විද්‍යා අංශයජීව විද්‍යාව7.1.2 - ජාන හා ඒවා ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කරයි (I කොටස)

7.1.2 – ජාන හා ඒවා ක්‍රියා කරන ආකාරය පරීක්ෂා කරයි (I කොටස)

 

1. Gregor Mendel ආවේණිය පිළිබඳ සිය නියම ඉදිරිපත් කරන විට “ආවේණික සාධක” නම් පදය භාවිත කළේ,

    • රූපාණුදර්ශීයව ප්‍රකාශ වන ලක්ෂණ පාලනය කිරීම හා ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය පැහැදිලි කිරීමට.

 

2. ජානයක් යනු,

    • ආවේණියේ මූලික භෞතික හා කෘත්‍යමය ඒකකය වන අතර වර්ණදේහයක විශිෂ්ට ස්ථානයක පිහිටන, DNA ඛණ්ඩයක් වේ. එමඟින් RNA අනුක්‍රමයක් විශේෂයෙන් දක්වයි.

 

3. ජානයක් සෑදී ඇත්තේ,

    • වර්ණදේහයක විශිෂ්ට ස්ථානයක් මත පිහිටි DNA ඛණ්ඩයකින්.

 

4. ජානයක් මගින් විශේෂයෙන් දක්වන්නේ,

    • RNA අනුක්‍රමයක්.

 

5. සමජාත වර්ණදේහ යනු,

    • මවුපිය දෙදෙනාගෙන් පැමිණෙන වර්ණදේහ යුගලක සමාන ජාන අඩංගු වන අතර ඒවා සමජාත වර්ණදේහ ලෙස හැඳින්වේ.

 

6. ජාන පථයක් යනු,

    • ජානයක් වර්ණදේහයක් මත පිහිටා ඇති විශිෂ්ට ස්ථානය.

 

7. ඇලීල යනු,

    • වෙනස් වර්ණදේහ මත,
    • එකම ජාන පථයක පිහිටා ඇති,
    • එකම ජානයක වෙනස් විකල්ප ස්වරූප.

 

8. ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ ජාන පිහිටා ඇත්තේ,

    • වලයාකාර DNA අණුවේ පථවල විභින්න DNA ඛණ්ඩ ලෙස.

 

9. අන්තර්ජාන DNA ලෙස හැඳින්වෙන්නේ,

    • සූන්‍යෂ්ටිකයන්ගේ ජාන අතර පිහිටි හඳුනා ගත හැකි කෘත්‍යයක් නොමැති DNA ඛණ්ඩ.

Chromosome Map Figure 8.1b

 

10. ඔපෙරෝනයක් යනු,

    • තනි ප්‍රතිලේඛන ඒකකයක් ලෙස ක්‍රියා කරන ජාන ඛණ්ඩයකි. එය පාලක ප්‍රදේශයක් සහ එක mRNA අණුවක් බවට ප්‍රතිලේඛන ගත වන ව්‍යුහමය ජාන වලින් සමන්විත වේ.
    • ප්‍රතිලේඛන ගත වුව ද පොලිපෙප්ටයිඩ බවට පරිවර්තනය නොවන ජාන තුළ පිහිටි සමහර DNA අනුක්‍රම.

Image result for gene  of prokaryotes

 

11. ඔපෙරෝනයක පාලක ප්‍රදේශයේ කොටස් 2,

    • ප්‍රාරම්භකය
    • ක්‍රියාකරු

 

12. එක්සෝන යනු,

    • පොලිපෙප්ටයිඩ සඳහා කේත සපයන ජාන තුළ පිහිටි DNA අනුක්‍රම.

 

13. ප්‍රතිලේඛය සැකසීමට ලක් කිරීමේදී සිදුවන්නේ,

    • Pre-mRNA වලින් ඉන්ට්‍රෝන ඉවත් කර එක්සෝන යා කර mRNA නිපදවා ගැනීමයි.

 

14. ආවේණියේ වර්ණදේහවාදය යනු,

    • මෙන්ඩලීය ආවේණි සාධක හා වර්ණදේහවල හැසිරීමේ සමාන්තර බව. (ඇලීල වර්ණදේහ මත පිහිටා ඇති ආකාරය)

 

15. ප්‍රජනනයේ දී හා සෛල විභාජනයේ දී මෙන්ඩල් සොයාගත් ප්‍රවේණි සාධක හා වර්ණදේහ වල හැසිරීම අතර දැකිය හැකි සමානකම් මොනවාද?

මෙන්ඩලීය ප්‍රවේණිය සාධක වල හැසිරීම

වර්ණදේහ වල හැසිරීම

  • ප්‍රවේණි සාධක යුගල් වශයෙන් පවතී.
  • ද්වීගුණ ජීවීන්ගේ න්‍යෂ්ටි තුළ සමජාත වර්ණදේහ යුගල ලෙස පවතී.
  • ප්‍රජනනයේ දී සාධක යුගල වියුක්ත වේ.
  • ඌනන විභාජනයේ දී සමජාත වර්ණදේහ වියුක්ත වේ.
  • එක් ජන්මාණුවක ගෙන යනු ලබන්නේ සාධක යුගලකින් එකක් බැගිනි.
  • ජන්මාණු ඒක ගුණ වේ. ඒවා සමජාත වර්ණදේහ වලින් එකක් පමණක් දරයි.
  • ප්‍රජනිත ජීවීන් තුළ නැවත සාධක යුගල් වේ.
  • ඒකගුණ න්‍යෂ්ටි සංයෝජනය වී නව ජීවීන් බිහි වන නිසා නැවත ද්විගුණ ජීවීන් ඇති වේ.
  • පරස්පර ලක්ෂණ තීරණය කරන ඇලීල යුගල ප්‍රජනනයේදී නිදහස්ව වියුක්ත වේ.
  • යුගලක ඇති එක් ඇලීලයක් වෙනත් යුගලක ඕනෑම ඇලීලයක් සමග යුගලනය වන්නේ ද එකිනෙකින් ස්වාධීනව ය.
  • යෝග කලාව I දි සමජාත වර්ණදේහ අහඹු ලෙස යුගලනය වේ.
  • වියෝග කලාවේ දී සමජාත වර්ණදේහ වියුක්ත වී වර්ණදේහ සංඛ්‍යාව අඩක් වේ.
  • (ස්වාධීන සංරචනය හා වියුක්තිය)

 

16. ජාන ප්‍රකාශනය යනු,

    • ජාන තුළ ගබඩා වී ඇති තොරතුරු කෘත්‍යානුගත ජාන නිපැයුමක් සෑදීමට භාවිත වන ක්‍රියාවලියයි.

 

17. ජානයක අවසන් නිෂ්පාදිතය,

    • පොලිපෙප්ටයිඩයක් හෝ RNA වර්ග කිහිපයක්.

 

18. ජානයක අවසන් නිෂ්පාදිතය ලෙස නිපදවෙන RNA වර්ග,

    • රයිබොසෝමීය RNA (rRNA).
    • සංක්‍රාමී RNA (tRNA).

 

19. ආවේණික රෝගවලට හේතුව,

    • පරිවෘත්තියේ සහජ දෝෂ වල ප්‍රතිඵලයක් ලෙස අදාළ එනසයිම නිපදවීමේ නොහැකියාවයි.

 

20. ඇල්කැප්ටොනියූරියා නම් ආවේණික රෝගයේ රෝග ලක්ෂණ ඇති වන්නේ,

    • ඇල්කැප්ටෝන් නම් රසායනිකය පරිවෘත්තියට ලක් කරන පරිවෘත්තිය එන්සයිමය සෑදීමට අසමත් වීම නිසා රෝගීන්ගේ මුත්‍රවල ඇල්කැප්ටෝන් ඉතිරි වී එය ඔක්සිකරණය වීමෙන් මුත්‍ර කළු පැහැ ගැන්වේ.

Image result for archibald garrod alkaptonuria

 

21. පණිවුඩකාරක RNA අණුවක් යනු,

    • DNA සිට පොලිපෙප්ටයිඩයට තොරතුරු සන්නිවේදනය කරන පණිවිඩකරුවෙකු ලෙස ක්‍රියා කරන RNA අණුව වේ.

 

ජාන කේතය (ප්‍රවේණි කේතය)

22. එක් ඇමයිනෝ අම්ලයක් කේතනයට නියුක්ලියෝටයිඩ සංකලනයක් අවශ්‍ය වන්නේ ඇයි?

    • නියුක්ලික් අම්ල භාෂාවේ අක්ෂර 4කි. (නියුක්ලියෝටයිඩ)
    • ප්‍රෝටීන භාෂාවේ අක්ෂර 20කි. (ඇමයිනෝ අම්ල)
    • ඇමයිනෝ අම්ල බවට එක් එක් නියුක්ලියෝටයිඩය පරිවර්තනය වුවහොත් ඇමයිනෝ අම්ල 4 කට පමණක් කේතනය හෝ විශේෂණය කළ හැකි නිසා මේ සඳහා නියුක්ලියෝටයිඩ සංකලනයක් අවශ්‍ය වේ.

 

23. ප්‍රවේණි කේතය අතිපිහිත නොවන කේතයක් වන්නේ ඇයි?

    • අක්ෂර තුනේ වචන එකක් පසුපස එකක් කියවන නිසා.

 

24. ප්‍රවේණි කේතයේ වචන සීමා කිරීමට අවකාශ අවශ්‍ය නොවන්නේ ඇයි?

    • සියලු වචන අකුරු තුනකින් සමන්විත වන නිසා.

 

25. කෝඩෝනයක් යනු කුමක්ද?

    • ඇමයිනෝ අම්ලයක් සඳහා කේත සපයන mRNA හි නියුක්ලියෝටයිඩ භෂ්ම ත්‍රිත්වය යි.

 

26. ප්‍රවේණි කේතයේ ඇති කෝඩෝන ගණන කීයද?

    • 64

 

27. ප්‍රවේණි කේතයේ ඇති ඇමයිනෝ අම්ල සඳහා කේත සපයන කෝඩෝන ගණන කීයද?

    • 61

 

28. ප්‍රවේණි කේතයේ ඇති ඇමයිනෝ අම්ල සඳහා කේත නොසපයන කෝඩෝනවල භාවිතය කුමක්ද?

    • පරිවර්තනනය නැවැත්වීමේ “stop” සංඥාව හෝ සමාප්ති කෝඩෝන ලෙස ක්‍රියා කරයි.

 

29. සමාප්ති කෝඩෝන නම් කරන්න.

    • UAG
    • UGA
    • UAA

 

30. ආරම්භක කෝඩෝනය කුමක්ද?

    • AUG

 

31. එය කේත සපයන්නේ කුමන ඇමයිනෝ අම්ලයටද?

    • මෙතියොනීන්

 

32. සියලු ප්‍රෝටීන සංශ්ලේෂණයේ ආරම්භක ඇමයිනෝ අම්ලය මෙතියොනීන් වුවද සෑම ප්‍රෝටීනයකම මෙතියොනීන් අඩංගු නොවන්නේ ඇයි?

    • ඇතැම් ප්‍රෝටීන, පරිවර්තනයට පසු එන්සයිම මඟින් මෙතියොනීන් කපා ඉවත් කරන නිසා

 

33. ප්‍රවේණි කේතයේ “පිරිහුම් බව” යන්නෙන් කුමක් අදහස් වේද?

    • ඇතැම් ඇමයිනෝ අම්ල කේතනය සඳහා ඇමයිනෝ අම්ල එකකට වඩා වැඩියෙන් ඇති බව

 

34. පණිවිඩය නිවැරදිව කියවීම සඳහා වැදගත් වන කියවීමේ රාමුවෙහි ඇතුළත් අංග මොනවාද?

    • ආරම්භක ලක්ෂ්‍යය
    • සමාප්ති ලක්ෂ්‍යය
    • නිවැරදි අක්ෂර අනුක්‍රමය

 

35. ප්‍රවේණි කේතයේ “සර්වත්‍ර බව” යන්නෙන් කුමක් අදහස් වේද?

    • සියලු ජීවීන්ට ආසන්න වශයෙන් පොදු ප්‍රවේණි කේතයක් ඇති බව.

 

36. ප්‍රවේණි කේතය සතු සර්වත්‍ර බව නිසා අත් කර ගත හැකි ප්‍රයෝජනය කුමක්ද?

    • එක් ජීවියෙකුගෙන් වෙන් කර ගනු ලබන ජානයක්, වෙනත් සබඳතා ඇති හෝ නැති ජීවියෙකුට නිවේෂණය කළ විට එකම ප්‍රෝටීනය ප්‍රකාශ වීම.

Image result for gene code

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet