ව්‍යාපාර අධ්‍යනය13.04 - ද්‍රව්‍ය මිලදී ගැනීම

13.04 – ද්‍රව්‍ය මිලදී ගැනීම

 

නිෂ්පාදන ක්‍රියාවලියේ විවිධ දෑ මිලට ගැනීමට අවශ්‍ය වන අතර ඒවා ප්‍රධාන වශයෙන් ද්‍රව්‍ය හා සේවා ලෙස වෙන්කර ගත හැක.

මිලදී ගන්නා ද්‍රව්‍ය

  1. ව්‍යාපාරයේ නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • යන්ත්‍ර උපකරණ අංගෝපාංග
  • අමුද්‍රව්‍ය
  • වෙනත් ප්‍රාග්ධන උපකරණ
  • ඉන්ධන
2.  ව්‍යාපාරයේ පරිහරණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
  • ලිපිද්‍රව්‍ය
  • කාර්යාල උපකරණ (ගෘහ භාණ්ඩල ඡායා පිටපත් යන්ත්‍ර)

මිලදී ගන්නා සේවා

  • නඩත්තු සේවා
  • අලුත්වැඩියා සේවා
  • ආරක්ෂක සේවා
  • පවිත්‍ර කිරීමේ සේවා
  • විදුලිය හා ජලය

ඇතැම් ව්‍යාපාර වල ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වෙනම දෙපාර්තුමේන්තුවක් ඇති අතර මිලදී ගැනීමේ කළමනාකරු නමින් වෙනම කළමනාකරුවෙකුද සිටී.

මිලදී ගැනීමේ ක්‍රියාවලියේ පියවර

  1. ද්‍රව්‍ය අවශ්‍යතාවය මිලට ගැනීමේ දෙපාර්තුමේන්තුවට දැනුම් දිම
  2. සුදුසු සැපයුම්කරුවකු සොයා ගැනීම
  3. ඇණවුම් කිරීම
  4. ද්‍රව්‍ය ලැබීම
  5. ගෙවීම පියවීම

ද්‍රව්‍ය මිලදී ගැනීමේ දී සැලකිමත් විය යුතු කරුණු

  • නිෂ්පාදන පිරිවිතර
  • ද්‍රව්‍ය වල මිල ගණන්
  • ද්‍රව්‍ය වල ගුණත්වය
  • ද්‍රව්‍ය සැපයීමේ වේගවත් බව
  • සැපයුම් කරුවන්ගේ විශ්වාසවන්ත භාවය
  • පොරොත්තු කාලය
  • ගෙවීම් කොන්දේසි

ව්‍යාපාරයකට නිවැරදි මිලදී ගැනීමේ ක්‍රමයක් තෝරා ගැනීමේ අවශ්‍යතාවය

  • නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය අඛණ්ඩව ලබාගත හැකි වීමෙන් නිෂ්පාදන කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යා හැකි වීම.
  • නිවැරදි ද්‍රව්‍ය මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති විට අවම පිරිවැයක් යටතේ ද්‍රව්‍ය මිලදී ගත හැකි වීමෙන් පිරිවැය අඩු කර ගත හැකි වීම.
  • නිවැරදි මිලදී ගැනීමේ ක්‍රමයක් ඇති විට නියමිත ප්‍රමිතියකින් හා ගුණත්වයකින් යුතු ද්‍රව්‍ය පමණක් මිලදී ගන්නා නිසා නිෂ්පාදිතයේ ගුණත්වය ආරක්ෂා කර ගැනීමට ද හැකිවේ.

නිෂ්පාදන ආයතනයක් විසින් අවශ්‍ය ගුණාත්මක ද්‍රව්‍ය නිසි පරිදි මිලදී නොගැනීම නිසා එම ආයතනයට ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵල

  • නිෂ්පාදිතයේ ගුණත්වය ආරක්ෂා කරගත නොහැකි වීම.
  • නිෂ්පාදිත වලට ඇති වෙළඳපොල ඉල්ලුම අඩුවීම.
  • නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වීම.
  • වෙළඳපොල ඉල්ලුම නිසි පරිදි සපුරාලිය නොහැකි වීම.

තොග පාලනය සඳහා උචිත ක්‍රම විමසීම

නිෂ්පාදන ක්‍රියාවලිය අඛන්ඩව කරගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තොග පාලනය ලෙස හඳුන්වයි.

\boxed{\boxed{\text{ප්‍රශස්ත තොගය}\rightarrow\text{ඌන හෝ අතිරික්ත තොග හෝ නොමැතිව අවම පිරිවැයක් යටතේ රඳවාගන්නා වු තොගයයි }}}

 

තොග පාලන ක්‍රම

  1. තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය

උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යළි ඇණවුම් මට්ටම, ආර්ථික ඇණවුම් ප්‍රමාණය ආදී ලෙස විවිධ තොග මට්ටම් නිශ්චය

2. ABC විශ්ලේෂණ ක්‍රමය

ද්‍රව්‍ය අයිතම විශාල සංඛ්‍යාවක් ඇති ආයතන විසින් බොහෝ විට තොග පාලනය සඳහා යොදා ගන්නා ක්‍රමයකි. ද්‍රව්‍ය අයිතම වල වටිනාකම හා අවශ්‍ය ගබඩා ඉඩකඩ පදනම් කරගෙන තොග පාලනය කිරීමේ ක්‍රමය ABC විශ්ලේෂණ ක්‍රමය නම් වේ.

මෙහිදී,

  • වටිනාකමෙන් වැඩි, එහෙත් අයිතම සංඛ්‍යාවෙන් අඩු තොග A වශයෙන්ද,
  • මධ්‍යස්ථ වටිනාකමක් සහිතල මධ්‍යස්ථ අයිතම සංථ්‍යාවක සහිත තොග B වශයෙන්ද,
  • අඩු වටිනාකමක් සහිත වැඩි අයිතම සංඛ්‍යාවක් සහිත තොග C වශයෙන්ද, වෙන්කරගෙන තොග පාලනය කිරීම මෙම ක්‍රමයේදී සිදු කෙරේ.

ද්‍රව්‍ය අයිතම

වටිනාකම

අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය

A

B

C

70%

30%

10%

10%

25%

60%

3. අඛණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය

තොගයෙහි ඇතිවන වෙනස්කම් එලෙසින්ම වාර්තා කරන කවර අවස්ථාවකදී වුව ගබඩාවේ තිබෙන ශේෂය දැනගත හැකි ආකාරයට තොග වාර්තා කිරිමේ ක්‍රමය ලෙස හැඳින්වේ.

නිදසුන් ; රාක්ක පත්‍ර

4. පරිගණක වැඩසටහන් ක්‍රමය

තොග පාලනය සඳහා නිපදවා ඇති පරිගනක මෘදුකාංග භාවිත කරමින්ල පරිගනක වැඩසටහන් මඟින් තොග පාලනය කිරීමයි.

5. JIT ක්‍රමය – Just In Time

නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම හා නිපදවු භාණ්ඩ (නිමැවුම) එසැනින්ම වෙළඳපොලට ඉදිරිපත් කිරිමේ ක්‍රමය JIT ක්‍රමය ලෙස හඳුන්වයි.

අමුද්‍රව්‍ය හා නිමි ද්‍රව්‍ය තොග ශුන්‍ය ලෙස පවත්වාගනිමින් ගබඩා පිරිවැය අවම කර ගැනීමේ ක්‍රමයක් ලෙස මෙය හැඳින්විය හැක. නිෂ්පාදන පිරිවැයෙහි සැලකිය යුතු කොටසක් ඇතුළත් වන්නේ ගබඩා පිරිවැයෙහි වන බැවින්ද අමුද්‍රව්‍ය හා නිමි භාණ්ඩ ගබඩා කිරීමක් සිදු නොවන බැවින් ගබඩා පිරිවැය අවම කරමින් ක්‍රමය ක්‍රියාත්මක වේ.

JIT ක්‍රමයේ වාසි

  • ගබඩා පිරිවැය අඩුවීම
  • තොග යල් පැනීමේ නම්‍යවීම් ආදිය වළක්වාගත හැකි වීම
  • මුදල් ප්‍රවාහය වේගවත්වීම

JITක්‍රමයේ අවාසි

  • ප්‍රවාහන පිරිවැය ඉහළ යාම
  • ආරක්ෂණ තොග නොහැකි වීම
  • සෑම නිෂ්පාදනයකට ම යොදාගැනීමේ අපහසුව

තොග පාලනයේ අවශ්‍යතාවය

  • ඌන තොග නොමැති වීම නිසා නිෂ්පාදන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යා නොහැකි වීම.
  • වෙළෙඳපොළ ඉල්ලුම නිසා පරිදි සපුරාලිය හැකිවීම.
  • අධි තොග හෝ ඌන තොග නොමැති විම නිසා පිරිවැය අවම කර ගත හැකි වීම.
  • යන්ත්‍ර සුත්‍ර හා ශ්‍රමය ආදී සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගත හැකිවීම.
  • අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන්ට සාර්ථකව මුහුණදිය හැකිවීම.

ප්‍රශස්ත තොගයක් පවත්වාගැනීම සඳහා අවශ්‍ය තොග මට්ටම් නිශ්චය කිරීම

නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙනයාම සඳහා ප්‍රශස්ත මට්ටමෙන් හා අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය තොග පාලනය ලෙස හඳුන්වයි.

තොග මට්ටම් ගණනය කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු

  • කාලච්ඡේදයට අදාල ද්‍රව්‍ය පරිභෝජනය
  • යළි ඇණවුම් කාලය
  • යළි ඇණවුම් ප්‍රමාණය

කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය පරිභෝජනය යනු දිනක, සතියක, මාසයක ආදි වශයෙන් නිශ්චිත කාලපරිජේදයක නිෂ්පාදන කටයුතු සඳහා හෝ අලෙවි කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රමාණයයි.

ආයතනයේ නිෂ්පාදනය හෝ අලෙවි ප්‍රමාණයෙහි ඇතිවන වෙනස්වීම් අනුව මෙම ද්‍රව්‍ය පරිභෝජන ප්‍රමාණය අවම පරිභෝජන ප්‍රමාණය සහ සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය ලෙස පෙන්වා දිය හැකිය.

\boxed{\text{සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය}=\frac{\text{උපරිම පරිභෝජන ප්‍රමාණය}\;+\text{අවම පරිභෝජන ප්‍රමාණය}}2}

 

ද්‍රව්‍ය ඇණවුම් අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබීම තෙක් ගතවන කාලය යළි ඇණවුම් කාලය ලෙස හඳුන්වයි.

එම කාලය ද උපරිම ඇණවුම් කාලය, අවම ඇණවුම් කාලය සහ සාමාන්‍ය ඇණවුම් කාලය ලෙස වෙනස් විය හැකිය.

 

යළි ඇණවුම් ප්‍රමාණය යනු ඇණවුමක් කිරීමේදි එලෙස ඇණවුම් කරනු ලබන ද්‍රව්‍ය ඒකක ප්‍රමාණයයි.

ප්‍රශස්ත තොග මට්ටහක් පවත්වාගෙන යාමේදී සැලකිල්ල දැක්විය යුතු තීරණාත්මක තොග මට්ටම්

  1. යළි ඇණවුම් මට්ටම
  2. අවම තොග මට්ටම
  3. උපරිම තොග මට්ටම

යළි ඇණවුම් මට්ටම

\boxed{\text{යළි ඇණවුම් මට්ටම}=\text{උපරිම තොග භාවිතය}\times\text{උපරිම ඇණවුම් කාලය}}

ව්‍යාපාර ආයතනයකට නිෂ්පාදන හෝ විකිණීමේ කටයුතු සඳහා තොග පාවිච්චි කිරීමත් සමඟ ක්‍රමයෙන් තොග අඩු වන විට නැවත ඇණවුමක් කළ යුතු යැයි ඇයතනය විසින් තීරණය කරන තොග මට්ටම යළි ඇණවුම් මට්ටම ලෙස හඳුන්වයි.

අවම තොග මට්ටම

ව්‍යාපාරයක කිසියම් ද්‍රව්‍යයකට අදාළ තොග යම් මට්ටමකට වඩා අඩු වීමට ඉඩ නොතබන මට්ටම අවම තොග මට්ටම ලෙස හඳුන්වයි.

\boxed{\text{අවම තොග මට්ටම}=\text{යළි ඇණවුම් මට්ටම}-(\text{සාමාන්‍ය තොග භාවිතය}\times\text{සාමාන්‍ය ඇණවුම් කාලය})}

අඛණ්ඩව නිෂ්පාදන හෝ අලෙවි කටයුතු සිදු කිරීමට අවම තොග මට්ටමක් පවත්වාගෙන යා යුතුය.

උපරිම තොග මට්ටම

ව්‍යාපාරයක යම් ද්‍රව්‍යයකට අදාළ තොග යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතබන තොග මට්ටම උපරිම තොග මට්ටම ලෙස හැඳින්වේ.

\boxed{\text{ උපරිම තොග මට්ටම}=\text{යළි ඇණවුම් මට්ටම}-(\text{අවම තොග භාවිතය}\times\text{ අවම ඇණවුම් කාලය})+\text{යළි ඇණවුම් ප්‍රමාණය}}

ගබඩාවක තිබිය හැකි උපරිම තොග ප්‍රමාණය මෙය වන අතර එම ප්‍රමාණය ඉක්මවා තොග රැස් කිරීමද යෝග්‍ය නොවේ.

විවිධ තොග මට්ටම් ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැක

අනුයාත ඇණවුම් දෙකක් අතර පවතින කාලය චක්‍රීය තාලය වන අතර ආයතනය විසින් ඇණවුමක් කළ පසු ඇණවුම් කරන ලද ද්‍රව්‍ය ආයතනය වෙත පැමිණීමට ගත වන කාලය පොරොත්තු කාලය වේ. එම පොරොත්තු තාලය තුළ භාවිතයට ගැනෙන තොග ඒකක ප්‍රමාණය පොරොත්තු කාල ඉල්ලුම වේ.

අවම තොග මට්ටමට වඩා ගබඩාවෙහි තොගය පහළ ගියහොත් ඇත් විඳීමට සිදු වන ප්‍රතිඵල

  • නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කිරීමට හැකි වීම.
  • යන්ත්‍ර උපකරණ නිසි පරිදි භාවිතයට ගත නොහැකි වීමෙන් අක්‍රීය පිරිවැයක් දැරීමට සිදුවීම.
  • සේවකයන්ගෙන් උපරිම සේවයක් ලබාගත නොහැකි වීමෙන් නිරර්ථක කාලය ඉහළ යාමග (වැඩ නොකර සිටින කාලය)
  • ව්‍යාපාරික ඇණවුම් නොලැබී යාම.
  • හදිසි ඇණවුම් සපුරාලිය නොහැකි වීම.

තොග පිරිවැය පිළිබඳ සැලකිලිමත් වෙමින් ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරීම

ආයතනයක මුලු තොගය, තොග ඇණවුම් කිරීමේ පිරිවැය සහ තොග පවත්නාගෙන යාමේ පිරිවැය ලෙස කොටස් දෙකකින් සමන්විත වේ.

  1. තොග ඇණවුම් කිරීමේ පිරිවැය

ආයතනයකට තොග ලබා ගැනීමේදී දැරීමට සිදු වන පිරිවැයයි

  • තොග ගැනුම් මිල
  • ඇණවුම් පිළියෙල කිරීමේ වියදම්
  • තොග ඇණවුම් කිරීමේ සන්නිවේදන වියදම්
  • ද්‍රව්‍ය ගෙන ඒමේ වියදම්
  • ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වියදම්
  1. තොග පවත්වාගෙන යාමේ පිරිවැය

ගබඩාවට තොග ලැබූ අවස්ථාවේ සිට ගබඩාවෙන් නිකුත් කිරීම තෙක් දැරීමට සිදු වන් වියදම්ය.

  • ගබඩා වියදම්
  • ගබඩා සේවක වැටුප්
  • ගබඩා විදුලි ගාස්තු
  • ද්‍රව්‍ය එහා මෙහා කිරීමේ වියදම්
  • ගබඩා රක්ෂණ ගාස්තු
  • තොග හානි වීමේ වියදම්
  • තොග වාර්ථා තබා ගැනීමේ වියදම්

මුළු තොග පිරිවැය = තොග ඇණවුම් කිරීමේ පිරිවැය + තොග පවත්වාගෙන යාමේ පිරිවැය

ආර්ථික ඇණවුම් ප්‍රමාණය (EOQ)

ආයතනයක තොග සම්බන්ධ සියඑම පිරිවැය අවම වන සේ වරකට ඇණවුම් කළ හැකි තොග ඒකක ප්‍රමාණය ආර්ථික ඇණවුම් ප්‍රමාණය ලෙස හඳුන්වන අතර එම ආර්ථික ඇණවුම් ප්‍රමාණයේ දී තොග ඇණවුම් කිරිමේ පිරිවැයත් තොග පවත්වාගෙන යාමේ පිරිවැයත් එකිනෙකට සමාන වේ.

පහත සමීකරණය මඟින් ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කළ හැකිය.

\boxed{\mathrm{EOQ}=\sqrt{\frac{2{\mathrm{DC}}_{\mathrm O}}{{\mathrm{PC}}_{\mathrm S}}}\;\;\text{හෝ }\;\;\mathrm{EOQ}=\sqrt{\frac{2\mathrm{cd}}{\mathrm h}}}

 

EOQ – ආර්ථික ඇණවුම් ප්‍රමාණය

D/d -වාර්ෂික තොග පරිභෝජනය රැ වාර්ෂික තොග ඉල්ලුම

Co/C – එක් ඇණවුමක් සඳහා පිරිවැය

PCo/h – වර්ෂයක් (කාලච්ඡේදයක්) තුළ තොග ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය

පහත ප්‍රස්තාරය මඟින්ද ආර්ථික ඇණවුම් ප්‍රමාණය දැක්විය හැක.

ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කිරිම නිෂ්පාදන ආයතනයකට වැදගත් වන්නේ එමඟින් තොග පාලනයට අදාළ මුඑ පිරිවැය අවම කරගත හැකි නිසාය. ඒ නිසා ආර්ථික ඇණවුම් ප්‍රමාණය ගණනය කර වරකට එම ප්‍රමාණය මිලදී ගැනීමෙන් මුඑ තොග පාලන පිරිවැය අවම් කරගත හැක.

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet