Accounting03 - ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධි ගිණුම්ගත කරයි

03 – ද්විත්ව සටහන් ක්‍රමය අනුව ගනුදෙනු හා සිද්ධි ගිණුම්ගත කරයි

 

ද්විත්ව සටහන් ගිණුම්කරණය

 

 

ගිණුම්කරණ යෙදවුම් ලෙස සලකන්නේ ආයතනයේ වත්කම්, හිමිකම් හෝ වගකීම් යනාදියට බලපාන එනම් ඒවායේ වටිනාකම් වෙනස් වීමට තුඩුදෙන ගනුදෙනු හා සිද්ධීන්ය. ඒ අනුව ඕනෑම ගිණුම්කරණ යෙදවුමකින් වත්කම්, හිමිකම් සහ වගකීම් වෙනස් වේ. මේ නිසාම ඕනෑම ගිණුම්කරණ යෙදවුමකින් වත්කම්, හිමිකම් සහ වගකීම් අතර සම්බන්ධය දක්වන සමීකරණයද වෙනස් වේ.

ගනුදෙනුවක් තුලින් ගිණුම්කරණ ඒකකයේ වත්කම්, හිමිකම් හා වගකීම් කෙරෙහි එකිනෙකට ප්‍රතිවිරුද්ධව ඇති වන බලපෑම ගනුදෙනුවක ද්විත්ව බලපෑමයි. එම නිසා ව්‍යාපාරයේ සම්පත් වල ස්වරූපය වෙනස් වේ.

ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්නුම් කිරීම සදහා එකම වටිනාකම වෙනුවෙන් හර හා බැර වශයෙන් සටහන් ඇති වන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය ද්විත්ව සටහන් ක්‍රමයයි.

මෙය ක්‍රි.ව. 1494 දී ඉතාලි ජාතික ලුකා පැසියෝලි (Luka Pacioli) විසින් මුල් වරට ඉදිරිපත් කරනු ලැබීය.

ගනුදෙනුවක  ද්විත්ව බලපෑම සදහා උදාහරණ :

    1. ප්‍රාග්ධනය ගෙන ආ විට මුදල් වත්කම වැඩි වී ප්‍රාග්ධන හිමිකමද වැඩි වේ.
    2. මුදල් ගෙවා ලී බඩු ගත් විට මුදල් වත්කම අඩු වී ලී බඩු වත්කම වැඩි වේ.

 

ගිණුමක් යනු,

යම් නිශ්චිත දිනයක සිට තවත් නිශ්චිත දිනයක් දක්වා වන නිශ්චිත කාලච්ඡේදයක් තුල වත්කමක, වගකීමක, හිමිකමක,  ආදායමක හෝ වියදමක සිදුවන වෙනස් වීම් හෙවත් අඩු වීම් හා වැඩි වීම් අඛණ්ඩව සටහන් කරන පොදුවේ පිළිගත් ආකෘතියකි.

 

ගිණුමක ආකෘතිය

     සාම්ප්‍රදායික ලෙජර් ගිණුමක ආකෘතිය T හැඩයක් ගන්නා අතර භාවිතයේදී පහත ආකෘතිය භාවිතා කරයි.

 

 

 

 

 

 

 

ගිණුම් රාශියක් ඒකරාශී වූ ස්ථානයක් ලෙජරයක් ලෙස හදුන්වයි.

ලෙජරයක පවතින ප්‍රධාන ගිණුම් වර්ග 5කි,

    1. වත්කම් ගිණුම්
    2. හිමිකම්/ප්‍රාග්ධන ගිණුම්
    3. වගකීම් ගිණුම්
    4. ආදායම් ගිණුම්
    5. වියදම් ගිණුම්

 

මෙම සෑම ගිණුමකටම මූලධර්මයක් (නියතයක්) ගොඩ නැගී ඇත.

  1. වත්කම් ගිණුම සම්බන්ධ මූලධර්මය

වැඩි වීම ­ හර

අඩු වීම ­ බැර

 

 

 

2. වගකීම් ගිණුම් සම්බන්ධ මූලධර්මය

වැඩි වීම ­ බැර

අඩු වීම ­ හර

 

 

 

3. ආදායම් ගිණුම් සම්බන්ධ මූලධර්මය

වැඩි වීම ­ බැර

අඩු වීම ­ හර

 

 

 

 

4. වියදම්  ගිණුම් සම්බන්ධ මූලධර්මය

වැඩි වීම ­ හර

අඩු වීම ­ බැර

 

 

 

 

5. හිමිකම් සම්බන්ධ මූලධර්මය

වැඩි වීම ­ බැර

අඩු වීම ­ හර

 

 

 

 

මෙම මූලධර්ම‍යකින් ගිණුම්කරණ සමීකරණයක ස්වරූපයෙන් පහත පරිදි දැක්විය හැක.

 

උදා :

  1. කමල්ගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි 01 දින ආරම්භ කර ජනවාරි මාසය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

1/1      රු.7 000ක් ප්‍රාග්ධනය ලෙස ගෙන ආවා.

1/5     රු.20 000ක් තැම්පත් කරමින් බැංකුවේ ජංගම ගිණුමක් විවෘත කලා.

1/8     රු.8 000ක භාණ්ඩ අත්පිටද රු.10 000ක භාණ්ඩ නිහාල්ගෙන් ණයටද ගත්තා.

1/10   රු.10 000ක් මිල වූ භාණ්ඩ අත්පිට මුදලටත් රු.15 000ක භාණ්ඩ අමාලිට ණයටත් විකුණුවා.

1/11    රු. 5 000ක ලී බඩු උපකරණ මිලට ගත්තා.

1/12    රු.5 000ක් බැංකුවේ තැම්පත් කලා.

1/15    රු.5 000ක ණයහිමියන්ට 10%ක වට්ටමකට යටත්ව මුදල් ගෙව්වා.

1/23    රු.8 000ක ණයගැතියන්ගෙන් 10%ක වට්ටමකට යටත්ව මුදල් මුදල් ලැබුණා.

1/25    ලී බඩු 5% කින් ක්ෂය කරා.

1/27    කුලී රු.2 000ක් චෙක් පතකින්ද වෙනත් වියදම් රු.3 000ක් මුදලින්ද ගෙව්වා.

1/28    කොමිස් රු.4 000ක් ලැබුණා.

1/31    රු.2 000ක් කමල් විසින් පෞද්ගලික ප්‍රයෝජනයට ගෙන ගියා.

 

ඉහත ගනුදෙනු ගිණුම් වලට පිටපත් කරන්න.

2021/01/31 දිනට ශේෂ පිරිසුම පිලියෙල කරන්න.

 

 

         

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

අදහස් 1යි.

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this:
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom