No menu items!
රසායන විද්‍යාව12. සමතුලිතතාවය12.01.03 -ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම සහ Kp හා Kc සම්බන්ධතාවය

12.01.03 -ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම සහ Kp හා Kc සම්බන්ධතාවය

ප්‍රතික්‍රියාවක දිශාව පෙරයීම

 

සමතුලිතතා නියතය(Kc) දී ඇති විට කිසියම් ප්‍රතික්‍රියාවක සලකා බලන මොහොතකදී ප්‍රතික්‍රියක හා ඵල සාන්ද්‍රණ, සමතුලිතතා ප්‍රකාශනයට ආදේශයෙන් Q සාධකය හෙවත් ප්‍රතික්‍රියා ලබ්ධිය ගණනය කර ගත හැක.       

      aA\;+\;bB\;\Leftrightarrow\;cC\;+\;dD

\text{යන ප්‍රතික්‍රියාවේ ,}

Q_c\;=\frac{\left[C\right]^{c_t}\left[D\right]^{d_t}}{\left[A\right]^{a_t}\left[B\right]^{b_t}}

දී ඇති ඕනෑම t කාලයකදී,

             Qc<Kc නම් ,

              Qc = Kc වන තෙක් ශුද්ධ ප්‍රතික්‍රියාව වමේ සිට දකුණට සිදුවේ.

              Qc>Kc නම් ,

              Qc =Kc වන තෙක් ශුද්ධ ප්‍රතික්‍රියාව දකුණේ සිට වමට සිදුවේ.

             Qc=Kc නම් ,

             මිශ්‍රණය සමතුලිතතාවයේ පවතින අතර ශුද්ධ ප්‍රතික්‍රියාවක් සිදු   නොවේ.                     

 

 

Kp හා Kc අතර සම්බන්ධතාවය

 

පහත සඳහන් සමතුලිත පද්ධතිය සලකන්න.

          aA\;+\;bB\;\Leftrightarrow\;cC\;+\;dD

\text{සමතුලිත නියමය යේදීමෙන්},

\begin{array}{l}K_{c\;}=\;\frac{\left[C\right]^c\left[D\right]^d}{\left[A\right]^a\left[B\right]^b}\;\rightarrow\left(01\right)\\K_{p\;}=\;\frac{P_C^c\;.P_D^d}{P_A^a\;.P_B^b}\;\rightarrow\left(02\right)\end{array}

 

\text{පරිපූර්ණ වායු සමීකරණය සැලකු විට},

\begin{array}{rcl}PV\;&=&\;nRT\\P\;&=&\;\left(\frac nV\right)RT\\P\;&=&\;CRT\;\rightarrow\left(03\right)\end{array}

\begin{array}{rcl}&&\text{(03) හි සම්බන්ධතාවය (02) හි ආදේශයෙන්,}\;\end{array}

\begin{array}{rcl}K_p\;&=&\frac{\;\left\{\left[C\right]RT\right\}^{c\;}\times\;\;\left\{\left[D\right]RT\right\}^{d\;}}{\left\{\left[A\right]RT\right\}^{a\;}\times\;\;\left\{\left[B\right]RT\right\}^b}\\K_p&=&\frac{\left[C\right]^c\left[D\right]^dRT^{\left(c+d\right)-\left(a+b\right)}}{\left[A\right]^a\left[B\right]^b}\end{array}

K_p\;=\;K_c\left(RT\right)^{\triangle n}

 මෙහි Δn යනු ස්ටොයිකියෝමිතික සමීකරණයේ ප්‍රතිඵල වායු මවුල සංඛ්‍යාවත්  , ප්‍රතික්‍රීයක වායු මවුල සංඛ්‍යාවත් අතර වෙනසයි .

           \begin{array}{rcl}&&\textbf{Δn = ප්‍රතිඵල වායු මවුල සංඛ්‍යාව - ප්‍රතික්‍රියක වායු මවුල සංඛ්‍යාව}\end{array}

 
 

 

 

විශේෂ කරුණු 

KP හා KC අතර මෙම සම්බන්ධතාව ව්‍යුත්පන්න කරන ලද්දේ සමීකරණය භාවිතයෙන් නිසා මෙම සම්බන්ධතාවය භාවිත කිරීමට පෙර අදාල සමතුලිත පද්ධතියෙහි වන වායුමය සංඝටක පරිපූර්ණ ලෙස හැසිරේ යන  උපකල්පනය අප විසින් සිදු කල යුතුවේ.

 

 

 

ඔබේ අදහස දක්වන්න.

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න !
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න.