ව්‍යාපාර අධ්‍යනය15.03 - මූල්‍ය වෙළදපල

15.03 – මූල්‍ය වෙළදපල

වෙළෙඳපොළ

අරමුදල් සපයන්නන් හා අරමුදල් ඉල්ලුම් කරන්නන් සම්බන්ධ කිරීම සඳහා පවත්නා ස්ථානයක් හෝ අවකාශය මූල්‍ය වෙළෙඳපොළ වේ මූල්‍ය වෙළෙඳපොළ මූල්‍ය වත්කම් මිලදී ගැනීම හා විකිණීම සිදු කරයි මූල්‍ය වෙළෙඳපොළ සංයුතිය පහත දැක්වේ

  1. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළෙඳපොළ
  2. දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළ
  3. රජයෙන් සකසුරුවම් වෙළෙඳපොළ
  • භාණ්ඩාගාර බිල්පත්
  • වෙළෙඳපොළ භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ
  1. සාංගමික ණය සුරැකුම්පත් වෙළදපොල
  • වාණිජ පත්‍රිකා වෙළෙඳපොළ
  • සාංගමික බැදුම්කර වෙළඳපොළ
  • කොටස් වෙළදපල

මූල්‍ය උපකරණ

මූල්‍ය උපකරණ කල් පිරීමේ කාලය පදනම් කරගෙන මූල්‍ය වෙළෙඳපොළ පහත පරිදි වර්ග කෙරෙයි.

  1. මූල්‍ය වෙළෙඳපොළ
  2. ප්‍රාග්ධන වෙළෙඳපොළ

මුදල් වෙලදපොල

මුදල් වෙළදපල යනු කෙටි කාලීනව මුදල් උපකරණ මිලදී ගැනීම හා විකිණීම ට අදාලව වෙළඳපොලයි. මුදල් වෙළදපලේ උප වෙළදපොළ තත්ත්ව කිහිපයකි.

  1. අන්තර් බැංකු ඒක්ෂණ ණය වෙළෙඳපොළ
  2. දේශීය විදේශීය මූල්‍ය වෙළෙඳපොළ
  3. භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ
  • භාණ්ඩාගාර බිල්පත් ප්‍රාථමික වෙළදපල
  • භාණ්ඩාගාර බිල්පත් ද්විතීයිකවෙළෙඳපොළ
  1. වාණිජ පත්‍රිකා වෙළෙඳපොළ

අන්තර් බැංකු ඒක්ෂණ වෙළඳපොළ

කෙටිකාලීනව වාණිජ බැංකුව අතර ණය ඉල්ලුම් සඳහා ණය සැපයුම් සිදුවන වෙළඳපොලයි ද්‍රවශීලතාව යනු හිගයක් වෙළඳ වාණිජ බැංකු ද්‍රවශීලතා අතිරික්තයක් ඇති වාණිජ බැංකු වලින් දින 7 කින් හෝ ඊට අඩු කාලයක් තුළ ගෙවීමේ පොරොන්දුව පිට මුදල් ණයට ගැනීම මෙයින් අදහස් කරයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාණිජ බැංකුව සතු සංචිත ගිණුම් හරහා මෙම ගනුදෙනු මෙහිදී සිදුවේ

දේශීය හා විදේශීය විනිමය වෙළදපොළ

රටේ විදේශීය විනිමය යොදාගෙන කෙටිකාලීනව ණය ගැනීම් හා කෙටිකාලීන ණය සපයන සිදුවන වෙළඳපොලයි අපනයනකරුවන් ලබාගන්නා විදෙස් මුදල් රුපියල් බවට පරිවර්තනය කර ගැනීම අයිතිකරුවන් ආනයනකරුවන් ශ්‍රී ලංකා රුපියල් වලට ලබා දී විදේශ මුදල් ලබාගැනීම ණයවර ලිපි නිකුත් කිරීම විදේශ බැංකු ණයකර නිකුත් කිරීම ආදී ගනුදෙනු මෙහිදී සිදුවේ

භාණ්ඩාගාර බිල්පත් වෙළෙඳපොළ

රජයට අවශ්‍ය කෙටිකාලීන ණය විදේශ මුදලින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන මූල්‍ය උපකරණ භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වෙන මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම හා විකිණීම සිදුවන වෙළෙඳපොළ භාණ්ඩාගාර බිල්පත් ලෙස හැඳින්වේ

වාණිජ පත්‍රිකා වෙළඳපොළ

සමාගම් විසින් තම කෙටිකාලීන ද්‍රවශීල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා නිකුත් කරනු ලබන පත්‍රිකා විශේෂයකි වාණිජ පත්‍රිකා විකිණීම හා මිලදී ගැනීම සිදුවන වෙළෙඳපොළ වාණිජ පත්‍රිකා වෙළදපලයි.

ප්‍රාග්ධන වෙළෙඳපොළ

වර්ෂයකට වඩා වැඩි කාලයක දී කල්පිරෙන මූල්‍ය උපකරණ ගනුදෙනු සිදුවන වෙළෙඳපොළ මෙපමණයි දිගුකාලීන අරමුදල් අවශ්‍යතා ඇති පාර්ශව දිගුකාලීන අරමුදල් අතිරික්තතා ඇති පාර්ශව සමඟ ගනුදෙනු සිදුවන වෙළෙඳපොළ ප්‍රාග්ධන වෙළෙඳපොළ වේ.

ප්‍රාග්ධන වෙළද පොලේ උප වෙළෙඳපොළ තත්වයන්

  1. භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ
  2. සංග්‍රමික බැඳූම්කර වෙළඳපොළ
  3. කොටස් වෙළඳපොළ

භාණ්ඩාගාර බැදුම්කර වෙළඳපොළ

රජයට අවශ්‍ය හා දිගු කාලීන ණය දේශීය මුදලින් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන නිල ලේඛන සුරකුම්පත් විශේෂයකි මේවා හුවමාරු වන වෙළෙඳපොළ භාණ්ඩාගාර බැඳූම්කර වෙළඳපොළ වේ රුපියල් දස දහස් ගුණයෙන් යුක්තව මිලදී ගත හැකි අතර කල්පිරීම වසර දෙකේ සිට වසර 30 තෙක් සීමාවකින් යුක්තව ලබාගත හැකිය

සංග්‍රාමික බැදුම්කර වෙළඳපොළ

රජයේ සංස්ථාව හා සීමාසහිත පොදු සමාගම් විසින් මාධ්‍ය හා දිගුකාලීන අරමුදල් සපයා ගැනීම සඳහා නිකුත් කරන බැඳුම්කර ණයකර අලෙවි කිරීම සම්බන්ධ කටයුතු සිදු වන වෙළෙඳ පොළකි මේවා කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කර කොටස් වෙළද පොලේ ගනුදෙනු කළ හැක

කොටස් වෙළඳපොළ

ලැයිස්තුගත සමාගම් විසින් කොටස් හා ණයකර සුරැකුම්පත් මිලදී ගැනීම හා විකිණීම සිදු වන වෙළෙඳ පොළයි.

කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (Colombo Stock Exchange-CSE)/ කොළඹ කොටස් හුවමාරුව

ලැයිස්තුගත සමාගම්හි කොටස් හුවමාරු කිරීම පරිපාලනය කරන ආයතනය වන මෙය ඇපයෙන් සීමිත සමාගමකි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළෙඳපොළ කළමනාකරණය කරනු ලබන්නේ ද මෙමගිනි. මෙහි පූර්ණ සාමාජිකයන් ලෙස කොටස් තැරැව්කාර සමාගම් ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළෙඳ පොළට පිවිසීමට ඇති ප්‍රධානතම මාර්ගයක් ලෙස කොළඹ කොටස් හුවමාරුව හැඳින්විය හැකි අතර රටක ආර්ථික ශක්තිය හා සංවර්ධනය පිළිබිඹු කරන ප්‍රාථමික දර්ශකයක් ලෙස ද හැඳින්විය හැකි ය. (කොළඹ බ්‍රෝකර්වරුන්ගේ සංගමය හා කොටස් බ්‍රෝකර්වරුන්ගේ සංගමය නමින් කොටස් වෙළෙඳ භූමි දෙකක් පැවතීම ප්‍රාග්ධන කොටස් වෙළෙඳපොළ සංවර්ධනයට බාධාවක් බව තහවුරු වීමත් සමග 1985 දී ඉහත සංගම දෙක ඒකාබද්ධ කර කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව අරඹන ලදී.)

කොළඹ කොටස් හුවමාරුවට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයන්

  1. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව
  2. ලැයිස්තුගත සමාගම්
  3. ආයෝජකයන්
  4. කොටස් තැරැව්කාර සමාගම්
  5. මධ්‍යම තැන්පතු පද්ධති (පෞද්.) සමාගම
  6. භාරකාර බැංකු
  7. මුදල් අමාත්‍යාංශය

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත/ ලියාපදිංචි විය හැකි ක්‍රම

  • මූලික ප්‍රසිද්ධ නිකුතුවක් තුළින් ලැයිස්තු ගත කිරීම.
  • සමාගම පළමු වරට (නව) කොටස් නිකුතුවක් මගින් මහජනයාට දායක වීමට ඇරයුම් කර කොටස් වෙළෙඳපොළේ සමාගම ලැයිස්තුගත කිරීම.
  • විකුණුම් අර්පණයක් මගින් ( Offer for Sale)
  • දැනටමත් කොටස් නිකුත් කර ඇති සමාගමක් මහජනයා වෙත ඇති කොටස්, කොටස් වෙළෙඳ පොළ තුළින් විකිණීමට ඉදිරිපත් කිරීම මගින් ලැයිස්තුගත කිරීම මින් අදහස් කෙරේ.

(සමාගම දැනටමක් නිකුත් කර ඇති කොටස් මිලදී ගැනීම සඳහා කොටස් හිමියන් වෙනුවෙන් මහජනතාවට විවෘත ආරාධනාවක් කරමින් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම විකුණුම් අර්පණයක් මගින් ලියාපදිංචි කිරීම වේ.)

  • හඳුන්වාදීම මගින් (Introduction)

ඉහත සඳහන් ක්‍රම වලට අමතර ව සමාගම් සඳහා කොටස් වෙළෙඳපොළට පිවිසීමට තවත් අවස්ථාවක් විවෘතව පවතින අතර එහි දී මහජනතාවට කොටස් නිකුත් කිරීමක් සිදු නොවේ. එය හඳුන්වාදීම ලෙස හඳුන්වන අතර මෙය අදාළ සමාගම කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත කිරීමට පමණක් යොදා ගැනේ.

කොළඹ කොටස් හුවමාරුවේ සමාගම ලැයිස්තුගත කරන පුවරු

  1. ප්‍රධාන පුවරුව (Main Board)

විශාල ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත සමාගම් ලැයිස්තුගත කිරීම සඳහා වෙන් වූ පුවරුව ප්‍රධාන පුවරුවයි.

2. දිරිසවි පුවරුව (Dirisavi Board)

සීමිත ප්‍රකාශිත ප්‍රාග්ධනයක් සහිත ව ආරම්භ වූ සමාගම් ලැයිස්තුගත කිරීමට වෙන් වූ පුවරුව දිරිසවි පුවරුවයි. වෙළෙඳපොළේ එතරම් ස්ථාපිත නොවූ සමාගම් ලේඛනගත කිරීම මෙම පුවරුව තුළ සිදු වේ.

ප්‍රධාන පුවරුවේ හා දිරිසවි පුවරුවේ ලැයිස්තුගත වීමට අවශ්‍ය සුදුසුකම්

ප්‍රධාන පුවරුව
  • ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 500 කට නොඅඩු වීම..
  • නිකුතු කොටස් ප්‍රාග්ධනයෙන් 25% ක් මහජනතාවට නිකුත් කර තිබීම.
  • අවම වශයෙන් පූර්ව වසර තුනක් අඛණ්ඩ ලාභදායිත්වයක් පෙන්නුම් කළ යුතු වීම.
දිරිසවි පුවරුව
  • ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් මිලියන 100 කට නොඅඩු වීම..
  • නිකුත් කළ ප්‍රාග්ධනයෙන් 10% ක් මහජනතාවට නිකුත් කර තිබීම..
  • අවම වශයෙන් වසරක් ක්‍රියාත්මකව පැවතීම..

ව්‍යාපාරයේ පවතින ශුද්ධ වත්කම්, ලැයිස්තුගත කිරීමට ඉල්ලුම් කළ දිනයේ සිට වසරක විගණනය කරන ලද මූල්‍ය වාර්තා මගින් තහවුරු කිරීම ප්‍රමාණවත්ය.

‘වොච් ලිස්ට්’ පුවරුව (Watch List Board)

කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තු ගත කිරීමේ කොන්දේසි කඩ කරන හා නොපිළිපදින සමාගම් මාරු කරනු ලබන පුවරුවයි. මෙය කලින් හඳුන්වන ලද්දේ කඩ කළ පුවරුව ලෙස ය.

විදේශීය ආයතන ලැයිස්තුගත කිරීම සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි බහු ව්‍යවහාර මුදලින් නාමනය කරන ලද ව්‍යාපාර වස්තු දැක්වෙන පුවරුවක් ද සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් ලැයිස්තුගත කිරීමට පහසුකම් සැලසීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පුවරුවක් ද ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇත.

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත වීමෙන් සමාගමකට ලැබෙන ප්‍රතිලාභ..

  • විශාල ප්‍රාග්ධනයක් රැස්කර ගත හැකි වීම.
  • අරමුදල් රැස් කිරීමට යන පිරිවැය අඩු වීම.
  • සමාගමේ කීර්තිනාමය හා ප්‍රතිරූපය වර්ධනය වීම.
  • මූල්‍ය අවදානම විවිධාංගීකරණය කළ හැකි වීම.
  • කොටස් සඳහා ද්විතීයික වෙළෙඳ පොළක් ඇති වීම.
  • ඇල්මැති පාර්ශ්වයන්ගේ විශ්වාසය දිනා ගත හැකි වීම.

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු වන සුරැකුම්පත්

  1. සාමාන්‍ය කොටස් – Ordinary Shares
  2. වරණීය කොටස් – Preference Shares
  3. කොටස් බලපත්‍ර – Share Warrants.
  4. සාංගමික ණයකර – Corporate Debentures
  5. රජයේ සුරැකුම්පත් – Government Debt Securities

සාමාන්‍ය කොටස්

සාමාන්‍ය කොටස් මිල දී ගන්නා ආයෝජකයෝ එම සමාගමේ අයිතිකරුවෝ වෙති. මෙම කොටස් මිල දී ගන්නා ආයෝජකයන්ට සමාගම් ලබන ලාභයෙන් ප්‍රතිශතයක් හිමි වන නමුත් හිමි වන ලාභාංශය ස්ථිර නොවේ. එම නිසා අවදානම වැඩිය. වාර්ෂික මහා සභා රැස්වීම්වලට සහභාගී වීමට අයිතිය හිමි වේ. පාලන බලතල හිමි වේ. සාමාන්‍යය කොටස් වර්ග දෙකකි.

  1. ඡන්ද බලය සහිත සාමාන්‍ය කොටස් (Voting Shares)
  2. ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් (Non-voting Shares)

ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් හිමියන්ට ඡන්ද බලය හිමි නො වූවත් සාමාන්‍ය කොටස්වලට හිමි අනෙකුත් සියලු වරප්‍රසාද ලැබේ.

වරණීය කොටස්

නිශ්චිත ලාභාංශ ප්‍රතිශතයක් හිමි සමාගම විසුරුවා හර්ක අවස්ථාවක දී ප්‍රාග්ධනය ආපසු ගෙවන විට ප්‍රමුඛත්වය හිමි වන කොටස් වරණීය කොටස් වේ. මෙම කොටස් හිමියන්ට සමාගමේ අයිතිය නම් නොවේ. අවදානම අඩුය, පාලන බලතල හිමි නොවේ.

කොටස් බලපත්‍ර

අනාගතයේ දී නිශ්චිත මිලකට සමාගමක කොටස් මිලට ගැනීමේ අයිතිය ලබා දෙමින් වර්තමානයේ සමාගම විසින් නිකුත් කරන ලියවිල්ල කොටස් බල පත්‍රය ලෙස හැඳින්විය හැකි ය. කෙසේ වුව ද කොටස් ආයෝජනයෙන් ආයෝජකයකු ලබන ප්‍රාග්ධන ලාභ හැර අනෙකුත් ප්‍රතිලාභ ලැබීමට නම් කොටස් බල පත්‍රය කොටස් බවට පත් වන තුරු ළඟ තබා ගත යුතුය.

සාංගමික ණයකර

සමාගමකට ණය ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා සමාගමක් විසින් නිකුත් කරනු ලබන සුරැ කුම්පත් විශේෂයකි. ලැයිස්තු ගත සමාගම් විසින් නිකුත් කරන ලැයිස්තුගත ණයකර කොටස් වෙළෙඳ පොළේ හුවමාරු කළ හැකි ය. ණයකරවල ආයෝජනයෙන් ආයෝජකයන්ට නිශ්චිත පොළී ප්‍රතිශතයක් හිමි වේ.

රජයේ සුරැකුම්පත්

රජය විසින් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර මින් අදහස් වේ. අවදානම ඉතා අවම ආයෝජන ලෙස මේවා සැලකේ. භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන පොළී අනුපාත ස්ථාවර නොවන අතර රජය කලින් කලට විවිධ පොළී අනුපාතයන්

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet