ව්‍යාපාර අධ්‍යනය15.02 - අනුපාත විශ්ලේෂණය

15.02 – අනුපාත විශ්ලේෂණය

ව්‍යාපාරය මූල්‍ය වාර්තා විශ්ලේෂණය ව්‍යාපාරය සාර්ථකත්වය පිළිබඳ කරනු ලබන ඇගයීම මූල්‍ය විශ්ලේෂණය වේ. මෙහිදී පහත මූල්‍ය වාර්තා උපයෝගී කරගනී.

    1. ආදායම් ප්‍රකාශය
    2. මූල්‍ය තත්ව ප්‍රකාශය
    3. මුදල් ප්‍රවාහාක ප්‍රකාශය

මූල්‍ය අනුපාත ගණනය කර ගිණුම්කරණ ප්‍රකාශ විශ්ලේෂණය කිරීම මේ සියලුම ක්‍රමය අනුපාත විශ්ලේෂණය වේ. ව්‍යාපාරයක ක්‍රියාකාරීත්වය හා හා මූල්‍ය තත්ත්වය තේරුම් ගැනීම සඳහා මූල්‍ය අනුපාත විශ්ලේෂණය ප්‍රයෝජනවත් වේ. අනුපාත විශ්ලේෂණය සඳහා යොදා ගනු ලබන්නේ මූල්‍ය ප්‍රකාශයයි.

මූල්‍ය අනුපාත වර්ග කිරීම

01.ද්‍රවශීලතා අනුපාතය
    • ජංගම අනුපාතය
    • ක්ෂණික අනුපාතය
02.ලාභදායිත්ව අනුපාතය
    • දළ ලාභ අනුපාතය
    • ශුද්ධ ලාභ අනුපාතය
    • ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය
    • හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
03.ක්‍රියාකාරී අනුපාතය (මෙහෙයුම් කාර්යක්ෂමතා අනුපාත)
    • තොග පිරිවැටුම් අනුපාතය
    • ණයගැති පිරිවැටුම් අනුපාතය මුළු වත්කම් පිරිවැටුම් අනුපාතය
04.තෝලන අනුපාත
    • ණය අනුපාතය
    • හිමිකාම් අනුපාතය
    • පොලි ආවරණ අනුපාතය
ද්‍රවශීලතා අනුපාතය

කෙටි කාලීන මූල්‍ය බැඳීම් වලට මුහුණ දීමට ඇති හැකියාව පෙන්නුම් කරන අනුපාත ද්‍රවශීලතා අනුපාතයයි.ද්‍රවශීලතා අනුපාත වර්ග දෙකකි.

  1. ජංගම අනුපාත
  2. ක්ෂණික අනුපාත
ජංගම අනුපාතය

\boxed{\text{ජංගම අනුපාතය}=\frac{\text{ජංගම වත්කම් }}{\text{ජංගම වගකීම්}}}

 

ක්ෂණික අනුපාතය

\boxed{\text{ ක්ෂණික අනුපාතය}=\frac{\text{ද්‍රවශීල වත්කම් }}{\text{ජංගම වගකීම්}}}

 

ද්‍රවශීල වත්කම් = ජංගම වත්කම් – (තොගය+කලින් ගෙවූ වියදම්)

ලාභදායිත්ව අනුපාත

වත්කම් කොටස් ආයෝජනය හා විකුණුම් මත ව්‍යාපාරය උපයන ලද කොපමණ ප්‍රමාණයක්ද යන්න පෙන්නුම් කරන අනුපාත ලාභදායිත්ව අනුපාත වේ. ලාභදායිත්ව අනුපාත වර්ග,

    1. දළ ලාභ අනුපාතය
    2. ශුද්ධ ලාභ අනුපාතය
    3. ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය
    4. හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය
දළ ලාභ අනුපාතය

\boxed{\text{ දළ ලාභ අනුපාතය}=\frac{\text{දළ ලාභය }}{\text{විකුණුම්}}\times100}

 

ශුද්ධ ලාභ අනුපාතය

\boxed{\text{ ශුද්ධ ලාභ අනුපාතය}=\frac{\text{බදු පෙර ශුද්ධ ලාභය }}{\text{විකුණුම්}}}

 

ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය

\boxed{\text{ ආයෝජනය මත ප්‍රතිලාභ අනුපාතය}=\frac{\text{බදු පසු ශුද්ධ ලාභය+පොළිය }}{\text{යෙදූ ප්‍රාග්ධනය/මුළු වත්කම}}\times100}

 

හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය

\boxed{\text{ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතය}=\frac{\text{බදු පසු ශුද්ධ ලාභය+වරණීය ලාභය }}{\text{හිමිකම් ප්‍රාග්ධනය}}\times100}

 

ක්‍රියාකාරී අනුපාත

වත්කම්වල ආයෝජනය හා ඒවායින් ජනිත කරන ඉපයීමේ අතර ඇති සම්බන්ධතාවය පෙන්නුම් කරන අනුපාතය ක්‍රියාකාරී අනුපාතයයි.ක්‍රියාකාරී අනුපාත වර්ග,

    1. තොග පිරිවැටුම් අනුපාතය
    2. ණයගැති පිරිවැටුම් අනුපාතය
    3. මුළු වත්කම් මත පිරිවැටුම් අනුපාතය
තොග පිරිවැටුම් අනුපාතය

\boxed{\text{ තොග පිරිවැටුම් අනුපාතය}=\frac{\text{විකුණූ භාණ්ඩවල පිරිවැය }}{\text{සාමාන්‍ය තොගය}}}

\boxed{\text{ සාමාන්‍ය තොගය}=\frac{\text{ආරම්භක තොගය+අවසාන තොගය }}2}

 

ණයගැති පිරිවැටුම් අනුපාතය

\boxed{\text{ ණයගැති පිරිවැටුම් අනුපාතය}=\frac{\text{ණයට විකුණුම් }}{\text{සාමාන්‍ය ණයගැතියෝ}}}

\boxed{\text{ සාමාන්‍ය ණයගැතියෝ}=\frac{\text{ආරම්භක ණයගැතියෝ+අවසාන ණයගැතියෝ}}2}

 

තෝලන අනුපාත

ආයතනය අයිතිකරුවන්ගේ ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාවය පෙන්නුම් කරන අනුපාත තෝලන අනුපාතයයි. තෝලන අනුපාත වර්ග,

    1. ණය අනුපාතය
    2. ණය හිමිකාරීත්වය අනුපාතය
    3. පොලි ආවරණ අනුපාතය
ණය අනුපාතය

\boxed{\text{ ණය අනුපාතය}=\frac{\text{ස්ථිර පොළියක් ගෙවන ප්‍රාග්ධනය}}{\text{මුළු ප්‍රාග්ධනය}}\times100}

 

ණය හිමිකාරීත්වය අනුපාතය

\boxed{\text{ ණය හිමිකාරත්ව අනුපාතය}=\frac{\text{ස්ථිර පොළියක් ගෙවන ප්‍රාග්ධනය}}{\text{හිමිකම් ප්‍රාග්ධනය}}}

 

පොලි ආවරණ අනුපාතය

\boxed{\text{ පොළී ආවරණ අනුපාතය}=\frac{\text{පොළී හා බදුවලට පෙර ලාභය}}{\text{පොළිය}}}

 

මූල්‍ය අනුපාත විශ්ලේෂණය සීමාවන්
    • සත්‍ය තොරතුරු ලබා දීමේ අපහසුතාවය නිසා අනුපාත වලින් නිවැරදි තොරතුරු ලැබීම
    • මූල්‍ය ප්‍රකාශක වල පවතින සීමාවන් නිසා ඒ මත ගණනය කරනු ලබන අනුපාත වලට විවිධ බලපෑම් සිදු වීම
    • තරඟකාරී ව්‍යාපාරවල සත්‍ය තොරතුරු ලබා ගැනීමට ඇති අපහසුතාව
    • ගනුදෙනු සකස් කිරීමේ විවිධ ක්‍රම අනුගමනය කිරීමේදී යොදා ගන්නා දත්ත සමාන නොවීම
    • ඇස්තමේන්තු ගත කරන තොරතුරු මත පදනම් වීම නිසා අනුපාත නිවැරදි නොවීම

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
LearnSteer ComTalk WhatsApp Chat
Telegram Channel - LearnSteer EduTalk 🔥
Live Chat
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet