රසායන විද්‍යාවදවසට පාඩමක්03.08.01 - අම්ල - භෂ්ම ප්‍රතික්‍රියා පදනම් වූ ගණනය කිරීම්

03.08.01 – අම්ල – භෂ්ම ප්‍රතික්‍රියා පදනම් වූ ගණනය කිරීම්

  • දන්නා සාන්ද්‍රණයකින් යුත් ද්‍රාවණයක් භාවිතා කරමින් නොදන්නා ද්‍රාව්‍ය ප්‍රමාණයක් අඩංගු ජලීය ද්‍රාවණයක සාන්ද්‍රණය නිර්ණය කිරීම සදහා රසායනික සමීකරණ ප්‍රතික්‍රියා භාවිතයට ගත හැකිය .
  • දන්නා සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණය (ප්‍රාමාණික ද්‍රාවණය) දන්නා ස්ටොයිකියෝමිතිකයට අනුව නොදන්නා සාන්ද්‍රණයෙන් යුත් ද්‍රාවණයක් සමග ප්‍රතික්‍රියා කරයි .
  • නොදන්නා ද්‍රව්‍ය ප්‍රමාණයක් අඩංගු ද්‍රාවණය ප්‍රාමාණික ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා කරන අවස්ථාවේදී ප්‍රාමාණික ද්‍රාවණයේ සාන්ද්‍රණය හා ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමිතිය උපයෝගී කර ගනිමින් නොදන්නා සාන්ද්‍රණය ගණනය කළ හැකිය .
  • ස්ටොයිකියෝමිතිය යනු , තුලිත රසායනික සමීකරණයෙන් දැක්වෙන ප්‍රතික්‍රියක අතර හෝ ඵල අතර හෝ ප්‍රතික්‍රියක සහ ඵල අතර හෝ සරලම පූර්ණ සංඛ්‍යාත්මක මවුල අනුපාතයයි .

තුලිත රසායනික සමීකරණ මත පදනම් වූ ගණනය කිරීම් සදහා නිදසුන් පහත දැක්වේ .

  1. Ba(OH)2 ද්‍රාවණයක් සමග සම්පූර්ණයෙන් ප්‍රතික්‍රියා වීමට 0.1moldm-3 HCl ද්‍රාවණයකින් ක් වැය වේ . ආරම්භක ද්‍රාවණයේ Ba(OH)2 සාන්ද්‍රණය ගණනය කරන්න .

බේරියම් හයිඩ්‍රොක්සයිඩ් හා HCl අම්ලය අතර ප්‍රතික්‍රියාව සදහා තුලිත සමීකරණය මෙසේය .

2{\mathrm{HCl}}_{(\mathrm{aq})}+\mathrm{Ba}(\mathrm{OH})_{2(\mathrm{aq})}\rightarrow{\mathrm{BaCl}}_{2(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}

තුලිත සමීකරණය අනුව HCl මවුල දෙකක් Ba(OH)2 මවුල එකක් සමග ප්‍රතික්‍රියා කරයි . එබැවින් HCl : Ba(OH)2 ස්ටොයිකියෝමිතිය 2:1 වේ .

වැය වූ HCl මවුල ප්‍රමාණය ගණනය කිරීම .

\begin{array}{rcl}\mathrm{වැය}\;\mathrm{වූ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ප්}‍\mathrm{රමාණය}\;&=&\;0.1\mathrm{mol}\times\frac{30\mathrm{cm}^3}{1000\mathrm{cm}^3}=0.003\mathrm{mol}\\\mathrm{වැය}\;\mathrm{වූ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ප්}‍\mathrm{රමාණය}&=&\;25\mathrm{cm}^3\;\mathrm{Ba}(\mathrm{OH})_2\;\mathrm{මවුල}\;\mathrm{ප්}‍\mathrm{රමාණය}\;\times2\\0.003\mathrm{mol}&=&\mathrm{Ba}(\mathrm{OH})_2\;\mathrm{සාන්ද්}‍\mathrm{රණය}\times\frac{25\mathrm{dm}^3}{1000}\times2\\\mathrm{Ba}(\mathrm{OH})_2\;\mathrm{සාන්ද්}‍\mathrm{රණය}&=&0.006\mathrm{moldm}^{-3}\end{array}

1.Ba(OH)2.xH2O ස්ඵටික 1.578g ක් ජලයේ දිය කරන ලදී . මේ ද්‍රාවණය සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා වීමට 0.25moldm-3 HNO3 40cm3  වැය විය .x හි අගය සොයන්න .

(සා. ප. ස් .  H=1 , O=1 ,Ba=137)

\begin{array}{rcl}\mathrm{Ba}(\mathrm{OH})_{2(\mathrm{aq})}+2{\mathrm{HNO}}_{3(\mathrm{aq})}&\rightarrow&\mathrm{Ba}({\mathrm{NO}}_3)_{2(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\end{array}

\;\mathrm{ස්ටොයිකියෝමිතිය}\;\;\;\;\;\;\;\;\;\;\;\;\underset{\frac12\;\mathrm{mol}}{1\;}\;\;\;\;\;\underset{}∶\;\;\;\;\;\;\underset{\;1\;\mathrm{mol}}{\;2}

\begin{array}{rcl}\mathrm{වැය}\;\mathrm{වූ}\;{\mathrm{HNO}}_3\;\mathrm{මවුල}&=&0.25\mathrm{mol}\times\frac{40\mathrm{cm}^3}{1000\mathrm{cm}^3}=0.01\mathrm{mol}\\\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{වූ}\;\mathrm{Ba}(\mathrm{OH})_2\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&0.01\mathrm{mol}\times\frac12=0.005\mathrm{mol}\\\mathrm n&=&\frac{\mathrm m}{\mathrm M}\\0.005\mathrm{mol}&=&\frac{(1.578\mathrm g)}{(137+16\times2+1\times2+18\mathrm x)\mathrm{gmol}^{-1}}\\0.005\mathrm{mol}&=&\frac{(1.578\mathrm g)}{(171+18\mathrm x)\mathrm{gmol}^{-1}}\\0.855+0.09\mathrm x&=&1.578\\0.09\mathrm x&=&0.723\\\mathrm x&=&8\\&&\end{array}

2.ජලීය Ca(OH)2 ද්‍රාවණයක ක් උදාසීන කිරීමට H2SO4 ද්‍රාවණයකින් ක් වැය වේ . ලැබෙන ද්‍රාවණයවාෂ්පීකරණය කළ විට ලැබෙන නිර්ජලීය සං‍යෝගයේ ස්කන්ධය වේ. මේවා සොයන්න .

  1. ලැබෙන CaSO4 මවුල සංඛ්‍යාව
  2. Ca(OH)2 ද්‍රාවණයේ සාන්ද්‍රණය
  3. H2SO4 ද්‍රාවණයේ සාන්ද්‍රණය

(සා.ප.ස්. H = 1 , N = 14 , O = 16 , S = 32 )

  1. CaSO4 මවුලික ස්කන්ධය

\begin{array}{rcl}{\mathrm{CaSO}}_4\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;&=&40+32+16\times4\\&=&136\mathrm{gmol}^{-1}\\{\mathrm n}_{{\mathrm{CaSO}}_4}&=&\frac{{\mathrm m}_{{\mathrm{CaSO}}_4}}{{\mathrm M}_{{\mathrm{CaSO}}_4}}=\frac{1.36\mathrm g}{136\mathrm{gmol}^{-1}}=0.01\mathrm{mol}\\&&\end{array}

2.

\begin{array}{rcl}\mathrm{Ca}(\mathrm{OH})_{2(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}&\rightarrow&{\mathrm{CaSO}}_{4(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\&&\end{array}

\begin{array}{rcl}\mathrm{Ca}(\mathrm{OH})_2\;\mathrm{හා}\;{\mathrm{CaSO}}_4\;\mathrm{අතර}\;\mathrm{ස්ටොයිකියෝමිතික}\;\mathrm{අනුපාතය}&=&1∶1\\\therefore\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{Ca}(\mathrm{OH})_2\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&0.01\mathrm{mol}\\{\mathrm C}_{(\mathrm{Ca}(\mathrm{OH})_2)}&=&\frac{\mathrm n}{\mathrm v}\\&=&\frac{0.01\mathrm{mol}}{{\displaystyle\frac{20}{1000}}\mathrm{dm}^3}=0.5\mathrm{moldm}^{-3}\\&&\end{array}

3.Ca(OH)2 හා H2SO4 අතර ස්ටොයිකියෝමිතික අනුපාතය = 1 : 1

\begin{array}{rcl}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;{\mathrm H}_2{\mathrm{SO}}_{4\;}\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&\;0.01\mathrm{mol}\\{\mathrm C}_{({\mathrm H}_2{\mathrm{SO}}_4)}&=&\frac{\mathrm n}{\mathrm v}\\&=&\frac{0.01\mathrm{mol}}{{\displaystyle\frac{40}{1000}}\mathrm{dm}^3}\;=\;0.25\mathrm{moldm}^{-3}\\&&\\&&\end{array}

3.(NH4)2SO4 ද්‍රාවණයකින් 1cm3ක් වැඩිපුර ජලීය NaOH සමග ප්‍රතික්‍රියා කරවන ලදී . පිටවන NH3 සියල්ල 0.25moldm-3 HCl ද්‍රාවණයක 50cm3 ක් තුළට යවන ලදී . වැඩිපුර ඉතිරි වන අම්ලය 0.1moldm-3 NaOH උදාසීන කිරීමට ද්‍රාවණයකින් 20cm3 ක් වැය විය . මේවා සොයන්න.

  1. NH3 සමග ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරි වන HCl ප්‍රමාණය
  2. NH3 සමග ප්‍රතික්‍රියා කළ HCl ප්‍රමාණය
  3. නිදහස් වූ NH3 ප්‍රමාණය
  4. ද්‍රාවණයේ වූ (NH4)2SO4 වල සාන්ද්‍රණය

1.NH3 සමග ප්‍රතික්‍රියාවෙන් පසු ඉතිරි වන HCl , NaOHසමග ප්‍රතික්‍රියා කරයි .

\begin{array}{rcl}\underset:{{\mathrm{HCl}}_{(\mathrm{aq})}+{\mathrm{NaOH}}_{(\mathrm{aq})}}&\rightarrow&{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\&&1\;\;\;\;\;\;\;\;:\;\;\;\;\;1\\&&\end{array}

\begin{array}{rcl}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{NaOH}\;\mathrm{හෙවත්}\;\mathrm{ඉතිරි}\;\mathrm{වන}\;\mathrm{HClප්}‍\mathrm{රමාණය}&=&0.1\mathrm{mol}\times\frac{20\mathrm{cm}^3}{1000\mathrm{cm}^3}\\&=&0.002\mathrm{mol}\\&&\\&&\end{array}

2.

\begin{array}{rcl}\mathrm{ආරම්භයේදී}\;\mathrm{එකතු}\;\mathrm{කළ}\;\mathrm{මුළු}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&0.1\mathrm{mol}\times\frac{50\mathrm{cm}^3}{1000\mathrm{cm}^3}\\&=&0.005\mathrm{mol}\\\mathrm{මුළු}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&{\mathrm{NH}}_3\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කල}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}+\mathrm{ඉතිරි}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\\0.005\mathrm{mol}&=&{\mathrm{NH}}_3\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කල}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}+0.002\mathrm{mol}\\&&\\\mathrm{NH}3\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කල}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&0.003\mathrm{mol}\\&&\\&&\end{array}

3.\begin{array}{rcl}{\mathrm{NH}}_{3(\mathrm g)}+\;{\mathrm{HCl}}_{(\mathrm{aq})}\;&\rightarrow&\;{\mathrm{NH}}_4{\mathrm{Cl}}_{(\mathrm g)}\\&&1\;\;\;\;\;\;\;\;\;:\;\;\;\;\;1\\&&\\&&\end{array}

\begin{array}{rcl}\mathrm{නිදහස්}\;\mathrm{වූ}\;{\mathrm{NH}}_3\;\mathrm{ප්}‍\mathrm{රමාණය}&=&\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\\&=&0.003\mathrm{mol}\\&&\\&&\end{array}

4.  \begin{array}{rcl}({\mathrm{NH}}_4)_2{\mathrm{SO}}_{4(\mathrm{aq})}+2{\mathrm{NaOH}}_{(\mathrm{aq})}&\rightarrow&2{\mathrm{NH}}_{3(\mathrm g)}+{\mathrm{Na}}_2{{\mathrm{SO}}_4}_{(\mathrm{aq})}+2{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}\\&&\\&&\\&&\end{array}

\begin{array}{rcl}({\mathrm{NH}}_4)_2{\mathrm{SO}}_4\;\mathrm{හා}\;{\mathrm{NH}}_3\;\mathrm{අතර}\;\mathrm{ස්ටොයිකියෝමිතික}\;\mathrm{අනුපාතය}&=&1∶2\\\mathrm{එම}\;\mathrm{නිසා}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{වූ}\;\;({\mathrm{NH}}_4)_2{\mathrm{SO}}_4\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&0.003\mathrm{mol}\times\frac12\\&=&0.0015\mathrm{mol}\\&&\\&&\\&&\end{array}

\begin{array}{rcl}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\mathrm c&=&\frac{\mathrm n}{\mathrm v}\;\;\mathrm{අනුව}\;,\;\;\;\;\;\;\;\;\;\;\\\;\;\;\;\lbrack\;({\mathrm{NH}}_4)_{2\;}{\mathrm{SO}}_{4(\mathrm{aq})}\;\rbrack&=&\frac{0.0015\;\mathrm{mol}}{{\displaystyle\frac{1\;}{1000}}\mathrm{dm}3}\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\;\\\;&=&1.5\;\mathrm{mol}\;\mathrm{dm}^{-3}\end{array}

4.Na2CO3 හා K2CO3 මිශ්‍රණයකින් 1.20g ක් ජලයේ දිය කර ද්‍රාවණ 100cm3 ක් පිළියෙළ කරන ලදී . මෙම ද්‍රාවණයේ 20cm3 ක් සමග මුළුමනින්ම ප්‍රතික්‍රියා 0.1moldm-3 වීමට  ද්‍රාවණයකින් 40cm3  වැය විය . මිශ්‍රණයෙහි වූ Na2CO3  හා K2CO3 ස්කන්ධ සොයන්න .

(සා.ප.ස්. Na = 23 , K = 39 , C = 12 , O = 16)

\begin{array}{l}{\mathrm{Na}}_2{\mathrm{CO}}_3\;\mathrm{හි}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;=\;23\times2+12+16\times3\\=106\mathrm{gmol}^{-1}\\\;{\mathrm K}_2{\mathrm{CO}}_3\;\mathrm{හි}\;\mathrm{මවුලික}\;\mathrm{ස්කන්ධය}\;=39\times2+12+16\times3\\=138\mathrm{gmol}^{-1}\end{array}

\begin{array}{l}\mathrm{මිශ්}‍\mathrm{රණයේ}\;{\mathrm{Na}}_2{\mathrm{CO}}_3\;\mathrm{හි}\;\mathrm{ස්කන්ධය}\;{\mathrm m}_1\;\mathrm{හා}\;\;{\mathrm K}_2{\mathrm{CO}}_3\;\mathrm{හි}\;\mathrm{ස්කන්ධය}\;{\mathrm m}_2\;\mathrm{නම්},\\{\mathrm m}_1\;+\;{\mathrm m}_2\;=1.20\mathrm g........(1)\\\end{array}

\begin{array}{rcl}\mathrm{ද්}‍\mathrm{රාවණයේ}\;20\mathrm{cm}^3\mathrm{ක්}\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}\;&=&0.1\mathrm{mol}\times\frac{40\mathrm{cm}^3}{1000\mathrm{cm}^3}\\&=&4\times10^{-3}\mathrm{mol}\;\\\mathrm{ද්}‍\mathrm{රාවණයේ}\;100\mathrm{cm}^3\mathrm{ක්}\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කරන}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&4\times10^{-3}\mathrm{mol}\times\frac{100\mathrm{cm}^3}{20\mathrm{cm}^3}\\&=&0.02\mathrm{mol}\\&&\end{array}

\begin{array}{rcl}{\mathrm{Na}}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}&\rightarrow&2{\mathrm{NaCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{\mathrm{CO}}_{2(\mathrm g)}\\&&\;1\;\;\;\;\;\;\;\;\;\;\;:\;\;\;\;\;\;\;2\end{array}

\begin{array}{rcl}{\mathrm{nNa}}_2{\mathrm{CO}}_3&=&\frac{{\mathrm m}_1\mathrm g}{106\mathrm{gmol}^{-1}}=\frac{{\mathrm m}_1}{106}\mathrm{mol}\;\\{\mathrm{Na}}_2{\mathrm{CO}}_3\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}&=&\frac{{\mathrm m}_1}{106}\mathrm{mol}\times2\\&=&\frac{{\mathrm m}_1}{53}\mathrm{mol}\cdots\cdots(\mathrm a)\end{array}

\begin{array}{rcl}{\mathrm K}_2{\mathrm{CO}}_{3(\mathrm{aq})}+2{\mathrm{HCl}}_{(\mathrm{aq})}&\rightarrow&2{\mathrm{KCl}}_{(\mathrm{aq})}+{\mathrm H}_2{\mathrm O}_{(\mathrm l)}+{\mathrm{CO}}_{2(\mathrm g)}\\&&1\;\;\;\;\;\;\;\;\;\;∶\;\;\;\;\;\;\;2\end{array}

\begin{array}{rcl}{\mathrm{nK}}_2{\mathrm{CO}}_3&=&\frac{{\mathrm m}_2\mathrm g}{138\mathrm{gmol}^{-1}}=\frac{{\mathrm m}_2}{138\mathrm{mol}}\\{\mathrm K}_2{\mathrm{CO}}_3\;\mathrm{සමඟ}\;\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{HCl}\;\mathrm{මවුල}&=&\frac{{\mathrm m}_2}{138\mathrm{mol}}\times2\\&=&\frac{{\mathrm m}_2}{69}\;\mathrm{mol}\;........(\mathrm b)\\&&\\&&\end{array}

\begin{array}{rcl}\mathrm{ප්}‍\mathrm{රතික්}‍\mathrm{රියා}\;\mathrm{කළ}\;\mathrm{මුළු}\;\mathrm{HCl}\;\mathrm{මවුල}\;\mathrm{ගණන}&=&\;\mathrm a+\mathrm b=0.02\mathrm{mol}\\\frac{{\mathrm m}_1}{53}+\frac{{\mathrm m}_2}{69}\;&=&\;0.02\cdots\cdots(2)\\{\mathrm m}_{2\;}&=&1.2-{\mathrm m}_1\\&&\\&&\end{array}

(1) හා (2)න්,

\begin{array}{rcl}\frac{{\mathrm m}_1}{53}+\frac{1.2-{\mathrm m}_1}{69}&=&0.02\\69{\mathrm m}_1+53(1.20-{\mathrm m}_1)&=&0.02\times53\times69\\69{\mathrm m}_1+63.6-53{\mathrm m}_1&=&73.14\\16{\mathrm m}_1&=&9.54\\{\mathrm m}_1&=&0.596\mathrm g\\{\mathrm m}_1&=&0.6\mathrm g\\&&\\&&\end{array}

\begin{array}{rcl}{\mathrm m}_2&=&1.20-0.6\\&=&0.6\mathrm g\\&&\\&&\end{array}

ඉදිරියේදී ප්‍රශ්න ඇතුලත් වන්නේ මෙතනටයි.

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom