No menu items!
ශුද්ධ ගණිතය03.ඛණ්ඩාංක ජ්‍යාමිතිය03.02.08 - රේඛාවක් තුළින් ලක්ෂ්‍යයක ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක සෙවීම.

03.02.08 – රේඛාවක් තුළින් ලක්ෂ්‍යයක ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක සෙවීම.

රේඛාවක් තුළින් ලක්ෂ්‍යයක ප්‍රතිබිම්බයේ  ඛණ්ඩාංක සෙවීම.

  • P ≡ (󠄐 α  ,β  ) ලක්ෂ්‍යය  lx + my + n = 0  සරල රේඛාව අනුබද්ධයෙන් පිහිටන ආකාරය සලකා බලමු.
  • lx + my + n = 0  රේඛාව තුළ P ≡ (󠄐 α  , β ) ලක්ෂ්‍යයේ ප්‍රතිබිම්බය Q ≡ (x0,y0) යැයි ගනිමු.

\begin{array}{rcl}\text{( AB අනුක්‍රමණය ) . ( 2x+y–2=0 සරල රේඛාවේ අනුක්‍රමණය)}&=&-1\\\left(\frac{y_0-\beta}{x_0-\alpha}\right)\;.\;\left(-\frac lm\right)&=&-1\\\frac{y_0-\beta}{x_0-\alpha}&=&\frac ml\\\frac{y_0-\beta}m&=&\frac{x_0-\alpha}l\text{ ( = t  යැයි ගනිමු. )}\end{array}

මෙහි t යනු විචල්‍ය පරාමිතියකි.

\frac{y_0-\beta}m  = t   ,  ⟹  y0 = β + mt 

\frac{x_0-\alpha}l  =  t   ,  ⟹  x0 = α  + lt

 ∴   Q ≡ (α + lt , β + mt ) වේ.

  • PQහි  මධ්‍ය ලක්ෂ්‍යය R යැයි ගනිමු.

                         R≡ \left(\frac{x_0+\alpha}2,\frac{y_0+\beta}2\right)

                         R≡   ( α + lt2 ,  β +mt2    )

  • මෙම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක මගින්  lx + my + n = 0  තෘප්ත වේ.

            ∴   l ( α + lt2)  +  m (β + mt2  )   = 0

        2lα + l2t + 2mβ + m2t +2n =0  

                                                    ⟹ t  =-2\left(\frac{l\alpha+m\beta+n}{l^2+m^2}\right)

   ∴   lx + my + n = 0  හි ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක  (α +lt , β  +mt )   වේ.මෙහි  t  = -2\left(\frac{l\alpha+m\beta+n}{l^2+m^2}\right) වේ.

උදා;   2x + y = 2 සරල රේඛාව තුළින් A≡ (1,2) ලක්ෂ්‍යයේ ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක සොයන්න.

 2x + y – 2 = 0   රේඛාව තුළින්  A≡ (1,2) ලක්ෂ්‍යයේ ප්‍රතිබිම්බයේ ඛණ්ඩාංක B( x,yB)  යැයි ගනිමු.

\begin{array}{rcl}\text{( AB අනුක්‍රමණය ) . ( 2x+y–2=0 සරල රේඛාවේ අනුක්‍රමණය)}&=&-1\\\frac{\left(y_B-2\right)}{\left(x_B-1\right)}\;.\;(-2)&=&-1\\\frac{\left(y_B-2\right)}{\left(x_B-1\right)}&=&\frac12\\\frac{\left(y_B-2\right)}1&=&\frac{\left(x_B-1\right)}2=t\;\text{යැයි ගනිමු. }\end{array}

    ⟹          yB  =  2 + t     ;  xB  =  1 + 2t

      ∴           B≡ ( 1 + 2t  ,  2 + t )                AB හි මධ්‍ය ලක්ෂ්‍යය C යැයි ගනිමු.

                   C ≡  ( 1 + t  ,  2+ t2 )

      මෙම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක මගින්  2x + y – 2 = 0   සමීකරණය තෘප්ත වේ.

               2 ( 1 + t )  +  2 ( 2 + t2  )  –  2   =  0

                t = -45   

                 B  ≡  (-35 , 65 )   වේ.

වෘත්තයක් මත තෝරාගත් අහඹු ලක්ෂ්‍ය 3 ක් යා කළ විට ත්‍රිකෝණයක් ලැබේ. වෘත්තයේ කේන්ද්‍රය මෙම ත්‍රිකෝණය ඇතුලේ හෝ ත්‍රිකෝණයෙන් පිටත තිබෙන්න ඉඩ තිබේ.

වෘත්තයේ කේන්ද්‍රය මෙම ත්‍රිකෝණය ඇතුලේ අන්තර්ගත වීමේ සම්භාවිතාවය කුමක්ද?

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.