විද්‍යා අංශයජීව විද්‍යාව5.6.3 - ස්නායු ආවේගයක් ජනනය හා සම්ප්‍රේෂණය ගවේෂණය කරයි

5.6.3 – ස්නායු ආවේගයක් ජනනය හා සම්ප්‍රේෂණය ගවේෂණය කරයි

 

1. සෛලයක පිටත හා අභ්‍යන්තරය ආරෝපණය වී ඇත්තේ කෙසේද?

    • සෛල අභ්‍යන්තරය ඍණ ලෙස හා බාහිරය ධන ලෙස අසමාකාරව ආරෝපිතව පවති.

 

2. පටල විභවය යනු කුමක්ද?

    • සෛලයක ඇතුලත ඇති ඍණ අයන හා පිටත ඇති ධන අයන ප්ලාස්ම පටලය හරහා ආකර්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස පටලය හරහා ඇතිවන විභව අන්තරයයි.

 

3. අක්‍රීය විභවය යනු කුමක්ද?

    • අක්‍රීය තත්ත්වයේ ඇති නියුරෝනයක (සංඥාවක් ගමන් නොකරන/ සන්නයනය නොවන අවස්තාවේ ඇති නියුරෝනයක) ඇති පටල විභවයයි.

 

4. දර්ශීය නියුරෝනයක අක්‍රීය පටල විභවය කොපමණද?

    • -60mV සිට -80mV අතර

 

5. සෛලයක් අක්‍රීය පටල විභවය පවත්වා ගන්නා ආකාර මොනවාද?

    • නියුරෝනයක ඇතුලත හා පිටත අසමාකාර අයන සාන්ද්‍රණ ව්‍යාප්තිය.
    • Na+ හා K+ සඳහා ප්ලාස්ම පටලයේ වරණීය පාරගම්‍යතාවය.
    • සෝඩියම් – පොටෑසියම් පොම්පය

 

6. ආවේගයක් ගමන් නොකරන නියුරෝනයක ඇතුලත හා පිටත බහුලව පවතින අයන වර්ග මොනවාද?

    • ඇතුලත – Na+
    • පිටත – K+ ,Cl හා අනෙකුත් විශාල ඍණ අයන (ප්‍රෝටීන)

 

7. Na+ හා K+ සඳහා ප්ලාස්ම පටලය දක්වන වරණීය පාරගම්‍යතාව පැහැදිලි කරන්න.

    • නියුරෝනයක ප්ලාස්ම පටලයේ උත්තේජයකට ප්‍රතිචාර වශයෙන් වැසීමට හා විවෘත වීමට හැකි Na+ හා K+ නාල පිහිටයි.
    • මේවා පිලිවෙලින් Na+ හා K+ අයන වලට පමණක් පටලය හරහා සාන්ද්‍රණ අනුක්‍රමණයට අනුව විසරණය වීමට ඉඩ සලසයි.
    • ප්ලාස්ම පටලය හරහා මෙම Na+ නාලවලට වඩා වැඩි K+ නාල ප්‍රමාණයක් විවෘතව පවති.
    • මේ නිසා සෛලය තුලට පැමිණෙන Na+ වලට වඩා වැඩි K+ ප්‍රමාණයක් පිට වීමට සලස්වමින් සෛලය තුල ශුද්ධ ඍණ ආරෝපණයක් පවත්වා ගනියි.

http://www.dynamicscience.com.au/tester/solutions1/biology/nervoussystem/Untitled-1.gif

 

8. අක්‍රීය පටල විභවය පවත්වා ගැනීමට ATP වැය වන බව සිසුවෙක් පවසයි. මීට හේතුව කුමක්ද?

    • සෛලයක අක්‍රීය පටල විභවය පවත්වා ගැනීමට හේතු වන සෝඩියම් – පොටෑසියම් පොම්පය සක්‍රීය ක්‍රියාවලියක් වන බැවින් ඒ සදහා ATP ශක්තිය වැයවේ.

 

9. සෝඩියම් – පොටෑසියම් පොම්පය යනු කුමක් ද?

    • සෛලය තුලට පරිවහනය කරන සෑම K+ අයන දෙකක් සඳහාම Na+ අයන තුනක් සෛලයෙන් පිටතට පටලය හරහා සාන්ද්‍රණ අනුක්‍රමණයට එරෙහිව සක්‍රීයව පරිවහනය කිරීමයි.

 

10. ක්‍රියා විභවයක් ඇති වීමට පැවතිය යුතු අවශ්‍යතාව කුමක්ද?

    • උත්තේජයක් හේතුවෙන් පටල විභවය දේහලීය අගය ඉක්මවීම

 

11. ක්‍රියා විභවයකට අයත් අවධි මොනවා ද?

    • විධ්‍රැවනය
    • ප්‍රතිධ්‍රැවනය
    • උපරිධ්‍රැවනය

 

12. ඉහත අවධි වලදී සිදුවන ප්‍රධාන ක්‍රියාවලි වගුවක් ඇසුරින් විස්තර කරන්න.

අවධිය

සිදුවන ක්‍රියාවලිය

පටල විභවයට සිදුවන බලපෑම

විධ්‍රැවනය

  • උත්තේජයකට ප්‍රතිචාර වශයෙන් Na+ නාල විවෘත වීමෙන් Na+ අයන සෛලය තුළට ගලා ඒම.
  • සෛලයේ පටල විභවය, පිටතට සාපේෂව ඇතුලත ඍණ අගයක් වන පරිදි වෙනස් වීම.

ප්‍රතිධ්‍රැවනය

  • Na+ ඇතුලතට ගලා යාම වලක්වමින් Na+ නාල විවෘත වීම හා K+ පිටතට යාමට  සලස්වමින් K+ නාල විවෘත වීම.
  • සෛලය ඇතුලත ඍණ භාවයකට පත් වීම.

උපරිධ්‍රැවනය

  • Na+ නාල වැසි පවති. K+ නාල විවෘතව පවති.
  • පටලය ඇතුලත වඩාත් ඍණ භාවයකට පත් වීම.

 

13. ක්‍රියා විභවය ප්‍රස්තාරිකව පෙන්වන්න.

 

14. අනස්සව කාලය යනු කුමක්ද?

    • සෝඩියම් නාලිකා වැසී තිබීම හේතුවෙන් ක්‍රියාවිභවයකට වහාම පසුව ඇතිවන උත්තේජයකට, නියුරෝනයකට ප්‍රතිචාර දැක්විය නොහැකි කෙටි කාල පරාසයයි.

 

15. අනස්සව කාලයක් පැවතීමේ වැදගත්කම කුමක් ද?

    • අක්සනයක ආවේගයක් ආපහු සන්නයනය වීම වැළකේ . (එමනිසා අක්සනයක් ඔස්සේ එක් දිශාවකට ආවේග සන්නයනය වීම තහවුරු වේ.)

 

16. ස්නායු ආවේගයක් යනු කුමක්ද?

    • අක්සනයක් ඔස්සේ ගමන් කරන ක්‍රියා විභව ශ්‍රේණියක් ස්නායු ආවේගයක් ලෙස හදුන්වයි.

 

17. ස්නායු ආවේගයක් සන්නයනය වන්නේ කෙසේ ද?

    • උත්තේජයක් මඟින් නියුරෝනයක අක්සනයේ එක් කෙලවරක ක්‍රියා විභවයක් ජනනය වී එම ස්ථානය විධ්‍රැවනය වේ.
    • එම ආරම්භක ස්ථායන ප්‍රතිධ්‍රැවනය වන අතරතුර ක්‍රියාවිභවයක යාබද ස්ථානයට පැතිරෙමින් එම යාබද ස්ථානය විධ්‍රැවනය වේ.
    • මෙම ධ්‍රැවන – විධ්‍රැවන ක්‍රියාවලිය, අක්සනයක් ඔස්සේ ස්නායු ආවේගයක් ගමන් කරවයි.

 

18. ස්නායු ආවේගයක් සන්නයනය වීමේ වේගය කෙරෙහි බලපාන කරුණු මොනවාද? එම කරුණු ආවේග සන්නයනය කෙරෙහි බලපාන්නේ කෙසේ ද?

    • අක්සනයේ විෂ්කම්භය – අක්සනයේ විෂ්කම්භය වැඩි වීමත් සමග ආවේග සන්නයන වේගය වැඩි වේ.
    • මයලිනීභූත අක්සන පැවතීම – මයලිනීභූත අක්සනවල ක්‍රියාවිභවය එක් රැන්වියර් ගැටයක සිට අනුයාත රැන්වියර් ගැටය දක්වා පනිමින් වේගයෙන් ආවේග සන්නයනය වේ.

Figure 28-6

Figure 28-5

 

ක්‍රියා විභවය ඇතිවීම හා ආවේග සන්නයනය :- https://www.youtube.com/watch?v=FEHNIELPb0s&t=5s

19. උපාගමය යනු කුමක් ද?

    • උපාගම පැල්ම නම් වූ පටු හිදැසක් හරහා නියුරෝනයක් (පූර්ව උපාගම සෛලය) වෙනත් සෛලයක් (පශ්ච උපාගම සෛලය) සමග සන්නිවේදනය සිදු කරන සන්ධියකි.

Neurons: The Building Blocks of Your Brain | Let's Talk Science

 

20. පශ්ච උපාගම සෛලය ලෙස උපාගම සන්ධියක පැවතිය හැකි සෛල මොනවාද?

    • වෙනත් නියුරෝනයක්, පේශි සෛලයක් හෝ ස්‍රාවී සෛලයක්

 

21. ජීවී දේහ තුල දැකිය හැකි උපාගම වර්ග මොනවාද? 

    • රසායනික උපාගම – රසායනික ද්‍රව්‍ය  (ස්නායු සම්ප්‍රේෂක) භාවිතයෙන් එක් නියුරෝනයක් තවත් නියුරෝනයක් සමග සන්නිවේදනය කරන උපාගම සන්ධි. 
    • විද්‍යුත් උපාගම – නියුරෝන අතර සන්නිවේදනය ඍජුවම විද්‍යුත් සම්බන්ධතා හරහා සිදුවන සන්ධි

 

22. රසායනික උපාගමයක නම් කරන ලද රූප සටහනක් අඳින්න. 

 

23. රසායනික උපාගමයක් හරහා ස්නායු ආවේග සම්ප්‍රේෂණය වන ආකාරය කෙටියෙන් දක්වන්න.

    • අක්සන කෙලවරදී ක්‍රියාවිභවයක් මගින් පූර්ව උපාගම සෛලයේ ප්ලාස්ම පටලය විධ්‍රැවනය වේ.
    • මෙය පූර්ව උපාගම පර්යන්තයට Ca2+ විසරණය වීමට හේතු වේ.
    • උපාගම පර්යන්තවල Ca2+ සාන්ද්‍රණය ඉහල යාම නිසා එහි ඇති ස්නායු සම්ප්‍රේෂක සහිත ආශයිකා පූර්ව උපාගම පටලයට බැඳීම් සිදු වේ.
    • මෙහි ප්‍රතිඵලයක් ලෙස ස්නායු සම්ප්‍රේෂක උපාගම පැල්ම තුලට නිදහස් වී, උපාගම පැල්ම හරහා විසරණය වී, පශ්ච උපාගම සෛල ප්ලාස්ම පටලයේ ඇති විශිෂ්ට ආශයිකාවලට බැඳී ඒවා සක්‍රීය කිරීම සිදුවේ.
    • මෙවිට පශ්ච උපාගම සෛලය විධ්‍රැවනය වෙමින් එහි ක්‍රියාවිභවයක් ඇති වෙයි.

 

24. ස්නායු ආවේග පශ්ච උපාගම සෛලයට ගමන් කල පසු තවදුරටත් සංඥාව සම්ප්‍රේෂණය වීම වැලැක්වීමට ඇති උපක්‍රම මොනවා ද?

    • ස්නායු සම්ප්‍රේෂක එන්සයිමීය ජලවිච්චේදනය 
    • පූර්ව උපාගම පර්යන්ත තුළට ස්නායු සම්ප්‍රේෂක නැවත ප්‍රතිග්‍රහනය

 

25. ස්නායු සම්ප්‍රේෂක යනු මොනවාද?

    • පූර්ව උපාගම නියුරෝනවල උපාගම පර්යන්තයෙන් නිදහස් වී උපාගම පැල්ම හරහා විසරණය වී පශ්ච උපාගම පටලයේ ඇති ප්‍රතිග්‍රාහක වලට බැඳී ප්‍රතිචාරයක් උත්තේජනය කරන අණුය.

 

26. සුලබ ස්නායු සම්ප්‍රේෂක වර්ග මොනවාද?

    • ඇසිටයිල් කෝලීන්
    • සමහර ඇමයිනෝ අම්ල
    • ජෛව ජනන ඇමීන
    • නියුරොපෙප්ටයිඩ
    • සමහර වායු වර්ග

  උපාගමයක ක්‍රියාකාරිත්වය :- https://www.youtube.com/watch?v=-_eYt1I_n1Y

 

27. පෘෂ්ඨවංශීන්ගේ ස්නායු පද්ධතියේ කෘත්‍යමය ඒකකය වන්නේ,

    • ප්‍රතීක චාපයයි

 

28. දර්ශීය ප්‍රතීක චාපයක් සමන්විත වන නියුරෝන ගණන කීයද?

    • 3 යි

 

29. දර්ශීය ප්‍රතීක චාපයක් ඇති නියුරෝන වන්නේ,

    • අභිවාහී (සංවේදක) නියුරෝන
    • අපවාහී (චාලක) නියුරෝන
    • අන්තර්හාර නියුරෝන

 

30. සංවේදක නියුරෝන වල කාර්යයන් වන්නේ,

    • සංවේදක ප්‍රතිග්‍රාහක වල සිට මධ්‍ය ස්නායු පද්ධතිය කරා ආවේග සම්ප්‍රේෂණය කිරීම.
    • අන්තර්හාර නියුරෝනයක් සමග උපාගම සැදීම.

 

31. චාලක නියුරෝනයේ කාර්යය වන්නේ,

    • ආවේගය කාරක පටකය/ අවයවය වෙත ගෙනයාම.

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom