ව්‍යාපාර අධ්‍යනය13.02 - භාණ්ඩ නිෂ්පාදන ක්‍රම

13.02 – භාණ්ඩ නිෂ්පාදන ක්‍රම

පාඩමේ සටහන Download කරගන්න.

ප්‍රධාන වශයෙන් භාණ්ඩ නිෂ්පාදන ක්‍රම 3 කි.

      1. ඇණවුම / කාර්යය / ඒකක මත නිෂ්පාදනය
      2. කාණ්ඩ නිෂ්පාදනය
      3. ප්‍රවාහ නිෂ්පාදනය

1.ඇණවුම / කාර්යය / ඒකක මත නිෂ්පාදනය

පුද්ගලයෙකුගේ නිශ්චිත අවශ්‍යතාවක් හෝ වුවමනාවක් මත කරනු ලබන නිෂ්පාදනයයි.නැතහොත් ගනුදෙනුකරුගේ ඇණවුම මත නිෂ්පාදනය සිදුකිරීමයි.එක් අයිතමයක් ආරම්භයේ සිට අවසානය දක්වා නිපදවීම මෙහි ස්වරූපයයි.එමෙන්ම භාණ්ඩ නිෂ්පාදනය සුලු පරිමාණව මෙන්ම මහා පරිමාණ වශයෙන්ද සිදු කරයි.

සුලු පරිමාණ කාර්යය නිෂ්පාදනය සඳහා නිදසුන් ලෙස,

      • ඇස් කණ්නාඩි සැපයීම
      • මංගල ඇඳුම් මැසීම
      • උපන්දින සඳහා කේක් සැදීම
      • ස්වර්ණාභරන සැදීම

මහා පරිමාණ කාර්යය නිෂ්පාදනය සඳහා නිදසුන් ලෙස,

      • නිවසක් ඉදි කිරීම
      • ගෙවතු අලංකරනය
      • පාලම් ඉදිකිරීම
      • ගුවන්යානා , නැව් නිෂ්පාදනය

2.කාණ්ඩ / සමූහ නිෂ්පාදනය

වරකට එක හා සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීමෙන් පසුව තවත් සමාන භාණ්ඩ සමූහයක් නිෂ්පාදනය කිරීම කාණ්ඩ නිෂ්පාදනයයි. මෙය ඇණවුම මත නිෂ්පාදනයට බොහෝදුරට සමාන වන අතර වෙනසකට ඇත්තේ නිෂ්පාදනය ඒකක 1 ට වඩා වැඩි වීමයි. සමූහ නිෂ්පාදනය , ප්‍රවාහ හා කාර්යය නිෂ්පාදනය යන ක්‍රම දෙකෙහි සංකලනයකි.

උදා ;

  • බේකරි නිෂ්පාදන
  • නිල ඇඥුම් මැසීම
  • මෝටර්රථ හා අමතර කොටස් නිෂ්පාදනය

3.ප්‍රවාහ නිෂ්පාදනය

සමාන පිරිවිතරයකට අනුව විශාල වශයෙන් කෙරෙන නිෂ්පාදනය ප්‍රවාහ නිෂ්පාදනයයි.එකම වර්ගයක භාණ්ඩයක් අඛණ්ඩව , රේඛීයව ගලා යන ආකාරයට විශාල ඒකක ප්‍රමාණයක් අනාගත ඉල්ලුම පදනම් කරගෙන නිෂ්පාදනය කිරීම ප්‍රවාහ නිෂ්පාදනයයි.

ප්‍රාග්ධන සූක්ෂම නිෂ්පාදන ක්‍රමයක් වන බැවින් ඒකකයක නිෂ්පාදන පිරිවැය පහල මට්ටමක පවතී.

උදා ;

  • සිසිල් බීම
  • සබන්
  • පුවත්පත්

නිෂ්පාදන ක්‍රමවල වාසි හා අවාසි

නිෂ්පාදන

ක්‍රමය

වාසි

අවාසි

ඇණවුම මත නිෂ්පාදනය

  • ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හා වුවමනා අනුව නිෂ්පාදනය කල හැකිවීම,
  • පාරිභෝගික තෘප්තිය ඉහල මට්ටමක පවත්වා ගත හැකි වීම
  • ඇණැවුම මත නිෂ්පාදනය සිදුවන බැවින් වෙළඳපල අවධානමක් නොමැති වීම.
  • නිෂ්පාදිතය නිරන්තරයෙන් ඉහල ගුණත්වයෙන් යුක්ත වීම.
  • නිෂ්පාදනයේ පිරිවැය ඉහල විම.
  • විශේෂ උපකරණ හා මෙවලම් අවශ්‍ය වීම.
  • විකුණුම් මිල අධික වීම.
  • ඇණවුමක් ලැබෙන තෙක් බලා සිටීමට සිදු වීම.

කාණ්ඩ නිෂ්පාදනය

  • මහා පරිමාණ පිරිමැසුම් නිසා ඒකක පිරිවැය අඩු වීම.
  • කාණ්ඩයෙන් කාණ්ඩයට නිෂ්පාදිතයේ නිමාව වෙනස් කල හැකි වීම.
  • සේවකයන්ට බොහෝවිට සීමිත කාර්යයන් ප්‍රමාණයක් පැවරිය හැකි වීම.
  • ප්‍රවාහ නිෂ්පාදනයට සාපේක්ෂව පිරිවැය වැඩි වීම.
  • මහා පරිමාණ පිරිමැසුම් අඩු වීම.
  • මනාඅ සැලසුම්කරණයක් හා පාලනයක් අවශ්‍ය වීම.

ප්‍රවාහ නිෂ්පාදනය

  • සමස්ථ වෙලඳපල පිලිබඳ අවධානය යොමු කිරීම.
  • නාස්තිය හා අපතේ යාම වලක්වා ගත හැකි වීම.
  • නවීන තාක්ෂණය පහසුවෙන් යොදා ගත හැකි වීම්.
  • විශේෂ ප්‍රාගුණ්‍ය හා ශ්‍රම විභජනය යොදා ගත හැකි වීම.
  • වෙලඳපල අවධානමට මුහුණ දීමට සිදු වීම.
  • සේවක අභිප්‍රේරණය ඉතා පහල මට්ටමක පැවතීම.
  • ආපදා නිසා නිෂ්පාදන ක්‍රියාවලියම අඩාල විය හැකි වීම.
  • තරඟකාරිත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය නොහැකි වීම.

නිෂ්පාදන ක්‍රමවල විශේෂ ලක්ෂණ

නිර්ණායකය

කාර්යය නිෂ්පාදනය

කාණ්ඩ නිෂ්පාදනය

ප්‍රවාහ නිෂ්පාදනය

නිමවුම් පරිමාණය

ඉතා පහලයි

මධ්‍ය ප්‍රමාණය

ඉතා විශාලයි

නිෂ්පාදිත පෙල

විවිධයි

කීපයක් පමණි

එකක් පමණි

නිෂ්පාදන ක්‍රියාවලියේ

නම්‍යශීලීබව

නම්‍යයි/ඉතා ඉහලයි

සාමාන්‍යයි

ඉතා පහලයි/අනම්‍යයි

නිපදවීම ඇණවුමටද තොග වශයෙන්ද යන්න

ඇණවුමට

ඇණැවුම්වලට හා කුඩා තොග වශයෙන්

විශාල තොග වශයෙන්

තත්තව පාලනය

ගුණත්වය නැතහොත් තත්තව යනුවෙන් අදහස් කරන්නේ පාරිභෝගික අවශ්‍යයතා හා වුවමනා තෘප්තිමත් කිරීමට භාණ්ඩයකට හෝ සේවාවකට ඇති හැකියාවයි.

භාණ්ඩයේ ගුණත්වයහි අංගෝපාංග

  • මනා ක්‍රියාකාරිත්වය
  • කල්පැවැත්ම
  • විශ්වාසවන්ත භාවය
  • ප්‍රමිතියට අනුකූල වීීම
  • උචිත බව
  • ආරක්ෂිත බව

ගුණත්වයට බලපාන අංගෝපාංග භාණ්ඩයේ හෝ සේවාවේ ස්වභාවය අනුව වෙනස්වේ.

නිශ්පාදන ආයතනයක් ස්ථාපිත කරන ප්‍රමිතීන්ට අනුකූලව නිශ්පාදනය වන්නේද යන්නත්,

අවම නෛතික අවශ්‍යතා වලට අනුව නිශ්පාදනය සිදුවන්නේද යන්නත් තහවුරු කිරීමේ ක්‍රියාවලිය,

“තත්තව පාලනය / ගුණත්ව පාලනය” වේ.

ගුණත්තව පාලනය සදහා,

  • නියදි පරීක්ෂාව
  • යෙදවුම් නිමවුම් පරීක්ෂාව යොදා ගනියි.

ආයතනයකට ගුණත්තව පාලනය වැදගත්වීමට හේතු,

  • නියමිත ගුණත්තවයෙන් යුතු භාණ්ඩ සැපයිය හැකි වීම.
  • හානි වීම් හා පලුදු වීම් අඩුකරගැනිමට හැකිවිම නිසා අපතේයෑම් අඩුකර ගත හැකිවීම.
  • තරගකාරීත්වයට සාර්ථකව මුහුණදිමට හා අඛණ්ඩව වෙළෙදපොළ තුල රැදි සිටිමට හැකිවිම.
  • පාරිභෝගික තෘප්තිය උපරිම විම නිසා පාරිභෝගික පක්ෂපාතීත්වය වර්ධනය වීම.
  • නෛතික තත්වයන් අනුව කටයුතු කල හැකිවීම.
  • ලාභදායීත්වය වර්ධනය වීිම හා ව්‍යාපාරික පැවැත්ම ස්ථාවර වීිම.
  • ආයතනයේ සමස්ථ පිරිවැය අවම වීම.
  • වෙළදපොළට පහසුවෙන් පිවිසිය හැකි වීම.

තත්ත්ව පාලනයට යොදාගත හැකි ශිල්පීය ක්‍රම

  • තත්ත්ව කව
  • ශූන්‍යදෝෂ
  • තත්ත්ව ආරක්ෂණය
  • ගුණත්තව ප්‍රමිති
  • සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය

නිශ්චිත කාලසීමාවක් තුල ආයතනයක යෙදවුම් හා නිමවුම් අතර පවතින අනුපාතික සම්බන්දතාවය “ ඵලදායීතාව “ වේ.නිෂ්පාදනයේ සඵලදායිථාව හා කාර්යක්ෂමතාව මැනීමේ වැදගකත් මිනුමක් ලෙස ඵලදායිතාව යොදාගත හැක.

ඵලදායිතාවය ව්‍යාපාරයකට වැදගත් වීමට හේතු

  • ව්‍යාපාරයේ සම්පත් බෙදා හැරීම පිලිබදව තීරණ ගැනීමට.
  • ව්‍යාපාරය පුලුල් කිරීම පිලිබදව තීරණ ගැනීමට
  • සෙසු සමාන ආයතන සමඟ ඵලදායීතාවය සංසන්දනය කිරීමට
  • ව්‍යාපාර ආයතනයේ ප්‍රගතිය අවබෝධ කර ගැනිමට.

ඵලදායිතාව වර්ධනය කරගත හැකි ක්‍රම

  • යෙදවුම් ස්ථාවරව තබා ගෙන නිමවුම් වැඩි කිරීම.
  • නිමවුම් ස්ථාවරව තබාගෙන යෙදවුම් අඩුකිරීම.
  • යෙදවුම් අඩු කිරිම හා නිමවුම් වැඩි කිරිම.
  • යෙදවුම් අඩු කරනවාට වඩා අඩු වේගයකින් නිමවුම අඩු කිරීම.
  • යෙදවුම් වැඩිකරනවාට වඩා වැඩි වේගයකින් නිමවුම වැඩි කිරීිම.

ඵලදායිතාව මනින අකාරයන්

  • පූර්ණ ඵලදායීතාවය
  • ආංශික ඵලදායිතාවය

පූර්ණ ඵලදායිතාව = නිමවුම්/යෙදවුම්

අමුදුව්‍ය ඵලදායීතාව = නිමවුම්/අමුදුව්‍ය

ශ්‍රම ඵලදායිතාව = නිමවුම්/ශ්‍රම පැය ගණන

යන්ත්‍ර සූත්‍ර ඵලදායිතාව = නිමවුම්/යන්ත්‍ර සූත්‍ර යෙදවුම්

ඵලදායීතාව වර්ධනය කර ගත හැකි නව නිශ්පාදන තාක්ෂණික ශිල්ප ක්‍රම

  • පරිගණක ආධාරක නිරිමාණක / මෝස්තරකරණ ක්‍රමය
  • පරිගණක ආධාරක නිශ්පාදන ක්‍රමය
  • පරිගණක සමෝධානික නිශ්පාදන ක්‍රමය
  • පරිගණක අංකිත ක්‍රමය

මේවා මහා පරිමාණ නිශ්පාදන ආයතනවල මෙහෙයුම් කළමනාකරණ ක්‍රියාවලිය වඩා කාර්යක්ෂම කර ගැනීමට යොදාගනියි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.