Accounting04. මූලික සටහන් උපයෝගී කරගෙන ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි04 - මූලික සටහන් උපයෝගී කරගෙන ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි

04 – මූලික සටහන් උපයෝගී කරගෙන ගනුදෙනු ලෙජරයට පිටපත් කරයි

 

මූලික සටහන් පොත්

 

 

මූලාශ්‍ර ලේඛන

ගනුදෙනු වලට අදාළ, කොන්දේසි, මූල්‍ය වටිනාකම් සහ අනෙකුත් අදාළ තොරතුරු ඇතුළත්ව ඇති ලිඛිත ලියවිල්ල මූලාශ්‍ර ලේඛනයක් ලෙස හැඳින්වේ. ගනුදෙනුව සිදු වීමත් සමග ඇතිවන ගනුදෙනුව සිදු වූ බව ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂියක් ලෙස ද මූලාශ්‍ර ලේඛන  හැඳින්විය හැකිය.

 

මූලාශ්‍ර ලේඛන වල ප්‍රයෝජන

    • ගනුදෙනු මූලික පොත් වල සටහන් කිරීමට උපකාරී වීම
    • ගනුදෙනුවක් සිදු වූ බව ඔප්පු කළ හැකි ලිඛිත සාක්ෂියක් වීම
    • ගනුදෙනුවක විස්තරාත්මක ස්වරූපය අවබෝධ කර ගත හැකි වීම
    • ගිණුම්කරණ වංචා හා දූෂණ අවම කිරීම උපකාරී වන ලේඛනයක් වීම

 

මූලාශ්‍ර ලේඛනයක අඩංගු විය යුතු කරුණු

    • ගනුදෙනු සිදු කරන දෙපාර්ශවයේ නම හා ලිපිනයන්
    • ගනුදෙනුව සිදු වූ දිනය
    • මූලාශ්‍ර ලේඛන අංකය
    • ගනුදෙනුවේ වටිනාකම අකුරින් හා ඉලක්කමින්
    • කුමන ආකාරයක ගනුදෙනුවක් ද යන්න
    • ගනුදෙනුවේ අනෙකුත් කොන්දේසි
    • වගකිය යුතු පුද්ගලයන්ගේ අත්සන සහ මුද්‍රාව

 

 

 

 

සුළු මුදල් ගෙවීම සඳහා සාමාන්‍යයෙන් අවශ්‍යවේ යැයි කියා කළමනාකරණය තීරණය කරන මුදල සුළු මුදල් අග්‍රිමයයි. කාලච්ඡේදය අවසානයේ වියදම් ලෙස ගෙවූ ප්‍රමාණයට සරිලන මුදල් ප්‍රමාණයක් නැවත ලබාදීම මඟින් අග්‍රිමය ප්‍රතිපූර්ණය කරයි.

උදා :

සුළු මුදල් අග්‍රිමය රු. 1000 කි. කාලච්ඡේදය තුළ ගෙවූ සුළු මුදල් ප්‍රමාණය රු. 800කි.

ප්‍රතිපූර්ණය කල යුතු මුදල කොපමණද?

    • රු. 800 කි.

 

ආපසු යැවුම් ජර්නලය

පොදු ජර්නලය

 

  • පොදු ජර්නලයේ ගනුදෙනු සටහන් කිරීමේදී එම ගනුදෙනුවේ ද්විත්ව සටහන දක්වනු ලබයි.
  • එම ගනුදෙනුවට අදාළ කෙටි පැහැදිලි කිරීම සංලක්ෂය ලෙස දක්වයි.
  • පොදු ලෙජරයේ සටහන් කළ ගනුදෙනු ලෙජරයට ඒ ආකාරයෙන්ම පිටපත් කරයි.
  • පහත සඳහන් ගනදෙනු වර්ග පොදු ජර්නලයේ සඳහන් කරනු ලබයි.

ආරම්භක සටහන්

ගැලපුම් සටහන්

වැරදි නිවැරදි කිරීමේ සටහන්

දේපල පිරියත හා උපකරණ ණයට ගැනීම්, ණයට විකිණීම්, ඉවත් කිරීම හා හුවමාරු කිරීම් සම්බන්ධ සටහන්

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.