විද්‍යා අංශයජීව විද්‍යාව4.5.1 - විවිධ උත්තේජ සඳහා ශාක දක්වන ප්‍රතිචාර

4.5.1 – විවිධ උත්තේජ සඳහා ශාක දක්වන ප්‍රතිචාර

 

  1. ප්‍රභාරූපජනනය යනු කුමක්ද?
    • ආලෝකය මගින් ශාකයක වර්ධනය හා විකසනය ක්‍රියාවලියේ දී ප්‍රේරණය කරනු ලබන සිඳුවීම් එක්ව ගත් විට ප්‍රභාරූපජනනය නම් වේ

 

2. ක්‍රියාවර්ණාවලිය නැමති ප්‍රස්තාරික සටහනෙන් නිරූපණය වන්නේ කුමක්ද?

    • ශාක තුළ සිඳුවන ප්‍රභාසංස්ලේෂණය වැනි ජීව ක්‍රියාවලිවලදී සූර්යාලෝකයේ. විවිධ තරංග ආයාම වල සාපේක්ෂ ඵලදායීත්වය

 

3. ක්‍රියාවර්ණාවලියට අනුව ප්‍රභාරූපජනනයට වඩා වැදගත් වන වර්ණ මොනවද?

    • නිල්
    • රතු

 

4. ශාකවල ප්‍රධාන ප්‍රභා ප්‍රතිග්‍රාහක වර්ග 2 නම් කරන්න.

    • නිල් ආලෝකයට අදාළ ප්‍රභා ප්‍රතිග්‍රාහක
    • ෆයිටොක්‍රෝම්

 

5. නිල් ආලෝක ප්‍රභා ප්‍රතිග්‍රාහක මගින් ආරම්භ කරන්නේ කුමක්ද?

    • ශාකවල සිඳුවන විවිධ ප්‍රතිචාර

 

6. ෆයිටක්‍රෝම් ප්‍රභා ප්‍රතිග්‍රාහක මගින් යාමනය කරන්නේ කුමක්ද?

    • ශාක විසින් සිදු කරන ආලෝකයට දක්වන ප්‍රතිචාර බහුතරය

 

7. බීජ සුප්ත කාලයක් ගත කරන්නේ ඇයි?

    • ආලෝකය හා අනෙකුත් පරිසර තත්ත්ව ප්‍රශස්ත වන තෙක්

 

8. ධූර රක්ත කිරණ පමණක් වනාන්තරයේ වියන යටින් ගමන් කරන්නේ ඇයි?

    • වනාන්තරයේ වියන විශාල වශයෙන් රතු ආලෝකය අවශෝෂණය කිරීම හේතුවෙනි

 

9. ප්‍රකාශවර්තය යනු කුමක්ද ?

    • පැය 24ක කාලය තුල ශාකය ආලෝකයට නිරාවරණය වන කාලයයි.

 

10. ප්‍රභාවර්තනය යනු කුමක්ද ?

    • ශාක ප්‍රරෝහය ආලෝකය දෙසට (ධන) හෝ ආලෝකයෙන් ඉවතට (ඍණ) හෝ වර්ධනය වීමයි

 

11. ගුරුත්වාවර්තනය යනු කුමක්ද ?

    • ගුරුත්වයට ප්‍රතිචාරයක් ලෙස ශාකයක කඳ ඉහලට වර්ධනය වනවිට මුල පහලට වර්ධනය විම

 

12. ශාක ගුරුත්වාවර්තනය හඳුන්ගන්නේ කෙසේද?

    • තුළාශ්ම තැන්පත් වීම මඟින්

 

13. මුල තුල ඔක්සීන වල පාර්ශවික පරිවහනය සිදු වන්නේ කෙසේද?

    • මූලාග්‍ර කොපුවේ පහළම කොටසේ තුළාශ්ම ඒකරාශි විමෙන්.

 

14. අධික ඔක්සීන් සාන්ද්‍රණය මඟින් කුමක් සිදුකරයිද?

    • මුලේ සයිල දික්වීම නිශේදනය කරයි.

 

15. ස්පර්ශරූපජනනය යනු කුමක්ද?

    • යාන්ත්‍රික බාධා නිසා ශාක ආකාරවල ඇති වන වෙනස්විම් වේ.

 

16. සුළං අධික ප්‍රදේශ වල ශාක වල කඳන් දක්වන අනුවර්තන මොනවාද?

    • සාමාන්‍ය පරිසරයේ වර්ධනය වන එම විශේෂයේම ශාක කඳන් වලට වඩා කෙටි හා මහත වේ.

 

17. ස්පර්ශාවර්තනය යනු කුමක්ද?

    • ආධාරකයක් දෙසට පහුරක් දක්වන දිශානත වර්තනයයි.

 

18. ස්පර්ශසන්නමනය දක්වන ශාක වලට උදහරණ සපයන්න.

    • Mimosa pudica

 

19. එම ශාක වල ස්පර්ශයට ප්‍රතිචාරයක් ලෙස වේගවත් පත්‍ර චලන ඇති වෙන්නේ කෙසේද? එම ප්‍රතිචාරය හදුන්වන නම කුමක්ද?

    • ස්පර්ශය හේතුවෙන් උපධානය නම් වූ විශේෂ්නය වූ චාලක අවයවයේ ශුනතාවය ක්ෂ්ණිකව නැතිවීමෙන් (විශුන වී) පත්‍රිකා හැකිලේ.
    • ස්පර්ශසන්නමනය
 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet