ජීව විද්‍යාව03. ජීවීන්ගේ පරිණාමය සහ විවිධත්වය3.2.7 - කෝඩේටා වංශයට අයත් ජීවීන් අධ්‍යයනය සඳහා ලාක්ෂණික ගුණාංග භාවිතා කරයි.

3.2.7 – කෝඩේටා වංශයට අයත් ජීවීන් අධ්‍යයනය සඳහා ලාක්ෂණික ගුණාංග භාවිතා කරයි.

 

  1. කෝඩේටා වංශයට ආවේණික ලක්ෂණ මොනවාද?

  • (අවම තරමින් කළල විකසනයේදි හෝ පමණක්) දේහයේ පූර්ව සිට අපර දිශාවට ඇති, සංධාරණය සපයන, ආහාර මාර්ගය හා ස්නායුරජ්ජුව අතර පිහිටන, අන්වායාම, ප්‍රත්‍යස්‍ත, දණ්ඩාකාර ව්‍යුහයක් පවති.
  • පෘෂ්ඨරජ්ජුවට පෘෂ්ඨීයව පිහිටන කුහරමය, නාලාකාර ස්නායුරජ්ජුවක් ඇත.
  • (කලල අවධියේ හෝ) ග්‍රසනිකාවේ බාහිරයට විවෘත වන ග්‍රසනික ජලක්ලෝම පැළුම් ඇත
  • (උදරීය හෘදයක් ඇත.)
  • අපර ගුද පේශීමය වලිගයක් (කලල අවධියේ හෝ) ඇත.

C:\Users\user\Desktop\article-Phylum--Chordata-1o1.png

 

2. කෝඩේටා වංශයට අයත් වර්ගවල ලයිස්තුවක් දක්වන්න

  • Class Chondrichthyes
  • Class Osteichthyes
  • Class Amphibia
  • Class Reptilia
  • Class Aves
  • Class MammaliaC:\Users\user\Desktop\SC-002c-PC-Advanced_1200x1200.jpg

 

3. ඉහත වර්ගවලින් සියල්ලන්ම ජලජ ජිවීන් පමණක් වන වර්ග මොනවාද?

  • Class Chondrichthyes
  • Class Osteichthyes 

 

4. එම වර්ගවල දකට ලැබෙන ප්‍රධාන වෙනස්කම් මොනවාද?

Class Chondrichthyes

Class Osteichthyes

 

 

 උදාහරණ: මෝරා, මඩුවා

 

    

   

 උදාහරණ: බලයා, තිලාපියා, ගෝල්ඩ්ෆිෂ්, කාපයා

සැකිල්ල කාටිලේජමය වේ

සැකිල්ල අස්ථිමය වේ

ජලක්ලෝම පිධානයකින් වැසී නැත

ජලක්ලෝම පිධානයකින් වැසී ඇත

විෂමාංශ පුච්ඡ පෞච්ච වරලක් ඇත

සමාංශ පුච්ඡ පෞච්ච වරලක් ඇත

රළු කොරල වලින් දේහය වැසී ඇත

පැතලි අස්ථික කංකථාභ හා චක්‍රාකාර කොරල්වලින් දේහය ආවරණය වී ඇත

ඩිම්බ අභ්‍යන්තරව සංසේචනය වේ

ජන්මාණු බාහිරව සංසේචනය වේ. (සුළුතරයක් අහ්‍යන්තර සංසේචනය)

අන්ඩජ හෝ ජලාබූජ, සමහරු අන්ඩජලාබූජ වේ

අණ්ඩජ

 

 

5. ජම්බාලිය යනු කුමක්ද?

  • ප්‍රජනක ප්‍රනාල, බහිස්ස්‍රාවි ප්‍රනාල හා ආහාර ජීර්ණ මාර්ගය විවෘත වන, තනි විවරයකින් බාහිර පරිසරයට විවර වන පොදු කුටීරයකි

 

6. ජම්බාලිය පිහිටන්නේ කුමන වර්ගයේ මත්ස්‍යයන්ටද?

  • Class Chondrichthyes

 

7.Osteichthyes වර්ගයේ මසුන්ට වාතාශයක් තිබීමේ අරමුණ කුමක්ද?

  • උත්ප්ලාවකතාව පාලනයට

 

8. Amphibia වර්ගයේ සතුන්ට උදාහරණ කිහිපයක් දෙන්න.

  • මැඩියා
  • ගෙම්බා
  • Salamander
  • Ichthyophis

C:\Users\user\Desktop\Amphibians_menu_inkfkf.jpg

C:\Users\user\Desktop\amphibians-2.jpg

 

9. මොවුන් උහයජීවීන් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • ජීවන චක්‍රය සම්පූර්ණ කරගැනීමට ජලය අවශ්‍ය නමුත් ජලය හා ගොඩබිම දෙකෙහිම ජීවත් විය හැක

 

10. කරදියවාසී ඇම්ෆිබියාවෙක් නම් කරන්න.

  • කරදියවාසී ඇම්ෆිබියාවන් නොමැත.
  • මිරිදිය හෝ ගොඩබිම පමණක් හමුවේ.

 

11. ගාත්‍රා විකසනය වූ ප්‍රථම ජීවි විශේෂය ඇම්ෆිබියාවන් ය. ගාත්‍රා නොදරන ඇම්ෆිබියාවෙකු නම් කරන්න.

  • Ichthyophis

C:\Users\user\Desktop\ichthyophis-ed4b9a5f-96c3-4950-b656-b73964647be-resize-750.jpeg

 

12. මොවුන් චලතාපී ද? අචලතාපී ද?

  • චලතාපී

 

13. එහි තේරුම කුමක්ද?

  • බාහිර පරිසරයේ උෂ්ණත්ව වෙනස්වීම්වලට අනුව තම ශරීර උෂ්ණත්වය වෙනස් කරගනී. එබැවින් පරිවෘත්තිය සීමා වේ

 

14. ඇම්ෆිබියාවන්ගේ සම කුමන ආකාර වේද?

  • ග්‍රන්ථිමය, තුනී, තෙත් සමකි.
  • කොරපොතු නැත.
  • පරිසර වෙනස්වීම් වලට සංවේදී වේ

 

15. ඇම්ෆිබියාවන් ඇස් ආවරණය කරන නිමීලන පටලයක් දරයිද?

  • ඔව්

 

16. ඔවුන්ගේ කණෙහි ව්‍යුහය සැලකූ විට, ඇතුළු කණ, මැද කණ, බාහිර කණ හා කන්පෙත්ත යන කොටස් වලින්       නොමැත්තේ කුමන කොටස් ද?

  • කන්පෙත්ත පමණි

 

17. ඇම්ෆිබියාවන්ගේ ජන්මාණු සංසේචනය සිදුවන්නේ බාහිරවද? අභ්‍යන්තරව ද?

  • (බොහෝවිට) බාහිර සංසේචනය සිදුවේ.
  • බිත්තර වලට කවචයක් නැත

 

18. සම්පූර්ණ හෞමික ජීවිතයකට අනුවර්තනය වූ ප්‍රථම ජීවී කාණ්ඩය කවුරුන්ද?

  • Class Reptilia

 

19. ඔබ සඳහන් කළ සත්ව වර්ගය සංචරණය සඳහා දරන ව්‍යුහයන් මොනවාද?

  • ඇඟිලි සහිත ගාත්‍රා

 

20. ඔවුන්ගේ ශරීරය කෙරටිනීමය ශල්කවලින් ආවරණය වී තිබීමට හේතුව කුමක්ද?

  • ජල සං‍රක්ෂණයට
  • ඇතිල්ලිමට ඔරොත්තු දීමට

 

21. වායව ශ්වසනය සඳහා රෙප්ටීලියාවන් දරන ශ්වසන ව්‍යුහය කුමක්ද?

  • පෙණහළු

 

22. මොවුන් චලතාපී ද? අචලතාපී ද?

  • චලතාපී

 

23. රෙප්ටීලියාවන්ගේ ස්වභාවික වාසස්ථාන මොනවාද?

  • ජලජ පරිසර
  • භෞමික පරිසර

 

24. ජන්මාණු සංසේචනය හා බිත්තර වල ස්වභාවය දක්වන්න.

  • අභ්‍යන්තර සංසේචනය දක්වයි
  • කැල්සිභවනය වූ බිත්තර දමයි

 

25. රෙප්ටීලියා වර්ගයේ ජීවීන්ට උදාහරණ කීපයක් දෙන්න

  • කටුස්සා
  • සර්පයන්
  • කැස්බෑවා
  • කිඹුලා
  • ඇලිගේටරයන්

 

26. ආවේස් වර්ගයේ ජීවීන්ගේ ප්‍රධාන සංචරණ ව්‍යුහය කුමක්ද?

  • පියාපත්

 

27. පියාසැරීම සඳහා ආවේස් සතු ලක්ෂණ මොනවාද?

  • පූර්ව ගාත්‍රා පියාපත් බවට සැකසී ඇත.
  • කෙරටිනීභවනය වූ පිහාටු මඟින් ශරීරය ආවරණය වී ඇත.
  • සැහැල්ලු ශරිරය
  • වාත කුටීර සහිත අස්ථි
  • අධික පරිවෘත්තීය වේගය
  • ශරීර ප්‍රමාණය කුඩා වීම
  • දත් රහිත හොට

 

28. ආවේස් වර්ගයේ ජීවීන් චලතාපී ද? අචලතාපී ද?

  • අචලතාපී

 

29. වර්ණ දෘෂ්ඨිය සහිත සත්ත්ව වර්ග දෙකක් ලියන්න.

  • Class Aves
  • Class Mammalia

 

30. ආවේස් වර්ගයේ සතුන්ගේ ජන්මාණු සංසේචනය සිදුවන්නේ බාහිරවද? අභ්‍යන්තරවද? ඔවුන්ගේ බිත්තර වල     ස්වහාවය කෙසේද?

  • අභ්‍යන්තර සංසේචනය
  • කවච සහිත බිත්තර දමයි (බීජාන්න සහිත)

 

31. අවේස් වර්ගයේ ජීවීන්ට උදාහරණ කීපයක් දක්වන්න.

  • කපුටා
  • ගිරවා
  • පැණි කුරුල්ලා

C:\Users\user\Desktop\Bird_Diversity_2013.png

 

32. මැමේලියාවන්/ ක්ෂීරපායින් යනු කවුරුන්ද?

  • (ළපටි අවධියේදී) ස්ථන ග්‍රන්ථි වලින් නිපදවන කිරි මත යැපෙන ජීවීන්

 

33. මැමේලියාවන්ගේ දේහාවරණය කෙසේද?

  • ග්‍රන්ථි සහිතය
  • දේහය රෝමවලින් ආවරණය වී ඇත.

 

34. අචලතාපි වර්ග දෙකක් සඳහන් කරන්න

  • Class Aves
  • Class Mammalia

 

35. පෘෂ්ඨවංශීන් අතරින් මැමේලියාවන්ට පමණක් පිහිටන ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.

  • විෂමදන්තී/ විභේදනය වූ දත් වර්ග ඇත
  • විශාලව වැඩුණු මොළයක් ඇත. ( බුද්ධිමත් ය, ඉගෙනීමේ කුසලතාව සහ මතකය ඇත)

 

36. මැමේලියාවන්ගේ ශ්වසන ව්‍යුහය කුමක්ද?

  • පෙණහළු

 

37. ඔබ ඉහත සංදහන් කළ ශ්වසන ව්‍යුහය වාතනය සඳහා වැදගත් වන කංකාල පේශිය කුමක්ද?

  • මහා ප්‍රාචිරය

 

38. මැමාලියාවන්‍ට උදාහරණ කීපයක් දෙන්න

C:\Users\user\Desktop\polar-bear-cubs.jpg

  • වවුලා
  • තල්මසා
  • වඳුරා
  • මිනිසා

 

39. කෝඩේටාවන් පිළිබඳ ඔබේ දැනුම හාවිතයෙන් පහත වගුව සම්පූර්ණ කරන්න.

ලක්ෂණය

Class Chondrichthyes

Class Osteichthyes

Class Amphibia

Class Reptilia

Class Aves

Class Mammalia

උදාහරණ

1

2

3

4

5

6

වාසස්ථාන

7

8

9

10

11

12

දේහ ඛණ්ඩනය

13

14

15

16

17

18

චලතාපී/අචලතාපී

19

20

21

22

23

24

රුධිර සංසරණ පද්ධතිය

25

26

27

28

29

30

ශ්වසන ව්‍යුහ

31

32

33

34

35

36

ඇස්

නිමීලන පටල

37

38

39

40

41

42

ඇසිපිය

43

44

45

46

47

48

සංචරණ ව්‍යුහ

49

50

51

52

53

54

කණ

55

56

57

58

59

60

කපාල ස්නායු යුගල්

61

62

63

64

65

66

හෘදයේ කුටීර ගණන

67

68

69

70

71

72

බහිස්ස්‍රාවී අවයව

73

74

75

76

77

78

බහිස්ස්‍රාවී ඵලය

79

80

81

82

83

84

දේහාවරණය

85

86

87

88

89

90

ජන්මාණු සංසේචනය

91

92

93

94

95

96

අණ්ඩජ/ අණ්ඩජලාබුජ/

ජලාබුජ බව

97

98

99

100

101

102

කීට අවධි

103

104

105

106

107

108

වගුව සඳහා පිළිතුරු:

  1. මඩුවා, මෝරා
  2. බලයා, තිලාපියා
  3. ගෙම්බා, මැඩියා
  4. සර්පයින්, කටුස්සා
  5. කපුටා, ගිරවා
  6. මීයා, මිනිසා, තල්මසා, වවුලා
  7. කරදිය (විශේෂ කිහිපයක් කිවුල් දියේ)
  8. කරදිය, මිරිදිය, කිවුල්දිය
  9. මිරිදිය, භෞමික
  10. භෞමික, (ජලජ)
  11. වායව (භෞමික)
  12. භෞමික, ජලජ, වායව, රුක්වාසී
  13. හිස, කඳ, වළිගය
  14. හිස, කඳ, වළිගය
  15. හිස, කඳ, (වළිගය)
  16. හිස, ගෙල, කඳ, වළිගය
  17. හිස, ගෙල, කඳ, වළිගය
  18. හිස, ගෙල, කඳ, වළිගය
  19. චලතාපී
  20. චලතාපී
  21. චලතාපී
  22. චලතාපී
  23. අචලතාපී
  24. අචලතාපී
  25. සංවෘත ඒක සංසරණ
  26. සංවෘත ඒක සංසරණ
  27. සංවෘත අසම්පූර්ණ ද්විත්ව සංසරණ
  28. සංවෘත අසම්පූර්ණ ද්විත්ව සංසරණ
  29. සංවෘත සම්පූර්ණ ද්විත්ව සංසරණ
  30. සංවෘත සම්පූර්ණ ද්විත්ව සංසරණ
  31. අහ්‍යන්තර ජලක්ලෝම
  32. ජලක්ලෝම
  33. ජලක්ලෝම, පෙණහැලි, මුඛ කුහර ආස්තරණය, සම
  34. පෙණහැළි
  35. පෙණහැළි
  36. පෙණහැළි
  37. වරල් – විෂමාංශ පෞච්ඡ පුච්ච වරල්, මාංශමය ළය වරල්, ශ්‍රෝණි වරල්
  38. වරල් – සමාංශ පෞච්ඡ පුච්ච වරල්, ළය වරල්, ශ්‍රෝණි වරල්
  39. ගාත්‍රා – සමහරුන්ට ගාත්‍රා නැත/ සමහරුන්ට ගාත්‍රා 4ක් ඇත
  40. ගාත්‍රා – සමහරුන්ට ගාත්‍රා නැත/ සමහරු යුගලමය පංචාංගුලික ගාත්‍රා දරයි
  41. ගාත්‍රා – පාදවල කොරල ඇත, යුගලනය වූ පංචාංගුලික ගාත්‍රා වලින් පූර්වගාත්‍රා පියාපත් බවට විකසනය වී ඇත. සමහරුන්ට නඛර ඇත
  42. යුගලමය පංචාංගුලික ගාත්‍රා දරයි. සමහරුන්ට නඛර ඇත
  43. ඇතුළු කණ පමණි
  44. ඇතුළු කණ පමණි
  45. ඇතුළු කණ, මැද කණ
  46. ඇතුළු කණ, මැද කණ, බාහිර කණ
  47. ඇතුළු කණ, මැද කණ, බාහිර කණ
  48. ඇතුළු කණ, මැද කණ, බාහිර කණ, කන්පෙත්ත
  49. 10
  50. 10
  51. 10
  52. 12
  53. 12
  54. 12
  55. 2
  56. 2
  57. 3
  58. 3
  59. 4
  60. 4
  61. වෘක්ක
  62. වෘක්ක
  63. වෘක්ක
  64. වෘක්ක
  65. වෘක්ක
  66. වෘක්ක
  67. යූරියා
  68. යූරියා (කරදිය ජීවීන්), ඇමෝනියා (මිරිදිය ජීවීන්)
  69. කීට අවධි – ඇමෝනියා, සුහුඹුල් අවධි – යුරියා
  70. යූරික් අම්ලය
  71. යුරික් අම්ලය
  72. යූරියා
  73. රළු කොරල සහිත සම
  74. අස්ථිමය වක්‍රාකාර (කංකථාභ) කොරල
  75. ග්‍රන්ථි සහිත සිනිදු සම (කොරල නැත)
  76. කොරොස් කොරල/ කොරොස් ඵලක සහිත, ග්‍රන්ථි රහිත වියළි සම
  77. කෙරටිනීමය පිහාටු වලින් ආවරණය වූ දේහය
  78. රෝම සහිත, ග්‍රන්ථි සහිත සම
  79. අභ්‍යන්තර සංසේචනය
  80. බාහිර සංසේචනය (බහුතරයක්)
  81. අභ්‍යන්තර සංසේචනය (උදා: ichthyophis ) හා බාහිර සංසේචනය (බහුතරයක්)
  82. අභ්‍යන්තර සංසේචනය
  83. අභ්‍යන්තර සංසේචනය
  84. අභ්‍යන්තර සංසේචනය
  85. අණ්ඩජ/ අණ්ඩජලාබුජ
  86. අණ්ඩජ
  87. අණ්ඩජ (බිත්තර කවච රහිතය)
  88. අණ්ඩජ/ අණ්ඩජලාබුජ/ජලාබූජ
  89. අණ්ඩජ
  90. ජලාබුජ ,සමහරු අණ්ඩජය
  91. නැත
  92. තිබිය හැක
  93. ඇත (වලිග දරයි)
  94. නැත
  95. නැත
  96. නැත (කළල මව තුළ වර්ධනය වේ)

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis matadorbet casibom starzbet dinamobet