11. සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම11.02. මුදල් ප්‍රවාහ ප්‍රකාශන11.02 - සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

11.02 – සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම

 

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය

11.4 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත වලට අනුව සීමාසහිත සමාගමක මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම.

  • ගිණුම් කාලච්ජේදයක් තුළ ව්‍යාපාරයක සිදුවූ මුදල් හා මුදල් සමාන දෑ ගලා ආ මාර්ග හා ගලා ගිය මාර්ග පෙන්වීමට සකස් කරන ප්‍රකාශය මුදල් ප්‍රවාහ ප්‍රකාශයයි.
  • මුදල් ප්‍රවාහ ප්‍රකාශය මුදල් පදනමට සකසනු ලැබේ.
  • LKAS 07 ප්‍රමිතය මගින් මුදල් ප්‍රවාහ ප්‍රකාශය සැකසීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කරයි.

LKAS 7 අනුව නිර්වචන;

  1. මුදල්

අතැති මුදල් හා ඉල්ලුම් තැන්පතුවල ශේෂය.

 උදා :

      • මුදල් ශේෂය
      • සුළු මුදල් ශේෂය

2. මුදල් හා  සමාන දෑ

කිසිඳු අවදානමකින් තොරව මුදල් බවට පරිවර්තනය කළ හැකි ඉතා ඉහළ ද්‍රවශීලතාවයකින් යුක්ත කෙටි  කාලීන ආයෝජන මෙලෙස හැඳින්වේ.

උදා :

      • භාණ්ඩාගාර බිල්පත් (මාස 3)
      • කෙටි කාලීන ස්ථාවර තැන්පතු

3. මුදල් ප්‍රවාහයන්

මුදල් හා මුදල් සමාන දෑ ආයතනය තුළට ගලා ඒම හා ආයතනයෙන් පිටතට ගලායාම මුදල් ප්‍රවාහ වේ.

4. මෙහෙයුම් ක්‍රියාකාරකම්

ආයතනයක ප්‍රධාන ආදායම් ඉපදවන ක්‍රියාකාරකම් මෙහෙයුම් ක්‍රියාකාරකම් වන අතර මෙමඟින් නිපදෙවෙන මුදල් ප්‍රවාහ මෙහෙයුම් මුදල් ප්‍රවාහයි.

උදා :

      • භාණ්ඩ හෝ සේවා සැපයීමෙන් ලද මුදල්
      • භාණ්ඩ හෝ සේවා සැපයීම වෙනුවෙන් සැපයුම්කරුවන්ට ගෙවන මුදල්
      • මූල්‍ය හා ආයෝජන ක්‍රියාකාරකම් යටතේ විශේෂයෙන් හඳුනාගත නොහැකි මුදල් ප්‍රවාහ

5. ආයෝජන ක්‍රියාකාරකම්

මුදල් හා මුදල් සමාන දෑ යන්නට අයත් නොවන වෙනත් ආයෝජන හා ජංගම නොවන වත්කම් මිලට ගැනීම හා ඉවත් කිරීම හා ඒ හා සම්බන්ධව ඇතිවන මුදල් ප්‍රවාහයි.

උදා :

      • ස්ථාවර වත්කමක් මිලට ගැනීම
      • ස්ථාවර වත්කමක් විකිණීම
      • වෙනත් සමාගමක කොටස් මිලට ගැනීම හා ඉන් ලාභාංශ ලැබීම

6. මූල්‍ය ක්‍රියාකාරකම්

ව්‍යාපාරයේ ස්කන්ධ ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනයේ වෙනස්කම් ඇති කරන ක්‍රියාකාරකම් මූල්‍ය ක්‍රියාකාරකම් වේ.

උදා :

      • කොටස් නිකුතුවෙන් ලද මුදල්
      • දිගුකාලින ණය ගැනීම හා ගෙවීම

 

මුදල් ප්‍රවාහ ප්‍රකාශ භාවිතයෙන් ලැබෙන ප්‍රයෝජන

  • මෙහෙයුම්, ආයෝජන හා මූල්‍ය ලෙස මුදල් ප්‍රවාහ හඳුනා ගැනීමට
  • ව්‍යාපාරට මුදල් ගලා ආවේ කෙසේද ඒවා යෙදවූයේ කෙසේද යන්න අවබෝධයට

 

මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීම

 මුදල් ප්‍රවාහ ප්‍රකාශය පිළියෙල කිරීමේදී ප්‍රධාන ක්‍රියාකාරකම් තුනක් යටතේ පිළියෙල කරයි.

  1. මෙහෙයුම් ක්‍රියාකාරකම්
  2. ආයෝජන ක්‍රියාකාරකම්
  3. මූල්‍ය ක්‍රියාකාරකම්

 

  1. මෙහෙයුම් ක්‍රියාකාරකම්

මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහයන් පිළියෙල කල හැකි ආකාර දෙකකි. මෙහිදී ලබා දී ඇති තොරතුරු අනුව උචිත ක්‍රමවේදය තෝරාගනී.

I. ඍජු ක්‍රමය

දළ මුදල් ලැබීම් හා ගෙවීම් සියල්ල මෙහිදී අනාවරණකරමින් මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ හෝ යෙදවූ මුදල් ප්‍රවාහය ගණනය කරයි. ( අගය ඍණ අගයක් නම් යෙදවූ මුදල් ප්‍රවාහ ලෙස ද ධන අගයක් නම් ජනනය වූ ප්‍රවාහයක් ලෙස ද හඳුන්වයි )

උදා :

    • අත්පිට විකුණුම් වලින් ලද මුදල් ධන මුදල් ප්‍රවාහයක් ලෙසද
    • ගැනුම් සදහා ගෙවූ මුදල් ඍණ මුදල් ප්‍රවාහයක් ලෙසද , සටහන් කිරීම

ඉන්පසුව එයින් මුදලින් ගෙවූ බදු හා පොලී අඩු කල පසු මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ හෝ යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරයි.

 

II. වක්‍ර ක්‍රමය

මෙහිදී කාලච්ජේදයේ බදු පෙර ශුද්ධ ලාභයෙන් මුදල්ම‍ය නොවන අයිතම ඉවත් කර ලාභය මුදල් ප්‍රවාහයක් බවට පත් කරනු ලැබේ.

උදා :

    • ක්ෂය වියදම් ලාභයට එකතු කිරීම
    • ස්ථාවර වත්කම් විකිණීමෙන් ලද ලාභ අඩු කිරීම

ඉන්පසු කාරක ප්‍රාග්ධන අයිතම වෙනස් වීම් ගලපා මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ හෝ යෙදවූ මුදල් ප්‍රවාහ ගණනය කරයි.

එය පහත පරිදිය,

    • ජංගම වත්කම් වල වැඩී වීම ප්‍රකාශයෙන් අඩු කිරීම
    • ජංගම වත්කම් වල අඩු වීම ප්‍රකාශයට එකතු කිරීම
    • ජංගම වගකීම් වල වැඩි වීම ප්‍රකාශයට එකතු කිරීම
    • ජංගම වගකීම් වල අඩු වීම ප්‍රකාශයෙන් අඩු කිරීම

වසර තුළ අදාළ වත්කම හෝ වගකීමේ අඩු / වැඩි වීම එහි අවසන් ශේෂයෙන් ආරම්භක ශේෂය අඩු කිරීමෙන් ගණනය කරයි.

ඉන්පසුව එයින් මුදලින් ගෙවූ බදු හා පොලී අඩු කල පසු මෙහෙයුම් කටයුතුවලින් ජනනය වූ හෝ යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරයි.

 

මෙහෙයුම් ක්‍රියාකාරකම් වල මුදල් ප්‍රවාහ ගණනය කල ආකාරය අනුව මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඍජු ක්‍රමයට හෝ වක්‍ර ක්‍රමයට සැකසුවාද යන්න හඳුනාගනී.

 

2. ආයෝජන ක්‍රියාකාරකම් 

මුදල් ප්‍රවාහ ජනනයවන ආයෝජන ක්‍රියාකාරකම් ප්‍රකාශයට එකතු කරයි.

උදා :

    • යන්ත්‍රයක් විකිණීමෙන් ලද මුදල්

මුදල් ප්‍රවාහ පිටතට ගලායන ආයෝජන ක්‍රියාකාරකම්න් ප්‍රකාශයෙන් අඩු කරයි.

උදා :

    • යන්ත්‍රයක් මිලට ගැනීමේදී ගෙවන මුදල්

 

3. මූල්‍ය ක්‍රියාකාරකම් 

ආයතනයට මුදල් ගලාඑන මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රකාශයට එකතු කරයි.

උදා :

    • කොටස් නිකුතුවෙන් ලද මුදල

මුදල් ආයතනයෙන් පිටතට ගලායන මූල්‍ය ක්‍රියාකාරකම් ප්‍රකාශයෙන් අඩු කරයි.

උදා :

    • කොටස් නිදහස් කිරීමට ගෙවන මුදල්
    • ගෙවන ලාභාංශ

අවසාන වශයෙන් මෙහෙයුම්, ආයෝජන හා මූල්‍ය මුදල් ප්‍රවාහ වල එකතුවෙන් කාලච්ජේදයේ ජනනය වූ හෝ යෙදවූ ශුද්ධ මුදල් ප්‍රවාහය ගණනය කරයි.

එයට ආරම්භක මුදල් හා මුදල් සමාන දෑ එකතු කිරීමෙන් අවසන් මුදල් හා මුදල් සමාන දෑ ගණනය කරයි.

 

මුදල්  ප්‍රවාහ ප්‍රකාශ ආකෘති ;

……………………………. ව්‍යාපාරය

…………………………………දිනෙන් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (සෘජු ක්‍රමය)

 

……………………………. ව්‍යාපාරය

…………………………………දිනෙන් අවසන් වර්ෂය සඳහා

මුදල් ප්‍රවාහ ප්‍රකාශනය (වක්‍ර ක්‍රමය)

 

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom