Accounting11.01 - සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

11.01 – සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

 

සීමාසහිත සමාගම්

11.1. සීමාසහිත සමාගමක් ආශ්‍රිතව ඇති නීතිමය පසුබිම

සීමාසහිත සමාගම් හැඳින්වීම

  • 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ සංස්ථාපනය කරන ලද පුද්ගලයින්ගෙන් සැදුම්ලත් ඒකකයක් සමාගමක් ලෙස හැඳින්වේ.

සමාගම් වර්ගීකරණය

සීමාසහිත සමාගමක කොටස් වර්ග

සමාගම් පනතේ 49 වන වගන්තියට අනුව සමාගමකට නිකුත්කල හැකි කොටස් වර්ග පහත දැක්වේ.

• සාමාන්‍ය කොටස්
• වරණීය කොටස්

11.2. කොටස් නිකුත් කිරීමේදී ප්‍රතිෂ්ඨාව එකවර ලබා ගන්නා විට එම ගනුදෙනු ගිණුම් ගත කිරීම

කොටස් නිකුත් කිරීමේ ප්‍රතිෂ්ඨාව

  • ප්‍රතිෂ්ඨාව යනු කොටසක නිකුතු අගයයි.
  • කොටස් නිකුත් කිරීමේ ප්‍රතිෂ්ඨාව සමාගම් පනතේ 52 වන වගන්තියට අනුව  තීරණය කල යුතුය.

කොටස් නිකුත් කිරීම හා වාර්තා කිරීම

සාමාන්‍ය කොටස් නිකුත් කිරීම      

  • සීමාසහිත පොදු සමාගමක් විසින් සාමන්‍ය කොටස් නිකුත්කර තම ප්‍රාග්ධන අරමුදල් අවශ්‍යතා සපුරා ගනු ලබයි.

01.අයදුම්පත් සමග මුදල් ලැබීම.

    මුදල් පාලන ගිණුම       හර                               

කොටස් නිකුත්කිරීමේ ගිණුම  බැර                                                

(කොටස් සදහා ලද මුදල් ගිණුම් ගත කළා)

02.අතිරික්ත මුදල් ආපසු යැවීම.

   කොටස් නිකුත්කිරීමේ ගිණුම  හර                                             

මුදල් පාලන ගිණුම          බැර                                                             

(වැඩියෙන් ලද මුදල් ආපසු යැවීම ගිණුම් ගත කළා)

03.කොටස් විභජනය කිරීම.

    කොටස් නිකුත් කිරීමේ ගිණුම්    හර                                     

      ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම          බැර                                                         

     (කොටස් විභජනය කිරීම ගිණුම් ගත කළා)

  • කොටස් මහජනතාවට නිකුත් කිරීමේදී මහජනතාව විසින් නිකුත් කළ කොටස් සංඛ්‍යාවට වඩා වැඩියෙන් අයදුම් කළ හැකියි. එවිට කොටස් සමානුපාතිකව විභජනය කර අතිරික්තය ප්‍රතික්ෂේප කර ආපසු යැවීම සිදු කල යුතුය.
  • අතිරික්තයක් නොමැති විට ඉහත පියවර අංක 1 හා 3 පමණක් ප්‍රමාණවත් වේ.

11.3. සංචිත ප්‍රාග්ධනීකරණය හා හිමිකම් නිකුතුව සම්බන්ධ ගනුදෙනු ගිණුම්ගත කිරීම

හිමිකම් කොටස් නිකුත් කිරීම

  • සමාගමක දැනට සිටින කොටස්කරුවන්ට නැවත වරක් මුදලට කොටස් නිකුත් කිරීම මෙලෙස හැදින්වේ.මෙම කොටස් නිකුතුවේදී කොටසක මිල දැනට වෙළදපොලේ පවතින මිලට වඩා අඩු වේ.

එහි ද්විත්ව සටහන පහත පරිදි වේ.

  මුදල් පාලන ගිණුම  හර                                                

     ප්‍රකාශිත ප්‍රාග්ධන ගිණුම බැර                                             

    (හිමිකම් කොටස් නිකුතුව ගිණුම් ගත කළා)

ප්‍රසාද නිකුතුව (සංචිත ප්‍රාග්ධනිත කිරීම) 

  • සමාගමේ දැනට සිටින කොටස්කරුවන්ට සමාගමේ සංචිත ප්‍රාග්ධනිත කරමින් කොටස් නිකුත් කිරීම මෙලෙස හැදින්වේ.

එහි ද්විත්ව සටහන පහත පරිදි වේ.

අදාල සංචිත ගිණුම   හර                                            

   ප්‍රකාශකල ප්‍රාග්ධන ගිණුම බැර                                         

හිමිකම් කොටස් නිකුතුව හා සංචිත ප්‍රාග්ධනිත කිරිම අතර සමාන අසමානතා

අසමානතා :

සමානතා :

  • ව්‍යාපාරයේ ප්‍රකාශිත ප්‍රාග්ධනය ඉහළ යාම.

ලාභාංශ

  • සමාගමේ විසර්ජනය කල හැකි ලාභයෙන් කොටස් හිමියන් වෙත බෙදා හරින යම් ප්‍රමාණයක් වේනම් එය ලාභාංශ ලෙස හැදින්වේ.
  • ලාභාංශ ගෙවීමේ ස්වභාවය අනුව වර්ග දෙකකි.
      1. අතුරු ලාභාංශ  
      2. යෝජිත ලාභාංශ
  1. අතුරු ලාභාංශ
  • ගිණුම් වර්ෂය තුල ලාභාංශයක් ප්‍රකාශ කර ගෙවා ඇත්නම් එය අතුරු ලාභාංශයක් ලෙස හැදින්වේ.

     ලාභාංශ ගිණුම   හර                               

මුදල් පාලන ගිණුම   බැර                                

2. යෝජිත ලාභාංශ

  • කොටස් හිමියන්ට ගිණුම් කාලච්ජේදය තුල ගෙවිය යුතු යැයි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මහ සභා රැස්වීමට යෝජනා කිරීමට නියමිත ලාභාංශ මෙලෙස හැදින්වේ.
  • කොටස් හිමියන් විසින් අනුමත කල පසුව මෙම ලාභාංශ ගෙවීම සිදුකරන බැවින් එතෙක් ගිණුම්ගත කිරීමක් සිදු නොකෙරන අතර සටහන් තුල සටහනක් තැබීම පමණක් සිදු කෙරේ.


ආදායම් බදු 

  • සමාගමක ආදායම් බදු ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දෙනු ලබනුයේ ගිණුම් කාලච්ඡේදය අවසන් වූ පසුය.
  • එබැවින් සමාගම් මේ සදහා ඇස්තමේන්තුවක් භාවිතාකරනු ලැබේ. මෙහිදී අවසාන කාර්තුවේ බද්ද හෝ වසරේ බද්ද සදහා බදු ඇස්තමේන්තුගත කිරිම සිදුකරයි.

වසරේ බද්ද ඇස්තමේන්තු ගත කිරීම :

සමාගම ආරම්භක වසරේ ආදායම් බද්ද පහත පරිදි සටහන් කරයි.

  ආදායම් බදු ගිණුම  හර                                            

    ආදායම් බදු සදහා වෙන්කිරීම් ගිණුම  බැර                   

  • ආරම්භක වසරින් පසු සෑම වසරකදීම පෙර වසරට අදාළ බද්ද ආදයම් බදු දෙපාර්තමේන්තුව විසින් දැනුම්දෙනු ලැබේ.
  • වසරට අදාල ආදායම් බද්ද ආදයම් බදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දුන් පසු සමාගම විසින් සිදුකල ඇස්තමේන්තුව හා සසඳා බදු අධි වෙන්කිරීම හෝ ඌණ වෙන්කිරීම හඳුනාගනී.
  • වෙන්කල බදු ප්‍රමාණය සැබෑ බදු ප්‍රමාණයට වඩා වැඩි නම් (වෙන්කල බදු > සැබෑ බදු) එහි වෙනස අධි බදු වෙන්කිරීම ලෙස හඳුනාගනී.
  • වෙන්කල බදු ප්‍රමාණය සැබෑ බදු ප්‍රමාණයට වඩා අඩු නම් (වෙන්කල බදු < සැබෑ බදු) එහි වෙනස ඌණ බදු වෙන්කිරීම ලෙස හඳුනාගනී.
  • ඇස්තමේන්තු වෙනස්වීම අතීතයට බනොපාන බැවින් (LKAS 8) එම වෙනස අදාළ ගිණුම් වර්ෂයට ගැළපීමක් සිදු නොකර ප්‍රවර්ථන වසරට ගළපනු ලැබේ.

පසුගිය වසරට බදු අධි වෙන්කිරීමක් ඇතිවිට :

පසුගිය වසරට ඌණ බදු වෙන්කිරීමක් ඇතිවිට :

               

මෙහිදී වසරේ බද්ද (01) බදු වෙන්කිරීම ලෙස ජංගම වගකීම් යටතේ සටහන් කරනු ලැබේ.ලාභ අලාභ ප්‍රකාශයට බදු වියදම (03) ආදායම් බදු යටතේ සටහන් කරනු ලැබේ.

උදා 1 :

  • 2021 වසර සදහා සමාගමේ බදු ඇස්තමේන්තුව රු. 10,000 කි.
  • 2020 සදහා බදු ඇස්තමේන්තුව රු. 5,000 වන අතර සැබෑ බදු ප්‍රමාණය රු.4,000 කි. 

2021 සදහා බදු වගකීම හා වියදම කොපමණද?

පෙර වැඩ 

පිළිතුර
    2021 සදහා බදු වියදම      =    9,000
    බදු වගකීම                      =  10,000   

උදා 2 :

  • 2021 වසර සදහා සමාගමේ බදු ඇස්තමේන්තුව රු. 10 000 කි.
  • 2020 සදහා බදු ඇස්තමේන්තුව රු. 5 000 වන අතර සැබෑ බදු ප්‍රමාණය රු.6 000 කි. 

2021 සදහා බදු වගකීම හා වියදම කොපමණද?

පෙර වැඩ 

පිළිතුර

    2021 සදහා බදු වියදම      =  11,000
    බදු වගකීම                      =  10,000  

අවසන් කාර්තුවේ බද්ද ඇස්තමේන්තුගත කිරීම ;

සමාගම කාර්තුමය වශයෙන් ආදායම් බද්ද ගෙවීමක් මෙහිදී සිදු වේ. අවසාන කාර්තුවේ බද්ද සදහා ඇස්තමේන්තුවක් සිදුකරනු ලැබේ.

සමාගම ආරම්භක වසරේදී බදු පහත පරිදිය.

  • වසරේ බද්ද   =  මුල් කාර්තු තුන සදහා ගෙවූ බදු + අවසන් කාර්තුවේ බදු ඇස්තමේන්තුව
  • බදු වගකීම   =  අවසාන කාර්තුවේ බදු ඇස්තමේන්තුව (වෙන්කිරීම)

ආරම්භක වසරින් පසු වසර වලදී පෙර වසරේ අවසන් කාර්තුවේ බදු ප්‍රමාණය දැනුම්දෙනු ලැබේ. එවිට බදු ඌණ / අධි වෙන්කිරීම හඳුනා ගනී.

පසුගිය වසරේ අවසන් කාර්තුවට අධි බදු වෙන්කිරීමක් ඇති විට ;

පසුගිය වසරේ අවසන් කාර්තුවට ඌණ බදු වෙන්කිරීමක් ඇති විට ;

ලාභ අලාභ ප්‍රකාශය සදහා බදු වියදම (03) ආදායම් බදු යටතේ සටහන් කරයි.ජංගම වගකීම් යටතේ බදු වෙන්කිරීම් ලෙස අවසන් කාර්තුවේ ඇස්තමේන්තුව සටහන් කරයි.

උදා 1 :

  • 2021 වසරේ මුල් කාර්තු 3 සදහා සමාගම ගෙවූ බදු රු. 6,000 කි.
  • 2021අවසන් කාර්තුව සදහා බදු ඇස්තමේන්තුව රු. 3,000 කි.  
  • 2020 වසරේ අවසන් කාර්තුවේ බදු ඇස්තමේන්තුව රු. 2,000 වන අතර සැබෑ බදු ප්‍රමාණය රු.1,000 කි. 

 2021 සදහා බදු වගකීම හා වියදම කොපමණද?

පෙර වැඩ

 

පිළිතුර

       2021 සදහා බදු වියදම      = 8 000
        බදු වගකීම                     = 3 000

උදා 2 :

  • 2021 වසරේ මුල් කාර්තු 3 සදහා සමාගම ගෙවූ බදු රු. 6 000 කි.
  • 2021 අවසන් කාර්තුව සදහා බදු ඇස්තමේන්තුව රු. 3 000 කි.
  • 2020 වසරේ අවසන් කාර්තුවේ බදු ඇස්තමේන්තුව රු. 2 000 වන අතර සැබෑ බදු ප්‍රමාණය රු.3 000 කි. 

2021 සදහා බදු වගකීම හා වියදම කොපමණද?

පෙර වැඩ 

 

 

පිළිතුර

2020 සදහා බදු වියදම   =   10 000
බදු වගකීම                 =    3 000

11.4. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.

ලාභ හෝ අලාභ සහ වෙනත් විස්තීර්ණ අදායම් ප්‍රකාශනය

  • ආයතනයක් විසින් කාලච්ඡේදයක් තුළ හඳුනාගත් සියලුම ආදායම් හා වියදම් ඇතුළත් කරමින් පිළියෙල කරනු ලබන ප්‍රකාශනය මෙලෙස හඳුන්වයි.
  • මෙය උපචිත පදනමට පිළියෙල කරනු ලබයි.

එහි ආකෘතිය පහත පරිදි වේ.

……………………………………….. සමාගම

………………………. දිනෙන් අවසන් වර්ෂය සදහා

ලාභාලාභ සහ වෙනත් විස්තීර්ණ අදායම් ප්‍රකාශය

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

  • කිසියම් වර්ෂයක් අවසානයේ ආයතනයේ මූල්‍ය තත්ත්වය ඇගයීම සඳහා මෙය පිළියෙල කරනු ලබයි.
  • මෙය මුදල් පදනමට පිළියෙල කරනු ලබයි.

එහි ආකෘතිය පහත පරිදි වේ.

……………………………….. ව්‍යාපාරය

…………………………. දිනට

මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

හිමිකම වෙනස්වීමේ ප්‍රකාශනය

  • කිසියම් කාලච්ඡේදයක් තුළදී ආයතනයේ කොටස් ප්‍රාග්ධනය සහිත ස්කන්ධ ගිණුම්හි ඇති වූ වෙනස්වීම් පැහැදිලිව දක්වමින් පිළියෙල කරනු ලබන ප්‍රකාශනය මෙසේ හඳුන්වයි.

එහි ආකෘතිය පහත පරිදි වේ.

……………………………………. ව්‍යාපාරය

………………………………….. දිනෙන් අවසන් වර්ෂය සදහා

ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය

 

 

 

 

 

අදහස් 1යි.

  1. ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් අපිට .. ගොඩක් සතුටුයි විෂය කරුනු පහසුවෙන් ලබා ගැනීමට හැකිවීම ගැන ❤

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
%d bloggers like this: