනත්වය 1.03 g cm-3 හා ස්කන්ධය අනුව NaI 3% ක් වන NaI ද්‍රාවණයක මවුලිකතාව (mol dm-3) ගණනය කරන්න. (Na = 23, I = 127 )
\text{ද්‍රාවණ 1 dm}^\text{3}\text{ ක මුළු ස්කන්ධය}\;\;=\;\;1.03\;\mathrm g\;\mathrm{cm}^{-3}\;\times\;1000\;\mathrm{cm}^3=\;\;1030\mathrm g

 

\text{ද්‍රාවණ 1 dm}^\text{3}\text{ ක NaI ස්කන්ධය = 1030}\frac3{100}\text{=30.9g}

 

{\text{NaI හි මවුලික ස්කන්ධය   =  23 + 127   =   150 g mol}^\text{-1}}

 

\text{එම නිසා මවුලිකතාව= }\frac{30.9\mathrm g\;\mathrm{dm}^{-3}\;}{150\;\mathrm g\;\mathrm{mol}^{-1}}\text{ = 0.206 mol dm}^\text{-3}

 

2. Mo හි අන්තර්ගත 48 ppm වන ඇමෝනියම් මොලිබ්ටේඩ් , (NH4)2MoO4 ද්‍රාවණයක මවුලියතාව (mol dm-3 ) සොයන්න. (Mo = 96)

1 ppm = 1 mg dm-3

\text{ද්‍රාවණ 1 dm}^\text{3}\text{ හි Mo මවුල = }\frac{48\;\times\;10^{-3}\mathrm g}{96\;\mathrm g\;\mathrm{mol}^{-1}}\text{= 5 × 10}^\text{-4}\text{ mol}

 

Mo හි මවුලිකතාව = 5 × 10-4 mol dm-3

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom