පාඩමේ සටහන Download කරගන්න.
3.2.1 විද්‍යාත්මක පදනමක් මත තක්සෝන ධූරාවලිය ගොඩනැගීම.
කෘත්‍රිම හා ස්වාභාවික වර්ගීකරණ ක්‍රම.
- වර්ගීකරණය යනු කුමක්ද?
- පොදු ගති ලක්ෂණ වලට අනුව ජීවීන් කාණ්ඩවලට සැකසීමේ ක්‍රියාවලිය.
2. වර්ගීකරණ විද්‍යාව (Taxonomy) යනුවෙන් හැඳින්වෙන්නේ කුමක්ද?
- ජීවීන් වර්ගීකරණය, හඳුනා ගැනීම, නාමකරණය හා විස්තර කිරීම පිළිබඳ අධ්‍යයනයයි. මෙයට ජීවීන් ධූරාවලි අනුපිළිවෙළකට සැකසීමද ඇතුළත් වේ.
3. වර්ගීකරණ ආකාර කීයද? ඒ මොනවාද?
- ආකාර 2කි.
- ස්වාභාවික වර්ගීකරණය හා කෘත්‍රිම වර්ගීකරණය
කෘත්‍රිම වර්ගීකරණය
4. කෘත්‍රිම වර්ගීකරණය යනු කුමක්ද?
- ජීවීන් කලින් තීරණය කරන ලද තෝරාගත් ඒකාබද්ධ ලක්ෂණ කීපයක් මත කාණ්ඩ වලට වර්ගීකරණය කිරීම.
- මෙහිදී වර්ගීකරණය කිරීමට පාදක කරගන්නා ලක්ෂණ අධ්‍යයනයේ පහසුව සඳහා තෝරාගනී. එම තෝරාගත් ලක්ෂණ/නිර්ණායක පාදක කරගෙන ජීවීන් වර්ග කරනු ලබයි.
5. කෘත්‍රිම වර්ගීකරණයේ ලක්ෂණ දක්වන්න.
- මෙම ආකාරයට වර්ගීකරණය කරන විට ඉන් ජීවීන් අතර පරිණාමික බන්ධුතා පෙන්නුම් නොකෙරේ.
- මෙය 18 වන ශතවර්ෂයට පෙර භාවිතා කර ඇති එකම වර්ගීකරණ පද්ධතිය වේ.
- භාවිතය පහසුයි.
- තව තවත් ජීවීන් එකතු කර පුළුල් කිරීමට හැක
උදා:- පාද යුගලක්, පාද යුගල දෙකක්, පාද හයක්, පාද අටක් ආදී ලෙස සතුන් වෙන් කළ හැක
ස්වාභාවික වර්ගීකරණය
6. ස්වාභාවික වර්ගීකරණය යනු කුමක්ද?
- ජීවීන් අතර පවතින සත්‍ය බන්ධුතා පදනම් කරගනිමින් ජීවීන් වර්ගකිරීම.
7. මෙම වර්ගීකරණ ක්‍රියාවලියේ ලක්ෂණ දක්වන්න.
- වංශ ප්‍රවේණිය (විශේෂයේ හෝ විශේෂය අයත් කණ්ඩායම්වල පරිණාමික ඉතිහාසය) මත පදනම් වූ පරිණාමික (ස්වාභාවික) බන්ධුතා විදහා දක්වයි.
- පරිණාමය පිළිබඳ අධ්‍යයනයෙන් පසුව සකස් කරන ලද වර්ගීකරණ පද්ධතියකි.
- ලක්ෂණ ගණනාවක් මත පදනම් වේ.
8. ස්වාභාවික වර්ගීකරණය සඳහා භාවිතා කරනු ලබන ලක්ෂණ මොනවාද?
- ජීවීන්ගේ රූප විද්‍යාත්මක ලක්ෂණ.
- ජීවීන්ගේ ව්‍යූහ විද්‍යාත්මක ලක්ෂණ.
- ජීවීන්ගේ සෛල විද්‍යාත්මක ලක්ෂණ.
- DNA හෝ RNA භෂ්ම අණු පිළිවෙළ වැනි අණුක ජීව විද්‍යාත්මක ලක්ෂණ.
වර්ගීකරණයේ ඉතිහාසය
9. මුල්කාලීනව භාවිතා වූයේ කුමන ආකාරයේ වර්ගීකරණයක්ද?
10.විද්‍යාත්මක පදනමකින් ජීවීන් වර්ගීකරණය කළ පළමු තැනැත්තා කව්රුන්ද?
11. ඔහු ජීවීන් වර්ග කළ ආකාරය කුමක්ද?
ශාක හා සතුන් ලෙස වර්ග කරන ලදී.
12. ඉන් සත්ත්වයන් වැඩිදුරටත් වර්ගකිරීමට පාදක කරගත් සාධක මොනවාද?
- සතුන්ගේ සංචරණ විධි.
- සතුන්ගේ ප්‍රජනන විධි.
- සතුන්ගේ රතු රුධිර සෛල ඇති නැති බව.
13. ඇරිස්ටෝටල්ගෙන් පසුව ශාක වර්ගීකරණය කරන ලද්දේ කවුරුන් විසින්ද?
- ඇරිස්ටෝටල්ගේ ගෝලයෙකු වූ තියෝප්‍රැස්ටස් විසින්.
14. ඔහු ශාක වර්ග කරේ කෙසේද?
- ශාක වල දේහ ප්‍රමාණය හා විලාශය අනුව වෘක්ෂ, පැළෑටි, පඳුරු ලෙස.
- ශාක වල ජීවන කාලය අනුව ඒකවාර්ෂික, ද්වීවාර්ෂික හා බහුවාර්ෂික ශාක ලෙස.
15. වර්තමානයේ ජීවීන් නම් කරනු ලබන්නේ කුමන නාමකරණ ක්‍රමයක් භාවිතා කරද?
- ද්විපද නාමකරණය යොදාගනිමින්.
16. ද්විපද නාමකරණය හඳුන්වා දුන්නේ කව්රුන්ද?
- කැරොලස් ලිනේයස් නම් උද්භිද විද්‍යාඥයකු විසින් 1753 දී හඳුන්වාදෙන ලදී.
17. ඔහු කොපමණ ශාක ප්‍රමාණයක් වර්ගීකරණ මට්ටම් වලට අනුව වර්ග කර ඇත්ද?
18. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ තක්සෝන ධූරාවලියේ වර්ගීකරණ මට්ටම් මොනවාද?
19. සපුෂ්ප ශාක වර්ග කිරීමේදී ඔහු පාදක කරගත් නිර්ණායක මොනවාද?
- පුෂ්පයක අඩංගු රේණු ගණන.
- පුෂ්පයක අඩංගු කීල ගණන.
20. කැරොලස් ලිනේයස් විසින් හඳුන්වාදුන් රාජධානි කීයක් වේද? ඒ මොනවාද?
- රාජධානි 2 කි
- ශාක රාජධානිය හා සත්ත්ව රාජධානිය.
21. ජීවීන් ශාක හෝ සතුන් ලෙස පමණක් වර්ගකළ නොහැකි බව විද්‍යාඥයින් වටහාගත්තේ කුමන සොයාගැනීමෙන් පසුවද?
- ක්ෂුද්‍රජීවීන් සොයාගැනීමෙන් පසුව
22. මෙම ගැටලුව නිරාකරණය කරගැනීමට ඉදිරිපත් වූ විද්‍යාඥයා කව්ද?
- අර්නස්ට් හේකල් (Ernest Hackle)
23. ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ තුන්වන රාජධානිය කුමක්ද?
24. තක්සෝන ධූරාවලියට අර්නස්ට් හේකල් එකතු කළ තක්සෝනය කුමක්ද?
25. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය සොයාගැනීමත් සමඟ විද්‍යාඥයින් සෛලය පිළිබඳව වැඩිදුරටත් සොයාගත්තේ කුමක්ද?
- ප්‍රාග්න්‍යෂ්ටික හා සූන්‍යෂ්ටික සෛල සංවිධානයන්
26. රාජධානි පහේ වර්ගීකරණය ඉදිරිපත් කරේ කව්රුන්ද?
- රොබට් එච්. විටේකර් විසින් 1969දී ඉදිරිපත් කරන ලදී
27. එම රාජධානි 5 මොනවාද?
- ප්ලාන්ටේ
- ඇනිමාලියා
- මොනෙරා
- ප්‍රෝටිස්ටා
- දිලීර
28. මෙම වර්ගීකරණය සිදු කරේ කුමක් පාදක කරගනිමින්ද?
- සෛලීය සංවිධානයේ ස්වාභාවය
- ඒකසෛලික හෝ බහුසෛලික බව
- ජීවීන්ගේ පෝෂණ විලාසය.
29. පරිණාමික බන්ධුතා අර්ථකථනය සඳහා වර්ගීකරණ විද්‍යාඥයින් ස්වාභාවික පද්ධති භාවිතයට යොමුවූයේ ඇයි?
- ඩාවින්ගේ පරිණාමවාදය හා ජීවයේ ඒකීය සම්භවය පිළිබඳ මතය පිළිගැනීමත් සමඟින්.
30. අණුක ක්‍රමවේද යොදාගනිමින් පරිණාමික බන්ධුතා පිළිබඳ අධ්‍යයනය කරන විට තහවුරු වූයේ කුමක්ද?
- ආදි පරිණාමයේදී සමහර ප්‍රාග්න්‍යෂ්ටිකයන් අතර පැවති වෙනස්කම්, ඔවුන් හා සූන්‍යෂ්ටිකයන් අතර පැවති වෙනස්කම් වලට ද වඩා බොහෝ සෙයින් අධික බව තහවුරු විය.
31. අධිරාජධානි තුනේ වර්ගීකරණය හඳුන්වාදුන්නේ කව්ද?
- කාල් වූස් නම් විද්‍යාඥයා විසින් 1977 දී.
32. එම අධිරාජධානි තුන මොනවාද?
- බැක්ටීරියා අධිරාජධානිය
- ආකියා අධිරාජධානිය
- ඉයුකැරියා අධිරාජධානිය
33. ජෛව ඉතිහාසයේ සිදු වූ පළමු ප්‍රධාන භේදනය කුමක්ද?
- ජීව පරිණාමික ක්‍රියාවලියේ දී බැක්ටීරියා අනෙකුත් ජීවීන්ගෙන් අපසරණය වීම.
34. වඩාත් සමීප සම්බන්ධතා පවතින අධිරාජධානි දෙක කුමක්ද?
- ආකියා හා ඉයුකැරියා අධිරාජධානි යුගලය.
වර්තමාන වර්ගීකරණ පද්ධතිය හා එහි පදනම
35. වර්තමාන වර්ගීකරණ පද්ධතියට පාදක වී ඇති නිර්ණායක මොනවාද?
- වැදගත් ජාන වල DNAහි භෂ්ම අණු පිළිවෙළ.
- මයිටොකොන්ඩ්‍රියා හා හරිතලවවල DNAහි භෂ්ම අණු පිළිවෙළ.
- රයිබොසෝම RNA (r-RNA)හි භෂ්ම අණු පිළිවෙළ.
- සුලභ ප්‍රෝටීනවල ඇමයිනෝ අම්ල අණු පිළිවෙළ.
- සෛලීය සංඝටකවල අණුක ව්‍යුහය
36. ස්වාභාවික රජධානියක් නොවන්නේ කුමක්ද?
37. එසේ වීමට හේතුව කුමක්ද?
- ප්‍රොටිස්ටා රාජධානියේ ජීවීන් හට විවිධ පරිණාමික සම්භවයන් සහිත වීම. මේනිසා මෙම රාජධානිය කෘත්‍රිම රාජධානියකි.
38. වයිරස්(Virus) කිසිදු රාජධානියකට ඇතුළත් නොකරන්නේ ඇයි?
- වෛරස් වල සෛලීය සංවිධානයක් නොමැති නිසා. මෙයද කෘත්‍රිම කාණ්ඩයක් ලෙස ගනී.
අධිරාජධානියේ සිට විශේෂ දක්වා තක්සෝන ධූරාවලි අනුක්‍රමය
39. තක්සෝනයක් යනු කුමක්ද?
- තක්සෝන ධූරාවලියේ ඕනෑම මට්ටමක වර්ගීකරණ ඒකකයක්.
- සෑම තක්සෝනයකට ම මට්ටමක් හා නමක් ඇත
උදා:- Panthera යනු ගණ මට්ටමේ තක්සෝනයයි.
Mammalia යනු වර්ගය මට්ටමේ තක්සෝනයයි.
වර්තමාන ධූරාවලි පද්ධතියේ පවතින තක්සෝන මට්ටම් පහතින් දැක්වෙ.
Domain – අධිරාජධානිය
Kingdom – රාජධානිය
Phylum – වංශය
Class – වර්ගය
Order – ගෝත්‍රය
Family – කුලය
Genus – ගණය
Species – විශේෂය
ජීවීන් සංඛ්‍යාව වැඩි වෙයි.
පොදු ලක්ෂණ සංඛ්‍යාව වැඩි වෙයි.
ඉහත තක්සෝන ධූරාවලිය සලකන විට, සෑම අධිරාජධානියක්ම රාජධානි කීපයකටත්, එම රාජධානි නැවත වංශ වලටද, වංශ වර්ග වලටද යනාදී ලෙස බෙදා තිබේ. එම ප්‍රධාන තක්සෝන මට්ටම් තවදුරටත් උපකොටස්වලට බෙදිය හැක.
උදා:- උපරි වර්ගය, උප කුලය, උප විශේෂය යනාදී ලෙසට බෙදිය හැක.
40. විශේෂය සඳහා ජෛව විද්‍යාත්මක අර්ථ දැක්වීම කුමක්ද?
- විශේෂයක් යනු සමාන ලක්ෂණ පොදුවේ දරන, අන්තර් අභිජනනයෙන් ජිවී හා සරු ජනිතයන් නිපදවිය හැකි ජීවීන් කණ්ඩායමකි.
41. විශේෂය සඳහා වෙනත් අර්ථ දැක්වීම මොනවාද?
- රූප විද්‍යාත්මක විශේෂ සංකල්පය – ශරීර හැඩය සහ වෙනත් ව්‍යුහ ලක්ෂණ වැනි රූප විද්‍යාත්මක නිර්ණායක භාවිතා කර විශේෂ වෙන් කර හඳුනා ගැනීම.
- පරිසර විද්‍යාත්මක විශේෂ සංකල්පය – විශේෂයක් පරිසර නිකේතනය සහ විශේෂයේ සාමාජිකයන් පරිසරයේ ජීවී සහ අජීවී සංඝටක සමඟ සිදු කරන අන්තර් ක්‍රියා සියල්ලේ එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම.
- වංශ ප්‍රවේණික විශේෂ සංකල්පය – පොදු පූර්වජයකුගෙන් පැවත එන ඒකෛකයන්ගේ කුඩාම කණ්ඩායම විශේෂය ලෙස අර්ථ දැක්වීම.
ද්විපද නාමකරණය
42. ජීවීන් නම් කිරීමට සාමාන්‍ය නම් යොදාගැනීමේ අවාසිය කුමක්ද?
- ඉන් ජීවියාගේ සත්‍ය ස්වරූපය විස්තර නොවේ.
උදා:- ජෙලි ෆිෂ් (Jelly fish) – නිඩාරියාවෙකි
පොකිරිස්සා (Cray fish)- ක්‍රස්ටේසියාවෙකි
තාරකා මාළුවා (Star fish)- එකයිනොඩර්මේටාවෙකි
43.ද්විපද නාමකරණයට අනුව ජීවියකුගේ විද්‍යාත්මක නාමයේ කොටස් දෙක මොනවාද?
- පළමුව විශේෂය අයත් වන ගණයේ නම (ගණ නාමය)
- දෙවනුව ගණය තුළ අදාළ විශේෂයට අනන්‍ය වූ සුළු නම
- මෙහි ගණ නාමය සාමාන්‍යයෙන් නාමපදයක් වන අතර, සුළු නාමය යම් සුවිශේෂී ලක්ෂණයක් විස්තර කරන විශේෂණ පදයකි.
උදා:- Homo sapiens යන විද්‍යාත්මක නමේ
-
-
- Homo යනු මිනිසායි
- sapiens යනු බුද්ධිමත් යන්නයි
44. සමීප පරිණාමික බන්ධුතා සහිත විශේෂ වල විද්‍යාත්මක නමෙහි කුමක් වෙනස්වේද?
- සුළු නාමය වෙනස් වේ. නමුත් ගණ නාමය සමාන වේ.
උදා:- Dipterocarpus zeylanicus හා Dipterocarpus grandiflorus
- Dipterocarpus zeylanicus – පියාපත් දෙකක් දරන ඵල සහිත, ශ්‍රී ලංකාවට ආවේණික.
- Dipterocarpus grandiflorus – පියාපත් දෙකක් දරන ඵල සහිත, විශාල පුෂ්ප සහිත.
45. ද්විපද නාමකරණය සඳහා වූ අන්තර්ජාතික සංකේත හා නීති පෙන්වාදෙන්න.
- ජීවි විශේෂ දෙකකට එකම නාමය තිබිය නොහැක.
- සෑම විශේෂයකටම ගණ නාමයක් හා සුළු නාමයක් ඇති අතර, මෙම නාම දෙක ම එකතුව විශේෂයේ නාමය හෝ විද්‍යාත්මක නාමය සාදයි.
- නාමය ලතින් හුරුවක් ඇති වචන වන අතර, එය රෝමන් අකුරු භාවිතයෙන් ලිවිය යුතුයි.
- අත්අකුරින් ලියන විට යටින් ඉරි ඇඳිය යුතු අතර මුද්‍රණය කරන විට ඇල අකුරු (Italics) යොදාගත යුතුයි.
- ගණ නාමයේ මුල් අකුර ඉංග්‍රීසි කැපිටල් අකුරක් විය යුතු අතර විශේෂිත නාමය ඉංග්‍රීසි simple අකුරින් ලිවිය යුතුයි
- උප විශේෂ හෝ ප්‍රභේද හැඳින්වීම සඳහා තෙවැනි පදයක් යොදාගත හැකිය.
ජීවීන් කිහිපදෙනකුගේ විද්‍යාත්මක නාමයන්…………..
- නිල් මානෙල්- Nymphaea nouchali
- අඹ ශාකය- Mangifera indica
- වළිකුකුළා- Gallus lafayettii
- දඬුලේනා- Ratufa macroura
- පොල් ශාකය- Cocos nucifera
- නා ශාකය- Mesua ferrea
- මිනිසා- Homo sapiens
- සුනඛයා- Canis lupus familiaris
සූචි භාවිතය
- ජීවීන් හඳුනා ගැනීමට හා කාණ්ඩ ගත කිරීමට සූචි භාවිතා කරයි.
- මෙමගින් පරිණාමික බන්ධුතා හෙළි නොකරනු ලබයි.
- සූචි භාවිතයේදී වැඩියෙන්ම භාවිත කරනු ලබන්නේ දෙබෙදුම් සූචියයි.
- නිදසුන 1
නයා, ගැඩවිලා, ගෙම්බා, සමනලයා, මුහුදු ඇනිමනි
- අරීය සමමිතිය සහිත දේහය ——- මුහුදු ඇනිමනි
අරීය සමමිතිය රහිත දේහය ——- (2)
- පාද සහිත ———– (3)
පාද රහිත ———— (4)
- පියාපත් සහිත ———– සමනලයා
පියාපත් රහිත ———— ගෙම්බා
- ශරීරය කොරපොතු වලින් ආවරණය වී තිබෙන ——- නයා
ශරීරය කොරපොතු වලින් ආවරණය වී නොතිබෙන —— ගැඩවිලා
- නිදසුන 2
කාවා, සමනලයා, ගෙමැස්සා, කුරුමිණියා
- පියාපත් සහිත ——————————- (2)
පියාපත් රහිත ——————————- කාවා
- පියාපත් යුගල දෙකක් සහිත —————– (3)
පියාපත් යුගල දෙකක් රහිත —————– ගෙමැස්සා
- ශුණ්ඩාවක් ඇත —————————– සමනලයා
ශුණ්ඩාවක් නැත —————————- කුරුමිණියා
පසුගිය විභාග ප්‍රශ්න…………….
- 2018 A/L ව්‍යුහගත රචනා
- 2020 A/L ව්‍යුහගත රචනා
Euglena, Paramecium, Amoeba, Ulva, Sargassum, ඩයටම
- සෛල බිත්තිය ඇත ———————— (2)
සෛල බිත්තිය නැත ———————– (4)
- බහු සෛලික ——————————-(3)
ඒක සෛලික ——————————- ඩයටම
- වායු පිරි උත්ප්ලාවක ඇත ——————- Sargassum
වායු පිරි උත්ප්ලාවක නැත —————— Ulva
- ඡවිකාව ඇත ——————————– (5)
ඡවිකාව නැත ——————————- Amoeba
- පක්ෂ්ම ඇත ——————————– Paramecium
පක්ෂ්ම නැත ——————————– Euglena
අධිරාජධානි
46. නූතන වර්ගීකරණයේ අධිරාජධානි කීයක් පවතීද?
47. එම අධිරාජධානි තුන නම් කර ඒ ඒ අධිරාජධානියට අයත් රාජධානි මොනවාදැයි දක්වන්න.
-
- එක් රාජධානියකින් සමන්විතය. එනම් බැක්ටීරියා රාජ්ධානියයි.
-
- එක් රාජධානියකින් සමන්විතය. එනම් ආකිබැක්ටීරියා රාජ්ධානියයි.
රාජධානි හතරක් ඇත. එනම්,
-
-
- ප්‍රොටිස්ටා රාජධානිය
- දිලීර රාජධානිය
- ඇනිමාලියා රාජධානිය
- ප්ලාන්ටේ රාජධානිය