ව්‍යාපාර අධ්‍යනය13.01- නිෂ්පාදනය

13.01- නිෂ්පාදනය

 

පාඩමේ සටහන Download කරගන්න.

පාරිභෝගික අවශ්‍යතාවයන්ට අනුව සම්පත්වල ස්වරූපය වෙනස් කරමින් එම සම්පත්වලට වටිනාකමක් එක් කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනය නම් වේ.නැතහොත් පුද්ගල අවශ්‍යතා හා වුවමනා ඉටු කිරීම සඳහා යෙදවුම් නිමවුම් බවට පත් කිරීමේ ක්‍රියවලියයි.එය වර්තමානයේ තවදුරටත් සංවිධිතව මෙහෙයුම් කළමණාකරනය ලෙස හඳුන්වයි.

මෙහෙයුම් කළමණාකරනය

සංවිධානයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු සැලසුම්කරණය , සංවිධානකරනය , මෙහෙයවීම හා පාලනය ඇතුලත් ක්‍රියාවලිය කළමණාකරනය කිරීමේ කාර්යය මෙහෙයුම් කළමණාකරනය යි.

නිෂ්පාදන ක්‍රියාවලිය තුල යෙදවුම්(සම්පත්) නිමවුම්(භාණ්ඩ හා සේවා) බවට පරිවර්තනය කිරීමට අදාලව සිදු කරන සියලු කටයුතු මෙහෙයුම් කටයුතු ලෙස හඳුන්වයි.

ආයතනයක අරමුණු හා පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කළමණාකරනය දායක වන අතර සම්පත් උපයෝගී කරගෙන ඉහල ගුණත්වයෙන් යුත් භාණ්ඩ හා සේව නිෂ්පාදනය කිරීම මෙහෙයුම් කළමණාකරනයේ මූලික කාර්යය වේ.

භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල මෙන්ම සේවා නිෂ්පාදන ව්‍යාපාරවලද මෙහෙයුම් කටයුතු සිදු වේ.භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරවල මූලික වශයෙන් නිෂ්පාදනය කරනු ලබන්නේ ස්පෘශ්‍ය භාණ්ඩ වේ.

උදා ; පිඟන් , බිස්කට් , මෝටර්රථ , පාලම් , ගුවන්‍යානා , කිරිපිටි

සේවා නිෂ්පාදන ව්‍යාපාරවල නිෂ්පාදනය කරනු ලබන්නේ අස්පෘශ්‍ය භාණ්ඩ වේ.

උදා ; ගුරු සේවය , වෛද්‍ය සේවය , රක්ෂණ සේවා , ප්‍රවාහන සේවා

ඒ අනුව මෙහෙයුම් කළමණාකරනය නිෂ්පාදන ඉංජිනේරුකරණය නිෂ්පාදන සැලසුම්කරණය , ද්‍රව්‍ය මිලදී ගැනීම , නිෂ්පාදන පාලනය හා පර්යේෂණ හා සංවර්ධනය යන ක්‍රියාකාරකම් මෙහෙයවීම හා නියාමනය කිරීම අන්තර්ගත සංකීර්ණ කළමණාකරන ක්‍රියාදාමයක් ලෙස හැඳින්විය හැක.යෙදවුම්වලට වටිනාකමක් එකතු කිරීම මෙහිදී සිදු වේ.එසේම ආයතනයේ අලෙවි , මූල්‍ය හා මානව යන සෙසු අංශවල සහයද මෙහෙයුම් අංශයට දායක වේ.යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරිමෙ ක්‍රම 2 කි.

  1. ක්‍රියාවලියට යොදා ගන්නා ද්‍රව්‍ය මඟින් නිෂ්පාදිතයේ විවිධ කොටස් සැකසීමට යොදා ගැනීම.මෙය විශ්ලේෂණ ක්‍රමය නම් වේ.
  2. කොටස් එකතු කර නීමි භාණ්ඩ තැනීම.මෙය එකලස් කිරීමේ ක්‍රමය නම් වේ

පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කරන භාණ්ඩ හා සේවා නිශ්පාදනය කිරීම මෙහෙයුම් කළමණාකරනයේ අවසන් ප්‍රතිඵලයයි.මේ නිසා මෙහෙයුම් ශ්‍රිතය ඉල්ලුම සපුරාලීමට සැපයුමක් නිර්මාණය කිරීම වෙත සැමවිටම සැලකිල්ල යොමු කරයි.

මෙහෙයුම් කළමණාකරනයට අදාල පරිවර්තන ක්‍රියාවලිය රූප සටහනක් ඇසුරින්

 

ව්‍යාපාරයේ සම්පත් (යෙදවුම්) බවට පත් කීරීම පරිවර්තන ක්‍රියාවලියක් ලෙස සිදු වේ.යෙදවුම් නිමවුම් බවට පත් කිරීමට අදාල සියලු කාර්යයන් මෙහෙදී සලකා බලයි.පරිවර්තන ක්‍රියාවලියේ සෑම අදියරකදීම යෙදවුම්වලට වටිනාකමක් එකතු වේ.

නිෂ්පාදනය හා එකතුකල අගය

යෙදවුම්වලට යම් වටිනාකමක් එකතුකර නිමවුම් බවට පත්කිරීමේ ක්‍රියාවලිය නිෂ්පාදනයයි.පරිවර්තය ක්‍රියාවලියේ විවිධ අවස්ථාවලදී යෙදවුම්වලට වටිනාකමක් එකතුවීමෙන් නිෂ්පාදිතයේ වටිනාකම වැඩිවන අතර එය එකතුකල අගය ලෙස හඳුන්වයි.

මෙහෙයුම් කළමණාකරනයේ වැදගත්කම
  1. ඉහල ගුණත්වයෙන් යුත් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කල හැකි වීම.
  2. මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාව හා සඵලදායීතාව වැඩි කරගත හැකි වීම.
  3. නිෂ්පාදන කටයුතු වේගවත්ව සිදු කල හැකිවීම.
  4. නිෂ්පාදන පිරිවැය අවම කරගත හැකි වීම හා ලාභය වැඩි කරගත හැකි වීම.
  5. ගෝලීය ව්‍යාපාර පරිසරය තුල තරඟකාරීත්වයට සාර්ථකව මුහුණදිය හැකි වීම.
  6. නව්‍යතාවයෙන් යුක්තව භාණ්ඩ හා සේවා හඳුන්වාදිය හැකි වීම.
  7. සේවක සංවර්ධනය ඇති වීම.
මෙහෙයුම් කළමණාකරනයේ කාර්යයන්
  1. නිෂ්පාදන ඉංජිනේරුකරණය
    1. නීෂ්පාදන ක්‍රියාවලිය තීරණය කිරීම.
    2. අවශ්‍ය යන්ත්‍රාගාර හා උපකරණ තීරණය.
    3. නීෂ්පාදන කාලසටහන තීරණය.
    4. අවශ්‍ය ද්‍රවය ප්‍රමාණය හා ඒවායේ ගුණාත්මකභාවය තීරණය.
  2. නිෂ්පාදන සැලසුම්කරණය
    1. කෙටිකාලීන නිෂ්පාදන වැඩසටහන් සැකසීම.
    2. දිගුකාලීන නිෂ්පාදන වැඩසටහන් සැකසීම.
  3. ද්‍රව්‍ය මිලදී ගැනීම.
  4. නිෂ්පාදන පාලනය
    1. තත්ව පාලනය
    2. තොග පාලනය
    3. පිරිවැය පාලනය
    4. යාන්ත්‍රික පාලනය
    5. ක්‍රියාකාරීත්ව පාලනය
  5. පර්යේෂණ හා සංවර්ධනය

නිෂ්පාදන ඉංජිනේරුකණය

නිෂ්පාදන ක්‍රියාවලිය තීරණය කිරීම.

මෙහෙයුම් කළමණාකරනයේ ප්‍රධානතම වගකීම වන්නේ සඵලදායී නිෂ්පාදන ක්‍රියාවලියක් නිර්මාණය කිරීම වන අතර එම ක්‍රියාවලිය තුල පහත කාර්යයන් හඳුනාගත හැකිය.

  1. සැපයුම්දාමය හඳුනා ගැනීම.
  2. ඉල්ලුම පුරෝකථනය කිරීම.
  3. ධාරිතාවය සැලසුම්කරණය.
  4. පහසුකම් සහිත ස්ථානයක් තෝරා ගැනීම.
  5. පහසුකම් සහිත පිරියත සැකසීම.
  • මේ යටතේ ප්‍රධාන පිරියත සැලසුම් වර්ග 4 කි.
  1. ක්‍රියාවලි පිරියත
  2. නිෂ්පාදිත පිරියත
  3. කුටි පිරියත
  4. ස්ථාවර ස්ථානීය පිරියත
   (1)ක්‍රියාවලි පිරියත

නිෂ්පාදන ක්‍රියාවලියේ එක් අදියරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලුම දේ එකම තැනක සිදුවන ආකාරයට යන්ත්‍රසූත්‍ර , උපකරණ , මිනිසුන් පිලියෙල කිරීම ක්‍රියාවලි පිරියත වේ.නිෂ්පාදිත රාශියක් සුලු වශයෙන් නිපදවන ආයතනයකට මෙම පිරියත වඩාත් යෝග්‍ය වේ.මෙය කාර්යයබද්ධ පිරියත ලෙසද හඳුන්වයි.

උදා ; 1) නිෂ්පාදිත රාශියක් සුලු වශයෙන් නිපදවන ආයතන සඳහා

  • බේකරි නිෂ්පාදන ආයතන
  • යෝගට් නිෂ්පාදන ආයතන
  • ගෘහභාණ්ඩ නිෂ්පාදන ආයතන

2) සේවා නිෂ්පාදන ආයතන සඳහා

  • රෝහලක ප්‍රතිකාර කිරීම
  • පාසල්/විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීම
   (2)නිෂ්පාදිත පිරියත

සමස්ථ නිෂ්පාදන ක්‍රියාවලිය එක් කාර්යය මධ්‍යස්ථානයකින් ඊළඟ කාර්යය ස්ථානයට රේඛීයව ගලායන ආකාරයට පිරියත සැකසීම නිෂ්පාදිත පිරියතයි.නැවත නැවත කලයුතු අඛණ්ඩව ගලායන නිෂ්පාදන ක්‍රියාවලියකට මෙම පිරියත වඩාත් යෝග්‍ය වේ.

උදා ;

      • මෝටර්ටථ නිෂ්පාදනය
      • විදුලි උපකරණ නිෂ්පාදනය
      • බීම බෝතල් නිෂ්පාදනය
   (3)කුටි පිරියත

නිෂ්පාදන ක්‍රියාවලියේදි එක සමාන යන්ත්‍ර හා විෂම යන්ත්‍ර වෙන වෙනම කුටිවල සවිකර නිෂ්පාදන කටයුතු ගලායන ආකාරයට සිදුකිරීම සඳහා පිරියත සැලසුම් කිරීම කුටි පිරියත වේ.කුටි පිරියත වඩාත් යෝග්‍ය වන්නේ ඇණවුම මත කෙරෙන නිෂ්පාදනය සඳහායි.

උදා ;

  • දියමන්ති ඔපමට්ටම් කිරීම
  • මැණික් ඔප දැමීම
  • රන් භාණ්ඩ නිෂ්පාදනය
    (4)ස්ථාවර ස්ථානීය පිරියත

නිෂ්පාදනය කරන භාණ්ඩ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය , ශ්‍රමය , යන්ත්‍රසූත්‍ර , බලය යනාදී යෙදවුම් නිෂ්පාදනය සිදුකරන ස්ථානයටම ගෙනවිත් සිදුකරන නිෂ්පාදනය සඳහා පිලියෙල කරන පිරියත ස්ථාවර ස්ථානීය පිරියත වේ.ස්ථාවර ස්ථානීය පිරියත වඩා යෝග්‍ය වන්නෙ විශාලත්වය , හැඩය හෝ වෙනයම් ලක්ෂණයක් නිසා පහසුවෙන් එහා මෙහා ගෙනයා නොහැකි නිෂ්පාදිතයන් සඳහායි.

උදා ;

  • විශාල ගොඩනැගිලි ඉදි කිරීම
  • නැව් නිෂ්පාදනය
  • ගුවන්යානා එකලස් කිරීම

පිරියතවල වාසි හා අවාසි

පිරියත වර්ගය

වාසි

අවාසි

ක්‍රියාවලි පිරියත

  • යන්ත්‍ර ක්‍රියාවිරහිත වීම නිසා ඇතිවන වැඩ ඇණහිටීම වලකාගත හැකිවීම.
  • සේවා සපයන ආයතන වලට යෝග්‍ය වීම.
  • සේවකයන්ට විවිධ වූ කාර්යයන්හි නිරත වීමට අවස්ථාව ලැබෙන නිසා වෙහෙසකර බව අඩු වීම.
  • ආසන්න සුපරීක්ෂණයක් අවශ්‍ය නොවීම.
  • අර්ධනිමි ද්‍රව්‍ය වර්ධනය වීම.
  • පිරියත සැලැස්ම සඳහා වඩා වැඩි ඉඩ ප්‍රමාණයක් වැයවීම.
  • ඒකක පිරිවැය ඉහල යා හැකි වීම.
  • නිෂ්පාදන සැලසුම්කරණය හා පාලනය අපහසු වීම.

නිෂ්පාදිත පිරියත

  • කෙටි කාලයක් තුල ඉහල නිමැවුමක් ලබා ගත හැකි වීම.
  • නිෂ්පාදනකටයුතු සැලසුම්කරණය , සංවිධනකරණ්‍ය හා පාලනය පහසු වීම.
  • නිෂ්පාදනයේදී ඇතිවන ප්‍රමාදවීම් අවම වීම.
  • නිෂ්පාදනය සඳහා වැයවන මුලු කාලය අවම වීම.
  • සේවක අභිප්‍රේරණය අවම මට්ටමක පැවතීම.
  • පිරියත සැලසුමේ නම්‍යශීලීතාවය අවම වීම.
  • ඇතැම්විට යන්ත්‍ර ඌණ උපයෝජනය වීම.
  • යන්ත්‍රසූත්‍ර සඳහා ආයෝජනය කර ඇති ප්‍රාග්ධනය ඉහල වීම.

කුටි පිරියත

  • නිෂ්පාදනයේ ප්‍රමාණය හා ගුණත්වය පිලිබඳ සැලකිලිමත් විය හැකි වීම
  • නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත්ව සිදු කල හැකි වීම.
  • ඉහල පාරිභෝගික සේවාවක් ලබා දිය හැකි වීම.
  • මහා පරිමාණ නිෂ්පාදනයට යොදාගත නොහැකි වීම.
  • සාපේක්ෂව නිෂ්පාදන පිරිවැය ඉහල වීම.
  • නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම වෙනස්වීම මතකුටි පිරියත ගොඩනාගැනීම අර්ථශුන්‍ය වීම.

ස්ථාවර ස්ථානීය පිරියත

  • එහා මෙහා ගෙනයා නොහැකි නිෂ්පාදන සඳහා යෝග්‍ය වීම.
  • විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති සඳහා යෝග්‍ය වීම.
  • ස්ථාවර පිරිවැය අවම වීම.
  • ඉතා ඉහල නම්‍යශීලීතාවයකින් යුක්ත වීම.
  • ඒකකයක ද්‍රව්‍ය හා ශ්‍රම පිරිවැය ඉහලයාම තූල නිෂ්පාදන පිරිවැය ඉහල යාම.
  • ඉහල කුසලතා සහිත ශ්‍රමිකයන් අවශ්‍ය වීම.
  • නිෂ්පදනය සිදුකරන ස්ථානය වෙත උපකරණ ගෙන යාමට විශාල පිරිවැයක් හා කාලයක් ගතවීම.
 
 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet