විද්‍යා අංශයජීව විද්‍යාව4.1.1 ශාක පටකවල ව්‍යුහය, ඒවායේ කෘත්‍ය සමඟ දක්වන සම්බන්ධතා පරීක්ෂා කරයි.

4.1.1 ශාක පටකවල ව්‍යුහය, ඒවායේ කෘත්‍ය සමඟ දක්වන සම්බන්ධතා පරීක්ෂා කරයි.

පාඩමේ සටහන Download කරගන්න.

 

 

1.පටකයක් යනු කුමක්ද?

  • විශේෂිත කාර්යයක් හෝ කාර්යය කීපයක් කිරීමට ඇති,
  • සෛල වර්ග එකක් හෝ වැඩි ගණනකින් යුතු,
  • භෞතිකව එකට බැදී ඇති,
  • සෛල සමූහයකි.

 

 

විභාජක පටක

2.විභාජක පටක යනු මොනවාද?

  • ශාක දේහය තුළ දක්නට ලැබෙන විභේදනය නොවූ පටක සමූහ පද්ධතියකි.

 

3.විභාජක පටක වලින් සෑදෙන නව සෛල වලින් සිදුකරන කාර්යයන් මොනවාද?

  • සමහර සෛල දික් වීමෙන් හා විභේදනය වීමෙන් ශාක දේහයට නව පටක සාදයි.
  • අනෙක් සෛල විභාජක ලෙස පවතී.

 

4.විභාජක පටකවල සෛලවල ලාක්ෂණික ලක්ෂණ මොනවාද?

  • සියල්ල ජීවි සෛල වේ.
  • සියල්ල සමවිශ්කම්භිකය. (දළ වශයෙන් ගෝලාකාරය)
  • මධ්‍ය න්‍යෂ්ටියකින් යුක්තය.
  • ඝන සෛල ප්ලාස්මයක් සහිතයි.
  • ගුණනය වීමේ හැකියාව දරයි.
  • කුඩා රික්තක දරයි.
  • හරිතලව අවම අතර මයිටොකොන්ඩ්‍රියා, රයි‍බොසෝම වැඩිය. (සෛලීය ශ්වසනය හා ප්‍රෝටීන සංශ්ලේෂණය වේගවත්ය.)

 

5.විභාජක පටකවල සෛල අතිපිහිත වී පවතින ප්‍රදේශ 3 මොනවාද?

  1. සෛල විභාජනය.
  2. සෛල දික් වීම.
  3. සෛල විභේදනය.

 

6.ශාක විභාජක පටක ප්‍රධාන වර්ග 3 මොනවාද?

  1. අග්‍රස්ථ විභාජක
  2. පාර්ශ්වික විභාජක
  3. අන්තරස්ථ විභාජක

 

7.ශාකවල අග්‍රස්ථ විභාජක පිහිටන ස්ථාන 2ක් නම් කරන්න.

  • මූලාග්‍රස්ථවල
  • ප්‍රරෝහ අග්‍රස්ථවල

 

8.අග්‍රස්ථ විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා ශාකවල සිදුවන වෙනස්කම් මොනවාද?

  • ශාක කොටස්වල දිග වැඩිවීම සිදුවේ.
  • මෙය ශාකයක ප්‍රාථමික වර්ධනය යි.

 

9.ශාකවල පාර්ශ්වික විභාජක පිහිටන ස්ථාන 2ක් නම් කරන්න.

  • සනාල කැම්බියම
  • වල්ක කැම්බියම

 

10.පාර්ශ්වික විභාජකවල ක්‍රියාකාරීත්වය නිසා ශාකවල සිදුවන වෙනස්කම් මොනවාද?

  • කාෂ්ඨිය ශාකවල ද්වීතීයික වර්ධනයට දායක වේ.
  • කාෂ්ඨිය ශාක කඳන් හා මුල්වල පරිධිය වැඩි කරයි.

 

11.සනාල හා වල්ක කැම්බියම් මගින් ශාක දේහයට අලුතින් එකතු කරන නව පටක පද්ධති වෙන වෙනම සදහන් කරන්න.

  • සනාල කැම්බියම –

      • ද්වීතීයික ශෛලම හා ද්වීතීයික ප්ලෝයම
  • වල්ක කැම්බියම –

      • පරිචර්මය

 

12.අන්තරස්ථ විභාජක ශාකවල දක්නට ලැබෙන ස්ථාන මොනවාද?

  • තෘණ වැනි ඒකබීජ පත්‍රී ශාක කඳන් (පර්ව) පාදස්ථයේ.
  • පත්‍ර පාදස්ථයේ.(ගැට)

 

13.අන්තරස්ථ විභාජකවල කාර්යය කුමක්ද?

  • කැඩී බීඳී යන පත්‍ර කොටස් නැවත ශීඝ්‍ර වර්ධනයට දායක වේ.

 

 

මුලෙහි ප්‍රාථමික වර්ධනය

14.මුලෙහි ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද?

  • මුල අග්‍රස්ථයේ පිහිටි මූලාග්‍ර විභාජකවල ක්‍රියාකාරීත්වයෙන් ,
  • මුලෙහි දිග වැඩි වීමයි.

 

15.ප්‍රාථමික වර්ධනයේදී සිදුවන ක්‍රියාවලි 3 නම් කරන්න.

  1. සෛල විභාජනය. (අනූනන විභාජනය හේතුවෙන්)
  2. සෛල දිගින් වැඩි වීම.
  3. සෛල පරිණත වීම. (විභේදනය හේතුවෙන්)

 

16.මෙම ක්‍රියාවලි 3 සිදුවන ප්‍රදේශ දැක්වෙන මුලේ අග්‍රස්ථයේ දික්කඩක දළ ව්‍යූහය ඇඳ නම් කරන්න.

 

17.සෛල විභාජනය වන ප්‍රදේශයට අයත් කොටස් මොනවාද?

  • මූලාග්‍රස්ථ විභාජකය හා එහි ව්‍යූත්පන්න කොටස්

 

18.මුලේ අග්‍රස්ථ විභාජකය මඟින් පිටතට හා ඇතුළතට එකතු කරනු ලබන නව සෛලවල කාර්යයන් වෙන වෙනම දක්වන්න.

  • පිටතට නිපදවෙන සෛල මඟින් මූලාග්‍ර කොපුව සාදයි.
  • මූලාග්‍ර කොපුව මඟින් මුල පස තුලින් ගමන් කීරීමේදී, ඝර්ෂණය නිසා මූලාග්‍රස්ථ විභාජකයට විය හැකි හානිය වළක්වා ගනී.
  • ඇතුළතට නිපදවෙන සෛල දිගු වන කලාපයේදී දිගු වීමට ලක් වේ. (ඇතැම් විට මුලේ සෛල ඒවායේ මුල් දිග මෙන් දස ගුණයකටත් වඩා දිගු වේ.)
  • මේ නිසා මුල පස තුළට තල්ලු වේ.

 

19.පරිණත වන කලාපයේදී සෛල වලට සිඳුවන්නේ කුමක්ද?

  • සෛල ව්‍යුහයෙන් හා කෘත්‍යයෙන් විශේෂණය ඇරඹී විභේදනය සම්පූර්ණ වේ.
  • සෛල කෘත්‍යමය වශයෙන් පරිණත වේ.

 

20.මුලේ ප්‍රාථමික වර්ධනයේ ප්‍රතිඵලය කුමක්ද?

  • මුලේ ප්‍රාථමික ව්‍යූහය

 

21.මුලේ ප්‍රාථමික ව්‍යූහයට අයත් කොටස් මඟින් ප්‍රාක් චර්මයට, පූරක විභාජකයට හා ප්‍රාක් කැම්බියමට ඇතුලත් වන කොටස් වෙන වෙනම සඳහන් කරන්න.

  • ප්‍රාක් චර්මය -:

අපිචර්මය

  • පූරක විභාජකය -:

          1. බාහිකය
          2. මජ්ජාව
          3. අන්තශ්චර්මය
  • ප්‍රාක් කැම්බියම -:

          1. ප්‍රාථමික ශෛලම
          2. ප්‍රාථමික ප්ලෝයම
          3. පරිචක්‍රය
          4. කලාපීය කැම්බියම

 

 

කඳෙහි ප්‍රරෝහයෙහි ප්‍රාථමික වර්ධනය

22.ශාක කඳේ ප්‍රාථමික වර්ධනය යනු කුමක්ද?

  • ප්‍රරෝහ අග්‍රස්ථයේ පවතින ප්‍රාථමික විභාජක පටකයේ ක්‍රියාකාරීත්වය හේතුවෙන්,
  • ශාක කඳ දිගින් වැඩිවීමයි.

 

23.ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකයේ පිහිටීම හා හැඩය විස්තර කරන්න.

  • ශාක කඳක ප්‍රරෝහ අග්‍රස්ථයේ පිහිටයි.
  • බුබුළාකාර හැඩයකින් යුතු සෛල සමූහයකින් සමන්විත වේ.

 

24.ප්‍රරෝහ අග්‍රස්ථයක දික්කඩ ඇඳ නම් කරන්න.

 

25.පත්‍ර මූලාකෘති යනු මොනවාද?

  • පත්‍ර මූලාකෘති අග්‍රස්ථ විභාජකය දෙපස ඇඟිලි වැනි නෙරුම් ලෙස පවතී.
  • සාමානයෙන් ප්‍රරෝහ අග්‍රස්ථ විභාජකය පත්‍ර මූලාකෘති වලින් ආවරණය වී පවතී.
  • පත්‍ර, පත්‍ර මූලාකෘති වලින් වර්ධනය වේ.

 

26.කඳේ ප්‍රාථමික ව්‍යුහයට අයත් කොටස් මඟින් ප්‍රාක් චර්මයට, පූරක විභාජකයට හා ප්‍රාක් කැම්බියමට ඇතුලත් වන කොටස් වෙන වෙනම සඳහන් කරන්න.

  • ප්‍රාක් චර්මය -: 

අපිචර්මය

  • පූරක විභාජකය -:

          1. බාහිකය
          2. මජ්ජාව
  • ප්‍රාක් කැම්බියම -: 

          1. ප්‍රාථමික ශෛලම
          2. ප්‍රාථමික ප්ලෝයම
          3. අන්තඃකලාපීය කැම්බියම

 

27.ප්‍රරෝහ අග්‍රස්ථය හා මූලාග්‍රස්ථය අතර වෙනස්කම් ලැයිස්තුගත කරන්න.

ප්‍රරෝහ අග්‍රස්ථය

මූලාග්‍රස්ථය

ප්‍රරෝහ අග්‍රස්ථවල දක්නට ලැබේ.

මුලේ අග්‍රස්ථයේ දක්නට ලැබේ.

පත්‍ර මූලාකෘතිවලින් ආරක්ෂා වේ.

මූලාග්‍ර කොපුවෙන් ආරක්ෂා වේ.

නව සෛල සෑදීම ඇතුළු දෙසට පමණි.

නව සෛල සෑදීම ඇතුළත හා පිටත ලෙස දෙදිශාවට සිදු කරයි.

පත්‍ර, ගැට, පර්ව ආදිය දැකිය හැක.

මූලකේශ දැකිය හැක.

 

 

ශාක පටක පද්ධති

 

28.සනාල ශාකවල ප්‍රධාන පටක පද්ධති 3 මොනවාද?

  • චර්මීය පටක පද්ධතිය(dermal tissue)
  • පූරක පටක පද්ධතිය(ground tissue)
  • සනාල පටක පද්ධතිය(vascular tissue)

 

 

චර්මීය පටක පද්ධතිය

29.චර්මීය පටක පද්ධතියට උදාහරණයක් දෙන්න.

  • අපිචර්මය

 

30.අපිචර්මයේ සැකැස්ම හා එහි කෘත්‍ය පිළිබඳ විස්තරයක් සපයන්න.

  • සැකැස්ම
  • අපිචර්මය මඟින් ප්‍රාථමික දේහයේ කඳ, මුල් හා පත්‍ර වැනි කොටස්වලට ආරක්ෂාව සපයයි.
  • තදින් ඇසිරුණු තනි සෛල ස්තරයක් ලෙස පවතී.
  • සාමාන්‍යයෙන් උච්චර්මය නැමති ඉටිවලින් සෑදී අපිචර්මීය වැස්මකින් වායව කොටස් ආවරණය වී පවතී.
  • පාලක සෛල, අපිචර්මීය කේශර (trichome) හා මූලකේශ වැනි විශේෂිත සෛල ද අපිචර්මයේ දක්නට ලැබේ.
  • ද්වීතීයික වර්ධනයෙන් පසු පරිණත ශාක කඳන්, මුල් වැනි කොටස්වල අපිචර්මය පසු කලෙක පරිචර්මය නැමති ආරක්ෂක ස්තරයෙන් ප්‍රතිස්ථාපනය වේ.

 

  • කෘත්‍ය
  1. යාන්ත්‍රික හානිවලින් හා ව්‍යාධිජනකයන්ගෙන් සිදුවන හානිවලින් ආරක්ෂා කරයි.
  2. උච්චර්මය ජල හානිය වැලැක්වීමට උදව් වේ. (විජලනයෙන් ආරක්ෂා කරයි.)
  3. මූලකේශ ජලය හා ඛනිජ අයන අවශෝෂණයට දායක වේ.
  4. පාලක සෛල මඟින් වායු හුවමාරුවට ආධාර කරයි.
  5. ට්‍රිකෝම (අපිචර්මයෙන් හට ගන්නා බාහිර නෙරුම් ලෙස ඇති රෝම හා ග්‍රන්ථි)
    1. කේශර වැනි ට්‍රිකෝම මඟින් ජලය හානි වීම අඩු කරයි.
    2. දිලිසෙන සුලු රෝම මඟින් වැඩිපුර පතිත වන ආලෝකය පරාවර්තනය කර යවයි.
    3. ඇතැම් අපිචර්මීය කේශර මඟින් ස්‍රාවය වන රසායනික කෘමීන්, ව්‍යාධිජනකයන්, ශාක භක්ෂකයන්ගෙන් ආරක්ෂාවට දායක වෙයි.

 

 

පූරක පටක පද්ධතිය

31.පූරක පටක පද්ධතියේ පිහිටීම හා සැකැස්ම සඳහන් කරන්න.

  • චර්මීය පටකය හා සනාල පටකය අතර පිරවුමක් ලෙස,
  • ප්‍රධාන වශයෙන් බාහිකය (සනාල පටකයට පිටතින් පිහිටි) හා,
  • මජ්ජාව (සනාල පටකයට ඇතුලතින් පිහිටි) යන කොටස් වලින් යුක්තය.

 

32.පූරක පටකයේ සෛල කුමන කාර්යයන් සඳහා විශේෂණය වී ඇත්ද?

  1. සංචිත කිරීම
  2. ප්‍රභාසංශ්ලේෂණය
  3. සන්ධාරණය
  4. කෙටි දුරකට සිදුකරනු ලබන ද්‍රව්‍ය පරිවහනය

 

33.පූරක පටකයේ දක්නට ලැබෙන ප්‍රධාන සෛල වර්ග 3 නම් කරන්න.

  1. මෘදුස්තර සෛල
  2. ස්ථුලකෝණාස්තර සෛල
  3. දෘඪස්තර සෛල

 

 

මෘදුස්තර සෛල

34.මෘදුස්තර සෛල පිළිබඳ විස්තරයක් කරන්න.

  • කෘත්‍යමය පරිණත අවධියේදී සජීවී ය.
  • පරිණත සෛල වල ප්‍රාථමික සෛල බිත්ති පමණක් දක්නට ලැබේ.
  • ප්‍රාථමික සෛල බිත්ති සාපේක්ෂ තුනී හා නම්‍යශීලී වේ.
  • බොහෝ සෛලවල ද්වීතීයික බිත්ති දැකිය නොහැක.
  • මේවායේ විශාල මධ්‍ය රික්තකයක් දක්නට ලැබේ.

 

35.මෘදුස්තර පටකයක හරස්කඩක් ඇඳ කොටස් නම් කර්න්න.


 

36.මෘදුස්තර සෛලවල කෘත්‍ය සාකච්ඡා කරන්න.

  1. ශාකය තුල සිදුවන බොහෝ පරිවෘත්තීය ක්‍රියා මේ සෛල තුළ සිදු කරයි.
    • උදා -: විවිධ කාබනික ද්‍රව්‍ය සංශ්ලේෂණය
  2. සංචිත කෘත්‍ය
    • උදා -: ශාක මුල් හා කඳන් තුළ දක්නට ලැබෙන සමහර සෛල තුළ ලව (ශ්වේත ලව) අඩංගු වන අතර ඒවායේ පිෂ්ඨය සංචිත කරයි.
  3. බොහෝ මෘදුස්තරවලට සුදුසු තත්ව සපයා දුන් විට සෛල විභාජනය හා විභේදනය වීමේ හැකියාව ඇත.
  4. මේ මඟින් ශාකවල ඇතිවන තුවාල සුව වීමේදී දායක වේ.
  5. පටක රෝපණයේදී තනි මෘදුස්තර සෛලයක් මඟින් ගුණනය හා විභේදනය විය හැකි සෛල ගොනුවක් සෑදීමට ද දායක වේ.

 

 

ස්ථූල කෝණාස්තර සෛල

37.ස්ථූල කෝණාස්තර සෛල පිළිබඳ හැඩය, පිහිටීම හා කෘත්‍ය යටතේ සාකච්ඡා කරන්න.

  • සාමාන්‍යයෙන් දිගටි සෛල වේ.
  • මෘදුස්තර සෛලවලට වඩා ඝනකමින් යුතු සෛල බිත්ති මේ සෛලවලට ඇත.
  • මේ සෛලවල සෛල බිත්ති අසමාකාරව ඝන වී ඇත.
  • ළපටි ශාක කඳන්වල හා වෘන්තවල අපිචර්මයට යටින් බොහෝ විට ස්ථූල කෝණාස්තර සෛල රැහැන් ආකාරයට පවතී.
  • කෘත්‍යමය පරිණත අවධියේදී පවා මේ සෛල සජීවී ය. නම්‍යශීලී ය.
  • ඒවා මඟින් සන්ධාරණය සැපයෙන කඳන් හා මුල් වර්ධනයත් සමඟ දික් වීම සිදුවේ.
  • කෘත්‍ය -: වර්ධනයට අවහිර නොකර, ශාක කඳන් හා පත්‍රවලට යාන්ත්‍රික සන්ධාරණය සපයයි.

 

38.ස්ථූල කෝණාස්තර සෛලවල නම් කල රූප සටහනක් අඳින්න.

 

 

දෘඪස්තර සෛල

39.දෘඪස්තර සෛල වර්ග 2 මොනවාද?

  • උපල සෛල
  • දෘඩස්තර තන්තු සෛල

 

40.දෘඪස්තර සෛල වර්ග දෙකටම පොදු ලක්ෂණ මොනවාද?

  • සෛල දික් වීමෙන් පසුව ද්වීතීයික සෛල බිත්ති සෑදීම සිදුවේ.
  • ලිග්නීන් විශාල ප්‍රමාණයකින් ඝනකම් වූ ද්වීතීයික සෛල බිත්ති දරයි.
  • පරිණත අවධියේදී මේ සෛල අජීවී සෛල වේ.

 

41.උපල සෛල පිළිබඳ විස්තරයක් සපයන්න.

  • තන්තුවලට වඩා කෙටි හා මහතින් වැඩි අතර, අක්‍රමවත් හැඩයක් දරයි.
  • බෙහෙවින් ඝනකම් වූ ලිග්නීභවනය වූ ද්වීතීයික බිත්ති ඇත.
  • වර්ධනය සම්පූර්ණයෙන් අවසන් වූ ශාක කොටස්වල මේවා දැකිය හැකිය.

 

42.උපල සෛල පිහිටන ස්ථානවලට උදාහරණ දෙන්න.

  • කටු ලෙස පවතින ඵලාවරණයේ
  • බීජාවරණවල
  • ඇතැම් ඵලවල (පෙයාර්ස්) මාංසලයේ

 

43.තන්තු සෛල පිළිබඳ විස්තරයක් සපයන්න.

  • සාමාන්‍යයෙන් රැහැන් වැනි සමූහ වශයෙන් පිහිටයි.
  • දිගටි, සිහින්, දෙකෙළවර උල් වූ හැඩයක් ඇති සෛල වේ.
  • වාණිජ වශයෙන් කෙඳි ලබා ගැනීමට ප්‍රයෝජනවත් වේ.

 

44.තන්තු සෛල පිහිටන ස්ථානයකට උදාහරණයක් දෙන්න.

  1. හණ කෙඳි
  2. පොල් කෙඳි

 

45.දෘඪස්තර සෛලවල කෘත්‍ය කුමක්ද?

  • තන්තු හා උපල සෛල ශාකයට සන්ධාරණය හා ශක්තිය ලබා දෙයි.

 

46.සරල පටක වර්ග 3හි වෙනස්කම් වගු ගත කරන්න.

මෘදුස්තර පටකය

ස්ථූල කෝණාස්තර පටකය

දෘඪස්තර පටකය

සජීවී සෛල වේ.

සජීවී සෛල වේ.

අජීවී සෛල වේ.

තුනී, ප්‍රාථමික, ප්‍රත්‍යස්ථ ප්‍රාථමික සෛල බිත්ති දරයි.

මෘදුස්තර සෛලවලට වඩා ඝනකම් ප්‍රාථමික සෛල බිත්ති දරයි.

ප්‍රාථමික සෛල බිත්ති මත ද්වීතීක සෛල බිත්ති ඇත.

සෛල බිත්ති ඝනවීම් නැත.

කොන් වලදී වැඩිපුර සෙලියුලෝස් තැම්පත් වීමෙන් විෂමාකාර ඝනවීම් ඇත.

ද්වීතීයික සෛල බිත්තිය මත විශාල ලෙස ලිග්නීන් ඝනවීම් ඇත.

අන්තර් සෛලීය අවකාශ සහිතය.

අන්තර් සෛලීය අවකාශ රහිතය.

අන්තර් සෛලීය අවකාශ රහිතය.

හරිතලව ඇතිවිට ප්‍රභාසංශ්ලේෂණය කරයි.

හරිතලව ඇතිවිට ප්‍රභාසංස්ලේෂණය කරයි.

ප්‍රභාසංස්ලේෂණය නොකරයි.

බොහෝවිට ගෝලාකාරය.

දිගටි, බහු අස්‍රාකාර සෛල වේ.

උපල සෛල -: අක්‍රමවත් හැඩැතිය.

තන්තු සෛල -: දිගටි, කෙළෙවර සිහින් වේ.

පරිවෘත්තීය ක්‍රියා හා සංචිත කෘත්‍ය සිදු කරයි.

ළපටි කොටස් වලට සන්ධාරණය ලබා දේ.

සන්ධාරණය ලබා දේ.

 

 

ශෛලම පටකය

47.ශෛලම පටකයට අයත් සෛල වර්ග 4 මොනවාද?

  1. ශෛලම වාහීනී ඒකක
  2. ශෛලමීය වාහකාභ
  3. ශෛලමීය තන්තු
  4. ශෛලමීය මෘදුස්තර

 

48.ශෛලම පටකය දක්නට ලැබෙන ශාක වංශ මොනවාද?

  • ආවෘත බීජක ශාක
  • ඇතැම් විවෘත බීජ ශාක

 

49.ජලය සන්නයනයට ප්‍රධාන වශයෙන් විකරණය වී ඇති සෛල වර්ග මොනවාද?

  • ශෛලම වාහිනී ඒකක
  • ශෛලමීය වාහකාභ

 

50.ශෛලම පටකයේ සෛල කෘත්‍යමය අවධියේදී සජීවී හා අජීවී ලෙස වෙන් කර දක්වන්න.

  • සජීවී -: 

      • ශෛලමීය මෘදුස්තර
  • අජීවී –

      • ශෛලමීය වාහීනී ඒකක
      • ශෛලමීය වාහාකාභ
      • ශෛලමීය තන්තු

 

51.ශෛලමීය තන්තු වල කාර්යය කුමක්ද?

  • සන්ධාරක ශක්තිය සැපයීම.

 

52.ශෛලමීය මෘදුස්තරවල කාර්යය කුමක්ද?

  • සංචිත කෘත්‍ය
  • අරීය ජල පරිවහනය

 

53.ශෛලම වාහීනී ඒකක පිළිබඳ කෙටි විස්තරයක් සපයන්න.

  • සියලු ආවෘත බීජක ශාක සහ සමහර විවෘත බීජක ශාක වල දක්නට ලැබේ. (Anthophyta හා Gnetophyta)
  • මේවා දිගටි සිලින්ඩරාකර වේ.
  • වාහකාභවලට වඩා කෙටි හා පළල් වන අතර, තුනී බිත්ති දරයි.
  • මේවායේ ද්වීතීයික බිත්ති ලිග්නීන් වලින් ඝන වී ඇත.
  • මේ නිසා ආතතියක් යටතේ සිදුවන ජල පරිවහනයේ දී සන්ධාරණය සපයමින් බිඳවැටිම වළක්වයි.
  • වාහීනී ඒකක එකිනෙක හා බැඳෙන හරස් බිත්තවල සජිද්‍ර තල පිහිටයි.
  • අනෙක් බිත්ති මත කූ පිහිටයි.
  • මේවායේ හරස් බිත්තිවල ඇති සජිද්‍ර තල අගින් අග පේළියට පිහිටමින් ශෛලම වාහිනී සාදයි.
  • සජිද්‍ර තල ඔස්සේ ජලය නිදහසේ ගලා යයි.

 

54.ශෛලමීය වාහකාභ පිළිබඳ කෙටි විස්තරයක් සපයන්න.

  • සියලු සනාල ශාකවල දක්නට ලැබේ.
  • මේවා දිගටි, සිහින්, දෙකෙළවර උල් වූ හැඩයක් ගන්නා සෛල වේ.
  • මේවායේ ද්වීතීයික බිත්ති ලිග්නීන්වලින් ඝන වී ඇත.
  • ද්වීතීයික බිත්තිවල කූ පිහිටයි.
  • කූ හරහා ජලය එක් සෛලයක සිට අනෙක් සෛලයට ගමන් කරයි.
  • ලිග්නීන් වලින් ඝන වී තිබීම නිසා යාන්ත්‍රික සන්ධාරණය සපයන අතර ම, ආතතියක් යටතේ ජලය ගමන් කිරීමේදී බිඳවැටීම වළක්වයි.

 

55.ශෛලම පටකයේ නම් කළ රූප සටහනක් අඳින්න.

 

 

ප්ලෝයම පටකය

56.ආවෘත බීජක ශාකවල ප්ලෝයම පටකයට අයත් සෛල වර්ග 4 මොනවාද?

  • පෙනේර නළ ඒකක
  • සහචර සෛල
  • ප්ලෝයමීය මෘදුස්තර
  • ප්ලෝයමීය තන්තු

 

57.මෙම සෛල වර්ග සජීවී හා අජීවී ලෙස වෙන්කර දක්වන්න.

  • සජීවී -:
    1. පෙනේර නළ ඒකක
    2. සහචර සෛල
    3. ප්ලෝයමීය මෘදුස්තර

 

  • අජීවී -:

ප්ලෝයමීය තන්තු

 

58.බීජ රහිත සනාල ශාකවල හ විවෘත බීජක ශාකවල ප්ලෝයමයේ නොපිහිටන ආවෘත බීජක ශාකවල ප්ලෝයමයේ පිහිටන සෛල වර්ග මොනවාද?

  • පෙනේර නළ ඒකක
  • සහචර සෛල

 

59.එම සෛල වර්ග වෙනුවට බීජ රහිත සනාල ශාකවල හා විවෘත බීජක ශාකවල ඇති සෛල වර්ගය කුමක්ද?

  • දිගටි, පටු සෛල වර්ගයක් වන පෙනේර සෛල

 

60.ප්ලෝයම පටකයේ නම් කළ රූප සටහනක් අඳින්න.

 

61.පෙනේර නළ ඒකක පිළිබඳ කෙටියෙන් දක්වන්න.

  • මේවා තුළ න්‍යෂ්ටිය, රයිබොසෝම, කැපී පෙනෙන රික්තකයක් හා සෛල සැකිලි කොටස් දැකිය නොහැක.
  • සෛල ප්ලාස්ම පර්යන්තය තුනී ස්තරයක් බවට ක්ෂීණ වී ඇත.
  • මෙසේ සෛලගත ද්‍රව්‍ය නොමැති නිසා මේ සෛල තුළින් පෝෂක ද්‍රව්‍ය නිදහසේ ගලා යෑමට ඉඩ සලසයි.
  • පෙනේර නළ ඒකක එක මත එක පිහිටීම මඟින් පෙනේර නළ සාදයි.
  • පෙනේර නළ ඒකක අතර, ඇති හරස් බිත්ති මත ජිද්‍ර සහිත තලයක් පිහිටන අතර එය පෙනේර තලයයි.
  • එක් පෙනේර නළ ඒකකයක සිට අනෙක දක්වා ද්‍රව්‍ය ගලා යෑමට මේ පෙනේර තල ඉඩ සලස්වයි.

 

62.සහචර සෛල පිළිබඳ හැඳින්වීමක් කරන්න.

  • මේවා තුළින් ද්‍රව්‍ය ගමන් නොකරයි.
  • පෙනේර නළ ඒකක සෛල සමඟින් එකටම සම්භවය වේ.
  • එක් එක් පෙනේර නළ ඒකකයට යාබදව පිහිටමින්, ඒවා සමඟ ප්ලාස්ම බන්ධ විශාල සංඛ්‍යාවක් මඟින් සම්බන්ධ වේ.
  • මේ සෛල තුළ පවත්නා න්‍යෂ්ටිය හා රයිබොසෝම යාබද පෙනේර නළ ඒකකයේ කෘත්‍ය ද පාලනයට ද සහභාගී වේ.
  • ශාක පත්‍රයේ ඇති ප්ලෝයමවල අඩංගු සමහර සහචර සෛල ප්ලෝයම බැර කිරීමේදී දායක වන අතර,
  • සමහර අවයව තුළ පිහිටි ඇතැම් සහචර සෛල ප්ලෝයම හර කිරීමට උදව් වේ.

 

63.සංකීර්ණ පටක 2 අතර ඇති වෙනස්කම් වගුගත කරන්න.

ශෛලම පටකය

ප්ලෝයම පටකය

ජලය හා ඛනිජ පරිවහනයට විශේෂණය වී ඇත.

කාබනික ද්‍රව්‍ය පරිවහනයට විශේෂණය වී ඇත.

ප්‍රධාන සෛල වර්ග 4කි.

  • ශෛලම වාහිනී ඒකක
  • ශෛලමීය වාහකාභ
  • ශෛලමීය තන්තු
  • ශෛලමීය මෘදුස්තර

ප්‍රධාන සෛල වර්ග 4කි.

  • පෙනේර නළ සෛල
  • සහචර සෛල
  • ප්ලෝයමීය මෘදුස්තර
  • ප්ලෝයමීය තන්තු

ශෛලම වාහිනී ඒකක හා ශෛලමීය වාහකාභවල ලිග්නීන් ඝනවීම් රටා දැක ගත හැක.

ප්ලෝයමීය තන්තු හැර අනෙක් ඒවායේ ලිග්නීන් ඝන වීම් නැත.

ප්‍රාථමික සෛල බිත්ති පමණි.

ශෛලම වාහිනීවල සජිද්‍ර තල දැකගත හැක.

පෙනේර නාල ඒකකවල පෙනේර තල දැකගත හැක.

හොඳින් ජලය පරිවහනයට විශේෂණය වූ සෛල වර්ගය ශෛලම වාහිනී ඒකකයි.

හොඳින් කාබනික ආහාර පරිවහනයට විශේෂණය වූ සෛල වර්ගය පෙනේර නාල ඒකකයි.

පරිවහනය එක් දිශාවකට පමණි. (මුලේ සිට ඉහළට)

පරිවහනය දිශා දෙකටම සිදුවේ. (ප්‍රභවයේ සිට අපායනයට)

පරිවහනය කාර්යක්ෂම කර ගැනීමට ශෛලම වාහිනී හා වාහකාභවල කුහරයක් පිහිටයි.

කාර්යක්ෂම පරිවහනය සඳහා පෙනේර නළ සෛලවල සෛල ප්ලාස්මය පර්යන්තයට ඇලී ඇත.

 

 

 

 

ඔබේ අදහස් හා ප්‍රශ්න ඇතුළත් කරන්න.

Back
WhatsApp Chat - LearnSteer EduTalk 🔥
Telegram Channel - LearnSteer EduTalk 🔥
Send us a private message.
LearnSteer වෙබ් පිටුව භාවිතා කරන ඔබට ඇති ප්‍රශ්න, අදහස්, යෝජනා, චෝදනා ඉදිරිපත් කරන්න.
hacklink al duşakabin fiyatları fethiye escort bayan escort - vip elit escort dizi film izle erotik film izle duşakabin hack forum casibom giriş marsbahis marsbahisgirtr marsbahis casibom