මූල්‍ය ප්‍රකාශන
ව්‍යාපාරයක් සිදු කරන ගිණුම්කරණ ක්‍රියාවලියක නිමවුම වන්නේ මූල්‍ය ප්‍රකාශයි. ගිණුම්කරණයේ ප්‍රධානම අරමුණ වන්නේ ද ගිණුම් තොරතුරු භාවිතා කරන පාර්ශවයන්ට තීරණ ගැනීම සදහා අවශ්‍ය තොරතුරු සැපයීමයි. ඒ අනුව, ව්‍යාපාරයක ලාභදායීත්වය, මූල්‍ය තත්වය හා මුදල් ප්‍රවාහය වැනි කරුණු පිළිබද අවශ්‍ය තොරතුරු ලබාදීම සඳහා සකස් කරන වාර්තා මූල්‍ය ප්‍රකාශන වේ.
කේවල ස්වාමි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන
-
- ආදායම් ප්‍රකාශය/ලාභ හෝ අලාභ ප්‍රකාශනය
- මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
1. ආදායම් ප්‍රකාශය/ලාභ හෝ අලාභ ප්‍රකාශනය
- කිසියම් කාල පරිච්ඡේදයක් සදහා ව්‍යාපාරයක ලාභදායීත්වය නැතහොත් කාර්යසාධනය ගණනය කිරීම සදහා සකස් කරන ප්‍රකාශය ආදායම් ප්‍රකාශයයි. ලෙජරය තුල පවතින ආදායම් හා වියදම් ගිණුම් පියවීම තුලින් ආදායම් ප්‍රකාශය පිළියෙල කරයි. සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශයක් සකස් කරනු ලබන්නේ වර්ෂයක් සදහාය.
ශුද්ධ ලාභය ගණනය කරන විධිමත් ආදායම් ප්‍රකාශයක ආකෘතියක් පහත දැක්වේ.
(රු)
2. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය
- කිසියම් කාල පරිච්ජේදයක් අවසන් දිනට පවතින වත්කම්, වගකීම් හා හිමිකම් පෙන්නුම් කිරීමට එනම් මූල්‍ය තත්වය පෙන්නුම් කිරීමට කිසියම් දිනකට සකස් කරන ප්‍රකාශය මූල්‍ය තත්ව ප්‍රකාශයයි. ලෙජරය තුල පවතින වත්කම්, වගකීම් හා හිමිකම් ගිණුම් තුලනය කර ලැබෙන ශේෂ ඇසුරින් මූල්‍ය තත්ව ප්‍රකාශය සකස් කරයි.
(රු)