03.03.01 – වෘත්තය හැඳින්වීම

  • සංයුක්ත ගණිතය I (ශුද්ධ ගණිතය) ප්‍රශ්න පත්‍රයේ A කොටසේ (කෙටි ප්‍රශ්න) 09 වැනි ගැටළුවේ සහ  B කොටසේ (රචනා ප්‍රශ්න) 16 වැනි ගැටළුවේ අඩංගු වන්නේ මෙම පාඩමේ අඩංගු සිද්ධාන්ත වේ.

වෘත්තය හැඳින්වීම

  • අචල ලක්ෂ්‍යයක් වටා නියත දුරකින් චලනය වන ලක්ෂ්‍යයක පථය වෘත්තයකි.
  • මෙම අචල ලක්ෂ්‍යය වෘත්තයේ කේන්ද්‍රය ලෙසද නියත දුර වෘත්තයේ අරය ලෙසද හදුන්වයි.
  • C වෘත්තයේ කේන්ද්‍රයයි.
  • r වෘත්තයේ අරය වේ.
  • වෘත්තයට අඳින ලද ඕනෑම අභිලම්බයක්  එහි කේන්ද්‍රය හරහා ගමන් කරයි.

වෘත්ත දෙකක් ස්පර්ශ වීම

  • බාහිර ස්පර්ශය
  • අභ්‍යන්තර ස්පර්ශය 
\begin{array}{l}O_1O_2=r_1+r_2\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;O_1O_2=\left|r_1+r_2\right|\\\text{ස්පර්ශ ලක්ෂ්‍යය මගින් }O_1O_2\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\text{ස්පර්ශ ලක්ෂ්‍යය මගින් }O_1O_2\\r_1:r_2\;\text{අනුපාතයට අභ්‍යන්තරව බෙදයි.}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;r_1:r_2\;\text{අනුපාතයට බාහිරව බෙදයි.}\end{array}

මූල ලක්ෂ්‍යය කේන්ද්‍රය හා අරය r වන වෘත්තයක සමීකරණය ලබාගැනීම.

වෘත්තය මත විචල්‍ය   P≡ ( x̅ , y̅  )  ලක්ෂ්‍යය සලකමු.

\begin{array}{rcl}OP&=&r\\\left(OP\right)^2&=&r^2\\(\overline x–0)^2+(\overline y-0)^2&=&r^2\\\;\left(\overline x\right)^2+\left(\overline y\right)^2&=&r^2\end{array}

මෙය විචල්‍ය ආකාරයෙන් ලිවීමෙන් වෘත්තයේ සමීකරණය ලැබේ.

∴ මූල ලක්ෂ්‍යය කේන්ද්‍රය වූ අරය r වූ වෘත්තයේ සමීකරණය,

x2  +  y2  =  r     

     කේන්ද්‍රය ( a , b ) වූ හා අරය r වන වෘත්තයක සමීකරණය ලබාගැනීම.

වෘත්තය මත විචල්‍ය   P≡ ( x̅ , y̅  )  ලක්ෂ්‍යය සලකමු.

\begin{array}{rcl}CP&=&r\\\left(CP\right)^2&=&r^2\\(\overline x–a)^2+(\overline y-b)^2&=&r^2\end{array}

මෙය විචල්‍ය ආකාරයෙන් ලිවීමෙන් වෘත්තයේ සමීකරණය ලැබේ.

∴  කේන්ද්‍රය (a , b )  ද, අරය r ද, වූ වෘත්තයේ සමීකරණය,

( x –  a )+  ( y  –  b)2  =  r2

වෘත්තයක සාධාරණ සමීකරණය

කේන්ද්‍රය ( -g , -f ) ද, අරය r ද වන වෘත්තයේ සමීකරණය,

    { x – (-g) }+  { y  – (-f) }2   =    r2     වේ.  ;        ⋆     න් 

\begin{array}{rcl}(x+g)^2+(y+f)^2&=&r^2\\x^2+2gx+g^2+y^2+2fy+f^2&=&r^2\\x^2+y^2+2gx+2fy+g^2+f^2-r^2&=&0\\x^2+y^2+2gx+2fy+c&=&0\;;\;\;c=g^2+f^2-r^2\end{array}

මෙය වෘත්තයක සාධාරණ සමීකරණය වේ.

සාධාරණ වෘත්ත සමිකරණයේ පවතින ලක්ෂණ 

  • එහි  x2 හා y2 පද අඩංගු වන අතර ඒවායේ සංගුණක සමාන වේ. තවද, එහි xy ගුණිත පද අඩංගු නොවේ.
  •  x2 හා y2 පද වල සංගුණක 1 වන විට වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක \left(-\frac{x\;\text{හි සංගුණකය}}2,-\frac{y\;\text{හි සංගුණකය}}2\right) වේ.
  • c =  g2 + f2 – r2

⟹ r2 = g2 + f2 – c

⟹ r = \sqrt{g^2+f^2-c}

g2 + f2 – c   ≥  0 නම් වෘත්තය පවතියි.

g2 + f2 – c   <  0 නම් ලැබෙන වෘත්ත අතාත්වික වේ.

උදා ;  5x2 +5y2 – 32x – 24y + 75 = 0  වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක හා එහි අරය ලියන්න.

5x2 +5y2 – 32x – 24y + 75 = 0

⟹     x2 + y2 -x –y + 15  = 0

කේන්ද්‍රයේ ඛණ්ඩාංක   ,   (  165 , 125 )

\begin{array}{rcl}\text{අරය}&=&\sqrt{\left(-\frac{16}5\right)^2\;+\;\left(-\frac{12}5\right)^2\;-\;15}\\&=&1\end{array}

.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet